නෝමැන්ඩි ගොඩබැසීම්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
නෝමැන්ඩි ගොඩබැසීම්
ඔපරේෂන් ඕවර්ලෝඩ් සහ දෙවන ලෝක යුද්ධයේ බටහිර පෙරමුණෙහි කොටසකි
Into the Jaws of Death 23-0455M edit.jpg
1944 ජුනි 6 උදෑසන, එක්සත් ජනපද 16 වෙනි පාබල රෙජිමේන්තුවේ සහ පළමුවන පාබල සේනාංකයේ සෙබළුන් ඔමහා වෙරළ තීරයට ගොඩබසින අයුරු
දිනය1944 ජුනි 6
ස්ථානයනෝමැන්ඩි, ප්‍රංශය
49°20′N 0°34′W / 49.333°N 0.567°W / 49.333; -0.567ඛණ්ඩාංක: 49°20′N 0°34′W / 49.333°N 0.567°W / 49.333; -0.567
ප්‍රතිඵලය මිත්‍ර පාර්ශව ජයග්‍රහණය[8]
බලප්‍රදේශාත්මක
වෙනස්කම්
නෝමැන්ඩි වෙරළ තීරය (කොටස් පහකට බෙදා වෙන් කරන ලද)
රණපත්හු
මිත්‍ර පාර්ශවය
Flag of German Reich (1935–1945).svg ජර්මනිය[7]
ආඥාපතීන් සහ නායකයන්
එක් වූ ඒකක
එක්සත් ජනපද පළමු හමුදාව

ඔමහා වෙරළ:

වී කෝප්ස්

යූටා වෙරළ:

VII කෝප්ස්
එක්සත් රාජධානිය දෙවන හමුදාව

ගෝල්ඩ් වෙරළ

XXX කෝප්ස්

ජූනෝ වෙරළ

I කෝප්ස්

ස්වෝඩ් වෙරළ

I කෝප්ස්
නාසි ජර්මනිය 5 වෙනි පැන්සර් යුධ ටැංකි හමුදාව

දකුණු කාන් (නගරය)

නාසි ජර්මනිය 7 වෙනි හමුදාව

ඔමහා

යූටා වෙරළ

ගෝල්ඩ්, ජූනෝ සහ ස්වෝඩ්

ප්‍රබලතාව
‍යුධ භටයින් 156,000 ක්[lower-alpha 1]
නාවිකයන් 195,700 ක්[9]
50,350+[10]
වෙරළබඩ කාලතුවක්කු 170 ක්. (100 මි.මී. සිට 210 මි.මී. දක්වා කාලතුවක්කු සහ 320 මි.මි. රොකට් ලෝන්චර)[11]
ආපතිකයන් සහ හානියන්
ආපතිකයන් 10,000+; තහවුරු කළ මරණ 4,414 ක්[lower-alpha 2]
M4 ෂර්මන් යුධ ටැංකි 185 ක්[12]
ආපතිකයන් 4,000-9,000 ත් අතර[13]

නෝමැන්ඩි ගොඩබැසීම් යනු දෙවන ලෝක යුද්ධයෙදී ආරම්භ කරන ලද ඔපරේෂන් ඕවර්ලෝඩ් නම් මෙහෙයුමෙහි කොටසක් ලෙස, 1944 ජුනි 6 වැනිදා මිත්‍ර පාර්ශව සෙබළුන් නාවික යාත්‍රා සහ ගුවන් යානා වලින් නෝමැන්ඩි වෙරළ තීරයට සහ ඒ අසළ ප්‍රදේශවලට ගොඩබැසීම යි. ඔපරේෂන් නෙප්චූන් යන සංකේත නාමයෙන් සහ ඩී-ඩේ (D-Day) යනුවෙන්ද හැඳින්වූ මෙය, ලෝක ඉතිහාසයේ දැවැන්තම මුහුද හරහා සිදු කළ ආක්‍රමණය වේ. මෙම මෙහෙයුම හරහා ජර්මන් පාලනයෙන් ප්‍රංශය නිදහස් කරගැනීමට සහ මිත්‍ර පාර්ශවයන්ට බටහිර පෙරමුණෙහි ජයග්‍රහණය අත් කරගැනීමට අවශ්‍ය මූලික පදනම වැටුණි.

මෙහෙයුම සැලැසුම් කිරීම 1943 දී පමණ ආරම්භ විය. ආක්‍රමණයට මාස කිහිපයකට පෙර, මිත්‍ර පාර්ශවයෝ ඔපරේෂන් බොඩිගාඩ් නමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහි අරමුණ වූයේ ඔපරේෂන් නෙප්චූන් මෙහෙයුම ආරම්භ කරන දිනය සහ ගොඩබසින ස්ථානයන් ගැන ජර්මානුවන් මුලා කිරීමයි. මෙහෙයුමට තෝරාගෙන තිබූ නියමිත දිනයේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා මෙහෙයුම පැය 24 කින් පමණ කල් දමන්නට සිදු වුණි. මෙහෙයුම් සැළසුම්කරුවන් චන්ද්‍රයාගේ අවධි, වඩදිය බාදිය ආදිය ගැන සළකා දින තෝරා තිබූ බැවින් මෙහෙයුමට සුදුසු වූයේ මාසයේ දින කිහිපයක් පමණක් විය. මේ නිසා මීට වඩා කල් දැමුවහොත් මෙහෙයුම සිදු කිරීමට ලැබෙනු ඇත්තේ තවත් සති දෙකකින් පමණ පසුවය. අත්ලාන්තික් සාගරය හරහා සිදුවිය හැකි ආක්‍රමණයකට මුහුණ දීම සඳහා ජර්මන් පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ජර්මන් හමුදාවේ අණ දෙන නිළදාරී ලෙස ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල් පත් කරන ලදී. එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් මිත්‍ර හමුදාවන්ගේ අණ දෙන නිළදාරී ලෙස මේජර් ජෙනරාල් ඩ්වයිට් ඩී. අයිසන්හවර් පත් කරන ලදී.

මුහුදුබඩ ආක්‍රමණයට පෙරදා රාත්‍රියේ දී ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු සෙබලුන් 24,000 ක් පමණ ගුවනේ සිට පැරෂුට මගින් පොළොවට ගොඩබස්වන ලදී. ගුවනේ සහ මුහුදේ සිට එල්ල කළ බෝම්බ ප්‍රහාර ගණනාවකට පසු, උදෑසන 06:30 ට පමණ මිත්‍ර පාර්ශවයේ පාබල සෙබලුන් සහ සන්නාහ සේනාංක (යුධ ටැංකි) ප්‍රංශ වෙරළ තීරයට ගොඩබැසීම අරඹන ලදී. නෝමැන්ඩි වෙරළ තීරයෙහි ආක්‍රමණය කිරීම සඳහා තොරාගත් කි.මි. 80 ක ප්‍රදේශය යූටා, ඔමහා, ගෝල්ඩ්, ජූනෝ සහ ස්වෝඩ් ලෙස කොටස් පහකට බෙදා තිබුණි. යූටා සහ ඔමහා හී හැමූ වේගවත් සුළං ධාරා මගින් ගොඩබැසීම සඳහා යොදාගත් යාත්‍රා නිශ්චිත ගමන් මාර්ගයෙන් නැගෙනහිර දෙසට තල්ලු කරන ලදී. මිත්‍ර සෙබළුන් වෙරළට ගොඩබැසුවේ වෙරළ තීරයට එල්ල කර තිබූ අවි වලින් පිට වූ වෙඩි ප්‍රහාර වර්ෂාවක් මැදයි. වෙරළ තීරයෙහි බිම් බෝම්බ වළලා තිබූ අතර ලී කණු, ලෝහ ත්‍රිපාද, කටු කම්බි වැනි බාධක ද ඉදි කර තිබුණි. මිත්‍ර පාර්ශවයට ආපතිකයන් වැඩියෙන්ම සිදු වූයේ ඔමහා වෙරළේය. ගෝල්ඩ්, ජූනෝ සහ ස්වෝඩ් ආසන්නයේ තිබූ නගර කිහිපයකම, සෙබලුන් නිවසෙන් නිවසට ගොස් සටන් කර අත්පත් කරගත්හ. ගෝල්ඩ් වෙරළෙහි ඉදි කර තිබූ ජර්මානුවන්ගේ ප්‍රධාන අවි දෙකක්ම යුධ ටැංකි මගින් අක්‍රිය කරන ලදී.

මිත්‍ර පාර්ශවයට පළමු දිනයේදී සියලුම අරමුණු ඉෂ්ඨ කරගත හැකි නොවීය. කැරෙන්ටන්, ශාන්ත-ලෝ සහ බයූ නගර ජර්මානුවන් අතම පැවතුනි. ප්‍රධානතම අරමුණක් වූ කාන් නගරය අත්පත් කරගන්නා ලද්දේ ජුලි 21 වැනිදා යි. ආක්‍රමණ දිනයෙහි ජර්මන් ආපතිකයන් 4000 ත් 9000 ත් අතර වන්නට ඇතැයි අනුමාන කෙරේ. මිත්‍ර පාර්ශවයේ ආපතිකයන් අවම වශයෙන් 10,000 ක් වත් වූ අතර ඉන් 4,414 ක් තහවුරු කරන ලද මරණ විය. නෝමැන්ඩි ප්‍රදේශයේ පිහිටුවන ලද කෞතුකාගාර, අනුස්මරණ ස්මාරක සහ යුධ සුසානභූමි වලට සෑම වසරකම විශාල පිරිසක් පැමිණෙයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 Ford & Zaloga 2009, පිටු අංකය: 25.
  2. 2.0 2.1 2.2 Beevor 2009, පිටු අංකය: 82.
  3. Beevor 2009, පිටු අංකය: 76.
  4. Beevor 2009, පිටු අංකය: 492.
  5. 5.0 5.1 5.2 Beevor 2009, පිටු අංකය: 99.
  6. Garner 2019.
  7. Ford & Zaloga 2009, පිටු අංකය: 7.
  8. Ford & Zaloga 2009, පිටු අංකය: 342.
  9. Morison 1962, පිටු අංකය: 67.
  10. Ford & Zaloga 2009, පිටු අංක: 60, 63, 118–120.
  11. Zaloga & Johnson 2005, පිටු අංකය: 29.
  12. Napier 2015, පිටු අංකය: 72.
  13. Ford & Zaloga 2009, පිටු අංකය: 335.


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=නෝමැන්ඩි_ගොඩබැසීම්&oldid=491317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි