ගජබා රෙජිමේන්තුව

විකිපීඩියා වෙතින්


ගජබා රෙජිමේන්තුව
Gajaba Regiment
ඇරඹුනේ1983 ඔක්තෝබර් 14
රටශ්‍රී ලංකාව
අංශයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේනාව/මූලයසාලියපුර හමුදා කදවුර, අනුරාධපුරය
ආදර්ශ පාඨය"සමගිය ශක්තියයි"
Anniversariesඔක්තෝබර් 14
ගැටුම්ශ්‍රී ලංකා‍වේ සිවිල් යුද්ධය
ආඥාපතිවරු
Colonel of
the Regiment
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
සංගන්‍ය
ආඥාපතිවරු
මේජර් ජෙනරාල් විජය විමලරත්න

ගජබා රෙජිමේන්තුව යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල රෙජිමේන්තුවකි . 1 වන රජරට රයිෆල්ස් බලඇණිය සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණිය 1983 දී ඒකාබද්ධ කරන විට පිහිටුවන ලදී. එය නිත්‍ය බලඇණි හයකින් සහ ස්වේච්ඡා බලඇණි පහකින් සමන්විත වේ. ප්‍රධාන කාර්යාලය , සාලියපුර හමුදා කදවුර, අනුරාධපුර යන ස්ථානයෙහි පිහිටා තිබේ. එය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ රණශූරයෙකු වන පළමු වන ගජබාහු රජුගේ නමිනි.

රෙජිමේන්තුවේ 1 වන බලඇණිය 1983 ඔක්තෝබර් 14 වන දින සාලියාපුර කඳවුරේ ලුතිනන් කර්නල් (පසුව මේජර් ජෙනරාල් ) විජය විමලරත්නගේ අණ යටතේ රජරට රයිෆල්ස් සහ විජයබාහු පාබල රෙජිමේන්තුව ඒකාබද්ධ කිරීමත් සමඟ පිහිටුවන ලදී. ගජබා රෙජිමේන්තුවේ නිළ ලාංඡනය පලිහක්, කෙටේරි (සටන අක්ෂ) දෙකක් සහ උඩරට වෙඩි බෙහෙත් මංජුසාවකින් සමන්විත වේ. ශ්‍රී ලංකා සිවිල් යුද්ධය හේතුවෙන් රෙජිමේන්තුව වේගයෙන් ව්‍යාප්ත වූ අතර එම කාලය තුළ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ පිරිස් 3,500 ක් මරුමුවට පත්විය. [1]

2007 ජනවාරි 11 වන දින රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ ප්‍රදානය කරන ලද්දේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. 2008 දී හයිටියේ එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුමට සහභාගී වීම සඳහා රෙජිමේන්තුවේ භට පිරිසක් ද යවන ලදි.

ඒකක[සංස්කරණය]

නිත්‍ය[සංස්කරණය]

  • [01]- 1 වන ගජබා බලඇණිය
  • [02]- 3 වන ගජබා බලඇණිය
  • [03]- 6 වන ගජබා බලඇණිය
  • [04]- 8 වන ගජබා බලඇණිය
  • [05]- 9 වන ගජබා බලඇණිය
  • [06]- 10 වන ගජබා බලඇණිය
  • [07]- 12 වන ගජබා බලඇණිය
  • [08]- 14 වන ගජබා බලඇණිය
  • [09]- 16 වන ගජබා බලඇණිය
  • [10]- 20 වන ගජබා බලඇණිය
  • [11]- 22 වන ගජබා බලඇණිය
  • [12]- 23 වන ගජබා බලඇණිය
  • [13]- 24 වන ගජබා බලඇණිය

ස්වේච්ඡා[සංස්කරණය]

  • [14]- 2 වන (v) ගජබා බලඇණිය
  • [15]- 5 වන (v) ගජබා බලඇණිය
  • [16]- 7 වන (v) ගජබා බලඇණිය
  • [17]- 11 වන (v) ගජබා බලඇණිය
  • [18]- 15 වන (v) ගජබා බලඇණිය
  • [19]- 17 වන (v) ගජබා බලඇණිය
  • ස්තාන

පරම වීර විභූෂන ලාබීන්[සංස්කරණය]

විශිෂ්ඨ සාමාජිකයන්[සංස්කරණය]

පූර්වාදර්ශ අනුපිළිවෙල[සංස්කරණය]

සැකිල්ල:Order of precedence

මෙයද බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. Gajaba Regiment Silver Jubile[භින්න වූ සබැඳිය]
  2. Ferdinando, Shamindra. "Army loses hero of Kokilai battle". Island. සම්ප්‍රවේශය 10 April 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ගජබා_රෙජිමේන්තුව&oldid=537206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි