Jump to content

භවය

විකිපීඩියා වෙතින්


භව යනු පැවැත්ම - සිදුවෙමින් පැවතීම - ඉදිරියට යන ලෝක පැවැත්ම යන අදහස ඇති සංස්කෘත මෙන්ම පාලී වචනයකි.

සමාන අර්ථ.

චීන Yŭu
ජපන් u
වියට්නාම් Hũu
ටිබෙට් ස්රිද් පා

බුද්ධාගමේ භව යනුවෙන් අදහස් කරන්නේ ජීවිතය සහ මරණයේ අඛණඩ පැවැත්මයි. ග්‍රහණය (උපාදාන) මත පදනම් වූ මතු ජීවිතය සහ දැනීම හැඟීම කෙරේ පවත්නා ආශාවයි. මෙම 'භව' යනු ඉපදීමේ ක්‍රියාවලිය මගින් විශේෂ ආකාරයකින්, ජීවත්වන ප්‍රාණින්ගේ පැවැත්මේ පිළිවෙලයි.

පටිච්ච සමුප්පාද චක්‍රයේ අවස්ථාවන් වූ නිධානයන්ගේ දසවැන්න භව නමි,

භව යන්න උපාදාන (ඇලීම) මත රඳා පවති. යමක් කෙරේ ඇලි සිටිමෙන් පැවැත්ම ඇතිවේ.

භව යනු එක්තරා දාමයක ඊලඟ තත්වය නොහොත් ඉපදීමේ, දැනට පවත්නා තත්වයයි. උපාදානය ප්‍රත්‍ය වීමෙන් භව නොහොත් උපත ඇති වේ

"https://si.wikipedia.org/w/index.php?title=භවය&oldid=465198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි