ඩබ්ලිව්.ඒ. එෆ්. ධර්මවර්ධන
දහනව වන සියවසේ අග බාගයේදී ගාල්ල පළාතේ බලපිටිය මහකරාව නම් ගමේ උපත ලද ධර්මවර්ධනගේ පියා වූවේ දොන් කරෝලිස් ෆොන්සේකා වූ අතර මව වර්ශහැන්නැදිගේ යෝමාල් ගිමාරා ධර්මවර්ධන නම් විය. වස්කඩුවේ විසූ ඥාතියෙකු සමීපයේ කුඩා කාලයේ සිට කල්ගෙවූ ඔහු වස්කඩුවේ ශ්‍රී සුභූති හිමිසමීපයේ පාලි බස් හොඳින් උගත්තේය.පොතුපිටිය විද්‍යාලයට ඇතුලත් වී ඉන්ග්‍රිසි ඇතුලු තවත් උසස් ඉගෙනීම් කටයුතු සිදු කරන ලදී. සිංහල බසේ ප්‍රවීණයෙකු වූ ඔහු යළි තම උපන් ගම වූ බලපිටියට ගොස් ගුරු විද්‍යාලයට ඇතුලත් විය. පුහුණුව ලත් ඔහු සුභූති හිමියන්ගේ ඥාතියෙකු වූ ඇම්. පිනෙස් ප්‍රණාන්දු විසින් පවත්වාගෙන යන ලද පොතුපිටිය මහා විද්‍යාලයටම සම්බන්ධ වේ.ඒ සුභූති හිමියන්ගේ ආරාධනයෙනි. එය පෞද්ගලික පාසැලක් වූ අතර ගුරුවරුන් පමණක් බ්‍රිතාන්‍ය රජය මගින් ලබාදී තිබුණි.පොතුපිටිය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලෙස එකල එම පාසැල හඳුන්වා තිබේ. එහි වසර දහයක් පමණ හොඳින් ඉගැන්වීම් කටයුතු කළ ඔහුට විද්‍යාලයේ ප්‍රධාන ආචාර්‍ය දූරය හිමි විය. මෙසමයේ මොහු පොතුපිටිය බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ අයිති කරු විසින් මෙහෙයවන ලද පානදුරේ රංකොත් වෙහෙරේ සමිතියට ග්‍රන්ථ කර්තෲ වරයෙකු ලෙසින් එක්විය. ඔහු අතින් රචනා වූ ප්‍රචලිතම ග්‍රන්ථයවූයේ ජයවධනපුර ඉතිහාසය නම් කෘතියයි.එය පර්‍යේක්ශනාත්මක කෘතියක් ද විය. 1923 වසරේ කොලඹ ග්‍රන්ථ ප්‍රකාශන යන්ත්‍රාලයට සම්බන්ද වූ ඔහු පලමු නිර්මාණය ලෙස නාරි සංදේශය නමින් වස්කඩුවේ ප්‍රචලිත වූ කෘතිය ට අරුත් සපයමින් යලි ප්‍රකාශයට පත්කළේය. මෙම පුස්ථකය යළි රචනා කරවීම පිළිබඳව සතුටු වූ වුල්ෆන්ඩාල් වීදියේ දොන් ගිරිගෝරිස් ධර්මසේන මුද්‍රණලයේ හිමිකරු වූ නීතිඥ එස්.ජී.එස්.ඩී.වීරසිංහ හාමු විසින් ග්‍රන්ත කතෲ වරයෙකු ලෙසින් වැඩිමිලට ධර්මවර්ධනව සම්බන්ධ කරවාගනී. ධර්මසේන මුද්‍රණාලයේ දී ඔහු විසින් ධර්ම පුස්ථක බොහෝ සම්පාදනය කරවන ලදී. සීමන් ධර්මසේන මැතිතුමාගේ(පොතුපිටිය පොලිස් විදානේ) ධර්ම දානමය සමිතිය සමඟ සම්බන්ධ වූ ඔහු පානදුර පළාතේ විහාර සඳහා නොමිලේ පුස්ථක සම්පාදනය කරවීමටද සහය දක්වන ලදී. මෙතුමාගේ ධර්ම ව්‍යාපාර ඇගයීම වෙනුවෙන් පොතුපිටිය වාලුකාරාම මහා විහාරයේ අහිනවයෙන් ඉදිවූ දාගැබෙහි කොත්පලඳවාලීම සඳහා පණ්ඩිත ඥානානන්ද හිමියන් විසින් වටිනා අවස්ථවක් ලබාදෙන ලදී. ග්‍රන්ත රචනා කරවීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මොහුට නම්බුනාමයක් පවා ලබාදී තිබේ.මෙතුමා විසින් මියයන තුරාවට පුස්ථක පන්දහසක් පමණ රචනා කර තිබේ.