Jump to content

ෆේස්බුක්

විකිපීඩියා වෙතින්
ෆේස්බුක් (මුහුණුපොත)
Facebook
ගොනුව:FB HOME.jpg
ෆේස්බුක් මුල් පිටුවේ තිර රුවක්
වර්ගයපෞද්ගලික
ස්ථාපිත කළේකේම්බ්‍රිජ්, මැසචුසෙස්ට්ස්, ඇ.එ.ජ. (2004 (2004))
ප්‍රධාන කාර්යාලයමෙන්ලෝ උයන, කැලිෆෝනියාව, ඇ.එ.ජ.
සේවා සැපයුම් ප්‍රදේශලෝකව්‍යාප්ත
ආරම්භකයා/යන්
ප්‍රධානීන්
ආදායම්ඇ.ඩො. බිලියන 5.1 (2012)
ශුද්ධ ආදායමඇ.ඩො. බිලියන 53 (2012)
සේවකයන්5,794 (සැප්තැම්බර් 2013)
වෙබ් අඩවියfacebook.com
IPv6 සහයෝගයwww.v6.facebook.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමSteady 2 (2012 අප්‍රේල්)
වෙබ් අඩවියේ
වර්ගය
සමාජ ජාල සේවා
දැන්වීම් ප්‍රචාරණබැනර දැන්වීම්, යොමු අලෙවිකරණය, මාර්ගගත ක්‍රීඩා
ලියාපදිංචියඇවැසි
පරිශීලකයන්බිලියන 1.19 (ක්‍රියාකාරි, 2013 සැප්තැම්බර්)
භාෂාවන්බහු භාෂා, සිංහල ද ඇතුළත් වේ
දියත් කළේ2004 පෙබරවාරි 4
දැනට තත්ත්වයක්‍රියාකාරි


ෆේස්බුක් නොහොත් මුහුණුපොත යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි 04 දින අරඹනු ලැබූ අතර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. ඕනෑම වයසක අයෙකුට මෙහි ලියා පදිංචි විය හැකිය. පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" (වැඩපොළේ සගයින්), "Close Friends" (සමීප මිතුරන්) ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක් ද ඇත.

ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුවේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුවාර්ඩෝ සැවරින් ,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.

2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය. 2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවිය වන අතර මේ වන විට ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන්නේද මෙයයි.

"https://si.wikipedia.org/w/index.php?title=ෆේස්බුක්&oldid=798686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි