Jump to content

පසන් ගුණසේකර

විකිපීඩියා වෙතින්
පසන් ගුණසේකර
උපත1964 නොවැම්බර් 9
මිල්ලව, කුරුණෑගල,ශ්‍රී ලංකාව
මරනය1995 නොවැම්බර් 29
යාපනය, ශ්‍රී ලංකාව
පක්ෂපාතීත්වයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවා කාලය1985-1995
නිලයවොරන්ට් ඔෆිසර් -2,l
ඒකකයගජබා රෙජිමේන්තුව
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානපරම වීර විභූෂණය


බලලත් නිලධාරි දෙවන පංතිය එච්.බී. පසන් ගුණසේකර PWV, WWV, RSP, GR (නොවැම්බර 9, 1964 - නොවැම්බර් 29, 1995) යනු ශ්‍රී ලංකාවේ, යාපනයෙහිදී, රිවිරැස මෙහෙයුම තුලදී ඔහුගේ වීර ක්‍රියා වෙනුවෙන්, මාණ්ඩලික සැරයන් සිට බලලත් නිලධාරි දෙවන පංතිය පංතිය දක්වා මරණාපර ලෙසින් උසස්වීමක් ලබා, බහුමානය සඳහ‍ා ශ්‍රී ලංකාවෙහි පිරිනැමෙන උසස්තම හමුදා භූෂණය වන පරම වීර විභූෂණය (PWV) පදක්කම වෙතින් පිදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධිකාරි-නොලත් නිලධාරිවරයෙකි.

වොරන්ට් ඔෆිසර් -2, පසන් ගුණසේකර, රිවිරැස මෙහෙයුමේ ක්‍රමෝපායික ලෙස ඉතාමත් වැදගත් තීරනාත්මක සටනකදී , තම ජීවිතය උදෙසා වන බරපතල අන්තුර නොසලකමින්, ස්වෙච්චාවෙන් ඉදිරිපත්වී, සටන ජයග්‍රහනය කරා මෙහෙයවීය. නමුත් , මෙම සටනේදී ඔහුට වැදුන වෙඩි ප්‍රහාර කීපයක් නිසා ජීවිතක්ෂයට පත් විය. නමුත්, ඔහුගේ ( සහ ඔහුගේ කුඩා කණ්ඩායමේ) , උත්සාහය හේතුවෙන්, යාපනය නගරය තුල සටන් වදින කොටි ත්‍රස්ත්‍රවාදීන් සහ , අර්ධද්වීපයන් පිටත ත්‍රස්ත්‍රවාදීන් අතර මුහුදින් වූ සැපයුම් මාරගය බිදවැටුනි. මේ අතිශය වැදගත්, තීරනාත්මක කරුන අනෙත් සෙබලුන්ට යාපනය අවසානයේ දී අල්ලා ගැනීමට තීරනාත්මක ලෙස බලපෑවෙය. එම වීර ක්‍රියාව උදෙසා, ඔහුට පසුව නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන පරම වීර විභූෂණය පුද කරණ ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=පසන්_ගුණසේකර&oldid=290699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි