මහමෙව්නාව භාවනා අසපු සංචිතය
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
| අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ නිකායික මහමෙව්නාව මහා සංඝ සභාව | |
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිල ලාංඡනය | |
| සංක්ෂිප්තය | මහමෙව්නාව |
|---|---|
| ආදර්ශ පාඨය | ගෞතම බුදුසසුන තුළ සනාතන රැකවරණය ලබමු |
| සංස්ථාපනය | 1999 අගෝස්තු 14 |
| වර්ගය | සෙනසුන් සංවිධානයකි |
| අභිප්‍රාය | පිරිසිදු ථේරවාද ශ්‍රී සද්ධර්මය ලොව පුරා ප්‍රචාරය සහ ආධ්‍යාත්මික දියුණුව |
| මූලස්ථානය | පොල්ගහවෙල, ශ්‍රී ලංකාව |
| පිහිටුම |
|
ප්‍රදේශය සේවය සැපයෙන | ලොව පුරා |
Membership | බොදු මඟෙහි හැසිරෙන්නන් |
නිර්මාතෘ | අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි |
ප්‍රධාන අනුශාසක | අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි |
මහෝපාධ්‍යාය | ●අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ නිකායේ මහානායක ස්ථවිර ↳දොඩම්පහල චන්ද්‍රසිරි උත්තරීතර මහානායක හිමි (2004 - 2022) ↳දෙවිනුවර සිරිසුනන්ද මහානායක හිමි (2024 සිට) ●හිනිදුම නන්දරතන නාහිමි (2022 සිට) |
නිකාය | අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ මහා නිකාය |
| වෙබ් අඩවිය | Sinhala-mahamevnawa.lk/ English-mahamevnawa.org/ |
මහමෙව්නාව භාවනා අසපු සංචිතය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීම උදෙසා ථෙරවාදී දර්ශනය පදනම් කරගෙන පිහිටුවන ලද සෙනසුන් සංවිධානයකි. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ (අසීමිත විමුක්තිය වන) නිවන් සුව ළඟා කර ගැනීමට අවශ්‍ය ලෙස මිනිස් සිත පිරිසිදු කර ගැනීමට ආධ්‍යාත්මික වශයෙන් සහය වීම යි.[1]
මහමෙව්නාව භාවනා අසපු සංචිතය ශ්‍රී ලංකාවේ සේම ලෝකය පුරාම විසිරුණු බුදු දහම පැතිරවීම සඳහා වන අසපු ශාඛා 130 කට ආසන්න පමාණයකින් සමන්විත වේ. එය ලොව පුරා පැතිරුණු ලෝකයේ විශාලතම ථේරවාද බෞද්ධ ධර්මායතන වලින් එකක් ලෙස ද සලකනු ලබයි. මූලස්ථානය පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව වන අතර ප්‍රධාන භික්ෂු පුහුණු මධ්‍යස්ථානය සහ උපසම්පදා විනය කර්මය සිදුකරන ප්‍රධාන අසපුව වන්නේ අක්කර ගණනාවක් පුරා පැතිරුණු මාතර අපරැක්ක මහමෙව්නාව මහා විහාරය යි.

මහමෙව්නාව අසපු සංචිතය සහ මහමෙව්නාව මහා සංඝ සභාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන අනුශාසක ධුරය හොබවන්නේ ද, බුදු දහමේ එකම ඉලක්කය වන: සියළු දුකින් අත් මිදීම (හෙවත් අමා මහ නිවන) පිළිබඳ සැම විටම අවධාරණය කරමින්, දේශීය මෙන්ම විදේශීය වශයෙන් බුදු දහම තත්‍ය ලෙස පැතිරවීමෙහි නියුතු වී සිටින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ ය.
මහමෙව්නා අසපු ශාඛාවන්
[සංස්කරණය]දේශීය අසපු ශාඛාවන්
[සංස්කරණය]පහත දැක්වෙන්නේ දේශීය අසපු ශාඛා ලැයිස්තුවකි.[2]
වයඹ පළාත
[සංස්කරණය]- පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානය
- ආනමඩුව මහමෙව්නාව භාවනා අසපුව
- ඉබ්බාගමුව මහමෙව්නාව භාවනා අසපුව
- උයන්දන මහමෙව්නාව භාවනා අසපුව
- ගිරිබාව මහමෙව්නාව තිසරණ සරණ සමාධි භාවනා අසපුව
- තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුව
- පොතුහැර මහමෙව්නාව භාවනා අසපුව
- පොල්පිතිගම මහමෙව්නාව භාවනා අසපුව
- බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය
- මහව මහමෙව්නාව භාවනා අසපුව
- දඹදෙණිය මහමෙව්නාව භාවනා අසපුව
- මාස්පොත මහමෙව්නාව භාවනා අසපුව

ශ්‍රී අංගුලිමාල මහා සෑය
බස්නාහිර පළාත
[සංස්කරණය]- මාළඹේ මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය
- කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුව - ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මූලස්ථානය
- අවිස්සාවේල්ල මහමෙව්නාව භාවනා අසපුව
- කොච්චිකඩේ මහමෙව්නාව තිසරණ භාවනා අසපුව(මහමෙව්නාව බුද්ධගයා මහා විහාරය)[විස්තර 1]
- කෝට්ටේ මහමෙව්නාව භාවනා අසපුව
- ගම්පහ,නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුව
- බුලත්සිංහල මහමෙව්නාව භාවනා අසපුව
- සේරුපිට මහමෙව්නාව භාවනා අසපුව
- හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුව
- හොරණ මහමෙව්නාව භාවනා අසපුව
- නිට්ටඹුව මහමෙව්නාව භාවනා අසපුව
- කලුතර මහමෙව්නාව චිත්ත විවේක සෙනසුන (බෝඹුවල මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල)
- සියඹලාපේ මාවරමණ්ඩිය සිරි ගෞතම විහාරය[විස්තර 2]
- අගලවත්ත මහමෙව්නාව නිධන්ගල ආරණ්‍ය සේනාසනය
දකුණු පළාත
[සංස්කරණය]- මාතර මහමෙව්නාව මහා විහාරය
- ගාල්ල මහමෙව්නාව භාවනා අසපුව
- ඇල්පිටිය මහමෙව්නාව භාවනා අසපුව (ශ්‍රී රාහුල මහා සෑ විහාරය)
- වළස්මුල්ල මහමෙව්නාව භාවනා අසපුව
- සූරියවැව මහමෙව්නාව භාවනා අසපුව
- හිනිඳුම තලංගල්ල මහමෙව්නාව භාවනා අසපුව
- තිස්සමහාරාමය මහමෙව්නාව භාවනා අසපුව
- බෙලිඅත්ත මහමෙව්නාව භාවනා අසපුව

මධ්‍යම පළාත
[සංස්කරණය]- කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුව
- මාතලේ මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුව
- රත්තොට මහමෙව්නාව සාරිපුත්ත ආරණ්‍ය සේනාසනය
- නුවරඑළිය මහමෙව්නාව භාවනා අසපුව
- ශ්‍රී මහාසේන මහමෙව්නාව වන සෙනසුන-මොරගහකන්ද
- ලග්ගල මහමෙව්නාව භාවනා අසපුව
- පොරමඩුල්ල මහමෙව්නාව භාවනා අසපුව
- පූඬලුඔය මහමෙව්නාව භාවනා අසපුව
ඌව පළාත
[සංස්කරණය]- කතරගම මහමෙව්නාව අමාසිසිල භාවනා අසපුව
- කුඹල්වෙල ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය (ඇල්ල කුඹල්වෙල මහමෙව්නාව බෝධිගිරි වනසෙනසුන)
- බිබිල මහමෙව්නාව භාවනා අසපුව
- බුත්තල මහමෙව්නාව භාවනා අසපුව
- මහියංගණය මහමෙව්නාව ශ්‍රී මහා සුමන භාවනා අසපුව
- මාරිඅරාව මහමෙව්නාව දහරකිනා කන්ද ආරණ්‍ය සේනාසනය
- මුල්ලේගම මහමෙව්නාව රන්පහන වන සෙනසුන
- මොණරාගල මහමෙව්නාව තඹලවින්නආර තපෝවනය
- වැලිමඩ මහමෙව්නාව භාවනා අසපුව

ශ්‍රී සත්බුදු මහා සෑය ඇතුලු සත්බුදු මන්දිරය
උතුරුමැද පළාත
[සංස්කරණය]- අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුව
- අනුරාධපුර සිරි වාසව භාවනා උද්‍යානය
- මිහින්තලේ මහමෙව්නාව භාවනා අසපුව
- ගල්නෑව ශ්‍රී ආනන්ද මහා සෑ විහාරය
- පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුව
- හබරණ මහමෙව්නාව ශ්‍රී බෝධිරාජ භාවනා අසපුව
- කැබිතිගොල්ලෑව මහමෙව්නාව භාතියගිරි ආරණ්‍ය සේනාසනය (භාතියගිරි රජමහා විහාරය)
- කහටගස්දිගිලිය මහමෙව්නාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය
- ගලෙන්බිඳුණුවැව මහමෙව්නාව සදහම් සෙනසුන භාවනා අසපුව
සබරගමුව පළාත
[සංස්කරණය]- එරත්න මහමෙව්නාව භාවනා අසපුව
- කහවත්ත මහමෙව්නාව භාවනා අසපුව
- බලංගොඩ මහමෙව්නාව භාවනා අසපුව
- සිරිපාගම මහමෙව්නාව භාවනා අසපුව
- පින්නවල මහමෙව්නාව අමාදහර භාවනා අසපුව
- කුකුළේගම මහමෙව්නාව වන සෙනසුන
නැගෙනහිර පළාත
[සංස්කරණය]- අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස භාවනා අසපුව
- කන්තලේ මහමෙව්නාව ධම්මගිරි භාවනා අසපුව
- සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතී රජ මහා විහාරය (විල්ගම්වෙහෙර රජ මහා විහාරය)
- සේරුවිල මංගල රජ මහා විහාරය(අනුබද්ධිත)[විස්තර 3]
- පදියතලාව මහමෙව්නාව සදහම් මන්දිරය-පොහෝදා සීල භාවනා ශාලාව

විදේශීය අසපු ශාඛාවන්
[සංස්කරණය]පහත දැක්වෙන්නේ විදේශීය අසපු ශාඛා ලැයිස්තුවකි.[3]
කැනඩාව
[සංස්කරණය]- ටොරොන්ටෝ මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව
- විනිපෙග් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව
- සස්කැටූන් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව
- එඩ්මන්ටන් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව
- වැන්කොවුවර් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව
- ඇක්ටන් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව
ඇමරිකා එක්සත් ජනපදය
[සංස්කරණය]- වොෂින්ටන්, ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය
- නිව් ජර්සි මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය
- කැලිෆෝනියා මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය
- ෆ්ලොරීඩා මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය
- නිව් යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය
- ටෙක්සාස් මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය
- ඇට්ලාන්ටා මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය
[සංස්කරණය]- ඇඩ්ලේඩ් (Adelaide) මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව
- මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව
- බටහිර මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව
- මෙල්බර්න් මහමෙව්නාව ජේතවන භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව
- පර්ත් මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව
- සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව
- බ්‍රිස්බන් මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව
- ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව, නවසීලන්තය
යුරෝපය
[සංස්කරණය]
- බැසිල්ඩන් මහමෙව්නාව භාවනා අසපුව- එක්සත් රාජධානිය
- ලිවර්පූල්/වොරිංටන් මහමෙව්නාව භාවනා අසපුව- උතුරු එංගලන්තය, එක්සත් රාජධානිය
- ස්ටැන්මෝර් මහමෙව්නාව භාවනා අසපුව(ලන්ඩන් අසපුව)-එංගලන්තය,එක්සත් රාජධානිය
- සවුත් වේල්ස් මහමෙව්නාව භාවනා අසපුව-එක්සත් රාජධානිය
- ඩන්ඩී(Dundee) මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව-ස්කොට්ලන්තය,එක්සත් රාජධානිය
- එෂර්(Esher) මහමෙව්නාව භාවනා අසපුව-එංගලන්තය,එක්සත් රාජධානිය
- එක්ස්බිරිජ්(Axbridge)මහමෙව්නාව භාවනා අසපුව-එංගලන්තය,එක්සත් රාජධානිය
- පහළ ක්ලිෂන්රෝ(Kilshanroe Downs)මහමෙව්නාව භාවනා අසපුව-ක්ලිෂන්චෝ(Kilshanchoe), අයර්ලන්තය
- නිකෝෂියා මහමෙව්නාව භාවනා අසපුව-සයිප්‍රස්
- ලිමැසෝල් (Limassol) මහමෙව්නාව භාවනා අසපුව-සයිප්‍රස්
- මහමෙව්නාව ථේරවාද බෞද්ධ භාවනා මධ්‍යස්ථානය- ප්‍රංශය
- මහමෙව්නාව භාවනා අසපුව- ජර්මනිය
- මහමෙව්නාව භාවනා අසපුව- ඉතාලිය
- මහමෙව්නාව භාවනා අසපුව- නෙදර්ලන්තය
ඉන්දියානු උප මහද්වීපය
[සංස්කරණය]- බුද්ධගයා මහමෙව්නාව බුදුනුවණ භාවනා අසපුව - ගයාව,බිහාර්
- නාග්පූර් මහමෙව්නාව භාවනා අසපුව - මහාරාෂ්ඨ
- බ්හිවුකුණ්ඩ් මහමෙව්නාව බුද්ධ රශ්මි ථේරවාද බෞද්ධ පුහුණු මධ්‍යස්ථානය - මහාරාෂ්ඨ
- දිල්ලි මහමෙව්නාව භාවනා අසපුව - දිල්ලිය
- ගාසියාබාත් මහමෙව්නාව භාවනා අසපුව - මහාරාෂ්ඨ
- බුල්දානා මහමෙව්නාව බෞද්ධ ආරාමය - මහාරාෂ්ඨ
නැගෙනහිර ආසියානු කලාපය
[සංස්කරණය]- අන්සාන් මහමෙව්නාව භාවනා අසපුව - දකුණු කොරියාව
- දීඝු (Daegu) මහමෙව්නාව භාවනා අසපුව - දකුණු කොරියාව
- ගිම්හේ මහමෙව්නාව භාවනා අසපුව - දකුණු කොරියාව
- ඔසාකා මහමෙව්නාව භාවනා අසපුව(ඔසාකා මහා විහාරය) - ඔසාකා නගරය,ජපානය
- ඉබරකි මහමෙව්නාව බෞද්ධ ආරාමය - කසමා,ඉබරකි නගරය,ජපානය
ආරාබි අර්ධද්වීපය(මධ්‍යය ආසියානු කලාපය)
[සංස්කරණය]- මහමෙව්නාව බෞද්ධ විහාරය - ඩුබායි,එක්සත් අරාබි එමීර් රාජ්‍යය

මහමෙව්නාව අනගාරිකා අසපු ශාඛාවන්
[සංස්කරණය]පහත දැක්වෙන්නේ අනගාරිකා අසපු ශාඛා ලැයිස්තුවකි.[4]
දේශීය මහමෙව්නාව අනාගරිකා භාවනා අසපු ශාඛා
- දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුව (අනගාරිකා අසපු මූලස්ථානය)
- උඩුපිල සිරි යශෝධරා මහා සෑ විහාරය (උඩුපිල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව)
- කොළඹ මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව
- නුගේගොඩ මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව
- වරකාපොල මහමෙව්නාව අනගාරිකා අසපුව
- කිඹුලාපිටිය මහමෙව්නාව අනගාරිකා අසපුව
- හක්මන මහමෙව්නාව අනගාරිකා අසපුව
- අනුරාධපුර මහමෙව්නාව ස්වර්ණමාලී අනගාරිකා අසපුව
- හලාවත මහමෙව්නාව අනගාරිකා අසපුව
- මාවතගම මහමෙව්නාව අනගාරිකා අසපුව
- කඩුගන්නාව මහමෙව්නාව අනගාරිකා අසපුව
- කුලියාපිටිය මහමෙව්නාව අනාගරිකා අසපුව
විදේශීය මහමෙව්නාව අනාගරිකා භාවනා අසපු ශාඛා
- ටොරොන්ටෝ මහමෙව්නාව අනාගරිකා අසපුව,කැනඩාව
- මෙල්බර්න් මහමෙව්නාව අනාගරිකා අසපුව,ඕස්ට්‍රේලියාව
මහමෙව්නාව බෞද්ධ විද්‍යාල ශාඛා
[සංස්කරණය]අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මත මහා සඝරුවනේ අවවාද අනුශාසනා මැද යහපත් දරුවකු රට ලෝකයට දායාද කරනු වස් මහමෙව්නාව බෞද්ධ විද්‍යාල අර්ධ රාජ්‍ය පෞද්ගලික පාසල් ලෙස ආරම්භ විය. මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය නිදහසෙන් පසුව ශ්‍රී ලංකාව තුල බිහි වූ ප්‍රථම බෞද්ධ පාසල් ජාලය වේ.මහමෙව්නාව බෞද්ධ විද්‍යාල ජාලයේ ශාඛා පහත දැක්වේ.
- දෙල්ගොඩ,දෙමාළගම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය
- සඳලංකාව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය
- වැලිමඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය
- මාළඹේ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය
මහමෙව්නාව මහා සංඝ සභාව
[සංස්කරණය]අමරපුර ශ්‍රී කලයාණිවංශ පාර්ශවය යටතේ නමුත් ස්වාධීනව ක්‍රියාත්මක වන සංඝ සභාවකි.මහමෙව්නාව අසපු සංචිතයේ 1000 කට අධිකව වැඩසිටින භික්ෂූන් වහන්සේලා මෙම සංඝ සභාවේ සාමාජිකත්වය දරනු ලබයි.මාස 6 කට වරක් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ රැස්වන මෙම සංඝ සභාව මගින් අසපු සංචිතයේ වැදගත් තීරණ ගනු ලබයි.එසේම වෙනත් කිසිදු නිකායක හෝ නිකාය පාර්ශවයක දක්නට නොලැබෙන මහා සංඝ මාරුව සිදුවන්නේ ද එසේ රැස්වන දිනයේ දී ය.එහිදී අසපු ශාඛා අතර සංඝයා මාරු කිරීම සිදුවේ.එය මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුල පමණක් දක්නට ලැබෙන එයටම ආවේණික වූ දෙයකි.
දහමෙහි හැසිරීම
[සංස්කරණය]බුදු රජාණන්වහන්සේ ගේ ඉගැන්වීම අනුව මිනිස් උපතක් ලැබීම ම ඉතා දුලබ භාග්‍යයකි. බුදු දහම ගැන අසන්නට ද ලැබෙන වාසනාවන්තයින් කළ යුත්තේ අවසන් ඉලක්කය වන නිවන අරමුණු කර සිත දියුණු කර ගැනීමයි.
යමෙකු ට නිවන සාක්‍ෂාත් කර ගත හැක්කේ බුදු දහමට අනුකූලව හැසිරීම්න් අරි අට මග (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) නම් වූ ඒ උතුම් මග සම්පූර්ණ කිරීමෙන් පමණි. ආධ්‍යාත්මික වර්ධනයේ මුල් පියවරවල්: උදා. සෝවාන් (සෝතාපන්න) හා සකෘදාගාමී (සකදාගාමී), එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අතරේ වුව ද ළඟා කර ගත හැක.
දුකින් මිදීම (නිවන සාක්‍ෂාත් කර ගැනීම) උදෙසා මුල් ම පියවර බුදුන් වදාළ ධර්මය දැන ගැනීම යි. බුදු දහම ඉගැන්වීම, සාකච්ඡා කිරීම සහ එහි හැසිරීම සඳහා අනුබල දිම ආදී ලෙස, ඒ අරබයා මහමෙව්නාවෙන් කෙරෙන කාර්ය භාරය වැදගත් ය.
එමෙන්ම, නිවන් මගෙහි කොටසක් ලෙස ම සිහිය (සති) ප්‍රගුණ කිරීම ඇසුරින්, සමාධිය හා ප්‍රඥාව දියුණු කර ගැනීමෙ හි වැදගත් ම කොටස වන භාවනාව වැඩීමට ද මහමෙව්නාවෙන් පහසුකම් සැලසී ඇත.
අවධාරණය කෙරන වැදගත් ම කරුණක් වන්නේ: බුදු දහම හුදෙක් ජීවිතය දුක් සහගත බැව් පැවසීමෙන් නො නැවතී, එයින් මුළුමනින් ම අත් මිදීමේ මාර්ගය ද පෙන්වන බව ය.[relevant?]
දහම පැතිරවීම
[සංස්කරණය]
තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො
තථාගතයන් වහන්සේ විසින් පනවන ලද ශ්‍රී සද්ධර්මයත් විනයත් බබළන්නේ විවර වුන විටය, සැඟවුණ විට නොවේ.— පටිච්‌ඡන්‌නසුත්‌තං[5]
චරථ, භික්‌ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දෙවමනුස්‌සානං. මා එකෙන ද්‌වෙ අගමිත්‌ථ. දෙසෙථ, භික්‌ඛවෙ, ධම්‌මං ආදිකල්‍යාණං මජ්‌ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‌ථං සබ්‍යඤ්‌ජනං කෙවලපරිපුණ්‌ණං පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං පකාසෙථ. සන්‌ති සත්‌තා අප්‌පරජක්‌ඛජාතිකා , අස්‌සවනතා ධම්‌මස්‌ස පරිහායන්‌ති, භවිස්‌සන්‌ති ධම්‌මස්‌ස අඤ්‌ඤාතාරො.
පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස ද, බොහෝ දෙනාගේ සැපය පිණිස ද, ලොවට අනුකම්පාවෙන් දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත සුව පිණිස හැසිරෙන්න. එක මග දෙදෙනෙකු නොම යන්න. පින්වත් මහණෙනි, ඇරඹුම කලණ (යහපත්) වූ, මැද කලණ වූ, අවසන ද කලණ වූ මනා අරුත් සහිත, මනා ව්‍යවහාර සහිත, මුළුමනින් ම පිරිපුන් වූ, පිරිසිදු නිවන් මග ම පවසන්න. අල්ප වූ රජස් (කෙලෙස්) ඇති සත්වයෝ සිටිත්; ශ්‍රී සද්ධර්මය ඇසීමට නොලැබුණහොත් ඔවුන් පිරිහී යනු ඇත; සදහම් ඇසුනහොත් ඔවුන් එය අවබොධ කර ගනු ඇත.— මාරකථා[6]
බුදු රජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ සාමීචිපටිපන්න වෙති. එනම් දුකින් මිදීම උදෙසා ම දහමෙහි හැසිරෙන අතර ම, අන් අය ගැන අනුකම්පාවෙන් ම සද්ධර්මය පතුරවත්. මහමෙව්නාව ඇසුරු කරන ගිහි පැවිදි දෙපිරිසම ඉඩ ලැබෙන සැම විටම මෙලෙස හැසිරෙති.
මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ ලා දහම් දෙසන්නේ/උගන්වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාළ අන්දමට ය.
යම් භික්‍ෂුවක් රූපය ගැන අවබෝධයෙන්ම කළකිරිම (නිබ්‌බිදාය ) පිණිස ම, එහි නොඇල්ම පිණිස ම (විරාගාය ), එය නිරුද්‍ධ වීම (නිරොධාය ) පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් විඳීම (වේදනා) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් හඳුනා ගැනීම් (සඤ්ඤා) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් චේතනාව තුළ සැකසීම (සංඛාර) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...යම් භික්‍ෂුවක් (විශේෂ වූ) දැනීම(විඤ්ඤාණ) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
— ධම්‌මකථිකසුත්‌තං[7]
එනිසා ජීවිතයේ යථාර්තය හෙළිදරවු කරන, දුකින් මිදීමට නොපමා විය යුතු ආකාරය ම අවධාරණය කරන, බුදු රජුන්ගේ මූලික ඉගැන්වීම මත ම පදනම් වූ (පටිගත කළ) දහම් දේශනා සහ දහම් පොත් පත් මහමෙව්නාව ඇසුරු කරන්නන් අතර සංසරණය වෙනු දැකිය හැක.
ආරම්භක ශ්‍රී ලාංකික පසුබිම නිසා මෙම ප්‍රකාශන බොහොමයක් ඇත්තේ සිංහලයෙ නි; නමුත් මෙහි නිල වෙබ් අඩවිය ඔස්සේ ඉංග්‍රීසි සංස්කරණ හෙළි දැක්වෙනු දැන් දැකිය හැක.[8]
මහමෙව්නාවේ කැනඩා සහ ඇමරිකා එක්සත් ජනපද ශාඛා මඟින් "අමා සදහම් මණ්ඩපය"[9] නමින් සජීවි සිංහල මාධ්‍ය අන්තර්ජාල (Internet) ධර්ම සාකච්ඡාවක් මෑතක සිට අරඹා ඇත. ලොව පුරා විසිරී සිටින සිංහල බෞද්ධයන් ට සද්ධර්මය පිළිබඳ ඇති සැක දුරු කරගැනීමට එයින් මග සැළසී ඇත.
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
[සංස්කරණය]ලාභනොලබන ආයතනයක් වන මෙය මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා 2012 දී ආරම්භ වූ මෙය ශ්‍රී ලංකාවේ පැරණිතම බෞද්ධ රූපවාහිනී නාලිකා වලින් එකකි.එසේම ශ්‍රී ලංකාවේ වැඩිම ආවරණ ජාලයක් හිමි එකම බෞද්ධ නාලිකාවද වේ.ඊට අමතරව ලක්විරු ගුවන්විදුලිය ලෙස ගුවන්විදුලි නාලිකාවක් ද ක්‍රියාත්මක වේ.මෙම නාලිකා ඔස්සේ පැය 24 පුරාම ශ්‍රාවකයන් උදෙසා ධර්ම දානය සිදුකරන අතර සෑම ධර්ම දේශනාවක්ම සිදු කරන්නේ මහමෙව්නාව අසපු සංචිතයේ ස්වාමීන් වහන්සේල විසිනි.බොහෝ වැඩසටහන් පටිගත කිරිබත්ගොඩ කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ සිදු වේ.
තවද, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් අන්තර්ජාල අවකාශ තුලින් ද ධර්මය ප්‍රචාරණය කරයි.ශ්‍රද්ධා රූපවාහිනී YouTube නාලිකාව මේවනවිට ග්‍රාහක සංඛ්‍යාව මිලියනය පසු කර ඇති අතර එය බෞද්ධ නාලිකාවක් සතු වැඩිම ග්‍රාහක සංඛ්‍යාව වේ.මීට අමතරව මහමෙව්නාව,ලක්විරු ගුවන්විදුලිය ආදී ලෙස සිංහල භාෂාවෙන් ධර්ම ප්‍රචාරණය කරන යූටියුබ් නාලිකා කිහිපයක් ඇති අතර ,Buddha Rashmi ලෙස හින්දි භාෂාවෙන් ද යූටියුබ් නාලිකා කිහිපයක් ද,Tamil Buddhist,Muniwar ලෙස දෙමළ භාෂාවෙන් නාලිකා කිහිපයක් ද,Buddhism,Colombo Damma Freinds ලෙස ඉංග්‍රීසී භාෂාවෙන් නාලිකා කිහිපයක් ද ඊට අමතරව චින භාෂාවෙන් සිදුකරන නාලිකාවක් ද පවතී.දැනට වැඩිම භාෂා ගණනකින් ලොව පුරා ධර්ම ප්‍රචාරණය සිදුකරන එකම බෞද්ධ ධර්මායතනය ද මහමෙව්නාව වේ.
මහාමේඝ ප්‍රකාශකයෝ නමින් ප්‍රකාශන ආයතනයක් ද පවතින අතර මහමෙව්නාව අසපු සංචිතය මගින් නිකුත් කරන සියලු පොත් ඒ හරහා මුද්‍රණය කර නිකුත් කෙරේ.එසේම "මහාමේඝ" නමින් බෞද්ධ සඟරාවක් ද මාසිකව නිකුත් වේ.
සවිස්තරාත්මක සටහන්
[සංස්කරණය]- ↑ හිනිදුම නන්දරතන විහාරාධිපති ස්ථවිර යටතේ පවතින ශාඛාවකි.
- ↑ පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි විහාරාධිපති ස්ථවිර යටතේ පවතින ශාඛාවකි.
- ↑ මහමෙව්නාව අසපු සංචිතයේ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක නොවේ,අලුදෙණියේ සුබෝධි විහාරාධිපති ස්ථවිර යටතේ පවතින මහමෙව්නාව අසපු සංචිතයට අනුබද්ධිත විහාරයක් පමණි.විහාරයේ පරිපූර්ණ පරිපාලනය අමරපුර ශ්‍රී කලයාණිවංශ පාර්ශවය සතු වේ.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ නිල වෙබ් අඩවිය - මහමෙව්නාව බොදු සෙනසුනෙහි (පරිවර්තනයකි)
- ↑ "දේශීය මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්". මහමෙව්නාව. සම්ප්‍රවේශය 2025-08-03.
- ↑ https://mahamevnawa.org/worldwide-mahamevnawa-branches/
- ↑ "මහමෙව්නාව අනගාරිකා අසපුව". Mahamevnawa Bhawana Asapuwa. සම්ප්‍රවේශය 2026-03-18.
- ↑ අඞ්‌ගුත්‌තරනිකායො→අඞ්‌ගුත්‌තරනිකායො→කුසිනාරවග්‌ගො(භාරංඩුවග්ගො)→පටිච්‌ඡන්‌නසුත්‌තං
- ↑ විනයපිටකෙ→මහාවග්‌ගපාළි→මහාඛන්‌ධකො→මාරකථා
- ↑ සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ධම්‌මකථිකවග්‌ගො→ධම්‌මකථිකසුත්‌තං
- ↑ "mahamevnawa.lk".
- ↑ "මහමෙව්නාව". මහමෙව්නාව - ටොරන්ටෝ නුවර. 3 May 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 March 2018.