පොතුපිටිය මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්
වාද්දුව ප්‍රදේශය පසුකර කළුතර දෙසට ගමන් කරන විට හමුවන පොතුපිටිය ග්‍රාමයේ සුවිශාල භූමියක් වසා පැතිර තිබෙන පාසලකි. අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා නිසාවෙන් ද මෙම පාසල බොහෝ ජනප්‍රිය තත්වයට පත්ව තිබේ.දක්ෂ වොලිබෝල් කණ්ඩායම්, පාසලට අනුබද්දව පවත්වාගෙන යන පියරෝ ක්‍රීඩා සමාජය මගින් පවත්වන වෙසක් කලාපය ආදිය පාසලේ ජනප්‍රියත්වයට තවත් රුකුල් වේ.   ප්‍රදේශයට  ආලෝකයක් වූ පොතුපිටිය මහා විද්‍යාලයේ ආරම්භය අදින් වසර දෙසීය පණහක් පමණ ඈතට දිවයයි.වසර 2015 වන විට බොදු පාසලක් වශයෙන් අරඹා වසර එකසිය තිහක් පමණ වේ.වර්ථනාමයේ ගුරු බවතුන් හැටක් පමණ සිප්සතර කියාදෙන සිසුන් දෙදහසක් පමණ ඉගෙනුම ලබන්නා වූ පාසලකි.

පාසලේ ආරම්භයේ කතාව[සංස්කරණය]

මෙම පාසල් භූමියේ ක්‍රීඩා පිටිය එකල රෙපරමාදු පල්ලියක් පැවති භූමියක් විය.ලන්දේසි සමයේ එම පල්ලිය මගින් කුඩාවට මෙහි පාසලක් අරඹා තිබේ . එය එතරම් ජනප්‍රිය වූවේ නැති අතර 1820 දී පමණ එම භූමියේ ඉංග්‍රීසි මිශ්‍රණාරි පාසලක් අරඹා තිබේ. එම පාසල හොඳින් පවත්වාගෙන ගිය අතර ගොගර්ලි නම් පාදිලිතුමාගේ සමයේ එහි දෙසියයක් පමණ සිසුන් ඉගෙනුම ලබාගෙන තිබේ.නමුදු 1860 වසර පමණ වන විට මෙම පල්ලි භූමිය සම්බන්දයෙන් ගැටලු කාරී වාතාවරනයක් ඇතිවී ඇති අතර ගම් වාසීන් බොහෝමයක් බුදු දහම වැළඳ ගැනීම නිසා අන්තවාදී තත්වයක් උද්ගත වී තිබිණ. කිතුණු නාමයකට වත් අකමැති වූ ඔවුහු පල්ලි භූමිය සුණු විසුණු කළේය. පල්ලියේ සුසාන ගලවා මුහුදේ දැමීමට පවා සාහසික විය . එනමුදු 1940 දශකය දක්වාම මෙම භූමියෙ සුසාන භූමිය පවත්වාගෙන ගොස් තිබේ.මිශ්‍රනාරි පාසල වැසූ පසුව ගමේ දරුවන්ට ඉගෙනුම ලබා ගත නොහැකි වීම නිසා සුසාන භූමියට පසෙකින් පොතුපිටියේ අරක්කු රේන්දහිමි අයෙකු වූ රේන්ද රාළ නම් තැනැත්තා විසින් 1885 වසරේ පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් කුඩා පාසලක් පෞද්ගලික වියදමින් ඉදිකරවා තිබේ. ඒ ගමේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහායි. රේන්ද රාළ ලෙස හැදින් වුවත් ඔහුගේ නාමය වූවේ ඇම්. පිනෙස් ප්‍රණාන්දුය.(පාසල් භූමියේ ඔහුගේ සමාධිය) තම පුද්ගලික දනය වියදම් කොට 1923 වසරේ තම මරණය දක්වාම පාසල පවත්වාගෙන යන ලදී.ගම් වාසීනගෙන් ද පාසල සඳහා ලැබුනේ සුවිශාල අනුග්‍රහයකි.එකල ගමේ ආරාච්චි දූරයේ තැම්පත් වූ දානපති සුසෙව්හේවගේ සීමන් ධර්මසේන වීරසිංහ නම් තැනැත්තා විසින් ද වසර හතලිහක් පමණ කාළයක් පාසල සඳහා දිවා ආහාරය ලබා දුන්නේය. ඇතැම් ධනවතුන් ගුරුවරුන් ට පඩි ගෙව්වේය. 1920 දශකය පමණ වන විට බ්‍රිතාන්‍ය රජයෙන් පාසල පවත්වාගෙන යාමට සහය දැක්වීම අරඹන ලද්දේය. රජයේ වැටුප් ලබන ගුරුවරුන් මෙහි සේවයට ලබාදුන්නේය. ප්‍රකට ගත් කතුවරුන් වූ ඩ්බ්ලිව් ඒ එෆ් ධර්මවර්ධන, රැයිපියෙල් තෙන්නකෝන් ආදීන් එසේ පාසල සහ සම්බන්ද වූවන් විය. රැයිපියෙල් තෙන්නකෝන් මහතා වවුලුව නම් කාව්‍යයෙන් සාකඡ්‍චා කරන්නේද පාසල අසල සුසාන භූමියේ පැවති නුග ගසක් පිළිබඳවයි. 1950 දශකයේ දී රජයට මෙම පාසල් භූමිය පවරා ගන්නා ලදී. අභිනව නිදහස් ලංකා ආණ්ඩුව විසින් පාසල විශාල කරවීම අරඹන ලද්දේ 1952 වසරේදී පමණය. පල්ලියේ පැවති සුසාන භූමිය පවරාගෙන එහි ක්‍රීඩාපිටියක් තැනවූවේය. පාසල විශාල කරවීම සඳහා දානයට ලැදි වූ ගම් වැසියන් තම ඉඩම් රජයට පරිත්‍යාග කළෝය. ඒ අතර මිගෙල් හේවාගේ ලවනේරිස් ප්‍රණාන්දු නම් තැනැත්තා විසින් තමා අභිනවයෙන් තනන ලද නිවස පවා පරිත්‍යාග කර තිබේ.(1985 වසරේ දිණමිණ පුවත්පතේ පලවූ ලිපියකින් උපුටා ගන්නා ලදී)

පොතුපිටියේ මහා විද්‍යාලය එදා මෙදා තුර ප්‍රදේශයේ දරුවන්ගේ සිප්සතර මෙන්ම ක්‍රීඩාද හදාරන්නට සෙවන වෙමින් අභිමානයෙන් වැජඹෙන්නේ ය.