ද්වාරය:විද්‍යා ප්‍රබන්ධ
හැඳින්වීම
විද්‍යා ප්‍රබන්ධ වශයෙන් හැඳින්වෙන්නේ නවීන විද්‍යාත්මක පරිකල්පනයන් රසවත් කථාන්දර ලෙසින් ඉදිරිපත් කිරීම තුළින් බිහි ව ඇති සාහිත්‍යය යි. මෙහි දී බොහෝ විට විද්‍යාවේ සහ තාක්ෂණයේ විස්මයජනක අනාගත වර්ධනයන්, අභ්‍යවකාශ තරණය (space exploration), වෙනත් ග්‍රහලෝක පද්ධති ජනාවාස කිරීම (space colonization), දුරස්ථ ග්‍රහලෝකවල පැවතිය හැකි බුද්ධිමය ජීවීන් (extraterrestrial/alien life), කාලතරණය (time travel), සමාන්තර විශ්ව (parallel universes) වැනි පවතින අනාගතවාදී (futurism) සහ විද්‍යාත්මක තේමා ඇසුරු කරගනිමින් කථා ලියැවෙනු දැකිය හැකි ය.
මෙම සාහිත්‍ය විසින් විද්‍යාත්මක සහ තාක්ෂණික නව සොයාගැනීම් පිළිබඳ පරිකල්පනයන් නැතිනම් අනාවැකි ඉදිරිපත් කිරීම මෙන් ම ඒ ආශ්‍රිත ව සමාජය මුහුණ දිය හැකි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීම ද සිදු වේ. ඓතිහාසික ව ගත්විට විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අද දවසේ යතාර්ථයක් ව ඇති ඇතැම් විද්‍යාත්මක නිපැයුම් පිළිබඳ සාර්ථක අනාවැකි ඉදිරිපත් කිරීමට ද සමත් වී ඇති අතර වත්මන් සමාජයේ පවතින විෂමතා ආදිය පිළිබඳ විවේචන සහ ඒවාට විකල්ප ඉදිරිපත් කිරීමට ඇතැම් ලේඛකයන් විසින් යොදාගෙන තිබේ. (තව දුරටත්...)
තෝරාගත් ලිපි
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.













