ෂරේ-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය

විකිපීඩියා වෙතින්
ෂරේ-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය

ශේර්-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය (බෙංගාලි: শের-ই-বাংলা জাতীয় ক্রিকেট স্টেডিয়াম) බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වේ. මීර්පූර් හි නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 10ක් දුරින් පිහිටා ඇති මෙම භූමිය ආසන්න වශයෙන් පුද්ගලයන් 25,000කට පමණ අසුන්ගත හැක. ෂර්-ඊ-බංගලා ("බෙංගාලයේ කොටියා") යන නාමයෙන් පිදුම් ලැබූ බෙංගාලි රාජ්‍ය නායක ඒ.කේ ෆස්ලුල් හක් වෙනුවෙන් නම් කර ඇත.

1980 දශකයේ අගභාගයේදී මෙම ක්‍රීඩාංගණය පාපන්දු සඳහා ඉදිකරන ලද අතර, ප්‍රථම වරට 1987 ආසියානු සමාජ ශූරතාවලියේ තරග පැවැත්විණි. මෙම ස්ථානය 2004 දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවරා ගන්නා ලද අතර, බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණය වෙනුවට පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් දෙකෙහිම නිවහන විය. ක්‍රීඩාංගනයේ ක්ෂේත්‍ර මානයන් 186 m X 136 m වේ.

2007 මැයි 25 වන දින මෙම ක්‍රීඩාංගණය එහි පළමු ටෙස්ට් තරගයට සත්කාරකත්වය ලබා දුන් අතර එහිදී බංග්ලාදේශය ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළේය. පළමු එක්දින තරගය 2005 දෙසැම්බර් 18 වන දින බංග්ලාදේශය සමඟ ස්කොට්ලන්තය සමඟ පැවැත්විණි. 2011 ඔක්තෝම්බර් 11 වන දින මෙම ක්‍රීඩාංගණයේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු වි20ජා තරගය පැවැත්විණි.