Jump to content

කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක

විකිපීඩියා වෙතින්
දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක
මරනයනොවැම්බර්, 1993
පූනරින්, ශ්‍රී ලංකාව
පක්ෂපාතීත්වයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවා කාලය1990-1993
නිලයදෙවෙනි ලුතිනන්
ඒකකයගජබා රෙජිමේන්තුව
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානපරම වීර විභූෂණය

දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක ( - නොවැම්බර් , 1993) නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන "පරම වීර විභූෂනය" පදක්කම ලබාගත් නිලධාරීන් විසි නව දෙනාගෙන් එක් නිලධාරියෙකි. ඔහු අවසාන වරට සේවය කලේ පූනරින් කඳවුරට අනුබද්ධිත හමුදා අනුඛණ්ඩයක අණදෙන නිලධාරියා වශයෙනි. ඔහු තමා අණදුන් අනුඛණ්ඩයේ භටයන් 1993 නොවැම්බර් 11 දින ප. ව. 1.30 ට පමණ කොටි ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකට ලක්වූ අවස්ථාවේ , තුවාල ලැබූ සෙබලුන් හා සෙසු අයවලුන් හට පසුබැසීම උදෙසා තනිවම සතුරාගේ ගමන ප්‍රමාද කිර්‍රීමේ නිර්භීත ප්‍රයත්නයේ දී ජීවිතක්ෂයට පත්විය.

මරණයෙන් පසු දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක, 1996 දී පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබිය.

"https://si.wikipedia.org/w/index.php?title=කේ.ඩබ්ලිව්.ටී_නිශ්ශංක&oldid=456248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි