තැලීනා ප්‍රැන්සින් ධම්සේන වීරසිංහ
සුසෙව් හේවාගේ තැලීනා ප්‍රැන්සින් ධර්මසේන වීරසිංහ හෙවත් ප්‍රැන්සින් ධර්මසේන යනු කාව්‍යකරණයේ මෙන්ම ගද්‍යකරණයේද පරතෙරට උගත්තෙකි. හිටිවන කවි සඳහා මහත් හැකියවක් පෙන්වූ ඇයට භාෂා සතරක් මනාව හැසිරවිය හැකි විය.
ප්‍රැන්සින් ධර්මසේන | |
---|---|
උපත | සුසෙව්හේවගේ තැලීනා ප්‍රැන්සින් ධර්මසේන වීරසිංහ 1895 |
මියගිය දිනය | 1930 (වයස 35) |
සතපවන ලද තැන | කුඩා වස්කඩුව සුසාන භූමිය |
රැකියාව | ගත්කරු |
සක්‍රීය වසර | 1912 - 1930 |
කලත්‍රයා(යන්) | පබිලිස් විජේසෝම |
මුල් දිවිය
[සංස්කරණය]ප්‍රන්සින් 1895 වර්ශයේ දී එවකට පානදුර තොටුමුණ නම් වූ පළාතේ වාද්දුවස්කඩු බද්දේ පොතුපිටිය වලව්වේදී උපත ලැබුවේ පවුලේ දෙවනිය වශයෙනි. ඇයගේ පියා වූවේ පොතුපිටියේ මුදියන්සේ යනුවෙන් හඳුන්වනු ලැබුවා වූ විදානේ ආරච්චි තානාන්තරයක රාජකාරි කළා වූත් ඉංග්‍රිසි ආණ්ඩුවෙන් වීරසිංහ ආදී ගරු නම්බුනාම ලබා ගත්තා වූ සුසෙව්හේවාගේ සීමන් ධර්මසේන වීරසිංහය. මව වූවේ මොල්ලිගොඩ මහගෙදර සුසෙව්හේවගේ දෝන එංගල්තිනා ලමාතැනීය.කුඩා ප්‍රැන්සින්ව සාහිත්‍යය සහ කලාවට ලැබුවා වූ දක්ශතාව නිසවෙන්ම පියා විසින් වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි වෙතට යොමුකරවනු ලැබින.එහිදී පාලි සහ සංස්කෘත බස පරතෙරට උගත්තේය. ඉන්ග්‍රිසි සහ ලතින් බස හැසිරවීමේ භාග්‍යය ලැබුනේ මිලාගිරියේ සෙන් පෝල්ස් විද්‍යලයේ පස් වසරක් ලැබුවා වූ ඉගැනීම නිසාවෙනි. සොලොස්විය ඉක්මවන සමයේ දී වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි ගේ මෙහෙයවීම මත ක්ලේශ ඛණ්ඩනය වී ගොස් පැවති නාරි සංදේශය අරුත් විවරණ සපයමින් මුද්‍රණය කරවනු ලැබුවේය. තම පියා විසින් සිදුකරවනු ලැබුවා වූ ධර්ම දාන ව්‍යාපාරය යටතේ පාලනය වූ වුල්වන්ඩාල් වීදියේ සත්‍යාර්ථ මුද්‍රණාලයේ කතෲ ධූරය ලබාගෙන නව ධර්ම පුස්ථකයන්ද සම්පාදනය කරවන ලදී. ඇය විසින් රචනා කරන ලද්දා වූ කවි පද අතර රදා ශෝක මාලය, දෝන මාරියා ලමාතැනී කළ පිංකම් හෑල්ල, වස්කඩු බද්දේ කතෝලික සංහාරය, තනපුඩු වියරුව, පස්වසින් මා හැරගිය මව ආදිය ප්‍රමුඛ වේ.
රදා ශෝක මාලය ගද්‍යය
[සංස්කරණය]බඩ පොත්තට ඇලී ගිය තම සොයුරියගේ දරුවන් අහරක් සොයා ගන්නට තුට්ටුවක් වෙනුවෙන් දොරට බැස්සෙමි මහ රැහේ ගෙයක් ගෙයක් පාසා කිලිටි එකතුකර වෙන් වෙන් මලුවල බහා ගනී අතින් කටින් එල්ලාගත් මම ඇදුනේ ලිඳ දෙසටය. අපුල්ලන්න ගිය කල මව ලැබූ ත්‍යාගය මම වාසගමක් දෙන්නට කෙනෙක් නැත, පූර්ණිමාවක් වුව ලොවට පෙනෙනා ත රක්ෂා කළ නොහැක තුට්ටු දෙකක බත් නැබිලියක් වෙනුවෙන් ලබන වෙහෙසක් බක්කියක කිංකිණි කන වැටුණු විගස බැස යුත්තෙ අගලටය ලිං දියෙන් කිලිටි ඉවතලන්නා සේ මාගේ දුර්මිටු සමය අවසන්ව යාදෝ සිත යදින්නේ ඉහල රැහැක අවසන් සංස්කාරයක් තුට්ටු පඩුරු පතා මුතුකුඩ ලෑමක් දණ තෙක් සුදු රෙදිකඩ හැද තලප්පාව මසතෙයි වෙනදා පාපහර ගසනා ඔවුන් අද රුවන්පුර පමිණෙන්න යැයි දොඩති මා වියපත් මවගේ යැදුම කිළි ගෙයක් හිර ගෙයක් හකුලන සුදු රෙදි කඩක රුදිර බිඳුවක් නිසැක දෙවියෝ වෙසෙති අදෝනාවට කෙදිනක හෝ පිළිතුරු ලබයි අද හෙතෙම රාජකුල ස්වාමි දරුවකි කොළබ කොටුවේ පසින්දෙකි ඉහල රැහැට අභියෝග කරන්නෙකි උසස් පතිණියකි ජාතිය නුවනට දෙවනි වූ බව පෙන්වන ඔහු සත්‍ය මහත්මයෙකි.
මියයාම
[සංස්කරණය]විසිවන වියේදී විවාහා ප්‍රාප්ත වී කුසුමාවතී , චන්ද්‍රාවතී , ජගලස් නමින් දරුවන් තිදෙනෙකු ලැබීය.තිස් පස් වසරක් ආයුශ වින්දනය කළා වූ ඇය සතර වන දරුවා ප්‍රසූතියේ දී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් 1930 දී තමා උපන් නිවසේදීම අභාවප්‍රාප්ත විය.