පොතුපිටිය පූජාරාමය
වාද්දුව ප්‍රදේශයේ පොතුපිටිය නැමති ග්‍රාමයේ පිහිටි ප්‍රකට විහාරයක් වන්නේ පොතුපිටියේ පූජාරාමයයි. මෙම විහාරය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ සාර්ලිස් මාස්ටර් නම් මහා චිත්‍ර ශිල්පියා විසින් සිතුවම් කරවන ලද්දා වූ විහාර මන්දීරය නිසාත් දහනවවන සියවසේ රචනා වූ නාරි සංදේශය නිසාවෙනුත් ය. පානදුර සහ කළුතර අතර ගාලු මාර්ගයේ නවසිය පණහ දශකය දක්වාම පන්සලක් පැවතියේ නම් ඒ පොතුපිටියේය. අතීත රදළ වරුන්ගේ අභිමානය යැයි කිවහොත් එය නිවැරදිය. කිමද ලන්දේසීන් විසින් බුදු දහම කෙලසන කළක විහාරයක් සෑදීමට තරම් නිර්භය වූවන් ජාත වූ භූමියක් බැවින.
ජනප්‍රවාදය
[සංස්කරණය]මෙම ස්ථානයේ විහාරයක් ඉදිවූවේ ක්‍රිස්තු වර්ශයෙන් 1798 ක්වූ ජනවාරි අටවෙනිදා බව විහාර වංශයේ සඳහන් වේ. ඊට පෙර මෙහි කුඩා නුග ගසක් බුදුකුටියක් සහ අම්බලමක් තිබී ඇත්තේය. ජනප්‍රවාදයේ සඳහන් ලෙසට බෙන්තොට ගලපාත නම් විහාරය වන්දනාවට පැමිණියා වූ පැරකුම් රජතුමා අතර මඟ දී සර්පයෙකු ගේ දෂ්ඨනයකට ලක්වී කැලණි ගංගා මිටියාවතේ සිට මේ දක්වා දුරක් පැමිණ ඇත්තේ සර්ප විශ නාශක රුක් අත්තන ශාකයක පොත්තක් සොයා ගැනීම සඳහාය. මෙම පළාතේ එකල රුක් අත්තන වැඩුණු සරුසාර වතු පැවති බැවින් රුක් අත්තන පොතු පිටිය නමින් මෙම ග්‍රාමය පොතුපිටිය වූ බව සඳහන් වේ. සතුටට පත් වූ රජු පූජාරාමය පවතින භූමියේ කුඩාවට බුදුගෙයක් තනවා එය සන්නාසියෙකුට පුදා ඇත්තේය.පසු කාලයේ එම තැන ප්‍රකට වූවේ හින්නවැල්ල දේවාලය රයිගම යකුන්දූවේ විසූ හිටිරාළ නම් ප්‍රධානියාගේ සොයුරියක වූ කඩුකෝන් බිසෝ බණ්ඩාර කුමරිය මෙම ස්ථානයේදී භික්ශුනී දිවියට පත් වූ බැවින් පොතුපිටිය පූජාරාමය යන නාමය භාවිත කිරීමට පෙර කඩුකෝන් පොතුපිටි රජමහා විහාරය යන නාමයත් භාවිතා කර ඇත. ප්‍රතිගාල් සමයේ මෙම භූමියට පසෙකින් දොමින්ගෝ නම් දේවස්ථානය සැදූ පසුව බොදු මතකය සම්පූර්ණයෙන්ම වියැකීයන්නට ඇත්තේය. ග්‍රාමයේ පවා බොදු දහම අදහන ලද්දාවූ කිසිම අයෙකු ප්‍රතිගාල් හෝ ලන්දේසි සමයේ සොයාගත නොහැකිවිය.තුඩුගල මුඩිත්ත තෙන්නකෝන් නම් රජ පරපුරට සම්බන්ද වූ තුඩුගලගේ දෝන ලුසියා පෙරුමාල් කුමරිය සීතාවක රජවාසලට සම්බන්ද වූ අයෙකුගෙන් පැවතෙන්නෙකු ලෙස සලකන වස්කඩුවේ යකුන්දූවේ හිටිරාළලාගේ දොන් ගිමාර පෙරේරා ධර්මසේන නම් මුදියන්සේ සමඟ විවාහා වී පූජාරාම භූමියට පසෙකින් පැවති දොමින්ගෝ නම් රෝමානුකතෝලික දෙව්මැදුර පෙනෙනා මානයේ පදිංචි වී තිබේ. ලුසියා කුමරිය එතෙක් බුදු දහම ඇදහූවෙකු වූ අතරම මෙම භූමියේ පැවති ඉපැරණි නුග ගස අසල නව බුදුමැදුරක් සාදා වන්දනාමාන කරවීම අරඹා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඇය විසින් බුදු දහමට සම්බන්ද කිසිවෙකුත් නොවූ මෙම පලාතට බුදු දහම සමීප කරවීමට සිතා මෙහි කුඩා අම්බලමක්(ධර්ම සාකච්ඡා මණ්ඩපයක්) තනා තිබෙයි.ග්‍රාම වාසීන් මෙම භූමිය තම සංවිධාන කටයුතු සඳහා භාවිතා කළා වූ පොදු භූමියක් වූවේ අනතුරුවයි. බොහෝ විට දහඅටවන සියවස් කාළයේදී මෙහි පැවති අම්බලමේ ගම් සභාව පවත්වන ලදී.
විහාරය ඉදි වීමේ කතාව
[සංස්කරණය]මොල්ලිගොඩ ප්‍රදේශයේ විසුවා වූ ලන්දේසි ආණ්ඩුවට අතපත්තු ආරච්චි කෙනෙකු වශයෙන් සේවය කළා වූ සුසෙව්හේවාගේ පිලිප්ස් කොරනේලිස් අප්පුහාමි නම් අයෙකු උඩරටට ලංදේසි සේනාවක් බාරව ගොස් ඇති අතර සිංහල සේනාවට පැරදී සියම් නිකායික විහාරයක ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටී.බොහෝ කළක් එසේ ජීවත් වූ ඔහු මල්වතු නිකාය යටතේ පැවිදි දිවියට යොමුවූවත් කුලය සලකා උපසපුව ලබා දුන් බැවින් ඔහුට උපසපුව ලබා ගත හැකි නොවීය.උපසපුව නොලැබෙන බව දැනගත් ඔහු ගණින්නාන්සේ වෙසින්ම පිටව ගියේය. නැවත ඔහු තම ග්‍රාමයට පැමිණි කළ වාද්දුව මොල්ලිගොඩ මාවල ගම් කරවූ තෝම්බු ආරච්චි වූ මැට්ටියගේ දොන් කොන්ස්තන්තිනෝ ආරච්චි(මැස්ටියගේ මහ විදානේ) විසින් බොදු භික්ෂුවකට ඉඩ දීම ලන්දේසි ආණ්ඩුවට සිදුකරනා අකටයුත්තක් යැයි සිතා පදිංචි වීමට ඉඩ නොදෙන ලදී. අනතුරුව ඔහු පොතුපිටියට පැමිණ රිචඩ් ධර්මසේන ගම්ප්‍රධානියා ගෙන් අවසර ගෙන වත්මන් පොතුපිටියේ වාලුකාරාමයට පසෙක පිහිටි කිලිමන්ටුවාගේ සුසාන භූමිය නම් ස්ථානයේ පදිංචි වී තිබේ. එම ස්වාමීන් වහන්සේ අනතුරුව ප්‍රකටවන ලද්දේ නන්දසිරි ගණින්නාන්සේ නමින. පානදුර තොටුමුණ පලාත පුරා මෙම බොදු හිමිනමකගේ ආගමනය ආරංචි වී බොහෝ දෙනා ආධාර ලබා දෙන ලදී. එම ආධාර වලින් මීගමුවගේ කිරිනේලිස් ප්‍රනාන්දු නම් ඉඩම් හිමියාගේ උපකාරයෙන් කුඩාවට වැලිඅරම නමින් 1760දී පමණ අරඹන ලද විහාරය පසුව වාළුකාරාමාය ලෙසින් ජනප්‍රිය විය.කුලය සලකා පැවිද්ද ලබා නොදුන් බැවින් ගොවිගම කරාව සලාගම බොහෝ පිරිසක් පැවිද්ද ලබා ගත්තේය. 1780වසර වන විට ගණින්නාන්සේ යටතේ අන්තේවාසික භික්ෂුන් ගණන පන්සියය ඉක්මවා තිබිණ. ලංදේසි ඉංග්‍රීසි යුද ඇතිවූ සමය වන විට ආගමික නිදහස යළි ඇතිවිය. පොතුපිටියේ විසූ යකුන්දූවේ හිටිරාළලාගේ දොන් රිචඩ් පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර ප්‍රධානියා තම වැඩිමහලු පුතුන් දහතුන් දෙනෙකු නන්දසිරි ගනින්නාන්සේ සමීපයේ පැවිදි කරවන ලද්දේ ක්‍රි.ව. 1790දී පමණය. නන්දසිරි ගගණින්නාන්සේ සමීපයේ අකුරු කළ වාද්දුවේ ධම්මානන්ද හිමි 1807වසරේ දී පමණ මහනුවරට වැඩම කර මල්වතු පාර්ශවයේ විහාරයේ නැවත පැවිද්ද ලබා උපසපුව ලබාගනී. උපසපුව ලබා තම ග්‍රාමය වූ මොල්ලිගොඩ ට පැමිණ තිත්තවල නම් ස්ථානයේ කුඩාවට විහාරයක් අරඹන ලදී.මල්වතු පාර්ශවයේ උපසපුව ලබා ගත හැකි නන්දසිරි ගණින්නාන්සේ සමීපයේ පැවිද්ද ලද ගොවිගම කුලයේ බොහෝ දෙනෙකු නැවත ධම්මානන්ද හිමියටතේ පැවිද්ද ලබා උපසපුව ලබා ගත්තේය.පොතුපිටිය වාලුකාරාමය තුල බොහෝ ස්වාමීන් වහන්සේලා පිරිසකට විසීමට ඉඩකඩ සීමා විය. ගම් වැසියන්ගේත් ධර්මසේන මුදලිතුමාගේත් මුල් වීමෙන් පූජාරාමය තනවන්නේ ඉන් අනතුරුවයි.පැවතියා වූ දඹදෙණි රජ සමයට අයත් වූ බුදුකුටි සියල්ල විනාශ කරදමා නව විහාරය සකසන ලදී. පළමුව තනවන ලද්දේ ස්වාමීන්වහන්සේලා හට විසීම සඳහා ආවාසගෙයක් සහ කුඩා ධර්ම ශාලාවකි . ශත වර්ෂ 1801 දී පැවිදිව සිටි ධර්මසේන ස්වාමීන් වහන්සේලා මෙම භූමියට සැපත් විය. ඒ අතරින් නායක ස්වාමීන් වහන්සේ වූවේ වැඩිමහලුම ස්වාමීන් වූ පොතුපිටියේ සීලරතන ධර්මරාජාභිදාන හිමියෝය. එතුමා රෙපරමාදු ආගමේ පවා පරතෙරට උගත් අයෙක් විය. නාරි සංදේශය නම් මහා කාව්‍යය සඳහා පණපොවන්නේ එතුමන් ය. කිසිකලක උපසපුව නොලද උන්වහන්සේ සාහිත්‍ය භාශාව කලාව වෙත ඉමහත් නැඹුරුවක් දැක්වූ අතරම මල්වතු පාර්ශවයේ වාද්දුව සංඝ පරපුර අයත් භික්ෂූන් සාහිත්‍ය අධ්‍යයනයට යොමුවූවේ මුන්වහන්සේ වෙතටය. එසේම අමරපුර නිකායික වස්කඩු පාර්ශවයේ බොහෝ භික්ෂූන් වෙතද ගුරුහරුකම් පෑවේය.
හින්නවැල්ල දේවාලය
[සංස්කරණය]වැඩිදුර තොරතුරු
[සංස්කරණය]නාරි සඳැස
[සංස්කරණය]විහාරයේ වංශකතාව කිවහොත් නිවැරදිය. ලංකාවේ සාහිත්‍ය වංශයේ හැරවුම් ලක්ෂයක් වූවේ මෙම සංදේශයයි. ක්‍රිස්තු වර්ශයෙන් 1820 වසරේ දී පමණ පොතුපිටියේ ධර්මරාජ හිමි විසින් රචනා කරවන ලදී. මෙම කාව්‍යයේ සුවිශේශ තාව වන්නේ බුදු දහම සහ රෙපරමාදු දහම අතර සමීපතාවක් ගොඩනගා තිබෙන බැවින
සංඝ පරපුර
[සංස්කරණය]පූජාරාමය නව විහාරය 1798 වසරේ අරඹනු ලදුව එහි මුල්ම විහාරාධිපතිත්වය ලබාගත් පොතුපිටියේ
ධර්මරාජ හිමි උපසපුව ලබා නොගත්තේ තම ගුරු භික්ෂූන් වූ නන්දසිරි ගණින්නාන්සේ වෙත සලාගම කුලයේ හින්න උපකුලය සලකා සියම් නිකායික මල්වතු පාර්ශවයේ උපසපුව ලබා නොදීමට විරෝධය පළ කිරීම වෙනුවෙනි. ධර්මසේන අනෙක් භික්ෂූන් දොලොස් වහන්සේ නම නැවත වරක් මල්වතු නිකායේ පැවිද්ද ලබා තිත්තවල විහාරයේ වාද්දුවේ ධම්මානන්ද හිමි නොහොත් නන්දසිරි ගණින්නාන්සේ ගේ ප්‍රභලම අන්තේවාසික භික්ෂුව සමීපයේ 1810 වසරේදී පමණ උපසපුව ලබාගනී(වාද්දුවේ සංඝ පරපුර). නන්දසිරි ගණින්නාන්සේ යටතේ පැවිදිව සිට ධම්මානන්ද හිමියන්ගෙගෙන් උපසපුව ලද්දා වූ වස්කඩුවේ ධම්මජෝති හිමියෝ පස් වසරක් පූජාරාමයේ වෙසෙමින් අගනා ධර්ම ශාසනික සේවාවක් සිදු කළේය. අනතුරුව අභිනවයෙන් ඉදිවූ තල්පිටිය දළධාවත්ත විහාරයේ වැඩවාසය කරමින් එම ප්‍රදේශයේ බොදු පුනර්ජීවනය ට අතහිත ලබා දුන්නේය. ධර්මරාජ ස්වාමීන් වහන්සේට පසුව මහනායක දූරයට පත් වූ ධම්මසේන හිමියෝ රාජාගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති හිමිට පවා පාලි බස කීමට ගුරුහරුකම් පෑ අයෙකි. අනතුරුව විහාරාධිපති දූරයට පත් වූවේ පොතුපිටියේ පදුමානන්ද ස්වාමීන් වහන්සේය. පදුමනන්ද ස්වාමීන් වහන්සේ විසූ සමයේ දී දෝන මාරියා ධර්මසේන ළමාතැනී විසින් ගොවිගම සහ සලාගම යන කුලවලට පමණක් සීමා වූ උපසපුව සලාගම කුලයේ හින්න උප කුලය වෙත ලබා දීම සිදු කළේය.කොරොස්දූව ගඟේ සීමාමාලකයේදී එම කර්මය සිදුවිය. පොතුපිටියේ පදුමානන්ද හිමියන් යටතේ මල්වතු උපසපුව සහ අමරපුර සමාගම යටතේ ලබාදුන්නා වූ උපසපුව මුසු වීමෙන් මෙම නව නිකායික සමාජය අරඹන ලදී. එම නිකායික මූලස්ථානය වූවේ කොරොස්දූවේ ගඟේ සීමාමාලයකයයි.පසුව පොතුපිටියේ වාලුකාරාමයේ විසූ කොරොස්දූවේ ගුණානන්ද හිමියන් පළමුව උපසපුව ලබා ගත් අතරම අමරපුර මල්වතු ශ්‍රී සද්ධර්ම යුක්තික නිකාය වශයෙන් එය නම් තබන ලද්දේය. පොතුපිටිය කොළබද වෙලේ පන්සල එම නිකායේ මුදුන් මල්කඩ බවට පත් විය.මෙම නිකායේ පැවිදිව උපසපුව ලබාගත් මාතර ධම්මානන්ද හිමියෝත්, මාතර ධර්මාරාම හිමියෝත් වැල්ලබඩ ඥානානන්ද හිමියෝත් පූජාරාම විහාරයේ අධිපතිත්වය දැරූවත් නිසැක වර්ශයන් සඳහන්ව නැති නමුත් ශ්‍රී බු.ව. 2411 වසරේ කළුතර උතුර දේශාස්ත්‍ර ග්‍රාමයේ අශෝකාරාමය ඉදිකළ කටුකුරුන්දේ ධානපති සුසෙව්හේවාගේ සල්මන් ප්‍රනාන්දු රේන්ද මහතාගේ බෑනා වූ එතනමඩලේ වැල් අරුමගේ එළියස් ප්‍රනාන්දු රේන්ද මහතා එහි තැබූ ගල් පුවරුවක සඳහන් වන්නේ අශෝකාරාම විහාරය මාතර ධර්මාරාම හිමියන් ඉදිරියේ සඟ සතු කොට පූජා කල බවයි."ශ්‍රී බුද්ධ වර්ශ 2411 දී මෙම දේශාස්ත්‍ර කළුතර වැල් අරුමගේ එළියස් ප්‍රනාන්දු ධනපති උපාසකතුමා මෙම අශෝකාරාමය මාතර ශ්‍රී ධර්මාරාම ස්වාමිපාදයන් ප්‍රමුක සංඝ මධ්‍යයෙහි සඟසතු කොට පූජාකරන ලදී. මෙහි පාලනය සංඝයාවහන්සේ විසින් අළුත්ගම සංඝරතන මහා ස්ථවිර පාදයන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට බාරදෙන ලදී" ඒ අනුව වර්ශ 1860-1880 අතර සමයේ ධර්මාරාම හිමියන් පූජාරාම විහාරයේ විහාරාධිපතිව වෙසෙන්නට ඇති බව මතයයි. විසි වන සියවසේ මුල් දශකය වන විට පොතුපිටියේ සීලරතාභිධාන ස්වාමීන් වහන්සේ පූජාරාමයේ විහාරාධිපති ධූරයට පත් විය. කොළඹ යුගය ඒකාලෝක කළ සාර්ලිස් මාස්ටරසහ ඔහුගේ මූර්ති කිරීමේ දක්ෂතම ගෝලයා වූ සෝදිරිස් ් විසින් විහාර මන්දිරයේ චිත්‍ර සඳහා අත් පොත් තබන ලද්දේ මෙකළ . මෙතුමන්ගේ ගෝල නමක වූ පොතුපිටියේ ධම්මසිරි පිලානන්ද සහ ධම්මතිලක හිමිවරුන් විසින් මෙසමයේම පොතුපිටියේ ධම්මතිලකාරාමය(වඩ්ඩාරාමය) සාදාගෙන එහි පදිංචි විය. සීලරතන හිමියන් ක්‍රි.ව.1932 වසරේ දී අපවත් වූ පසුව පොතුපිටියේ සුධීරානන්දාභිදාන හිමියෝ දාගැබක් සඳහා අත්පොත් තබමින් විහාරය නගා සිටුවාලීම සඳහා මහත් පරිශ්‍රමයක් දරණ ලද්දේය. විහාරයේ ධර්මරාජ අවධියෙන් පසුව ස්වර්ණමය යුගයක් වූවේ බද්දේගම සුමන හිමියෝ මෙහි විහාරාධිපතිව විසූ සමයයි.
විහාර මන්දිරය
[සංස්කරණය]පානදුර තොටුමුණ පළාතේ පවතින සුවිශාල ඉපැවණිම විහාර මන්දිරය කිවහොත් නිවැරදිය. වර්ශඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් පරිදි මෙම විහාර මන්දිරය ඉදිකරවීම අරඹා තිබෙන්නේ 1810 වසරේ දීය. කුඩාවට ඉදිකළ මන්ධිරයේ රයිගම් කළාවට අයත් සිතුවම් අඳින ලදී. නමුදු එම කුඩා විහාර මන්දිරය දායක දායිකාවන් දුකට පත් කරවීය. එබැවින් මන්දිරය සුවිශාල කරවීම 1824 වසරේ දී අරඹන ලදී. ඒ සඳහා මුල් වන ලද්දේ වළිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ ළමාතැනීය. ඇයගේ ජීවන කාලය තුල මෙහි කටයුතු අවසන් කරවාගත නොහැකි වූ අතර 1839 වසරේ යකුන්දූවේ හිටිරාළලාගේ දෝන මාරියා පෙරේරා ළමාතැනී විසින් ගල් උලුවහු බැඳ රියන් දොලහක් උස් වූ විහාර මැදුර සාදවා නිම කරවන ලදී. විහාරයේ පළමු විහාරදිපති ස්වාමීන් වහන්සේගේ නාමයෙන් විහාර මන්දිරය ධර්මරාජ ප්‍රතිමාලය වශයෙන් නම් කරවන ලද්දේ 1840 දීය. මෙම විහාර මන්දිරයේ ගෲහනිර්මාණ ශිල්පියා වශයෙන් ක්‍රියා කර ඇත්තේ සුසෙව්හේවාගේ ආලිනේරිස් ප්‍රනාන්දු නොහොත් ආලිවඩුරාළ නැමැත්තෙකි. ඔහුව ඇතමුන් කටුවන්ගොඩ ගණිතයා ලෙසින් ද හඳුන්වා තිබේ. මෙලෙස සුවිශාලව ඉදි වූවත් මන්දිරයේ කුඩා කොටසක හැර අනෙක් කිසිඳු බිත්තියක සිතුවම් නොවීය. 1894 වසරේ පමණ ආරම්භ කරවන ලද පොතුපිටිය බොදු නෙත් මහා සමිතිය මගින් මන්දිරයේ තවත් සුවිශාල කරමින් චිත්‍ර නිර්මාණය අරඹා තිබේ.පිටත ඉස්තෝප්පුව එක් කරමින් සුවිශාල කලේය. ඒ සඳහා බොහෝ අනුග්‍රහය සලසන ලද්දේ එම සමිතියේ නිර්මාතෲ වූ පොතුපිටියේ පොලිස් විදානේ ආරච්චි වූත් සුසෙව්හේවාගේ සීමන් ධර්මසේන වීරසිංහ මැතිතුමා විසින. ක්‍රිස්තු වර්ශ 1913 (ශ.ව.1835) සාර්ලිස් ශිල්පියා විසින් විහාර මන්දිරය සිතුවම් කරවීම අරඹන ලද්දේය. වසර පහලවකට ආසන්න සමයක් ගතකොට චිත්‍ර අවසාන කරවා නේත්‍රා තබා ඇත්තේ 1926 වසරේ දීය. විහාර මන්දිරයට ඇතුලු වූ වම් පස බිත්තියේ සාර්ලිස් ශිල්පියා විසින් තබන ලද්ද වූ අත්සන දැක ගත හැක.
මුහුණු තුනේ බරාඳය
[සංස්කරණය]දොරටු තුනක් සහිතව ඉදිවූ පෝටිකෝ වර්ගයට අයත් නිර්මාණයක් වන මෙය හඳුන්වන්නේ මුහුණු තුනේ බරාඳය ලෙසින. පූජාරාම විහාරය මන්දිරයේ ඇතුලුවන ස්ථානය වන මෙය කාණු පරාල තුනක් මුදුන් පරාලතුනක් එකට සම්බන්ධ කරමින් ඉදිකළ සුවිශේෂී නිර්මාණයකි. අතීතයේ පැවති කුඩා පෝටිකෝව විනාශ කරවා අභිනවයෙන් ඉදිකළ මෙම සුවිශේෂී නිර්මාණය සාදවා අවසන් වී ඇත්තේ ක්‍රි.ව.1913ක් වූ පෙබරවාරි මාසයේයි.
ඉපැරණි ධර්මශාලාව
[සංස්කරණය]පූජාරාමයේ ඉපැරණි ධර්ම ශාලාව ඉදිකරවා තිබෙන්නේ ශත වර්ෂ 1798 වසරේ දී පමණය.ඒ විහාරයේ ඉදිවූ පැරණිම ගොඩනැගිල්ල ලෙසින. වර්ථමානයේ එම ගොඩනැගිල්ල ඒ ආකාරයෙන්ම දක්නට නැත. බු.ව.2430 වසරේ නව සීමා පිහිටවා වැඩ අරඹා බු.ව. 2445 වසරේ දී වැඩ අවසන් කරවා බු.ව. 2447 එනම් 1903 වසරේ දී ගෙවැදුණු එකළ පානදුරේ තොටුමුණ පළාතේ සුවිශාලම ධර්ම මන්දිරයයි.මෙම මහා මන්දිරය ඉදි කරවීමට මුල් වූවේ පොතුපිටියේ දිවංගතවූ යකුන්දූවේ හිටිරාළලාගේ දෝන ගචෝ ඉසබෙලා පෙරේරා ධර්මසේන ළමාතැනී සහ දිවංගත පොතුපිටියේ රේන්ද සහ ස්කාගාර හිමි ව්‍යාපාරිකයෙකු වූ ඇම්. පිනෙස් ප්‍රණාන්දු මැතිතුමාය.මන්දිරය කරවීම වෙනුවෙන් පිනෙස් මැතිනිදු විසින් රුපියල් පන් දහසක් පමණ වටිනා දැව පරිත්‍යාග කරවන ලද්දේය.විශේශයෙන් එම දැව යොදාගන්නා ලද්දේ සුවිසල් සොල්දරය සැකසීම සඳහාය. ඒ විහාරයේ පවතින ධර්මරාජ හිමියන්ට උපතින්ම උරුම වූ නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරවීමට විය.(1967 වසරේ දී අභිනවයෙන් ඉදි වෙමින් පැවති පූජාරාම දාගැබේ දේවතා කොටුවේ තැම්පත් කරන ලදී.) සුධීරානන්ද නායකා හිමියන්ගේ විහාරාදිපති ධූර කාළයේ දී ඩඩ්ලි සේනානායක මැතිනිඳු විසින් මෙම ධාතූ මන්දිරය දැක බලා සතුටුව තවත් ධාතුන් වහන්සේලා දෙනමක් පරිත්‍යාග කරවන ලදී.වර්ථමානයේ පූජාරාම විහාරයේ ප්‍රදර්ශනය කරනුයේ එම ධාතූන් වහන්සේලා දෙනමය.
දෑපිට මඩුව
[සංස්කරණය]පූජාරාම විහාරයේ ධර්මශාලාවේ දැව ඉහල මාලයේ සකසා තිබෙන සුවිශේෂී වාස්තු කලා ගාරය දැවපිට මඩුව හෙවත් දෑපිට ගේ ලෙස හඳුන්වයි. දැව සොල්දරයක් මත තුනී කොස් සහ බුරුම තේක්ක ලී භාවිත කර සකසා ඇති එම කුටිය විසිතුරු වීදුරු කණ්නඩි භාවිතයෙන් සරසා තිබේ. අතීතයේ දී සෑම මසකම පොහෝ දිනයේ මෙහි ධාතු ප්‍රදර්ශන පැවත ඇති අතර ජේවීපී අරගල සමයේ මෙම භූමියට කඩා වැදුනු ම්ලේච්ඡ පිරිස් දෑපිට මඩුවේ අභිමානය කෙලෙසා වටිනා වස්තු පැහැරගෙන ගොස් තිබේ. අතීත මතකයන් විදහා දක්වමින් දැව පමණක් ඉතුරු වී දෑපිට මඩුව අදටත් අතීත අභිමානය ප්‍රදර්ශනය කරයි.
ඉපැරණි බෝධිය
[සංස්කරණය]කතලුවේ ශ්‍රී ගුණරතනාභිධාන නායක හිමියන් විසින් 1830 වසරේ දී පමණ ලංකාව පුරා බෙදාහරිනා ලද ශ්‍රී මහා බෝධියේ අංකුර අතරින් එක් අංකුරයකින් හටගත්ත වූ බෝ රුකකි. අතීතයේ සිට සුවිශේෂී දේව හාස්කම් පවතින වෲක්ෂයක් බවට මතයක් පවතී. නක්ෂස්ත්‍ර වේදීනගේ මතයන්ට අනුව නම් පළමුව මෙහි විහාරාධිපති දූරය හොබවනු ලැබුවා වූ සීලරතන ධර්මරාජ හිමියෝ මෙහි වෲක්ෂ දේව වරම් ලබා වෙසෙනු ලැබේ.
ඉපැරණි දාගැබ
[සංස්කරණය]වර්ථමානයේ දාගැබ පවතින ස්ථානයට වැසී ගිය භූමියේ එකල කුඩා දාගැබක් පිහිටියේය. එක බුද්ධ ශාරීරික ධාතු තැම්පත් කර ඉදිකරාවූ දාගැබක් නොවීය. වර්ශ 1847 දී පොතුපිටියේ ධර්මරාජ හිමියන්ගේ ආදාහන භෂ්මාවශේෂ නිදන්කොට සකසන ලද්දා වූ සුසාන දාගැබක් විය. සියවසක් පමණ ඇවෑමෙන් එම දාගැබ ද විනාශ වී පැවතින . පොතුපිටියේ සුධීරානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ධර්මරාජ හිමියන්ගේ භශ්මවශේෂ ධර්මශාලා ගොඩනැගිල්ලට ඉදිරිපසින් ඝටාකාර හැඩයෙන් කුඩා සුවිශේෂී චේතියක් තනවා තැම්පත් කොට සුසාන දාගැබ පැවති භූමියේ වර්ථමාන දාගැබ තනවා තිබේ.
දාගැබ
[සංස්කරණය]එක්දාස් නවසිය පනහ දශකය වන විට පැවති ඉපැරණි දාගැබ විනාශ වී ගොස් ඉතිරිව පැවතියේ එහි අත්තිවාරම පමණකි. එබැවින් පොතුපිටියේ එවක පූජාරාම විහාරාදිපති සුධීරානන්ධාභිධාන හිමියෝ නව දාගැබක් සැකසීම අරඹන ලදී. එම දාගැබ නම් කළේ ස්වර්ණගිරි චේතිය නමින.බුරුම දේශයේ රැන්ගුන් චේතියේ හැඩයට එය සැකසීමට බලාපොරොත්තු විය. දෙදහස් පන්සීය සම්බුධත්ව ජයන්තිය සඳහා කොත් පැලඳවීමේ අදහසින් ඉදිකිරීම් ආරම්භ කරවන ලද්දේ ශත වර්ශ 1954ක්වූ නොවැම්බර් මස හත් වන ඉරිදා දිනයි. මුල් ගල් තැබීම සිදුකළේ ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ආදී ප්‍රභූන් කිහිප පලකි. විහාරයේ බොදු නෙත් මහා සමිතිය චයිත්ය වර්ධන සමිතිය ලෙසින් මෙකල නම් කරවන ලදී. සමිතියේ සබාපති ලේඛම් ද්විත්වයේ රැඳී සිටියේ දාගැබ ඉදිකරවීමේ පූර්ණ අනුග්‍රාහකයන් ලෙසින් සිටියා වූ සුසෙව්හේවාගේ පින්හාමි ආරියරත්න මැතිතුමා සහ සුසෙව්හේවාගේ අල්ලිස් ධර්මසේන මැතිතුමාය. බද්දේගම සුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සම්පූර්ණ දාගැබේ කටයුතු අවසාන කරවන ලද්දේ 1972 වසරේදීය.
අලංකාර පවුර
[සංස්කරණය]පොතුපිටියේ සුසෙව්හේවාගේ සීච්චෝ ප්‍රනාන්දු මැතිනිය විසින් 1850 වසරේදී (ශක වර්ශ 1772) පමණ ඉදිකරවන ලද්දා වූ ඉපැරණි පන්සලේ ඉදිරිපස තාප්පය විසිවන සියවසේ අගබාගය වන විට බොහෝ අභාවයට පත්ව තිබිණ . එබැවින් පණ්ඩිත බද්දේගම සුමන හිමියන්ගේ අනුශාසනයෙන් පවුර ප්‍රතිසංස්කරණය කරවන ලදී. නව සැලැස්මකට අනුව ග්‍රැනයිට් පාශාන එක්කර සැකසූ පවුර විශ්මිත රටා වලින් අනූන නිර්මාණයක් විය ඉපැරණි පවුරේ පැවති සුවිශාල කුළුණු සඳහා ජපන් මෝස්තර ආරූඪ කරවා තිබේ.
ලාම්පු කුළුණු පවුර
[සංස්කරණය]ලාම්පු කුළුණු පවුර වෙනත් ලංකාවේ කිසිඳු විහාරස්ථානයක දක්නට නැති නිර්මාණයක් වන අතර එක දිගට ලාම්පු සහිත කුළුණු පහළවකින් පමණ යුක්තවූ නිර්මාණයකි. වර්ථමානය වන විට ලාම්පු දක්නට නැතත් එහි කුළුණු තවමත් ජීවමානයි. ක්‍රි.ව. 1885වසරේ එනම් ශක වර්ශ 1807 වසරේ කඨින පූජා උත්සවය වෙනුවෙන් පොතුපිටියේ ධානපති සල්මන් ප්‍රනාන්දු මැතිතුමා සහ සීච්චෝ ප්‍රනාන්දු මැතිනිය විසින් රුපියල් 400ක මුදලක් වැය කරමින් සාදවා පූජා කරවා තිබේ.
ගණ්ඨාර කුළුණ
[සංස්කරණය]පූජාරාම විහාරයට පසුව අයත් වූ ගණ්ඨාර කුළුණ පිහිටියේ වත්මන් දාගැබට ආසන්නයේය. වර්ථනාමයේ දක්නට නැත. විහාරය ට පසෙකින් පිහිටි රෝමානු කතෝලික දේවස්ථානය රෙපරමාදු පූජකයන් විසින් අල්ලාගෙන ප්‍රදේශයේ පැවතිය හැකි එකම ආගම රෙපරමාදු බව අඬබෙර ගසා දැනුවත් කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. බුදු කුටියක් සහිත වූ පූජාරාමය පිහිටි බිමේ දේවස්ථානයේ සීනු කුළුණ තනා බෞද්ධයන්ට පෙනෙනා පරිදි නිතර වාදනය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පසු කාලයේ කාලයාගෙ ඇවෑමෙන් විනාශ වී ගොස් ඇති අතර එම ස්මාරකය සාර්ලිස් මාස්ටර් විසින් දුටු අයුරු විහාර මන්දිරයේ සිතුවමට නගා ඇත.
මුංගල
[සංස්කරණය]මුං ගල ලෙස ප්‍රාදේශීය ව්‍යවහාරයේදී භාවිත වන සුවිශේෂී කුරහං ගල පොතුපිටිය පූජාරාමය සතු ඓතිහාසික වස්තුවකි. අතීතයේ දී රදළ පරපුරකින් පැවතෙන ධාතුන් වහන්සේලා තුන් නමකට එකම පවුලේ සොයුරන් නව දෙනෙක් ගැටුණු අවස්ථාවකදී පොතුපිටියේ සීලරතන ධර්මරාජ හිමියෝ මැදිහත්ව මෙම මුං ගලේ ධාතුන් බහා කොටස් නවයක් වන සේ එම ධාතුන් ඇඹරූ බව කියැවෙයි. කැඩීගිය ධාතූන් නමයක් වහන්සේලා බෙදා ගත් පසු ඉතුරු වූ ධාතු භෂ්ම මුං ගලට ඇලී පැවති බැවින් මුං ගල ධාතුන් වහන්සේ ලෙසින් සාමාන්‍ය ජනයා අතර වන්දනාවට පාත්‍ර විය. පසු කාළේ මුංගල් ධාතුව ලෙසින් ව්‍යවහාරයට පත් මෙම ඓතිහාසික වස්තුව ලංකාවේ කිසිඳු විහාරයක හමුනොවන සුවිශේෂී සංධිස්ථානයකි.
මූලාශ්‍ර
[සංස්කරණය]බද්දේගම සුමන හිමියන්ගේ ( අසිරිමත් පොතුපිටිය රජමහ වෙහෙර 1998)/ රාජාගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ වර්ෂඛණ්ඪරාශ්ට්‍ර ග්‍රන්ථය - 1875/ දෝන මාරියා ලමාතැනී කල පිංකම් හෑල්ල-1914(වුල්ෆන්ඩාල් සත්‍යාර්ථ මුද්‍රණාලය) නාරි සංඳේශය අරුත් ගැන්වීම ඩබ්ලිව්. ඒ. එෆ්. ධර්මවර්ධන- 1925/ ජයවර්ධන පුරයේ ඉතිහාසය- ඩබ්ලිව්.ඒ.එෆ්. ධර්මවර්ථන-1925/