නාරි සංදේශය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ සංදේශ කාව්‍යන් අතර ඉතාමත් අප්‍රකට වූ සංදේශ කාව්‍යක් ලෙසින් නාරි සංදේශය හදුන්වා දිය හැකිය. බොහෝ විට සිංහලයේ රජ සමයන්ගේ දී සංදේශ කාව්‍ය රචනා වීම දක්නට ලැබුණි. නාරි සංදේශය රචනා වන්නේ එලෙස රජ සමයක් විස්තර කරමින් නොවේ . ශ්‍රී ලංකාවේ පහතරට දකුණු ප්‍රදේශ දහනව වන සියවස මුල වන විට තුන් වන වරටත් විදේශීය ජාතියකට යටත් වී පැවතිණි. නව බ්‍රිතාන්‍ය නිලධාරීන් යටතේ පාලන විධි විධානයන් ද සැකසී තිබිණ. එනමුදු ලංදේසි පාලනයේදී මෙන් මේ වන විට ආගම මත සුවිශාල අවධානයක් නම් නොවීය. එනිසාම නැවතත් බෞද්ධ සහිත්‍යමය වශයෙන් දියුණුවක් ඇති විය. දහ නව වන සියවස මුල දශකය වන විට පානදුරා ගංගාවත් කාළ ගංගාවත් ප්‍රදේශය හදුන්වන ලද්දේ පානදුර තොටුමුණ නමින. එහි දකුණු දෙස පිහිටි විශාල පත්තුවක් වූවේ වාද්දු වස්කඩු බද්දයි. පොතුපිටිය නැමති ග්‍රාමය පිහිටා තිබුනේ එකී පත්තුව තුලය. ක්‍රිස්තු වර්ශයෙන් 1820 පමණ වන විට වස්කඩු බද්ද පුරා විශාල වසංගත රෝගයක් පැතිරී ගොස් තිබේ. රුහුණුරටේ සිට පැමිණි රෝගයක් ලෙස හඳුන්වා ඇති මෙම රෝගය විසින් සුවිශාල ජන සංහාරයක් කරවීමට සමත් විය. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි වර්ශකණ්ඩරාෂ්ට්‍රය නොහොත් වස්කඩු බද්ද විවරණය කෘතියේ සඳහන් කරන අන්දමට නම් පොතුපිටිය පූජාරාමය අසල පැවති සුවිශාල සල් රුකක් කපාහල බැවින් මෙම වසංගතය ව්‍යාප්ත වූ බවට බොහෝ දෙනා විශ්වාස කර තිබේ . ඉතාම ඉක්මනින් සංදේශ කාව්‍යයක් රචනා කරවා පිහිටක් බලාපොරොත්තු වූවේ එම හේතුව නිසාවෙනි මෙම සංදේශයේ කතුවරයා වූවේ පොතුපිටියේ පූජාරාම වාසීව සිටියාවූ පොතුපිටියේ ධර්මරාජ හිමි නැමති ස්වාමීන් වහන්සේය. පෙරදී කතෝලිකයෙකු වූ උන්වහන්සේ පසුව බුදු දහමේ හරය වටහාගෙන් සසුන් ගතවී ඇත්තේය. නමුදු ඒ වන විට මෙම ප්‍රදේශයේ උපසපුව සොයාගැනීමට හැකියාවක් නොවූ බැවින් උන් වහන්සේ සිල්වත් තැනක් ලෙසින් කටයුතු කර ඇත්තේය. බොහෝ සිංහල සංදේශ තුල පැවතියේ බුදු දහමත් හින්දුදහමත් අතර සම්බන්දයක් වූවද මෙකී සංදේශය ඉපැරණි සංදේශයන්ට වඩා බොහෝම වෙනස් ලක්ශන පෙන්වයි . මෙහි දූතයා වන්නේ පක්ෂියෙකු නොව කාන්තාවකි. එසේම විහාරයක සිට පිහිට යදින්නේ රෙපරමාදු දේවස්ථානයකිණි. මෙහි මග විසිතුරු තුලින් දහනවවන සියවසේ සමාජ සංවිධානය පිළිබඳ බොහෝ තොරතුරු ගම්‍ය වේ. පොතුපිටියේ පූජාරාමයේ පිටුපස ද්වාරයේ සිට දකුණු පොතුපිටියේ කඩමණ්ඩියට පැමිණෙන දූතයා අනතුරුව ගාලු මග ඔස්සේ වත්මන් පොතුපිටිය මහා විද්‍යාලය භූමිය දක්වා පැමිණෙයි. ගමනේ සුවිශේෂී මග සලකුණු වී ඇත්තේ පට්ටියකාරවාසල නම් වලව්ව, දොමින්ගෝ නම් රෝමානුකතෝලික දෙව්මැදුර, දකුණු පොතුපිටිය කඩ සල්පිල, අල්ලිය නම් කුඩා දේවාල, ගාලේ ගෙදර, මැද වැල්ල නම් සුසානය, සුවිශාල නුග ගස සහ පොතුපිටියේ රෙපරමාදු දේවස්ථානයයි. එදවස රෙපරමාදු දේවස්ථාන භූමිය වර්ථමානයේදී පොතුපිටිය මහ විදුහල් ක්‍රීඩා පිටියයි. රෙපරමාදු දේවස්ථානය අසල පැවතියා වූ සුවිශාල නුග වෘක්ශය පිළිබඳ විසි වන සියවසේ මැදි බාගයේ විසුවා වූ රැයිපියෙල් තෙන්නකෝන් කවියා වවුලුව නම් කාව්‍ය හරහා ද විස්තර කර තිබේ . නාරි සංදේශය රචනා වී සියවසක් පමණ ගතවන කාළයේ දී මෙහි පිටපතක් පවා ඉතා දුලබ විය. එබැවින් මෙය ප්‍රකාශනයක් ලෙසින් එළි දැක්විය යුතු බවට වස්කඩුවේ විසූ සුභූති නම් නායක හිමිපාණන් යෝජනා කෙරිණි. ඒ අනුව පද්‍යයන් සඳහා අරුත් සපයමින් පුස්තකයක් වශයෙන් නිර්මාණය විය. වර්ශ 1912,1913,1914 වර්ශයන් ගේ දී කොළබ කොටුව වුල්ෆන්ඩාල් වීදියේ දොන් ගිරිගෝරිස් ධර්මසේන මුද්‍රණාලය යටතේ මෙහි පිටපත් පළමු වරට බෙදා හැරීම සිදුවිය.එවර එහි කතෲත්වය දරා තිබෙන්නේ සුසෙව් හේවාගේ තැලීනා ප්‍රැන්සින් ධම්සේන වීරසිංහ නම් කතුවරිය විසිනි. පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ප්‍රධාන ආචාර්‍ය වරයා වූ ඩබ්ලිව්.ඒ. එෆ්. ධර්මවර්ධන මහතා විසින් වර්ශ 1924 දී නැවතත් නිවැරදි අර්ථ සපයමින් කොළබ ග්‍රන්ථ ප්‍රකාශන යන්ත්‍රාලයේ දී නැවත වාරයක් මුද්‍රණය කරවනු ලැබිණ.

දොන් ගිරිගෝරිස් මුද්‍රණාලයේදී මුද්‍රණය කළ අවස්ථාවේ සංඥාපනය[සංස්කරණය]

නාරියකගේ අතැ යවන සඳැසක් වන මෙය නාරි සඞ්දේශය නමැ.බුඞවෂී දෙදහස් තුනසිය සැට ශතවර්ෂය මහත් වසඞ්ගත දුරභික්ෂ සමයකැ.සියදහසක් දිවි තොර කලා වූ එම කලැ ඉඞ්ගිරිසි ආණ්ඩුවෙන් තානාන්තර ලැබූවනට සේමැ මහත් නීචකුලැ දාසිය දක්වාම දුරමිෂ්ඨයැ . මෙදවස මහත් තේජසින් වැජඹුණාවූ පානදුරේ තොටුමුණ පලාතේ පූජා නම් ආරාමයකැ වඞ්ශක්කාර රාජකුලැ තෙලෙසක් ගණාචාර්‍යන් යැ.ධර්ම පොතපතින් පමණක් නොව අනේක සම්පතින්දැ සපිරිනැ .නියැත වශයෙන් ශ්‍රී බුඞ වර්ෂ දෙදහස් තුනසිය හැට හතරෙන් මතු වර්ෂයේ පට්ටිකාරවාසල වලව්වේ ධර්මසේන රාළලාගේ දෝන මාරියා ලමාතැනීගේ ඇරයුමෙන් පූජා ආරාමයේ මහා ආචාර්‍ය රාජ කුල පණ්ඩිත කාව්‍යාචාර්‍ය පොතුපිටියේ ධර්මසේන සවාමිපාද ගණාචාර්‍යන් (පොතුපිටියේ ධර්මරාජ හිමි) විසින් පද්‍ය ගැලපුම සිදුකරන ලදදාහ .පූජාරාමයේ පෑලා දොරසිට පොතුපිටියේ රෙපරමාදු දේවසථානය කරා දූත මාග වර්ණනාවයැ.සරල පද්‍යයැ .නමුදු කාලයාගේ ඇවෑමේ විකාශය අරුත කටුක කර ඇත්තේයැ.විරචිතව අනූවසරක් ඉක්මවූ තැන එම පද්‍ය බොහෝමයක් අපවත්ව කෙලේශ ඛණ්ඩනය වී යැ. මහත් මෙමාණීක්‍යක් බඳුවූ මෙපද්‍ය පුරාණය නැවත ජීවන වායුව ලබා දෙමින් පද්‍ය ඛණඩනය කර සංස්කරණය කරවන ලදෙද් ඉඞ්ග්‍රිසී සිඞ්හල දමිළ පාලී ආදී චතුභාෂා පරමේශ්වර තැලීනා ප්‍රැන්සින් ධර්මසේන |තැලීනා ප්‍රැන්සින් ධර්මසේන වීරසිංහ ලමාතැනී විසින් ව්‍යවහාර වර්ශ 1911න් මතු වර්ෂයෙහි දීයැ .එබැවින් මහත් ප්‍රාඥයෝ මෙයැ දැන වදාරන සේකවා

මෙමා පානදුරේ තොටුමුණ ප්‍රදේශයේ සොයාගැනීම කටුක වූ පොත් සුලබ කර ප්‍රසිඞ් කරනනා වූත් ලාබ දානමානයට යෙදීමට වූත් අදහසින් කොලඹ චැතම් වීදියේ දොන් ගිරිගෝරිස් ධර්මසේන සමාගමට අනුබදද නාමයෙන් මුද්‍රණාලයක් පවත්වාගෙන යන බව දැන යුතු .අතපසු වීමකින් හෝ මෙහි දොසක් ජනිතව ඇත්තේ නම් ප්‍රාඥයෝ නුවණින් එය දකින සේකවා . තවද මේ නම් දැක්වෙන මාහට හා මාගේ පරපුරට මෙය නැවත අච්චු ගැසවීමේ අයිතිවාසිකමද සතු බව දැන යුතු . මේවගට පොතුපිටියේ විදනේ ආරච්චි හා චැතම් වීදියේ දොන් ධම්සේන සමාගම් අධිපති සුසෙව්හේවගේ සීමන් ධම්සේන වීරසිඞ්හ ආරච්චි තැන

අවසර[සංස්කරණය]

01.

|ම න හ ර කිවි තනනායුරු කිවි එ සඳ

|ප න හ ර හිමි නනදාසිරි නමි මු නිඳ

|වෙ ති නා සිරි අවහර ගෙන මෙමි ලි මිඳ

|මම දාසෙන් මහ නාහිමි වෙමි කි විඳ

අන්වය ~ මනශ්කාන්ත කාව්‍ය සාදන ආකාරය කිව් එම සඳ ප්‍රකට නන්දසිරි හිමිපානන් වහන්සේ ය .එතුමන් වෙතින් ආසිරි කැටුව රචනා කරන මෙමා ධර්මසේන මහ නාහිමි නම් කිවිඳාය. විස්තර~බුද්ධ වර්ශයෙන් 2320 දී පමණ නන්දසිරි නමින් පොතුපිටියේ වාලුකාරාමාධිපතිව සිටියා වූ උත්තමයාගේ අන්තේවාසික ශිෂ්‍ය පසුව පොතුපිටිය පූජාරාමයේ මහානායක පොතුපිටියේ ධර්මසේන ගණාචාර්‍ය තෙරුන්නාන්සේ නොහොත් පොතුපිටියේ රාජකුල ධර්මරාජ නම් ගණින්නාන්සේ (1780-1847) විරචිත බව කියැවෙයි.


02.

|සතර වරම් දෙවි වඳිමැ

|බුදු දම් ගණසංග පසැසැ

|තුන තිස් කෝටියක් දෙවි නැමැදා

|යේසුන් මරියා ආසන මැදුරු තකැ

අන්වය ~සතර වරම් දෙවි වැඳ බුද්ධ ධම්ම ඝන සඞ්ඝයන ත්‍රිවිධ රත්නය පසසා තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුනදැ නැමද යේසුනෙග් හා මරිය මවුනගේ ආසන දේව මන්දිර දක්වාය.

විස්තර~මෙම කවි කරුවා ත්‍රිවිධ රත්නය ද සියලු දෙවියන් ද පසසමින් ආසන දේව මන්දිරයේ මරිය දේව මාතාවටත් යේසු සමිඳාටත් ලියන සඳැස් වග නම් ..............

03.

|පතර පැතිර ගිය මහ සනනිපාත උණ

|එතෙර මෙතෙර හැම සකවල දුබල වුණ

|කොතර කොතර වෙදකම් කරපල නොවුණ

|මුතැර අතැර සිහිකර බුදු දෙසපු ගුණ

අන්වය ~ පැතිර ගියා වූ සන්ණිපාත උණ සියල් සකවලැ දුබල කර කොතරම් කල වෙදකම් පල නොවුන වග නම් මුනතැර දෙනා සියල්ල අතහැර බුදු ගුණ වෙතැ එලබිණි .

විස්තර ~සණ්නිපාත නොහොත් උණ සන්නිපාතය සුව කල හැකි නොවූ පසුබිමක සියළු අයවලුන් බැඳීම් වලින් ඈතව බුදු ගුණ සිහිකළ යුතු.මේ ගම සියල් පිරිස් රෝමානු කිතුදහමත් පසුව රෙපරමාදු ක්‍රිස්තියානි ආදීධර්මයන් වැලඳගෙන සිට ඇත. වස්කඩු බද්දේ බොදු පුනර්ජීවනයේ මුල්ම සමය වූ මෙකල සියළු ජනයා බෞද්ධ දර්ශනයට යොමුවන ලදී.


04 .

|ගි හි ක ල පියානණ් වෙතැ වැලඳිණි රෝගී

|සි හි ක ල මසක් පෙර මියැදුණි සෝගී

|බි හි ක ල මෑ සසුනට දනදුනි ඈගී

|සි හි ක ල නැතුව දපලා සිටිතිය තූගී

අන්වය .ගිහිකල පියා වෙත සන්නිපාත රෝගය වැලඳී පෙර මාසයේ මියැදීමේ සෝකය .බිහිකල තම දරුවන් සසුනට පිදූවත් අද සිහි කල් නැතිව සිහි මුරුජාවැ සිටියා වූ කල්හි........... විසතර .රචක තෙරුන්නාන්සේ ගේ ගිහිකාළයේ පියාණන් උණ සන්නිපාතය වැලඳී මසකට පසුව මෙම සංදේශය රචනා කර තිබේ. තමා වහන්සේව සසුනට පූජා කළා වූ තම මෑණියන් වහන්සේ සංදේශය රචනා වන විටත් සිහි මුර්ජා වී සිට තිබේ.(පොතුපිටියේ මහ මුදියන්සේ නොහොත් පට්ටියකාර වාසල වලව්වේ ධර්මසේනරාලළාගේ දොන් රිචඩ් පෙරුමාල් ප්‍රේරා විජය විමලසේකර මෙම තෙරුන්නාන්සේ ගේ පියා වූ අතර මෑනියන් වූයේ රන්පන්හිඳ වළිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ජයසිංහ ඩි සිල්වා ලමාතැනීය.)


05.

|බුදු දම් සඟුන් ගුණ මා රැක සිටින්නේ

|උපතින් ලබපු කිතු මරියට වදින්නේ

|තිස්තුන් කෝටියක් දෙව් හස් යදින්නේ

|එක් දිනයකැ සඳැසක් මා ලියන්නේ

අරුත ~බුද්ධ ධම්ම ඝන සඞ්ඝ ගුණැ රැක සිටිය මෙමා කවි උප්පතතියෙන් මරිය දෙව් මවුනට කැපැව සිටි අයෙකි .(පෙර කී ලෙසින් ග්‍රාම වාසී සියළු දෙනා කතෝලික බැවින් රචනා කරන හිමි පවා පෙර කිතු බැතිමතෙකි.)තිස්තුන් කෝටියක් ද වූ දෙවි වරුන් ද යැද ලියනනවූ එක් දිනක සඞ්දේශ කාව්‍ය මෙසේය.

දූත වර්ණනාව[සංස්කරණය]

06.

මු ව ල තා ජ කන සෝබන තැලි පිහිදැ

ව ත ල තේ ජ මෝහන මුහ සඳ වෙමිදැ

මෙ ත ල කා ජ ගංගා පර කේශ කදැ

ප ත ල රා ජ සෝබන මනු කතැ නැමැදැ

අරුත ~මුව මඬල තේජාන්විත කණීශෝබන තැලි ආභරණැය. වතල නම් ශරීරයද තේජාන්විතයැ. සඳ පරයා ගියාවූ මුහුණ යැ. තල කේශ කල්‍යාණිය කාජ ගඞ්ගාව(කළු ගඟ) සේයැ .ප්‍රකට රාජලීල මානුශ්‍ය කාන්තාව ගෙන් අවසර යැ.

විස්තර ~මෙමැ සඞ්දේශය රැගෙන යන ආලතති නාරියගේ වණණාවයි මේ. (කාජ ගඞ්ගා යනන කාල ගඞ්ගා යනනට පර්‍යාය පදයකි .)


07.

ප ව ර පොතුපිටියට සෙත් වන අඟන

කො ව ර දැකුම් කළු ඩාගම් ඇති රඟන

ප වු ර වුවත් රට පතලැ වඩි මඟන

කො පු ර වූ කරැත ගිනි කාලි රංඟන


අරුත~ප්‍රකට පොතුපිටියටැ සෙත ගෙන එන අංගනාව ,කොතරම් දැකුම් කළු නාඩගම් රඟ ඇත්තේයැ.පරපුර ලඞ්කාදවීපයේ පතැල වඩිග සම්භවයක් යැ.කෝපාවිශ්ඨ වූ කළ කාලි දෙවියන් මෙන්‍ යැ.

විස්තර ~නාඩගම් ශාන්තියට මහත් හැකියා යුත් අඞ්ගනාවක් වූ අතර නපුර නිසා ඉතා කෝපාවිශ්ඨ වන බව දක්වයි .

08.

සි ය ක් වසට පෙ ර මහ වරුදන පුරයේ

න ය ක් ලෙසට එව් වේ ආලත්තිය කොරයේ

මෙ තෙ ක් සෙසට ඉන් නේ නෑසිය මුරයේ

ම ත ක් කළට රකි නේ ගම් සිය වරයේ


අරුත ~සියවස් ගනණාවකටැ ඉහත ජයවධනපුරයේ සිට පඬුරු පුදන්නාක් සේ ලද්දා වූ ආලත්ති ද කොරයා නම් කත .පරපුරට අයත් වැ සූසැට ගණනක් මුරයේ යෙදෙනා නෑවන පිරිස යැ.මතකය ඇති කලක සිට ගම රකිති. විස විස්තර ~ ව්‍යවහාරයට අනුව ජයවධනනුවර දොන් ජුවන් රාජෝතතමයා ලබා දී ඇතතාවූ ත්‍යාගයක් වනෙන් ආලතති බෑම කරන කොරයා පරපුරයැ. එකී ශානති වඩමින් සිටි රකිනාවසම් පරපුරයි මේ.


09.

කි රී ට යේ ඒජන්තත් මනැ රැන් දූ

න රී ට යේ තනි දිවිපෙවතක් රන් දූ

ව රී ට යේ සසුනට හිතැමන පින් දූ

කො රී ට යේ ආලතතියැ නම රැන් දූ

අරුත ~ පහසුය . විස්තර ~කොරීටය යන්න කොරයා නම් පිරිස් විසූ කොම්පැණිය නම් ප්‍රදේශයයි(පොතුපිටියේ වලපොල වත්ත හෙවත් වත්මන් දුම්‍ රිය පොළ ආසන්න ප්‍රදේශයකි.) .එකල ආලතති බෑම සිදුකල වඩිග පරපුරේ මේ නාරි දූතයාගේ නාමයද ආලතති යනනයී .


10.

ඇ ගේ සුකුමාල කම් නැතැ රැඳේයා

ඇ ගේ මනමාල කම් නොමැ කෙරේයා

රැ හේ රැකිමාල ජප කම් දැනේයා

රැ හේ සුරුවාල ජඩ යතු නොවේයා


අරුත ~ ඇය යනන ආලතති සත්‍රියයි .ඇය සුකුමාලයැ.එසේම ගිහි දිවියට කිසිඳු සිතක් ද නැත්තේයැ.රැහැ නොහොත් පරපුරේ මාලජප හූනියම් ද දන්නා මුත් එවන් ජඩ ක්‍රියා නොකරයි.

විස්තර ~ කොරයා නමින් කොම්පැණිය ප්‍රදේශයේ වෙසෙනා පිරිස් වඩිග මන්ත්‍ර දන්නා පිරිස් යැ.ආලතති කම් සඳහා වෙන්වූ කතුන් ද හිර පත් වන කලහි.පරපුරේ තේජස රකිනා සත්‍රිය මෙසේය ...................

පිටවීම[සංස්කරණය]

11.

වේ ලා නැකැත් සඳහා කල් යල් නැත්තේ

මූ ලා ඉෂ්ට කුල දෙවි සිහි කල යුත්තේ

තූ ලා අලුත් අවුරුදු නැකතට වත්තේ

පෑ ලා දොරින් පිටවනු හනි කටැ ඇත්තේ


අරුත ~ පහසුයැ. විස්තර ~පෙර සිරිතට අනුව සඞ්දේශ කාව්‍ය අරඹා ලනනට පෙර නැකැත් ලබා ගත යුතු යැ.නමුදු මෙහි තතවය නිසා ඒ සඳහා කාලය නැතැ.

~ මුලින් ඉෂ්ඨ දේව සිහි කල යුතු යැ. ~ අළුතෑ අවුරුදු තුලා නැකතට පිටිපස දවාරයෙන් පිටවී යායුතු බව කියයී .


12.

ද හ ස්  වසක් මුල් ලේ  නොමැ ආරෝගා

සු ව ස්  මසක් තුල් ලේ ගමැවී   රෝගා
නු හ ස් වෙසක් පෙල්ලේ  සැදැවී  රෝගා
වු ස ස්  ඉඩක් නැල් ලේ  පල්ලියැ සෝගා


අරුත ~ පුරා වසර දහස් ගනනාවක් පුරා දන්නේ නැති රෝගයක් යැ.මසක් පමණ කාලයැ තුල මෙම ගමම රෝගයට පැමිණි.වෙසක් මස පෙනෙනා මානයේයැ . පල්ලි බිමේ ඉඩ නැති වීමද ශෝකයට කරුණකි .

විස්තර ~අවසාන කණ්ඩ දෙකැ,දූතයා පිට වන්නේ අවුරුදු දිනකයැ.පුන්‍යවන්ත වෙසක් මංගල්‍යය පෙනෙනා මානයේ මෙකී දුරමිශ්ඨ රෝගයැ.එලෙසින් තවත් සෝකයට කාරණය පල්ලිය වත්තේ භූමදානයට ඉඩක් නොමැති වීමය .


13.

උ ස ස් පහත් බේදය නොසලකා නි තී

ප හ ත් උසස් පරපුරු බිලිවුනා නි තී

ම හ ත් ඉසුරු වැජඹුණු ඈපාය මි නී

මි යැ ත් සෑය තවමත් දැවැමින් පව තී


අරුත ~ පහසුයැ. විස්තර ~බුද්ධ ධම් දෙසුමන් අනුව කුල නිරර්තකයැ.එබව සනාත කරමින් රෝබියැ හමුවේ සියල්ලන්ට සෝකය මැ.එම පලාතේ ඈපා පරපුර පවා එහමුවේ නිරර්තක විය .මෙහි ඈපා යනු පට්ටිකාර වාසල වලව්වේ දෙන් රිචඩ් ධම්සේන පෙරුමාලැ මුදලි උන්නාන්සේගේ පරපුර යැ.....

පට්ටිකාර වාසල වලව්වේ වර්ණනාව[සංස්කරණය]

14.

වාසල වටා ඇත්තේ මහ පොල් වතු ය

මූසල මකා වන්නේ මහ හිරු එලි ය

සූසල රූටා යන්නේ මහ හොර රැල ය

වාසල පුරා මුන්නේ මහ සොරකම ය


අරුත ~ පහසුයැ.

විස්තර ~ආකාශ ගැබ වසා ඇත්තා වූ පොල් වියන සූර්‍යාට මිහිකත කරා පැමිණීමට බාධා පමුණුවය් .එහෙයින් මහත් අන්ධකාරයැ.රෝබියෙන් හැලලී ගියා වූ වාසල වතු දැන් හොරුනගේ වාස භූමී වී ඇත්තේයැ.


15.

ම න හ ර ඉසුරු සම්පත් විහිදිනු මැදු රේ

ර ණ හ ර විකුම් පෑයූ මුදලිඳු රැදු ණේ

මෙන හි රු මහත් මහගේ මුදලිගෙ අද රේ

බැ ස හි රු වුවත් වාසල බැබලේ රුපු නේ


අරුත ~මනශකාන්ත ඉසුරින් ගැවසි මන්දිරයක් යැ. එහි නිවැසියා රණශූර මුදලි වරයෙක් යැ..සූර්‍යා සේ කාන්තිමත් මුදලි මහගේ ලමතැනී යැ .සූර්‍යා බැසගොස් ඇති නමුත් වාසල මැදුර තවමත් බැබලේ .......

විස්තර ~ මෙහි රණශූර මුදලි වරයා ලෙස දක්වන්නේ මුදලිඳු නොව එම පරපුරයි .සූර්‍යා බඳු මුදලිමහගේ දෙ න ඉල්ලේනා රශෙල් ජයසිඞ්හ වලිමුණිගේ මැතිනිය යැ .සූර්‍යා බැසගොස් ලෙස ව්‍යඞ්ගයෙන් පවසන්නේ දෙන් රිචඩ් ධම්සේන මැතිඳුන් ගේ අභාවයයි .


16.

ආදි ටිකිරි රාසිඞ් නම් රජා නෝ

දාදි උපන් දාසෙන්නම් කුමරා නෝ

සැදි මහත් දෙව් දෙස් බල ලබා නෝ

රැඳී සුරත් පරසිඳු මුදලියා නෝ


අරුත ~ ආදී කාලයේ සිරි ටිකිරි රාජසිඞ්හ නම් රාජෝතතමයෙක් යැ.රාජෝතතමයා දාව උපන් ධර්මසේන නම් කුමාරයෙක් යැ .එම පරපුර දේශ දේශානතරයේ ප්‍රශඞ්සනා ලබා ඇත්තේයැ .එහි වෙසෙන මුදලිඳු වරුණයි මේ ..... විස්තර ~ජනප්‍රවාදයට අනුව ටිකිරි නම් රාජෝත්තමයාගේ අන්තඃපුර දේවියක දාවෝපන් පුතු ධර්මයැ .එපරපුරේ පසිඳු මුදලිඋත්තමයා දොන් රිචඩ් ධර්මසේන පෙරුමාලැ විය .


17.

පට්ටිකාර වාසල දොන් මුදලි තුමා

ජෙට්ටිකාර මලැකුලැ තොසන් රැඳිය නමා

සෙලලකකාර දරු දන මන පිදිය දමා

මුලලකකාර පලලියේ සැතපීය සමා


විසතර ~ පට්ටිකාර වාසල වලව්වේ මුදලි සඳයැ ජෙට්ටිකාර නම් බ්‍රාහමණ කුලැ සියලලට නායක යැ .(දකුණු හිනදු වඩිග පිරිසකි.වසකඩු පොතුපිටි බැද්දේ මූද අසබඩ විසීය ) මුදලි සඳ තම දරුවන් දහතුන් දෙනෙකු සසුනේ චිරස්තිය සඳහා පුදා ඇත්තේ යැ .කතුහිමියෝ ද එක් අයෙක් යැ . මෙසේ පුන්‍ය කර්ම කල මැති සඳ අද සාමදානයේ සැතපී හමාරය .......


18

තුදුස් පුතුන් පිදුවා සසුනටත් නිති න්

සුදුස් ඉඩම් පිදුවා ගනනුන්ට මිටි න්

තුදුස් දහක් පොල් මුර දන් දීය අති න්

සුදුස් කලින් මැතිනිඳු පින්කලා තුටි න්


අරුත ~ පහසු යැ .


19.

පොල්වතු දහස් ගනණක් හිමි වලව්වේ

පුල්කඩු තුටින් සරසා නැති සරප්පුවේ

කල්මැදු රී බීරලු ඉස්තෝප්පුවේ

සලවැදු රතන කෙන්ඩිය දිසි තරපපුවේ


විස්තර ~ වාසල වලව්ව වත්තේ බැලූ බැලූ අත පොල් රුප්පායැ .ඉදිරිපස තබා ඇති කනපපුවේ මල් කැටයමට නගා ඇති කඩු ආකාර ලියවැල් යැ .එහි වූ ඉස්තෝපපුවේ කළුමැදිරිය ලීයෙන් තැනූ බීරළු කුළුණු යැ .තරපපුව මත තබා ඇති රත්‍රන් කෙණඩියේ සල් මල් යැ .


20.

පෙරත්වරේ මේ දොරැ සිට බලන ක ඩ

දහස් වරේ ජන ගඞ්ගා වැල නොකැ ඩ

එහස්වරේ පුද දෙන පඬුරු ලැබ ගන් ඩ

එවන් තුරේ අද නැත කිසිවෙකු එන් ඩ


විසතර ~පෙරවාරයේ එනම් පෙර වසර අවුරුදු දින දූත තෙමේ සිටින විහාරයේ පෑල දවාරයේ සිට බලන කල දහස් සඞ්ඛ්‍යාත ජන ගඞ්ගාව යැ .වාසල වලව්වේ පඬුරු ලැබ ගැනීමට පැමිණි එම කිසිවෙකු අද නැත .අදත් නැකතකි .(හොඳ වෙලාවට පඬුරු ගැනීම විරිත කි .)


21.

රසෙල් දෝ න මුදලිඳු මහගේ නෝනා

විසල් දාන පුණ්‍ය කරුම කර දූනා

බුසල් ගාන සහලින් පින් පොදි කෙරුණා

දුසිල් කාලෙ පෙර කල අකුසල් මැවුනා


අරුත ~ මුදලි ලමාතැනී වරුණ. විස්තර ~රංපංහිඳ වළිමුනිගේ දෝන ඉල්ලේනා රශෙල් ජයසිංහ පට්ටිකාර වාසල මුදලි මහගේ යැ .මැතිනිය පින් සමාන කරනුයේ සහල් බුසල් ගණනකට යැ .එදු දුර්භාග්‍ය සමයේ එම පිඞ් වලද බල මනද යැ .ඕ හට ද රෝබිය දැනින .


22.

ගිහි කල මලයණ්ඩි නම් දාවිත් මුද ලි

බිහි කල නඞ්ගොණ්ඩි දන මාරියතැන ලී

ගිහි කල අය්යණ්ඩි දාසෙන් මම වෙමි නී

රැහෙ කල නම්බුණ්ඩි දිරිකල යුතු රැහි නී


විස්තර ~ධර්මසේන මහ නාහිමි වෙනත් දෘෂ්ඨියක් සහිතව චිත්ත තණහා සහිතවැ ......... රැහැ නොහොත් පරපුරේ ගරුත්වය රැක ගැනීමේ ශක්තිය තමා යැය් සිතා ,ගිහිකල වැඩිමහලු සොයුරාතමා බැවින් තම බාලැ සොයුරු දොන් දාවිත් හා බාල සොයුරිය දෝන මාරියා ගේ වගකීම දරා ක්‍රියා කරයි .


23.

කලේ ගිහි වැ සිටි මගෙ නෑසිය සොවි නේ

රලේ ගැහිවැ ගිය සේ යේසුනි සමි නේ

සුලේ සැහිවැ සමදන් සැතපුනු පියු නේ

රැලේ සියවැ රැකදෙනු මා දෙව්මවු නේ


අරුත ~ ගිහිකාලයේ තම නෑසිය පිරිස් සෝකයෙන් යැ.යේසුන් ස්වාමීනි ඔවුන් මුහුදු රලේ ගියා සේයැ .අකාලයේ සාමදානයේ සැතපුනු මා පියායැ......සියල්ලෝ රකිනු මැන මරිය දෙව් මවුනි ....

විස්තර ~ කතු හිමිඋපතින් කිතුණුවෙකි .දූතයාද ගමන් කරනුයේ දේව කරුණාව අයැදිමින් ආසන දේව මන්දිරයේ දේව මවුන් සහ යේසුන් ස්වාමින්වහන්සේ වෙතටයැ. මග විසිතුරු


24.

මුවැ හරවා වට කැරකී බැලූ කල

රුවැ පුරවා ඇති රුපපාවකි සි සිල

සුවැ ගෙනවා දෙත් රන් තැඹිලි ඔරු වල

තවැ මෙම්වා ඈඳින රුක් සිදසි තුල


අරුත ~දෙඅත බලන කල .රූපශ්‍රීයෙන් අලඞ්කෘත වූ පොල් රුප්පාවකි .මුවට මිහිර ගෙන්වන රන් තැඹිලි වලින් පිරුණු ඔරුයැ .අතරින් පතර ඈඳින පොල් රුප්පායැ .විස්තර ~ පට්ටිකාර වාසල වතු වරුණකි .පොල් සියගණනක් ප්‍රවාහනය කල හැකි ගැල් ඔරු නම් යැ .රා සඳහා පොල් මල සිඳීම මැදීම නොහොත් ඈඳීමයි .


25.

මියුරු පලින් බලවූ නාරඞ් දෙපි ට

සුඳුරු වලින් බරවුණු පොල් වතු මෙපි ට

පඳුරු මුලින් ගලවාගෙන සේර තු ට

වඳුරු දෙලින් යනු රිසි දේ ගෙන සුමි ට


අරුත ~ මග දෙඅතම මියුරු නාරඞ් බරවූ වතු යැ.සුන්දර වලු පිරුණු පොල් වත්ත එක අතකයැ .මිතුර සේර පඳුරක් මුලින් ගලවාගෙනැ. විස්තර ~ නාරඞ් දෙපිට යනු නාරඞ් ගහ වත්තයැ . ඊට පරසපර දිශාවේ පට්ටිකාර වාසල පොල් ඉඩම් යැ.සේර යන්න අමනුශ්‍යන්ගේ මාගය වෙනස් කරන ශාකයකි .එබැවින් එම ශාකය අතමිට ගෙන ගමන යන ලෙස පවසයි .


26.

හේවගේ සුසෙව් අන්තෝනියෝ මුණි

මේවගේ සුරුවමක් සන්තක වේය නිතී


අරුත ~ සුසෙව්හේවගේ අන්තෝන්නියෝ පියතුමායැ.එතුමා සන්තක නිරතුරු සුරුවමකි . විස්තර ~ පෙරදී දේව ගැති වරයක් ලබා පසුව එය හැර ගිය මුණී නමක යැ.නමින් සුසෙව්හේවගේ දොන් අන්තෝනියෝ නමිනැ .එම නිවසේ ඉදිරිපිට දෙවියන් වහන්සේගේ මූර්තියක් නොහොත් සුරුවමකි .දූතය එය වැඳ ආසිරි ලබා ගන්න .


27.

පට්ටියේ රජ වාසල වත්තේ කොණ

මුට්ටියේ තෙජ මීරා ගිය සිඳින

සුට්ටියේ කජ පාරා ගනැ මහින

ජෙට්ටියේ වෙජ දෙව් රැස් පානු මැන


අරුත ~ පට්ටිකාර රජ වාසල වලව් වතු කෙරවලැ.තෙලිජජ මුට්ටි වල මීරා සිඳී ගොසින .සුට්ටි නම් මුණීඳුනි කරදිය පාරා යමින් හෝ ජේසු සමිඳුන්ගේ දේව රශ්මිය ලබා ගන්න .

විස්තර ~ දනට පිනට ලැදි පට්ටි වාසල මීරා දාන සිදු කරයි .එදු මෙම තතවය හමුවේ එම දාන වැලකී දාන වඩියේ මුට්ටි පවා වියැලී ගොසිනැ .සුට්ටි නම් මුණි රජුනි ඔබ ආමෙන් යේසු ස්වාමීන්ගේ අතරමැදියා වෙමින් පිහිට ලබා දෙන්න .

දොමිනගෝ ආසන දෙව් මැදුරු වර්ණනාව[සංස්කරණය]

28.


කිතුණුපල්ලියේ කැරකොක් බයිලා ඇසෙන්නේ

දකුණූදෙසින්නේ කල උස් මැදුර පෙනෙන්නේ

සුදුණූගලින්නේ කල කළු පවුරු දිලෙන්නේ

රැඳුනුඋසින්නේ නදදෙන ගටාර වැයෙන්නේ


විසතර ~ පට්ටිකාර වාසල ආසන්න කතෝලික පල්ලිය වර්ණනාව .........මගට දකුණු දිශාවේ උස් කුළූණු සහිත දේව මැදුරයි .සුදු හූණු ගලින් කල නිමාණයක් නමුදු පවුරු කාල වර්ණ යැ .උස් ගාණ්ඨාර කුළුණේ ගාණ්ඨාරය නද දෙන අතර මැදුර තුල ලතින් බයිලාවැයෙන්නේ යැ .


29.


සාදවා ගතැවන සියතුන් වස යැ

පාදුවා තිස්ම කැර මෙහි සියැ දස යැ

මෝදුවා පල්ලියේ සැතපුණු අයැසතො යැ

ජෙනෝවා සාමයේ සැතැපිය බැහැ තද යැ

විස්තර ~ කතෝලික පල්ලිය තුන්සිය වසක් පැරණීයැ.පාදුවා මුණිඳුන්ගේ නාමයෙන් සිය දහසක් බෞතීස්ම කර තිබේ .එසේම පලලි වත්තේ මෝක්ෂය පතා සාමදානයේ සැතපුන සියල්ලෝම සඞ්තෝශයෙනි .ජෙනෝවා නොහොත් සාමදානයේ සැතපුණු මුල්මකෙනා සමඟ යලි මෙභූමියේ කිසිවෙකුට සැතැපීමට ඉඩක් නැත්තේයැ.කිම මෙඋණ එතරම් පිරිසකට මරු කැන්දවා ඇති බැවින .


30.


අගම්පොඩ්ඩ රාලගේ චිත දැවෙන් නේ

මගම් රටේ පාතයැ බොල දුවන් නේ

රගම්‍ රටේ ඉන්නා අපැ රකින් නේ

වසම් දෙව්නි කන්නලව්ව අසන් නේ

විස්තර ~ දූතයා දෙව් මැදුර දෙසැ බැලූ කලැ පෙනෙන්නේ දැවෙන චිතකයකි .සැතපීමට ඉඩක් නොවන හෙයින් චිතක දවාලීම සිදු කරයි .අගම්පොඩි රාල නම් පොතුපිටිය වාසල ලියන ආරච්චි තැනක් යැ .මාගම් කෝරළයේ සිට රයිගම් කෝරළයට පැමිණ ජන සඞ්හාර කරන්න වූ මේ දුර්මිටු රෝගය වාසුදේව රජු හෝ අසන සේක්වා ...........අප රකින සේක්වා ...........


31.


ළිඳ ලඟ පල්ලියේ අනුහසැ ඇතියන මුත්

ලඳ නුඹ වල්ලියේ එහි රසැ නොබැලිය යුත්

විස්තර ~ පල්ලිය වත්තේ ලිඳක් යැ .එහි ජලය පාරිශුද්ද යැ.රෝග නසයි .අනුහස් ඇත්තේයැ .එදු දහස් මළකුණු රෝග විසයන් ගේ අපවිත්‍ර වූ එම ජලය නුඹ නම් ස්ත්‍රියකට උචිත නොවේ . කිමද පල්ලිය පුරා මිහිදන් වූ දේහ යැ .


32.


සුපිරිසිඳු දොමින්ගෝ ප ල් ලි යේ

නොවිසඳුණු පුවත්දෝ මු ල් ලි යේ

අපිරිසිඳු පාත උණ නි ල් ලි යේ

සුනනගුදු නොවින්ගෝ ව ල් ලි යේ


අරුත ~ එපල්ලිය නාමයෙන් දොමින්ගෝ පල්ලියයැ.නාමයට නමුදු බොහෝ ගැටළු යැ . නැගෙනිය අපිරිසිඳු උණ සන්නිපාත රෝගයක් යැ .ලඳ නුඹ සුනඞ්ගු නොවී පලායනු. විස්තරය ~ මෙම දෙව් මැදුර දෙම්න්ගෝ ආසන දෙව්මැදුර නමින . යුරෝපා පිරිස් වල ආරව්ල් මත මම නාමයන් පැමිණ ඇත්තේයැ . පෙරදී එය කතෝලිකව පැවත පසුව රෙපරමාදු හා ක්‍රිස්‍තියානි වී තිබේ .


33.


සලපිල සාලයේ ඇති කඩ දාසය කි

දහවල දිහාවට එහි මහ ගැල් රැස කි

සිඞ්හල උලු වහල් පිළ වට සාලය කි

තුන්වේලට වහලා අද මාසය කි


අරුත ~ පහසු යැ විස්තර ~ සලපිල සඞ්දිය නම් කඩපිලේ ඇත්තේ කඩ දාසයකි .ගිමන් හරින ගැල් පෙර දා එහි සුලබ දසුනකි .එම සලපිල් සියල්ල ඉදිරිපස ඉස්තෝපුවකි .සිඞ්හල උළු වහල් ය .එදු මෙම දුර්භග්‍ය සමයේ ඒවා වසා දමා තිබේ .


34.


සල් පිල් සාලයේ හැර ගිමන් නඞ්ගි යේ

සත් සමුදුර බලා සැතපෙනු පලඞ්චි යේ

සප් තපෙරුම තේච්චිතොට මිරඞ්චි යේ

සද් ද නැතිව අද නිදිතෙය් ආරඞ්චි යේ

අරුත ~ පහසු යැ විස්තර ~ සලිපිල සාලයේ සිට බැළූ කල පෙනෙන්නේ මහා සාගරය යැ .වෙරළ ඉම දොන් සප්ත පෙරුමාල් ධර්මසේන මුදලිට අයත් ව තිබූ තේච්චිතොට යැ කොහු කඹ වෙලඳාමේ මුදුන් තැන බඳු වූ එහි අද කිසිවෙකු නැත්තේ යැ .


35.


ගා ල් ලේ යන කරත්ත එක වැලේ යා

නා ල් ලේ සල්පිල පසු කල බියේ යා

පී ල් ලේ මහ මීරා දුග ඳ දැනේ යා

වා ල් ලේ නොදොඩඞ් උන් සැම දුකේ යා


අරුත ~ ගාළු යන කරත්ත දිගු කණ්ඩායම් සේ යැ .නාල්ල සල්පිල පසු කලත් කිසිවෙකු එහි ලැගුම් ගන්නේ නැතැ .පීල්ල හරහා අළුත් රා නොපැමිණීම නිසා රා පල්වී ගොසින .ඒ පිලිබඳ කිසිඳු කතාවක් නොකර ගැල් කරුවෝ පිටව යති . විස්තර ~ නාල්ල නොහොත් නාරඞ්ගහ වත්ත කඩපිල ගාළු ගැල් වල ගිමන් පොලක් සේ යැ .එහෙයින් රා වෙලඳාම ජය යැ .කිසිම දිනක රා පීප්ප පල් වී යන්නේද නැත වෙලඳ භාණ්ඩ පවා ලාබය .එකී පහසුකම් ලැබීමට පවා දුර්මුඛ වූ එම ගැල් පිරිස් කඩපිල පසු කර යන්නේ දූකින .


36.


වලපොල රාළයා නැත බොල පෙනෙන්න ටා

වලපොල වත්තේ පාලුව දැක බලන්න ටා

වලපොල මුලාදෑනින් ඇත දුවන්න ටා

වලපොල තොටේ නැව් ඔරු නැත බලන්නටා

අරුත ~ පහසු යැ විස්තර ~ ගාලු පාරේ නාල්ල සල්පිල පෙනෙන මානයේ නැව් තොට යැ . වලපල වත්තේ පිහිටි එහි තේච්චිවරාය යි .පෙරදා එහි කොහු කඹ කිත්තඞ් කඹ පාරු නැව් ඔරු යැ .වෙලඳ ප්‍රධානියා වලපොල රාළය . මුලාදෑනීන් ද දෙදෙනෙකි .නමුදු අද එහි කිසිවෙකු නැත .වෙලඳාමත් පාළුව ගොසින .


37.


දොලමහ පවර බැඳි ලඞ්සියගෙනි සැප ත

බොලමහ පවර බෝරුක මත විසල් ති ත

බලඉඹු කඩා අත්තක් ගෙන තම අති න

ගලමල අසුන මත පුද දෙනු හද බැති න

අරුත ~ ලඞ්දේසි සමයේ කල ප්‍ර‍යෝජනවත් දොලකි. අසල හොඳින් වැඩුණු බෝ වෘක්ශයක් යැ,මිතුර ඉඹුල් අත්තක් කඩා ගෙන ගල්මල් ආසනය මත පූජා කරනු මැනවැ. විස්තර ~ තේච්චිතොටට පෙරදා සම්බන්ඳවූ ඇල යැ එය අනෙක් දෙසින් ඕලන්ද ඇලට යැ.තේච්චිතොට පේන ගාළු මගේ බෝ රුකකි .ඇල පාලම පසුකල සියල්ලෝ දුර ගමන් පිරිස් ඉඹුල් අත්තක් පුදා ආසිරි ලබා ගනී .


33.


සොලොස් වසක්මුල්ලේ රුක් දෙවි වසන

දොලොස් වසක් මුල්ලේ දිගසිරි පතන

පසලොස් සඳක් වන් නන්දාසිරි සමන

වෙතලොස් දසක් ගෙන ආසිරි යමු ගමන

අරුත ~ වර්ෂ දාසයක් පුරාවට රුක් දෙවි වී වසන වර්ශ දොලහක් පුද පූජාවට පාත්‍ර වන පසලොස් සඳක් වන් නන්දාසිරි ගණාචාර්‍ය ස්වාමීන් වෙතින් ආශිර්වාද දහස්ක් ගෙන ගමන අරඹන්න ...... විස්තර ~ පෙරදා කල අනාවැකියට අනුව මෙම බෝරුකට අධිපති වෘක්ෂ දෙවි නනදසිරි ගනිනනාන්සේ නම් උත්තමයා ය .සඞ්දේශය රචනා කරන කාලය වන විට එහිමි අපවත්වී දාසය වසරකි .රුකට අධිපතිව දොලොස් වසරකි .


34.


ගිමගොස් පාරුවක් පසු කොලා තො ට

එනමුත් මෝරුවක් නම් නැත මේ තොට ට

මහමුත් පාරුවක් වෙන බව ගෙන සිත ට

නුඹශොක් නොවී පැමිණෙනු ඉදිරි තොටුමුණ ට

අරුත ~ ගිමන් හරිමින් ගමන් කල පාරුවක් බෝ ගහ තොටුපොල පසුකර ඉදිරියට ඇදිනැ .නමුදු තොටුපොල බෝරජුන්ට පඬුරු නැතැ ,මරක්කල පාරුවක් යැයි සිතා නුඹ දුක් නොවී තොටුපොල පසුකරන්න . විස්තර ~ බෝතොට යනුවෙන් පැවති තොටුපොල පසු කරන පාරු තොටට පඬුරු පුදයි .එසේ පුදන්නේ නැති පාරු මරක්කල ඒවා යැ .ශොක් යන්න ශෝකයට යොදන යුරෝපීය යෙදුමකි .

35.


බොර ගෙඩි තැලෙන්නේ නැති අම්බලම් තොට

දොඹ ගෙඩි පෙලෙන්නේ නැති අම්බලම දුට

පොල් ගෙඩි හැලෙන්නේ මැති සඳ නැති දුකට

දෙල් ගෙඩි නොලන්නේ යනු දූතියමෙහි නොසිට


අරුත ~ දියටැ වැටුනු රුක් ගෙඩි පාවෙන්නේ යැ .දොඹගෙඩි හැලී ගිය මිදුල් ඇති අම්බලම යැ . මෙපෙදසට අධිපති මැතිඳුගේ නැතිවීම ඵලදාව අඩුවීමට හේතුවලු ....සෝක නොවී ගමන යනු දූතිය . විස්තර ~ මෙතත්වයට පෙරදා ජනාකීර්ණිව පැවති කල තොටුපොල අසල ඇලේ රුක් ගෙඩි පෑගී බොර දියේ වැලලී යයි .අම්බලම අසල තැලී නොගිය දොඹ ගෙඩියක් ඉතිරි නොවන තරම් යැ .තොටුපොල පසු කල ද බොහෝ වතු මහ මුදලි ගේ යැ .එතුමාගේ නැතිවීම හෙය්න් මේ වතු ද පාලුවට ගියා මෙනි .


36.


ගාලු මගේ එපිට මෙපිට දෙපැත් තේ

පාලු වුනේ පැල් තිහකුත් නැත් තේ

මාලු රැහේ වාහෙල නම් නොම ඇත්තේ

සීලු දෙහේ වාසල අනමයැ ඇත් තේ


අරුත ~ පහසු යැ .

විස්තර ~ රෝබිය නිසා ගාලු මාර්ගය පාලුවට ගොසිනැ .පැල්පත් තිහක්දු නැත්තේ යැ .පට්ටිකාර වාසල තෝම්බුවට යටත් එම පෙදෙස කිසිඳු කෞරව කුල අයෙකුගෙන් තොර යැ .


37.


පර්නැන්ඩෝගෙ සල්පිල අතර ගිමන් හැ ර

ඩොමින්ගෝගෙ මයුරාපිල ගනු මිතු ර

බස්තියන්ගෙ පැල්පිල දෙසට යන අත ර

ජොවානාගේ සැව්ලා කර නොගනු සතු ර

අරුත ~ පහසුයැ . විස්තර ~ එදවස ගාලු පාරේ මයුර ආශිර්වාදය සහ සැවුල් ආශිර්වාදය ලබන තැන් බොහෝ විය .ඒ සඳහා අල්ලි නම් කුඩා දේවාල යැ ඒවායේ දෙවියන් වූයේ මෙම පක්ෂීන් යැ .එදවස එම මයුර දේවාලයේ ආලත්තිතුමා දොමින්ගෝ පර්නෑන්ඩු යැ .ආලත්තිමෑනි ජොවානා පර්නෑන්දු යැ . ඒ දෙවොල් දෙක පිහිටා තිබී ඇත්තේ බස්තියන් නම් වාහේගේ නිවසත් පර්නැන්ඩුගේ කඩපිලත් අතර යැ .


38.


පවර ගඞ්තලය ලෙස වත දිලෙන පිටින්

තරව සඳ තඹර පෙති සහ රේණු මිටින්

තැරව අතුපතර විහිදුණූ රුකක් වටින්

පෙරව සබැඳි ආසිරි ගත යුතුය තුටින්


අරුත ~ මයුරාභිදාන දේව වර්ණනාව විස්තර ~ගඞ්ගාව සේ නිල් වර්ණයෙන් දිලෙන පිට යැ .සඳ මත පතිත වූ මල් පෙති හා රේණු ලෙසින් පිල්කලඹේ වූ නෙත් යැ .හොඳින් අතුපතර විහිදුණු ගසක් වන් වූ පිල සහිතව වසනැ .මහා මයුරාභිධාන දෙවි රජුනගේ ආශිර්වාදය ලබා ගත යුත්තේ යැ .


39.


ගිමන නිවන පොල් රුප්පාවකට වැද

හමන සුනිල් මදනල දැක විඳ පැහැද

මහණ මෙමා කී අස්නය සිතෙහි විඳ

බැමිණ නුඹා යාගන් මා කිව් බැද්ද


අරුත ~ ගිමන නිවා ගැනීමට පොල් රුප්පවකට ඇතුළූවැ .හමන්නාවූ ශීත මද සුලඟ විඳැ .නාහිමි කී ඒ අස්න මනසට නගාගෙනැ . බැමිණීය නුඹගේ ගමන අරඹන්න විස්තර ~ මෙ සංදේශ දූතිකාව බ්‍රාහ්මණ කාන්තාවකි .ඕගේ මුතුන්මිත්තන් වඩිගයෝයැ .පෙලපත්නාමය පඞ්ඩාරම් යැ .බෞතීස්ම නාමය පණ්ඩාරම් ඩි කොරයා යැ .


40.


පානාදුරේ පේනා මහකළු ලෙස ට

මානාමුරේ පටවා ගැල් එති එපි ට

බාලාතෙරේ සා ලිය සාලය නොසි ට

ගාලාගෙදර වෙනදා ගැල් යති එපි ට


අරුත~ පානදුරේ දෙස බැලූ කල මහත් කාල වලාවන් යැ .මානා පඳුරු ගලවාගත්තාවූ ගැල් යන්නේ ගාල්ල දෙසට යැ .තෙරේසා නම් ලඳ නොමැති ඉස්තෝප්පුව දෙස බලා පෙරදා ගාලේ ගෙදර නවතන ගැල් එපිටින් යන්නේ යැ . විස්තර ~ පානදුරේ දෙසට තදින් වර්ෂාව යැ .එහෙයින් මානා පටවා ගත්තා වූ ගැල් වාඩි සොයා ගාල්ල දෙසට ඇදෙන්නේ යැ .පෙරදා ගාළු ගැල් කරුවන්ගේ වාඩිය ගාලේ ගෙදරයැ .හාරඹගේ තෙරේසා ලමාතැනී එහි කංකානම් තැනය .එදු තෙරේසා ද රෝගය හමුවේ පරාජිත යැ .


41.


වත් කිරණ නසා එන කළු සෙවනැල් ල

සිත් සියළු දෙන බල මුළු සුදුවිල් ල

සිත් සතන් තුටින් රඟදෙන තුරු ගොල් ල

මෙත් සිති නුඹල නමදිනු මැද වැල් ල


විස්තර ~ ගාලු පාරේ මැද එකල පිහිටියා වූ ස්මාරකයක්‍යැ .හිරිගල් ස්මාරකයක් වූ එහි කළු සෙවනැල්ල පාර මතයැ .සුසෙව් නම් මුණීතුමෙකුගේ ප්‍රතිමාවක් වූ එහි අතින් රැගෙන ඉන්නේ සුදු පැහැති මුද්දකි .එදවස සියල්ලන්ගේ වන්දනාවට ලක් වූ එය මැදවැල්ල නමිනැ .


42.


වන ගත කැලෑ වෙත සිත යොමුකර නුදුරා

වන ගැබ සේම අතුගොබ විහිදුණු අඳුරා

ගන ගත අතු අතර හිරුකිරණ ගති උදුරා

ගන ගැබ නුගරුකක් ඇත බිය ගෙන වපුරා


අරුත ~ නුදුරේම ඇත්තේ මහත් කැලෑවක් යැ වනයක් සේම අතුපතර විහිදී අඳුරු යැ .ගනව විහිදුණු අතු හිරු කිරණ උදුරා ගත්සේයැ .මෙහි හිමිකරුවා බියකරු නුග රුකකි . විස්තර ~ වවුල් නුග රුක් වරුණයැ .ගනව අතුපතර විහිදී ගිය කුඩා වූ වනයක් සේ යැ .ගාල්ල මාර්ගයේ එතෙර මෙතෙර වසා ඇත්තේයැ .වෘක්ෂය යට අඳුරු යැ .දහවලක වුවත් සැඳෑවක් සේයැ .


43.


ගුවන වසා මොර දෙන වවුලන්‍ ය නි සා

ගිමන මුරා යති වල්ලිය නොසිතු ලෙ සා

ගමන විඩා හල මෙහි අතු පතර ව සා

දකින සැමා හට මෙය වෙයි නිවන තොසා

අරුත ~ අහස පුරා පැතිරුනා වූ එම නුග රුකේ එල්ලී සිටින වවුලන්ගේ ගීත යැ . එකන් වැටුන අයගේ ගිමන නසාලන්නේයැ . එහි ශීතල නිවන සේයැ .ගනනෙන් විඩා වූ සියල්ලන්ට එය අම්බලමක් බඳුයැ . විස්තර ~ මෙනුගරුක සේ අතුපතර විහිදි තවත් රුකක් මිහිපිට නොමැති තරම්‍ යැ .ගසේ එක් කොටසක් ගාලු උස් අතු වසා වවුලන්‍ යැ .ඔවුන්ගේ නාදය එක්ව ගායනයක් සේයැ .


44.


සියොකුන් දහස් මාවවුලන්ගේ නා දේ

ගෙනදෙන් සිදස් කැරකොක් බයිලා නා දේ

ගල්පන් අසුන් මත සිටිනා මුර දෙවි ඳේ

මුල්පන් දසුන් දැකයුත්තා නුඹ සමි ඳේ


අරුත ~ සියදහස් ගණනක් වූ මාවවුල් නාදයයැ .එක්වූ සමයේ බයිලා වැවෙන්නාක් මෙනි . නුග වෘක්ෂ දෙවිඳුට කල ගල් අසුනේ ගල්ලැහැ පන් අතුරුවා ඇත්තේයැ .ඉබේ හට ගත්තවූ නාදය ආමෙන් යේසු සමිඳාට නිති පූජාවක් වේවා.


45.


වවුල් නාද තුරු හි සේ

කොවුල් නාද තුරු හි සේ

සැවුල් වේද ඇති තො සේ

වියැවුල් බේද නැත මෙ සේ

අරුත ~ පහසුයැ . විස්තර මේ වෘක්ෂ දේව මඩුල්ල තුල සියල්ලන් සමානයැ .වවුලා කොවුලා සැවුලා පොදුයැ .රුක් දෙවි තිස්තුන් කෝටියක් දෙවි පමණක් නොව අසල දේව මැදුරේ ආමෙන් යේසු සමිඳා මරිය දෙව් මවුනුත් වාසය කරයි .


46.


ගුවන් දෙවොල් රජ දේව ද්වාර ම ට

සමන් දේව රජ සිහි කරනා ලෙ ස

මෙවන් දේව අනුහස් පුර මේ ප ට

නුවන් දේව රජ නමදිම් මා මෙලෙ ස

අරුත ~ ආකාශයට විහිදී ගිය දෙවොල් දෙවිඳුගේ දවාරයැ .සමන් දේව අනුස්මරණයයැ. මහත් දේව අනුහස් ඇත්තාවූ මේ පුරයැ .නුවනට අධිපති දේව ආසිරි ලැබ ගත යුතුයැ . විස්තර ~ වෘක්ෂය අසල දේව වන්දනාව මෙසේය .


47.

ලදරු නුග බිජු ඔලුව දම ලා

මහරු වවුලට වතුල් පතු ලා

සොඳුරු නුග බෙන රුකේ වදු ලා

මියුරු බැතිගී කියති උදු ලා


අරුත ~ නුගරුකෙන් හැලී ගියා වූ කුඩා බීජ දලුලා ලියලන්නේ .මාතෘ වෘක්ෂයට බාදා පමුණුවන්නක් මෙනි .මහත් වූ මෙම වෘක්ෂයේ වනාන්තර පරයා ගියාවූ .සුන්දරත්වය බක්තිගීත ඉපදීමට පවා සමත්ව ඇත්තේයැ .


48.


කද බැඳ බෙනය මාගල්ලෙන් සේය පෙමා

මැද වැද පෙනය මානා දෙව් වෙන්න සමා

කඳ මැද සකිය මාගෙන ආඅස්න තමා

අද සොඳ මනය බන්දන මල් නැතිය සමා


අරුත ~ ප්‍රේමය ඇති කරන්නා වූ මහ ගල්ලෙන් සේවූ රුක් කඳ මැද බෙනයක් යැ .එහි මහා නාග රජුයැ .නමුත් නා දෙවියන් පුදදීමට මනබන්දන මල් නැත්තේයැ .මා සතු හසුනක් පමණක් යැ.එබැවින් නා රජ මාහට සමාවෙන්න .

විස්තර ~ වවුල් නුග රුකේ විශාල බෙනයකි .එහි වූ නාග රජට මල් ගොදුරු ආදිය පුද්දීම විරිතකි .


49.


සකි නුඹ ලඟට ලංවී එහි දෙවිඳු වැඳ

හැකි ලෙස යුතු කන්නලව්ව කලනු සොඳ

රුචි සේ මිනි මෙව්ල් මල් දඟ රැගෙන පුද

ඉටි දෙව් රුදෙව් ආසිරි රැක දෙන්න තෙද


අරුත ~ සකිය දේව මැදුර වෙත පැමිණ හොඳින් කන්නලව් කල යුත්තේයැ .හැකි තරම පූජා පවත්වා රුක් දෙවිඳුගෙන් ඉටු දෙවිවරුන්ගේ තේජස ආශිර්වාදය ලබාගත යුත්තේයැ . විස්තර ~ රෝබිය දුරු කිරීමට ආශිර්වාද අයදීමින් ඉටු දේව හා වෘක්ෂ දේව කන්නලව්වයි මේ .


50.


සිරිසර සුනුගලින් කල දෙමහල් මැදු ර

සිරිසිඳු දෙව්මවුන් පිල සඳලු මනහ ර

සිදුහත්සමිඳුගෙන් ගෙන නැමද අවස ර

සිරිපුර දෙව් මැදුර නමදිම් ඔබමිතු ර


අරුත ~ සුදුහුණු ගලින් කලා වූ දෙමහල් මැදුරකි . මනස්කාන්ත වූ දේවමාතාව සඳළු තලයේයැ .පලමු බුදු ආශිර්වාද ලබා අවසර යැදැ දේව මන්දිරයට ඇතුළු වන සේක්වැ .

විස්තර ~ කතෝලික දේව මන්දිර වරුණ .මඞ්දිරය දෙමහල්‍ ය . සොල්දර මහලකි . දේව මාතාව වැඩ වසන්නේ එහියැ .සඳළු තලයක්ව පැවතියා වූ සොල්දරයක්‍ යැ මංදිර බිත්ති සියල්ල සුදු හුණු ගල්‍ යැ .


51.


සුරඟන ඉඟින මිණිමුතු දෑ මෙන් දිලුණු

මනරන මිටින බොරදම් හැඩ දා සැදුණු

සියතුන වසන ආසන දෙවි මව් රැඳුණු

වඳිමින ජොමින පියරජ අප සිය රකිණු

අරුත ~ සුරඞ්ගනාවකගේ ඉනෙහි බැඳ ඇත්තාවූ වස්තු මෙන් දිලෙන දේව මවුනගේ පිලිරුවයැ .තුන්සිය වෂියකට ඉහත බොරදම් යොදාකලා වූ දේව මංදිරය තුල එය දිලේ .මංදිරාරක්ෂක ජොමින්ගෝ පියතුමනි රකිණු මැන අපැ . විස්තර ~ දේව මංදිරය කරවා ඇත්තේ තුන්සිය වෂියකට පෙරයැ මඞ්දිරය වටා බොරදම් කල කැටයම් යැ .අභ්‍යන්තරයේ මැණීක් ගලින් කලාවූ දේව මවුනගේ ප්‍රතිමාවකි. එදවස එහි ආරක්ෂක දේවගැති දොන් ජොමින්ගෝ නමිනැ .


51.


සුවිසල් පවුරු බැඳ සුදුහුණු ගා තුටු ව

මහගල් සොහොන් බැඳ වැජඹුණු මේකොටු ව

උඩුවැල් වියන් බැඳ සරසනු මා දුටු ව

කොඩිවැල් සියක් කැපවී නමඳිනු අටු ව


අරුත ~ දෙව් මැදුරු ප්‍රාකාර සුදු හුණු ගා කල විශාල ඒවායැ .බලකොටු සේ තැනුන සුවිශාල සොහොන් ස්මාරකයැ මඟුල් දිනට වියන් බැඳ සරසා ඇත්තේයැ .කොඩිවැල් සියයක් පුද්දී එහි අටුව නමදින්න . විස්තර ~ දේව මංදිරය වටා ඇති සොහොන් වත්ත පල්ලියැ සේමැ පරණයැ .පැරණි ගල් සොහොන් බොහෝයැ .පල්ලිය වත්ත වටා ප්‍රාකාරය බලකොටුවක් බඳුවියැ .එහි මඞ්ගල දිනට කොඩි වැල් ලෙලදෙන්නේයැ


52.


රෙපරමාදු පල්ලියෙ මනහර මැති න

පෙරෙකදෝරු පියැඳුන් වැඳ නිති රකි න

අද්වකාත් පියැඳුන් දැක මන හැදි න

කන්තෝරුවට ගොස් බලනෙව් මෙම හසු න

විස්තර ~ සංදේශ දූතිකාව අතැ යවන්නේ හසුනකි .හසුන දේවගැතිතුමා වෙතටයැ .පෙරකදෝරු හා අද්වකාත් පියැතුමෙකු වූ එතුමා පල්ලි කන්තෝරුවේ විසුවේයැ .





පවර පොතුපිටිය නමැ මේ ගම් තුලවැ තුවර පානදුර තොටුමුණැ පතලැ රංපන්හිඳ පට්ටියැ වාසල නම ප්‍රකටැ ටිකිරි රජැවුරු බණ්ඩාර නමැ වංසක්කාර පරවේණී කුමර කුමරියන් ජන්මැ ලැබැ ආදි ධම්සෙන් කුමර කුමරියගේ පටඞ් දොන් සප්ත පෙරුමාලැ සුසෙව්හේවගේ ප්‍රැන්සිස්කු පෙරේරා දකැ පවර පානාදුර තොටුමුණ නමැ නනදන උයනැ කිතුණු බොදුණු ආදී සියල් ආගමට ලැදි අයවලුන් පට බැඳි අගම්පොඩි රාළයැ යටත් රඞ්පන්හිඳ පට්ටිකාරවාසලැ අකල ස්වර්ගතස්ථ ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරුමලැ ප්‍රේරා විජයවිමලසේකර මුදලිමන්ත්‍රීශවරයාණන් සාමදානයේ සැතපීම සේමැ නිර්වාණයැ යැදමින .මහත් සාර ධානපතිනි මොලලිගොඩ විදානෙලාගේ රඞ්පන්හිඳ වලිමුණිගේ දෝන රශෙල් ජාසිඞ්හ ලමතැනී සිටං පට්ටිකාරවාසල දොන් දාවිත් ලියනමුදලිමන්ත්‍රීශතැන ධර්මසේන රාළලාගේ දෝන මාරියා ලමතැනී තැන පටං වස්කඩුබැද්දේ පොතුපිටියේ ප්‍රනානදුලා සුසෙව්ලා විදානේලා මුණිලා ආදී සියල් රක්ෂාව යැද

බුධ ධම්ම ඝනසඞ්ඝගුණැ ඉසටදේවා වෘක්ෂදේවා ගුණැ වාසුදේවා සකන්ධදේවා යටත් සීලු දේව ගුණැ මහත් ආමෙන් ජේසු සමිඳාගේ මරිය දෙව් මවුනගේ සුදවුන් සුසෙව්තුමගේ ආදී සියල් ගුණැ ආශිෂ් ලබා මෙදුරමිටු සමය අවසංවයැ

නිමි

"https://si.wikipedia.org/w/index.php?title=නාරි_සංදේශය&oldid=496815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි