පෝල් ක්ලී

විකිපීඩියා වෙතින්
පෝල් ක්ලී
1911 දී පෝල් ක්ලී. ඡායාරූපය ඇලෙක්සැන්ඩර් එලියස්බර්ග්
උපත1879 දෙසැම්බර් 18
මුන්ශේන්බස්ශී, ස්විට්සර්ලන්තය
ජාතිකත්වයස්විස්/ජර්මානු
ක්ෂේත්‍රයචිත්‍ර ශිල්පය
පුහුණුවමියුනිච් ලලිත කලා ඇකඩමිය
ව්‍යාපාරයප්‍රකාශනවාදය, ඝනිකවාදය , අධියථාර්ථවාදය
කෘතීන්The Twittering Machine (1922), Fish Magic (1925), Viaducts Break Ranks (1937) යන කෘති ද ඇතුළු ව 10 000කට අධික චිත්‍ර, ඇඳීම් හා නිරේඛන සංඛ්‍යාවක්

පෝල් ක්ලී (ජර්මානු උච්චාරණය ක්ලේ)(1879 දෙසැම්බර් 18 – 1940 ජුනි 29) ස්විට්සර්ලන්තයෙහි මුන්ශෙන්බස්ශී හි දී උපත ලද අතර ස්විස් ජාතික සිත්තරකු ලෙස මෙන් ම ජරමානු සිත්තරකු ලෙස ද සලකනු ලැබේ. අතිශය පෞද්ගලික වූ ඔහුගේ ශෛලිය ප්‍රකාශනවාදය, ඝනිකවාදය හා අධියථාර්ථවාදය වැනි කලා ව්‍යාපාර ගණනාවකින් අභාසය ලැබී ය. එසේ ම ඔහු ප්‍රාචීනවාදය හදාළ ශිෂ්‍යයෙක් ද විය.[1] ක්ලී වර්ණ න්‍යායන් අත්හදා බලමින් අවසානයේ එහි පාරප්‍රාප්ත වූ නිසග සැලසුම් ශිල්පියෙක් විය. ඔහු ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් ලිවීය; ආකෘතිය හා සැලසුම් න්‍යාය පිළිබඳ රචනා නමින් හැඳින්වුණු, ඉංග්‍රීසියෙන් Paul Klee Notebooks යන හිසින් ප්‍රකාශයට පත් වූ ඔහුගේ දේශන, මහත් ප්‍රමුඛතාවකින් සැලකුම් ලබන අතර ලියෙනාර්දෝ දා වින්සිගේ A Treatise on Painting කෘතිය යුරෝපයේ පුනරුදය සම්බන්ධයෙන් ඉසිළූ වැදගත්කම සමග එය සංසන්දනය කරනු ලැබේ. ඔහුත් ඔහුගේ මිතුරු රුසියානු චිත්‍ර ශිල්පී වසීලි කන්දින්ස්කිත් දෙදෙනා ම ජර්මානු බවුහාවුස් කලා, සැලසුම් හා ගෘහනිර්මාණ පාසැලෙහි ඉගැන්වීමෙහි යෙදුණහ. ක්ලීගේ කෘති ඔහුගේ වියලි හාස්‍යය හා ඇතැම් විට ළමා හුරු පර්යාලෝකයත්, ඔහුගේ පෞද්ගලික මනෝගතීන් හා විශ්වාසයනුත්, ඔහුගේ සංගීතමයභාවයත් පිළිබිඹු කරයි.

ජීවිතයේ මුල් අවධිය හා පුහුණුව[සංස්කරණය]

සියල්ලට ප්‍රථම ජීවත් වීමේ කලාව, අනතුරු ව මගේ පරමාදර්ශී වෘත්තිය, කාව්‍යය හා දර්ශනය, ඉන් පසු මගේ සැබෑ රැකියාව, මූර්තිධර කලා, අන්තිම විකල්පය හැටියට, ආදායම අඩුකම හේතුවෙන් සන්නිදර්ශන.

—පෝල් ක්ලී.[2]

ක්ලී ස්විට්සර්ලන්තයේ බර්න් අසල මුන්ශෙන්බස්ශී හි දී සංගීතයට ළැදි පවුලක උපත ලැබී ය. ඔහුගේ පියා හාන්ස් ක්ලී, බර්න් නගරය අසල Hofwil Teacher Seminar හි ජර්මානු සංගීත ගුරුවරයෙක් විය. ඔහුගේ මව ඉදා ෆ්‍රික් ගායිකාවක වනු පිණිස පුහුණුව ලබා තිබිණි. පෝල්, දරු දෙදෙනකු ගෙන් යුක්ත පවුලේ දෙවැන්නා විය.[3]

චිත්‍රකලාව හා සංගීතය යන දෙක ම ක්ලී බාල වියෙහි දී ම ඇරඹී ය. හත් හැවිරිදි වියෙහි ඔහු වයලීන වාදනය ඇරඹූ අතර අටවැනි වියෙහි දී ඔහුට සිය මිත්තණියගෙන් පදික රටහුණු පෙට්ටියක් තෑගි ලැබිණි. ඔහු සංගීතය හා චිත්‍ර කලාව විෂයයෙහි එක සමාන දස්කම් දැක්වූ බව පෙනේ.[3] මුල් අවුරුදුවල, සිය දෙමාපියන්ගේ අභිලාෂ අනුව යමින් හෙතෙම සංගීතඥයකු වීම කෙරෙහි අවධානය යොමු කළේ ය; එහෙත් යොවුන් වියේ දී ඔහු දෘශ්‍ය කලාව ගැන තීන්දුවකට පැමිණියේ එක්තරා දුරකට ඊට එරෙහි කැරලිගැසීමක ප්‍රතිඵලයක් වශයෙනි. අනිත් අතට නූතන සංගීතය තමාට අර්ථවත් නො වී ය යන ඔහුගේ විශ්වාසය ද ඊට බලපෑවේ ය. ඔහු මෙසේ කී ය " සංගීතමය සාක්ෂාත්කරණයන්ගේ ඉතිහාසයෙහි පරිහානිය දකිමින් සංගීත නිර්මාණකරණය වෙත යාමේ අදහස මම ආකර්ෂණිය සේ නොදැක්කෙමි"[4]. සංගීතඥයකු වශයෙන් ඔහු 18 වැනි හා 19 වැනි සියවස්වල සාම්ප්‍රදායික කෘති වාදනය කරමින් ඒවාට ඇලුණු ගැලුණු නමුත් දෘශ්‍ය කලාකරුවකු හැටියට ඔහු රුචි කළේ වඩා රැඩිකල් අදහස් හා ශෛලීන් ගවේෂණය කිරීමේ නිදහස යි.[4] වයස දහසයේ දී ක්ලී ඇඳි භූ දර්ශන සිතුවම් සැලකියයුතු මට්ටමේ නිපුණතාවක් විදහා පෑවේ ය.

විද්‍යාර්ථීන්ට ඔහුගේ ජීවිතය හා චින්තනය පිළිබඳ වටිනා ආලෝචනා සැපයීමට සමත් වූ සුප්‍රකට දිනපොත ලිවීම 1897 ආසන්නයේ දී ඇරඹූ අතර එය 1918 දක්වා ම පවත්වාගෙන යාමට සමත් විය.[5] ඔහු පාසැල් සමයෙහි ඉතා රුචියෙන් යුතු ව සිය පාසැල් පොත්වල, විශේෂයෙන් විකට චිත්‍ර, ඇඳීමේ යෙදුණි. ඒවා ඒ වන විටත් රේඛාව හා පරිමාව පිළිබඳ නිපුණත්වය පෙන්නුම් කළේ ය.[6] ඔහු බර්න් "ජිම්නේසියමෙහි" අවසාන පරීක්ෂණය යන්තම් සමත් වී ගනිමින් මානව ශාස්ත්‍ර සඳහා සුදුසුකම් සපුරාගත්තේ ය. "අන්තිමේ දී "නිශ්චිත" අවමය අත්පත් කරගැනීම සෑහෙන අමාරු කාරියක් වන අතර ඒ සඳහා අවදානම් දැරීමට ද සිදු වෙයි" හෙතෙම තමාට ම ආවේණික වියලි මුඛරිකමෙන් යුතු ව ලියාතැබී ය.[7] සංගීතය හා චිත්‍ර කලාව කෙරෙහි වූ ගැඹුරු උද්යෝගයට අතිරේක ව ක්ලී සාහිත්‍යය පරිශීලනය කළ පාඨකයෙක් ද පසු ව කලා න්‍යාය හා සෞන්දර්යවේදය පිළිබඳ ලියූ ලේඛකයෙක් ද විය.[8]

දෙමාපියන්ගේ අදිමදිකිරීම් මැද ලැබුණු අවසරය ඇති ව ඔහු 1898 දී මියුනිච් හි ලලිත කලා ඇකඩමියෙහි අධ්‍යාපනය ආරම්භ කළේ ය. ඔහු සමග හයින්රිච් නීර් සහ ෆ්‍රාන්ස් ෆන් ස්ටක් ද වූහ. ඇඳීමෙහි විශිෂ්ටයකු වූ ඔහු ස්වාභාවික වර්ණ සංවේදීතා හීන වූවකු සේ පෙනිණි. "තෙවැනි සිසිරයේ දී මා කිසි දිනක චිත්‍රණය ඉගෙන ගනු නැතැයි වටහාගත් තරම් වීමි."[7] ක්ලී මේ තුරුණු ත්‍රාසකාමී සමයෙහි වැඩිමනත් කාලයක් තැබෑරුම්වල ද "පහළ පන්තියෙහි" ස්ත්‍රීන් හා සිත්තරුන්ගේ ආදර්ශ නිරූපිකාවන් සමග සබඳතා පවත්වමින් ද ගත කළේ ය. 1900 දී ඔහුට දා ව නීත්‍යනුකූල නො වූ පුතකු උපන් අතර උපතින් සති කීපයකට පසු එම දරුවා මියගියේ ය.

ලලිත කලා උපාධිය සම්පූර්ණ කළ පසු ක්ලී සිය මිත්‍ර හර්මාන් හලර් සමග 1901 ඔක්තෝබර් සිට 1902 මැයි දක්වා[9] ඉතාලියෙහි ගත කළේ ය. ඔව්හු රෝමය, ෆ්ලොරන්ස් හා නේපල්ස්හි වෙසෙමින් පසුගිය සියවස්වල විශිෂ්ට සිත්තරුන්ගේ කෘති අධ්‍යයනය කළහ.[10] "ෆෝරමය සහ වතිකානුව මට ආමන්ත්‍රණය කර ඇත. මනුෂ්‍යත්වයට මගේ ගෙළ මිරිකීමට ඇවැසි ය." ඔහු කියාසිටියේ ය.[11] ඔහු ඉතාලියෙහි වර්ණවලට ප්‍රතිචාර දැක්වූ නමුත් සෝබර ව මෙසේ සටහන් කළේ ය, "වර්ණය පිළිබඳ මේ ක්ෂේත්‍රයෙහි දීර්ඝ අරගලයක් මා අබියස සූදානම් ව තිබේ."[12]

සටහන් සහ මූලාශ්‍ර[සංස්කරණය]

අධෝලිපි[සංස්කරණය]

පෝල් ක්ලීගේ පියා ජර්මානු පුරවැසියකු වූ අතර මව ස්විට්සර්ලන්ත පුරවැසිනියකි. ස්විට්සර්ලන්ත නීතිය පුරවැසිභාවය නිර්ණය කළේ පිය පරපුරෙන් නිසා පෝල්ට උරුම වූයේ පියාගේ ජර්මානු පුරවැසිභාවය යි. ඔහු පළමු ලෝක යුද්ධයේ දී ජර්මානු හමුදාවේ සේවය කළේ ය. කෙසේ වතුදු, ක්ලී ස්විට්සර්ලන්තයේ බර්න් නගරයෙහි හැදී වැඩුණු අතර අවසන් වරට 1933 දී ජර්මනියෙන් සංක්‍රමණය වීමට පළමු ව පවා ඔහු නිතර එහි පැමිණියේ ය. ස්විස් පුරවැසිභාවය සඳහා යොමු කළ අයැදුම්පත අනුමත වීමට ප්‍රථම ඔහු අභාවප්‍රාප්ත විය.[13][14]

ආශ්‍රේය[සංස්කරණය]

පෝල් ක්ලීගේ පොත්, රචනා සහ දේශන[සංස්කරණය]

  • 1922 Beiträge zur bildnerischen Formlehre ('Contributions to a pictorial theory of form', part of his 1921-2 lectures at the Bauhaus)
  • 1923 Wege des Naturstudiums ('Ways of Studying Nature'), 4 pages. Published in the catalogue for the Erste Bauhaus Ausstellung (First Bauhaus Exhibition) in Summer 1923. Also published in Paul Klee Notebooks vol 1.
  • 1924 Über moderne Kunst ('On Modern Art'), lecture held at Paul Klee's exhibition at the Kunstverein in Jena on 26 January 1924
  • 1924 Pädagogisches Skizzenbuch ('Pedagogical Sketchbook')
  • 1949 Documente und Bilder aus den Jahren 1896-1930, ('Documents and images from the years 1896-1930'), Berne, Benteli
  • 1956 Graphik, ('Graphics'), Berne, Klipstein & Kornfeld
  • 1956 Schriften zur Form und Gestaltungslehre ('Writings on form and design theory') edited by Jürg Spiller (English edition: 'Paul Klee Notebooks')
    • 1956 Band I: Das bildnerische Denken., ('Volume I: the creative thinking'). 572 pages review. (English translation from German by Ralph Manheim: 'The thinking eye')
    • 1964 Band 2: Unendliche Naturgeschichte ('Volume 2: Infinite Natural History') (English translation from German by Heinz Norden: 'The Nature of Nature')
  • 1964 The Diaries of Paul Klee 1898-1918 ed. Felix Klee Berkley, University of California
  • 1976 Schriften, Rezensionen und Aufsätze edited by Ch. Geelhaar, Köln,
  • 1960 Gedichte, poems, edited by Felix Klee
  • 1962 Some poems by Paul Klee ed Anselm Hollo. London

වැඩිදුර කියැවීම්[සංස්කරණය]

  • Paul Klee: Catalogue Raisonné. 9 vols. Edited by the Paul Klee Foundation, Museum of Fine Arts, Berne. New York: Thames & Hudson, 1998–2004.
  • Paul Klee: 1933 published by Städtische Galerie im Lenbachhaus, Munich, Helmut Friedel. Contains essays in German by Pamela Kort, Osamu Okuda, and Otto Karl Werckmeister.
  • Reto Sorg und Osamu Okuda: Die satirische Muse – Hans Bloesch, Paul Klee und das Editionsprojekt Der Musterbürger. ZIP Zürich 2005 (Klee-Studien; 2), ISBN 3-909252-07-9
  • Kort, Pamela (2004-10-30). Comic Grotesque: Wit And Mockery In German Art, 1870-1940. PRESTEL. p. 208. ISBN 9783791331959. 2008-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-06-30.
  • Otto Karl Werckmeister: The Making of Paul Klee's Career, 1914-1920. University of Chicago Press, 343 pages, 125 halftones, 1984, 1989.
  • Marcel Franciscono: Paul Klee: His Work and Thought. University Of Chicago Press, 406 pages, 1991, ISBN 0-226-25990-0.
  • Wilhelm Hausenstein (1921) Kairuan oder eine Geschichte vom Maler Klee und von der Kunst dieses Zeitalters ('Kairuan or a History of the Artist Klee and the Art of this Age')

බාහිර සම්බන්ධක[සංස්කරණය]

උද්ධ්‍රැත[සංස්කරණය]

<references>

  1. Julie Rauer (2006). "Klee's Mandalas". asianart. සම්ප්‍රවේශය 2008-02-10.
  2. Gualtieri Di San Lazzaro, Klee, Praeger, New York, 1957, p. 16
  3. 3.0 3.1 Partsch, p. 8
  4. 4.0 4.1 Partsch, p. 9
  5. Partsch, p. 7
  6. Partsch, p. 10
  7. 7.0 7.1 Kagan, p. 22
  8. Jardi, p. 8
  9. Olga's Gallery Paul Klee
  10. Partsch, p. 11
  11. Jardi, p. 9
  12. Kagan, p. 23
  13. Fayal, M.: Paul Klee: A man made in Switzerland සංරක්ෂණය කළ පිටපත 2007-03-11 at the Wayback Machine, swissinfo, 25 May 2005. URL last accessed 2006-09-05.
  14. Zentrum Paul Klee: A Swiss without a red passport සංරක්ෂණය කළ පිටපත 2006-07-18 at the Wayback Machine. URL last accessed 2006-09-05.
"https://si.wikipedia.org/w/index.php?title=පෝල්_ක්ලී&oldid=592634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි