බලපොකුණ රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
බලපොකුණ රජ මහා විහාරය
Balapokuna Raja Maha Vihara
පැරණි පොකුණ සහ දේවාලය
මූලික තොරතුරු
පිහිටීමපාමංකඩ, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°52′21.0″N 79°52′40.1″E / 6.872500°N 79.877806°E / 6.872500; 79.877806ඛණ්ඩාංක: 06°52′21.0″N 79°52′40.1″E / 6.872500°N 79.877806°E / 6.872500; 79.877806
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකොළඹ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජුනි 2008)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

බලපොකුණ රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පාමංකඩ පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගයෙහි පිහිටි 6වන සැතපුම් කණුව මංසන්ධියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2008 වර්ෂයේ ජුනි 6වන දිනදී රජයේ ගැසට් අංක 1553 යටතේ සිදුකරන ලදී.[1]

බලපොකුණ[සංස්කරණය]

බලපොකුණ නම් විහාර පරිශ්‍රයෙහි වූ පිහිටි ගල මත දැකගත හැකි ස්වභාවික පොකුණ හේතුවෙන් බලපොකුණ විහාරයට එම නාමය ලැබී තිබේ. මුල් අවධියේදී මෙම පොකුණ "බටපොකුණ" යනුවෙන් හඳුන්වා තිබෙන අතර සිංහල බසින් "බට" යනු සොල්දාදුවන් යන්න වේ.[2] හයවන පරාක්‍රමබාහු රජ සමයේදී මෙම පොකුණෙහි වූ ජලය, ඔහුගේ සොල්දාදුවන් විසින් ප්‍රයෝජනයට ගත් බවත් ඒ හේතුවෙන් මෙම පොකුණ බටපොකුණ ලෙසත් පසුකාලීනව බලපොකුණ වූ බවත් පැවසෙයි.

ජනප්‍රිය පුරාවෘතයකට අනූව , බලපොකුණ යනු කොට්ටේ රාජධානි සමය තුලදී භාවිතයට ගැනුනු උමගෙහි එක් පිටවුම් ස්ථානයක් වන අතර අනෙක් ස්ථාන කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය භූමියේ සහ පිටකෝට්ටේ ගල් අම්බලම අසල තිබී ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Gazette 1553 6 ජුනි 2008, පිටු අංකය: 533.
  2. "බලපොකුණ ටෙම්පල්". ද නේෂන් (ශ්‍රී ලංකාව). 4 ජූනි 2006. සම්ප්‍රවේශය 19 මාර්තු 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බලපොකුණ_රජ_මහා_විහාරය&oldid=399645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි