Image 1සැල්ෆර්ඩ් සරසවියේ විශේෂඥ්ඥවරියක වන බාර්බරා හැස්ටිං එක්සත් රාජධානියේ පාසැල්වල සිදුකරන Contraception නම් කාඩ්පත් ආශ්රිත ලිංගික අධ්‍යාපන ක්රීඩාවහි යෙදෙමින්
ලිංගිකත්ව අධ්‍යාපනය යනු චිත්තවේගී සම්බන්ධතා සහ වගකීම්,
ලිංගික අවයවයන්හි අභ්‍යන්තර ව්‍යුහය,
ලිංගික හැසිරීම්, ලිංගික ප්‍රජනනය, අවම නෛතික සීමාව(age of consent), සෞඛ්‍යය, අයිතිවාසිකම්, වගකීමෙන් යුතු ලිංගික හැසිරීම් (Safe sex),
උපත් පාලනය සහ ලිංගික වේරමණිය (sexual abstinence) ආදී මිනිසාගේ ලිංගිකත්වය හා සබැඳි පිළිබඳ දැනුම ලබාදීමයි.සාමාන්‍ය ක්‍රමය නම් දෙමාපියන් වැඩිහිටියන් ගෙන් හා පාසැල් වැඩසටහන් මෙන්ම පොදු සෞඛ්‍ය වැඩමුළු වලදී මේ ගැන දැනුවත් කිරීමයි.ඉහත සදහන් සියලු ම අංශයන් ආවරණය කෙරෙන ලිංගික අධ්‍යාපනය පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් වශයෙන් හඳුනාගත හැකි ය.
සාම්ප්‍රදායික ව බොහෝ
සංස්කෘතීන්හි ලිංගික කරුණු සංවාදයට නුසුදුසු ලෙස සැලකුණු බැවින් යෞවනයන් ලිංගික කරුණු පිළිබඳ ව දැනුවත් නොකෙරුණි. එ් පිළිබඳ ව දැනුවත් කිරීම සාම්ප්‍රදායික ව පැවරුණේ දැරියගේ මව්පියන් වෙත වූ අතර මෙය නිරතුරු ව අැයගේ විවාහාසන්නය තෙක් කල් දමනු ලැබිණි.කෙසේ නමුත් 19වන සියවසේ අැරඹි ප්රගතිශීලී ඉගෙනුම් ව්‍යාපාරය (
Progressive education movement) විසින් උතුරු අැමරිකානු පාසල් විෂය මාලාවට සමාජ සවස්ථතාව (
Social hugiene) හඳුන්වා දීමත් සමග පාසල් පාදක ලිංගික අධ්‍යාපනයට මගපෑදිනි.පාසල් පාදක ලිංගික අධ්‍යාපනයක් උදෙසා වූ මුල්කාලීන ප්රයත්නයන් නොතකමින් ලිංගික කරුණු පිළිබඳ බොහෝ තොරතුරු 20 වන සියවසේ මැදභාගයේ අත්කරගැනුනේ මිතුරියන් සහ
ජනමාධ්‍ය වෙතින් අවිධිමත් අන්දමිනි. යෞවනෝදයෙන් ඉක්බිති ලිංගික කරුණු පිළිබඳ ව කුතුහලය බෙහෙවින් තියුණු වන අවධියෙහි පැතිරුණු මෙම තොරතුරු බොහෝමයක් උෟනතාවන් සහිත සහ අවිශ්වසනීය ද විය. 1960 ගණන් වලින් පසු විශේෂයෙන් ම බටහිර රටවල පැතිරී ගිය නවයොවුන් ගැබ්ගැනීම් විසින් මෙම දැනුම් උෟනතාවය වඩාත් ඉස්මතු කෙරුණි. මෙවැනි ගැබ්ගැනීම් වැළැක්වීම සදහා විවිධ රටවල රජයන් විසින් ගත් ප්රයත්නයක් වශයෙන් මව්පියන්ගේ සහ අාගමික කණ්ඩායම්වල දැඩි විරෝධය මධ්‍යයෙහි ලිංගික අධ්‍යාපන වැඩසටහන් ස්ථාපිත කෙරුණි. (
තව දුරටත්...)