දින පොත

විකිපීඩියා වෙතින්
බර්ලිනයේ ප්‍රදර්ශනය පිණිස තබා ඇති ඈන් ෆ්‍රෑන්ක්ගේ මුල් දිනපොතෙහි අනුරුපිත පිටපත

දිනපොතක් (සමහරවිට සඟරාව හෝ අත්පොත ලෙස සඳහන් කරන) යනු ප්‍රභින්න සටහන් ඇතුලත් කර, දිනය අනුව සංවිධානය කරනු ලබන වාර්තාවක් වන අතර එමගින් දිනක් හෝ වෙනත් කාලයක් පුරා සිදු වී ඇත්තේ කුමක්ද යන්න වාර්තා කරයි. පුද්ගලයෙකුගේ අත්දැකීම් සහ/ හෝ සිතුවිලි හෝ හැඟීම් , ලේඛකයාගේ ඍජු සහ වක්‍ර අත්දැකීමෙන් බාහිර වර්තමාන සිදුවීම් පිලිබඳ අදහස්ද පෞද්ගලික දිනපොතක් තුල ඇතුලත් විය හැකිය. දිනපොතක් තබා ගනු ලබන්නා දින චර්යා සම්පාදක ලෙස හඳුන්වනු ලබයි.ආයතනික කටයුතු සඳහා බාරගන්නා ලද දිනපොත්, රජයේ වාර්තා (උ.දා., හැන්සාඩ්), ව්‍යාපාර ලෙජර සහ යුද වාර්තා ඇතුළු මානව ශිෂ්ඨාචාරයේ බොහෝ අංශ කෙරෙහි යම් කාර්යභාරයක් ඉටු කරයි. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියේ එම වචනය පෙර මුද්‍රණය කරන ලද සඟරා ආකෘතියක් ලෙසද දැක්වේ. 

අද එම යෙදුම පෞද්ගලික දිනපොත් සඳහා පොදුවේ යෙදන්නේ, පෞද්ගලිකව සිටීම හෝ මිතුරන් හෝ ඥාතීන් අතර සීමිත සංසරණය ඇති කිරීම යන අදහසින් යුතුවය.  "සඟරාව" යන වචනය සමහර විට, "දිනපොත" සඳහා භාවිතා කල හැකි නමුත් සාමාන්‍යයෙන් දිනපොතක (හෝ ඇති කිරීමට අදහස් කරන) දිනපතා සටහන් ඇතුළත් කිරීම් අඩංගු වන අතර  සඟරා ලිවිම නිතර නිතර සිදු නොවේ. .

මතක සටහන්, ස්වයං චරිතාපදානය හෝ නූතන චරිතාපදාන සඳහා දිනපොතක් තොරතුරු  සැපයුවත්, එයින් කියවෙන පරිදි සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත් කරනු කිරීමේ අරමුණින් නොව, නමුත් කතෘගේ ම භාවිතය සඳහා ලියනු ලැබේ. කෙසේ වෙතත් මෑත වසර කිහිපය තුලදී සමහර දිනපොත් වල(උදා:, නෙඩ් රොරෙම්, ඇලන් ක්ලාක්, ටෝනි බෙන් හෝ සීමොන් ග්‍රෙයි යන අය)අභ්‍යන්තර සාක්ෂි වලට අනුව ඒවා ලියා තිබෙන්නේ අවසානයේ ප්‍රකාශයට පත් කිරීම සිතේ තබාගෙන වන අතර එයින් ස්‌වයං නිදොස් බාවය(පෙර හෝ මරණින් පසු) හෝ ලාභ ලැබීම අරමුණ වී ඇත.

දීර්ඝ කිරීමේදී දිනපොත යන වචනය ලිඛිත දිනපොතක මුද්‍රිත ප්‍රකාශනය ලෙස අදහස් කිරීමට ද භාවිතා කරයි;සහ ඉලෙක්ට්රොනික ආකෘති (උදා වියුණු සටහන) වැනි සඟරාවහි අනෙකුත් භාෂිතයන් වෙත යොමු කිරීමද විය හැකිය.

නිරුක්ති ශාස්ත්‍රය [සංස්කරණය]

දිනපොත යන වචනය ලතින් භාෂාවේ ඩයරියම් ( "දෛනික දීමනාව," මිය සිට "දවස") යන පදයෙන් පැවත ගෙන එයි.සඟරාව යන වචනය පැමිණෙන්නේ ද සමාන මූලයක් වන පැරණි ප්‍රංශ භාෂාවේ ජූර්නල් හරහාය(දිනය සඳහා නුතන ප්‍රංශ වචනය ජුවර් වේ ).

දෛනික වාර්තාවක් ලියූ පොතක් පිලිබඳ අදහස් කරන මුල්ම වචන  භාවිතය 1605 දී බෙන් ජොන්සන්ගේ හාස්යමය වොල්පොනේ තුල කියා හැකිය.

ඉතිහාසය[සංස්කරණය]

පැරණිතම දිනපොත වාර්තා වන්නේ මැද පෙරදිග සහ නැගෙනහිර ආසියානු සංස්කෘතීන් වලින් වන අතර නමුත් සමාන කාර්යයක් වන ටු මයිසේල්ෆ්  (Τὰ εἰς ἑαυτόν), වලටද වැඩ පැරණි ක්‍රි.ව. දෙවන සියවසේ දෙවන භාගයේදී රෝම අධිරාජයෙකු වූ මර්කුස් ඔරෙලියස් විසන් ග්‍රීක භාෂාවෙන් රචිත, වර්තමනයේ මෙඩිටෙෂන්  ලෙස හඳුන්වනු ලබන මෙය දිනපොතක් සතු ලක්ෂණ පෙන්වයි. ජපන් රාජකීය ළඳුන්ගේ පිලොව්බුක්ස් වල හා ආසියානු සංචාරක සඟරා වල මේ ආකාරයේ කලාතුරකින් ඔවුන්ගේ දිනපතා සිද්ධීන් ද වාර්තා වේ.උදාහරනයක් ලෙස විශාරද ලී ආඕ (ක්‍රි.ව.9 වන සියවසේදී) ඔහුගේ දකුණු චීනය හරහා යන ගමනේදී දිනපොතක් භාවිත කර ඇත.

මධ්‍යයතන මෑත පෙරදිගදී අරාබි දිනපොත් ලිය ඇත්තේ 10 වෙනි ශත වර්ෂයට පෙර සිටය. නූතන දිනපොතට බොහෝ  සමානකමක් දක්වන මෙම යුගයේ පවතින පැරණිතම දිනපොත වන්නේ 11 වන සියවසෙහි ඉබන් බන්නාගේ  දිනපොතය.නවීන දිනපොත් වලට බොහෝ සෙයින් සමානකම් දක්වන, දිනය(අරාබි භාෂාවෙන් ටා'රිඛ්) අනුව සකස්කර ඇති පැරණිතම දිනපොත වන්නේ ඔහුගේ දිනපොතය. 

නූතන අර්ථයෙන් බැලූ කල දිනපොතක පුර්වනිමිති වලට මධ්‍යතන යුගයේ ආධ්‍යාත්මිකව වැදගත් ලෙස සැලකුණු ආමුඛ හැඟීම් සහ බාහිර සිදුවීම් වලට බොහෝ දුරට අදාළ දෛනික ගුප්ත සටහන් ඇතුළත් වේ (උදා එලිසබෙත් ස්කොනාවූ, ඇග්නස් බ්ලාන්බෙකින්, සමහර විට තවද, ඇයගේ බොහෝ අහිමි ස්වභාෂා ගිණුම් වලට අනුව නාසරෙත්හි බියට්රිස්). 

පුනරුදයේ සිට සමහර පුද්ගලයන්ට අවශ්‍ය වූයේ මධ්‍යතන වංශකතා සහ ගමන් විස්තර වල පරිදි සිදුවීම් පිලිබඳ වාර්තා තැබීමට  පමණක් නොව, නමුත් ප්‍රකාශයට පත් කිරීමේ අදහසකින් තොරව තමන්ගේ අදහස් සහ ඔවුන්ගේ බලාපොරොත්තු සහ බිය පිලිබඳ ලිය තැබීම වේ. 1405-49 යන වර්ෂ ආවරණය කරමින් වත්මන් සිදුවීම් වලට විෂයාත්මක අටුවා ලබ දෙන මුලින් සංරක්ෂණය කරන ලද උදාහරනයක් වනුයේ නිර්නාමික ද'උන් බෞර්ගියෝස් ද පැරිස් යන සඟරාවයි.ඊට බොහෝ කලකට පසුව පොත් ලෙස ප්‍රකාශය කෙරුණු ප්‍රසිද්ධ 14 සිට 16 වන  සියවසේ පුනරුදය උදාහරණ වනුයේ,   ෆ්ලොරෙන්ටිනෙස් බෝනාක්කොර්සෝ පිටි හා ග්රෙගොරියෝ ඩටි හා වැනිසියන් මැරිනෝ සනුටෝ ද යන්ගර්ගේ දිනපොත්ය.මෙහිදී අපි බොහෝ පිළිබිඹු, සංවේදී අත්දැකීම් හා පෞද්ගලික හැඟීම් සමඟ එක්ව වැදගත්කමින් අඩු එදිනෙදා සිදුවීම් පිලිබඳ වාර්තාද  සොයා ගනු ලබයි.

1908 දී  ස්මිත්සන් කොම්පැනිය මගින් දිනපොත රැගෙන යා හැකි පරිදි ප්‍රථම සැහැල්ලු දිනපොත නිපදවන ලදී.

ප්‍රකාශිත දිනපොත්[සංස්කරණය]

සැමුඑල් පෙපිස්
ෆඋස්ටිනා කොවල්ස්කා

සැලකිය යුතු දිනපොත් සංක්‍යාවක් ප්‍රකාශයට පත් වී ඇති අතර එය ස්වයං රචිත සාහිත්‍යයේ වැදගත් සාධකයක් ගොඩනගා ඇත.

අප අද හොදින් දන්නා ආදිතම දින චර්යා සම්පාදකයා සැමුඑල් පෙප්සියස්ය. ඔහුගේ දිනපොත් මග්දලෙනේ විද්‍යාලය,කේම්බ්‍රිජ් විද්‍යාලයේ සංරක්ෂණය කරනු ලබන අතර ඒවා 1825 දී ප්‍රථම වතාවට පිටපත් කර ප්‍රකාශයට පත් කරන ලදී. හුදූ ව්‍යාපර ගනුදෙනු අoකනයෙන් ඔබ්බට ගොස් දිනපොත් තුල පෞද්ගලික විෂයයන් සටහන් කල ප්‍රථම පුද්ගලයා පෙප්සියස්ය. පෙප්සියස්ගේ සමකාලින ජෝන් එව්ලියන්ද සැලකිය යුතු දිනපොත් ප්‍රමානයක් පොත් තබා ඇති අතර ඔවුන්ගේ ක්‍රියා ඉංග්‍රීසි ප්‍රතිසංස්කරණ කාල සිමාව අතරතුර සිදුවී ඇති  බොහෝ දැවැන්ත සිද්දීන් වල ඇසින් දුටු සක්ෂිමය වාර්තාවලින් සමන්විතය. ඒවා ලන්ඩන් වල පැතිරුණ වසංගත, මහා ගිණි වැනි සිද්ධීන්ය.  

සාහිත්‍ය සහ මරණයෙන් පසු සිදු කෙරෙන ප්‍රකාශන සහ වෙනත් සැලකිය යුතු දෑ දිනපොත් තුල  ප්‍රකාෂණ ක්‍රියාවලිය 19 වන සියවසේදී අරඹන ලදී. උදාහරණ ලෙස ඩොරති වොර්ඩ්ස්වර්ත්ගේ ග්‍රස්මියර් සඟරාව (1771-1855) 1897 දී ප්‍රකාශයට පත්කරන ලදී. ෆානි බර්නිගේ වූ වාර සඟරා (1752-1840) 1889දි  ප්‍රකාශයට පත් කරන ලදී. හෙන්රි ක්‍රබ් රෝබින්සන්ගේ සඟරා (1776-1867) 1869දි ප්‍රකාශයට පත් කරන ලදී.

එක්සත් ජනපද සිවිල් යුද්ද සමයේ දිනපොත් අතර නිව්යෝර්ක්හි නීතීක්න්යකු වූ ජෝජ් ටෙම්පල්ටෝන් ස්ට්‍රොන්ග්ගේ සහ රාජ්‍ය නිලදරියෙකුගේ බිරිදක් වූ මේරි චෙස්නට්ගේ දිනපොත් වැදගත් තැනක් ගනී.දැනට නිව්ජර්සිහි වෙස්ට් ඔරේන්ජ් නම් වූ ප්‍රදේශයේ විසු ජෙමිමා කොන්ඩික්ට්ගේ දිනපොත තුල ඇමෙරිකානු පෙරළිකාර යුද්ධයේ දේශීය නිරීක්ෂණ වල තොරතුරු ඇතුලත් වේ.

පුළුල් ලෙස කියවූ සහ පරිවර්තනය කරනලද වඩාත් ප්ර සිද්ද නූතන දිනපොත වන්නේ ඈන් ෆ්රෑන්ක්ගේ මරණයෙන් පසු ප්‍රකාශයට පත් වූ "ඩයරි ඔෆ් දී යන්ග් ගර්ල්" නම් වූ දිනපොතය.ඇය මෙය රචනා කර ඇත්තේ 1940 දී ජර්මනිය තුල සැඟව සිටින අතරතුරය.ඔටෝ ෆ්රෑන්ක් ඔහුගේ දියණියගේ දිනපොත සංස්කරනයකොට යුද්ධයෙන් පසුව ප්‍රකාශ කිරීමට සුදානම් කල අතර එය වෙනත් රටවල ප්‍රකාශයට පත් වීමට පෙර සංස්කරණ කිහිපයකට භාජනය කර ප්‍රකාශනයට පත් කරන ලදී. එමෙන්ම සමහර පුස්තකාලවල මෙම පොත තහනම් කිරීමට මෙහි ලිංගික කාරණා විවුර්ථ ලෙස ප්රකාශ කිරීමට බලපා ඇත. 

දිනපොත් ලිවීම 20 වන සියවසේ සිට ස්වයං ගවේෂණයේ සචේතනික ක්‍රියාවක් ලෙස සිදුකරනු ලබන අතර උදාහරණ ලෙස කාල් ජන්ග්ගේ, ඇලෙස්ටර් ක්‍රව්ලිගේ, සහ ඇනයිස් නින්ගේ දිනපොත් දැක්විය හැකිය.20වන සියවසේ සංඛ්‍යා වලට අනුව වැදගත් දිනපොත් අතර ෆ්‍රාන්ස් කෆ්කාගේ ,එඩ්මුන්ඩ් විල්සන්ගේ සහ ප්‍රංශ ලේකකයෙකු වූ පොල් ලේවූටඩ්ගේ(1872-1956) දිනපොත් වැදගත්ය. ස්වයං-පරිවර්ථක දිනපොත: සයින්ට් ෆොස්ටිනගේ ඩිවයින් මර්සි ඉන් මයි සෝල් නම් වූ පොතෙහි ඇගේ දැක්මෙහි වටිනාකම සහ යේසුස් සමග සිදුවූ සංවාද ඇතුලත් වේ.

ශක්තිමත් මානසික බලපෑමක් හටගන්නේ එක පුද්ගලයෙකුගේ ස්වයං ප්‍රකාශනයට ශ්‍රාවක පිරිසක් සටීම මගිනි. එසේ වුවත් මෙය එක පුද්ගලයෙකු විසින් ලියනා පොතක් වන අතර එය විශේෂයෙන්ම කියවන්නේ අවදානමට ලක්වූ තවත් එක පුද්ගලයෙක් පමණි. ඈන් ෆ්‍රෑන්ක් ඇගේ පොත "කිටි" ලෙස හැඳින්වීමට තරම් දුර ගියාය. එමෙන්ම නාසි ජර්මනියේ උසාවි නිලදරියෙකු වූ  ෆෙඩ්රික් කෙල්නර් ඔහුගේ දිනපොත තමාට ඉදිරියේදී හමුවන දුෂ්ට පාලකයන්ට ත්‍රස්තවදින්ට ආයුධයක් ලෙස සැලකු අතර ඔහු ඔහුගේ දිනපොත් "මෙන් වයිඩර්ස්ටන්ඩ් ","මයි ඔපොසිශන්"  නමින් හැදින්විය. එමෙන්ම වික්ටර් කෙම්ප්ලර් ද ඔහුගේ සටහන් තුල  අනාගත පාලන තන්ත්‍රය සහ කෘර නාසි ජර්මනිය සහ පෙරදිග ජර්මානු අනුප්‍රාප්තිකයා  ගැනද සදහන් කර ඇත.

අන්තර්ජාල දිනපොත්[සංස්කරණය]

අන්තර්ජාල පිවිසුම පොදු භාවිතයක් බවට පත් වීමත් සමඟම, බොහෝ පුද්ගලයන් එය ප්‍රේක්ෂකයන් ද සමඟ තමන්ගේ ජීවිත වංශ කතාව  ලියන මාධ්‍යක් ලෙස අනුවර්තනය කර ගන්නා ලදී.1996 සිට 1994 නොවැම්බර් 14 වන දින දක්වා එම්අයිටී මීඩියා ලැබ් වෙබ් අඩවියෙහි ප්‍රකාශය කෙරුනු ක්ලෝඩියෝ පින්හැනෙස්ගේ "ඕපන් ඩයරි" යන්න ප්‍රථම ඍජුවම පරිගණක පාලනයට සම්බන්ධ වූ දිනපොත ලෙස හඳුන්වනු ලැබේ. අනෙක් ඍජුවම පරිගණක පාලනයට සම්බන්ධ වූ දිනපොත් වන්නේ 1994 සිට පුර වර්ෂ එකොළහක් පෞද්ගලික ඍජුවම පරිගණක පාලනයට සම්බන්ධ වූ දිනපොතක් ලියන ලද ජස්ටින් හෝල්ගේ දිනපොත 1995 ජනවාරි 3 සිට "කැරොලින් ගේ දිනපොත " ප්‍රකාශයට පත් කිරීම ඇරඹු කැරොලින් බෘක්ගේ දිනපොත , සහ 1995 අප්‍රේල් 19 දින සෙමි එක්ස්සිස්ටන්ස් ඔෆ් බ්‍රයන් යන දිනපොත උඑස්ඉනෙට් නිව්ස් ග්රුපය තුල නිවේදනය කරන ලද බ්‍රයන් සදර්ලන්ඩ්ගේ දිනපොතය .

වෙබ් අඩවි පදනම් කරගත් සේවාවන් වන විවෘත දිනපොත(1988 ඔක්තෝබර් ඇරඹු) සහ ලයිව්ජර්නල් (1999 ජනවාරි ඇරඹු) ඉක්මනින්ම ප්‍රධාන මුලයේ සහ ස්වයංක්‍රීය ඍජු ප්‍රකාශන ලෙස මතු වූ නමුත් බ්ලොග්ස් පැමිණීමත් සමඟ පෞද්ගලික කතා ලිවීමේ කලාව වර්ධනය විය. පළමුව ආකෘතිය බාහිර සම්බන්ධතා සහ කාලීන් විවරණය කෙරෙහි අවධානය යොමු කරන අතර, පුලුල් බ්ලොග් වාර්තා මෙවලම් වෙබ් සඟරා නිර්මාණය කිරීමට  ඉක්මනින් භාවිතා කරන ලදී. අන්තර්ජාල දිනපොත් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මෑත කාලීනව දියුණු කිරීම කර ඇත. උදාහරනයක් ලෙස දැන් සමහර දිනපොත් මෘදුකාංග ඇතුලත් කිරීම ගබඩා කරනු ලබන්නේ 256 බිට් ඒඉඑස්(ඇඩ්වාන්ස් එන්ක්රිප්ෂන් ස්ටෑන්ඩරඩ්) වැනි  එන්ක්රිප්ටඩ් ආකෘතියකට අනුවය, සහ අනෙක් ඒවා ආරක්‍ෂිත යුඑස්බී උපාංගයක් මත නිවැරදි පින් අංකය ඇතුලත් කිරිමෙන් පසු ඇතුලත් වීම සඳහා අවසර ලබ දෙයි. 

ඩිජිටල් දිනපොත්[සංස්කරණය]

මොබයිල් ඇප්ස් ජනප්‍රිය වීමත් සමඟම දිනපොත් හෝ සඟරාමය ඇප්ස් අයිඔඑස් සහ ඇන්ඩ්රෝයිඩ් සඳහා ලබාගත හැකිය.පහත සඳහන් කාරනා ඩිජිටල් යෙදවුම් සමඟ ලේඛන කිරීම සඳහා ප්‍රථමික හේතුන් ලෙස යෝජකන් විසින් උපුටා දක්වනු ලබයි : යතුරු ලිවීමේ වේගය හා පහසුව; පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීම; සෙවීමේ හැකියාවන් ; ජංගම දුරකතන වලින් ස්ථානය, දිනය, සහ අනෙකුත් පාර දත්ත ඇතුලත් කිරීමේ හැකියාව; සහ ටැග් හා අනෙකුත් සංවිධාන විශේෂාංග. ඩිජිටල් දිනපොත්ද කෙටි කාලීන, එම මොහොතේම ලිවිය හැකි ෆේස්බුක්,ට්විටර්, ඉන්ස්ටග්රෑම්, සහ අනෙකුත් සමාජ සේවා කටයුතු සමඟ සමාන බවක් පෙනී යයි.

දිනපොතේ වෙනත් ආකාරයන් [සංස්කරණය]

භෝජන සඟරාව[සංස්කරණය]

භෝජන සඟරාවක් හෝ ආහාර දිනපොතක් යනු සිරුරේ බර අඞු කිරීම හෝ වෙනත් පෝෂණ අධීක්ෂණය කිරීම සඳහා කැලරි පරිභෝජනය සොයා ගැනීමේ මාධ්යයක් ලෙස පරිභෝජනය කරන ලද සියලුම ආහාර හා පාන වර්ග නිෂ්පාදනයේ සහ දෛනික වාර්තාවක් වේ. 

සිහින සඟරාව[සංස්කරණය]

සිහිනය සඟරාවක් හෝ සිහිනයක් දිනපොතක් යනු  සිහින අත්දැකීම් පසුව විශ්ලේෂණය හා ඇතැම් විට ස්වප්නපේන කාර්යයන් සඳහා වාර්තා කර ඇති ජර්නලයක් වේ.

නින්ද සඟරාව[සංස්කරණය]

නින්ද දිනපොතක් හෝ නින්ද ලඝු-සටහනක් යනු  නින්ද ආබාධ රෝග නිර්ණයට සහ ප්රතිකාර සඳහා භාවිතා කරන මෙවලමකි. 

ටගේබුච්[සංස්කරණය]

ජර්මානු ටගේබුච් ("දවස-පොත") සාමාන්යයෙන් ඉංග්රීසි "දිනපොත" ලෙස පරිවර්තනය කර ඇති, නමුත් එම වචනය සමාන වන්නේ කාලීන වැඩපොත් හෝ වැඩ සඟරා මෙන්ම නිසි දිනපොත් යන්න සඳහාය. උදාහරනයක් ලෙස ඔස්ට්‍රේලියානු ලේඛක රොබර්ට් මුසිල්ගේ සටහන් පොත් සහ ජර්මන්-ස්විස් කලාකරු පෝල් ක්ලී යන අය ටුගේබුචර් ලෙස හැඳින්වේ.

චාරිකා සටහන්[සංස්කරණය]

ගමන් සඟරාවක්, සංචාරක දිනපොතක් , හෝ මාර්ග සඟරාවක් යනු  ගමනක් හෝ ගමන් මාලාවේ ලේඛන ගත කිරීම වෙයි.

යුද්ධ දිනපොත [සංස්කරණය]

යුද්ධ දිනපොතක් යනු  ඒකකයක නිලධාරියකු විසින් පවත්වාගෙන යනු ලබන යුධ කාලයේ දී හමුදා ඒකකය විසින් පරිපාලනය හා ක්රියාකාරකම් නිරන්තරයෙන් යාවත්කාලීන නිල වාර්තාවක් වේ. 

අසාමාන්‍ය දිනපොත්[සංස්කරණය]

කැනඩාවේ රාජකීය යුද හමුදා විද්යාලයේ සමහර නිලධාරීන් ඔවුන්ගේ ටී කොටු මත ඉන්දියානු තීන්තයෙන් ඔවුන්ගේ දිනපොත්  ලියා ඇත; 1880 සිට මේ උදාහරණ විදුහලේ කෞතුකාගාරය රඳවා ඇත. 

ප්‍රබන්ධ දිනපොත්[සංස්කරණය]

ප්‍රබන්ධ දිනපොත් සඳහා ඇති තරම් නිදසුන් පවතී. මුල්ම මුද්රිත කල්පිත දිනපොතක් වන්නේ ජෝර්ජ් ග්රෝස්ස්මිත් සහ ඔහුගේ සොහොයුරු වීඩන් විසින් ලියන ලද  ඩයරි ඔෆ් අ නොබොඩි යන විකට දිනපොත විය . 20 වන ශතවර්ෂයේ උදාහරණ වනුයේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ (උදා: මිසිස් ඩේල්ස් ඩයරි) සහ ප්‍රකාශිත ග්‍රන්ථය (උදා: ඇන්ඩරයන් මෝල් ගේ දිනපොත්). දීර්ඝ කාලීන ඉඟි කරන සහ උපහාසාත්මක විශේෂාංග යන ලක්ෂණ දෙකම ප්‍රයිවෙට් අයි නමිති සඟරාව:පෙර අග්‍රාමාත්‍ය හැරෝල්ඩ් විල්සන්ගේ බිරිය මේරි විල්සන්ට නිර්දේශිත මිසිස් විසන්ස් ඩයරි ය ද පසුව  "ද සිකරට් ඩයරි ඔෆ් ජෝන් මේජර් ඒජ්ඩ් 47¾" ලෙස නම් කරන ලද සහ  අග්‍රාමාත්‍ය ජෝන් මේජර්ගේ පදනමට අනුව ඇන්ඩියන මොලේගේ දිනපොත් වල සංග්‍රහනුකරන්යෙන් ලියන ලද දිනපොත් වේ. නුතන උදාහරණයක් ලෙස ඩයරි ඔෆ් අ විම්පි කිඩ් සීරියස්, එහිදී සත්‍ය දිනපොතක ඇති අයුරින්, ප්‍රධාන චරිතයේ පළමු පුද්ගල දැක්ම ග්‍රන්ථ මාලාවේ එක් එක් පොත ලියා ඇත.

මෙයද බලන්න[සංස්කරණය]

  • ස්වයංචරිතපාධන
  • කොමෙන්ටෙරි
  • සාමාන්‍ය පොත්
  • කලා දිනපොත
  • ව්යාජ මතක සටහන් 
  • ජර්නල් (වක්රෝත්තිහරණය) 
  • දිනපොත් හා සඟරා පොත් ලැයිස්තුව
  • දිනපොත් ලේඛකයන්ගේ ලැයිස්තුව
  • සිහින දිනපොත් ලැයිස්තුව
  • ප්‍රබන්ධ දිනපොත් ලැයිස්තුව
  • නික්කි බුන්ගකු
  • ඍජුලෙස පරිගණකය හා සම්බන්ධ දිනපොත 
  • වර්ගය:දිනපොත්
  • වර්ගය:දිනපොත් ලේඛකයන්

මුලාශ්‍ර[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දින_පොත&oldid=623413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි