ගංගා (2017 රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
ගංගා
ගංගා තේමා රුව
ප්‍රභේදයසෝප් ඔපෙරා
අධිස්වාභාවික
ෆැන්ටසි
ත්‍රාසකය
පේම වෘත්තාන්ත
රචනය කලේදිව්‍යා සරත්
සී. යූ. මුතුසෙල්වන්
අශෝකන් (දෙබස්)
අධ්‍යක්ෂණය කලේආර්. ඉලවරසන්
එන්. සුන්දරේශ්වරන්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)සුජාතා විජයිකුමාර්
රඟපෑමකල්‍යාණි
ප්‍රදීප් බෙනටෝ රයන්
මෞනිකා
විම්ල වෙන්කටේසන්
තේමා සංගීත නිර්මාණකරුශ්‍රීකාන්ත් දේවා
ඇරඹුම් තේමාව"ගංගම්මා"
ගායකයා (ගායනය)
කිරුතියා (පද)
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)දෙමළ
කථාවාර සංඛ්‍යාව2
කථාංග ගණන41 (2017 පෙබරවාරි 18 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)හෝම් මූවි මේකර්ස්
සංස්කාරක(යන්)මණිකන්ඩන් රවී
අක්බර් බාෂා
ස්ථානය(න්)තමිල් නාඩු
සිනෙමාරූපණයවසීගරන්
පී. චිතිරෛසෙල්වන්
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 20-22
නිෂ්පාදන සමාගමහෝම් මූවි මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්
ප්‍රචාරණය
මුල් නාලිකාවසන් ටීවී
මුල් ධාවනය2 ජනවාරි 2017 (2017-01-02) – වර්තමානය
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේපාසමලර්

ගංගා (දෙමළ: கங்கா) යනු 2017 ඉන්දියානු දෙමළ-භාෂා අධිස්වාභාවික ෆැන්ටසි සංත්‍රාස සෝප් ඔපෙරාවකි. මෙහි පළමු කථාවාරයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ පියාලි, මෞනිකා, ප්‍රදීප්, අනුරාධා සහ යුවරාණි විසිනි. මෙය 2016-2017 වර්ෂවල ජෙමිනි ටීවී ඔස්සේ විකාශය වූ තෙලිඟු රූපවාහිනී කතාමාලාවක් වන සප්ත මාත්‍රිකාහි ප්‍රතිනිර්මාණයකි. පාසමලර් කතාමාලාව විස්ථාපනය කරමින් මෙය සන් ටීවී ඔස්සේ 2017 ජනවාරි 2 දින සිට, සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 6:30ට (IST) විකාශය වේ.[1][2] මෙහි දෙවන කථාවාරයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රදීප් බෙනටෝ රයන්, මෞනිකා, කල්‍යාණි, විමල් වෙන්කටේසන්, ගීර්තනා, අරවින්ද් සහ ශ්‍රී පද්මා විසිනි.

කථා පුවත[සංස්කරණය]

වාරය 01

මෙමගින් කණ්ණිකපුරම් ගම්මානයේ විවාපත් නොවූ යුවතියන් හට ගංගා සිදුකළ ශාපය නිරූපණය වේ. අභිරාමි (පියාලි පී. මුන්සි) ගම්මානයට සිදුකළ ශාපය බිඳ හෙළා තමන් පෙම් කරන තරුණයාව විවාහ කරගන්නට උත්සාහ කරයි.

වාරය 02

විවාහයෙන් පසුව ශිවා සහ ගෞරිගේ දිවිය මෙමගින් නිරූපණය වේ.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත
  • ප්‍රදීප් පෙනටෝ රයන්, ශිවා ලෙස; ගෞරිගේ සැමියායි. (1 කථාංගය – වර්තමානය)
  • මෞනිකා, ගෞරි ලෙස (131 කථාංගය – වර්තමානය)
  • විමල් වෙන්කටේසන්, ජෙයසිම්මා ලෙස (131 කථාංගය – වර්තමානය)
  • කල්‍යාණි, මලර් ලෙස (200 කථාංගය – වර්තමානය)
සහාය චරිත
  • ගීර්තනා, සෞම්‍යා ලෙස; අභිරාමිගේ සොයුරිය සහ ක්‍රිෂ්ණාගේ භාර්යාවයි.
  • අරවින්ද්, ක්‍රිෂ්ණා ලෙස
  • ජීකේ, නරසිංහ ලෙස; භූපතිගේ පුත්‍රයායි.
  • ශ්‍රී පද්මා, නරසිංහගේ බිරිය ලෙස
  • ප්‍රභාවතී
  • රවි රාජ්
  • ප්‍රේමි
  • සුබලක්ෂ්මී රංගන්, කාර්තිකා ලෙස
  • අනුරාධා, අලංගාරා නාචියාර් ලෙස (44 කථාංගය – වර්තමානය)
හිටපු චරිත
  • පියාලි පී. මුන්සි, අභිරාමි ලෙස (කථාංග 1-185)
  • යුවරාණි, කණකා ලෙස; ශිවාගේ මවයි. (මියගිය) (කථාංග 8-186)
  • මංජු භාර්ගවී, අලංගාරා නාචියාර් ලෙස (කථාංග 1-43)
  • එල්. රාජා, අබිරාමි හා සෞම්‍යාගේ පියා ලෙස (කථාංග 1-185)
  • නවීන් වික්ටර්, පිරභා ලෙස (මියගිය) (කථාංග 1-95)
  • විජාකෘෂ්ණා රාජ්, සමින්දර් භූපති ලෙස
  • නවීන් අරක්කාල්
  • අශෝක් කන්නා
  • මෞනිකා, ගංගම්මා ලෙස (කථාංග 1-185)
  • කවිතා

නළුවරණය[සංස්කරණය]

1 කථාවාරය

නිළි පියාලි පී. මුන්සි මෙහි ප්‍රධාන චරිතය වන අභිරාමි සඳහා තෝරාගැනිණි. ඇගේ ප්‍රථම දෙමළ-භාෂා කතාමාලාව මෙයයි. ඇය මින් පෙර සියා කේ රාම්, සසුරාල් සිමර් කා, සන්තෝෂි මා සහ සාව්ධාන් ඉන්ඩියා වැනි හින්දි කතාමාලාවල රංගනයෙන් දායක වී ඇත. තෙලිඟු නිළි මෞනිකා‍ගේ ප්‍රථම දෙමළ කතාමාලාව ද මෙයයි. මෙහි ප්‍රධාන චරිතයක් වන ශිවාගේ චරිතය සඳහා ප්‍රදීප් තෝරාගැනිණි. හෝම් මූවි මේකර්ස්හි රූපවාහිනී කතාමාලාවක් වූ පාසමලර්හි රංගනයෙන් දායක වූ නිළි යුවරාණි මෙහි ශිවාගේ මවගේ චරිතය නිරූපණය කරයි. මංජු භාර්ගවී මෙහි ඍණාත්මක චරිතයක් වන අලංගාරා නාචියාර්ගේ චරිතය නිරූපණයට ‍තෝරාගැනුණු නමුත්, පසුව කථාංගය 44 සිට ඒ ‍සඳහා අනුරාධා ආදේශ කෙරිණි.

2 කථාවාරය

2වන කථාවාරය ප්‍රේම වෘත්තාන්ත පවුලේ කථාවකි. මෙහි නව චරිතය වූ මලර් සඳහා පූර්ණිතා නිළිය තෝරාගැනිණි. ඇය වඩාත් ප්‍රකට වූයේ අන්නමලෛ, පිරිවෝම් සන්තිප්පෝම්: වාරය 1, තායුමාණවන් සහ අන්ඩල් අලගර් වැනි කතාමාලා තුළිනි. පළමු කථාවාරයේ විසූ ප්‍රදීප් බෙනටෝ රයන්, මෞනිකා, විමල් වෙන්කටේසන්, ගීර්තනා, අරවින්ද් සහ ශ්‍රී පද්මා වැනි නළු නිළියන් ද මෙහි දක්නට ලැබේ.

කථාවාර දළ විශ්ලේෂණය[සංස්කරණය]

වාරය කථාංග මුල් විකාශය කාලය ගණය
පළමු විකාශය අවසන් විකාශය
1 1-186 2 ජනවාරි 2017 (2017-01-02) 8 අගෝස්තු 2017 (2017-08-08) සඳුදා - සෙනුසරාදා
ප.ව. 6:30 (IST)
අධිස්වාභාවික
ෆැන්ටසි
ත්‍රාසකය
ප්‍රේම වෘත්තාන්ත
පවුල
2 187 – වර්තමානය 9 අගෝස්තු 2017 (2017-08-09) වර්තමානය සඳුදා - සෙනසුරාදා
ප.ව. 6:30 (IST)
ප්‍රේම වෘත්තාන්ත
පවුල

මුල් ධ්වනිපථය[සංස්කරණය]

තේමා ගීතය[සංස්කරණය]

මෙය රචනා කරන ලද්දේ පද රචක කිරුතියා විසිනි. මෙහි සංගීත නිර්මාණය සංගීත අධ්‍යක්ෂ ශ්‍රීකාන්ත් දේවා විසින් සිදුකළ අතර ගායනය සිදු කරන්නේ අනන්තු විසිනි.

ධ්වනිපථය[සංස්කරණය]

පථ ලැයිස්තුකරණය
අංකය. ගීතයගායක(යින්) කාලය
1. "ගංගම්මා
(கங்கம்மா)"  
අනන්තු 4:00

ප්‍රමාණන[සංස්කරණය]

2017 විකාශන කාලය තුළ ගංගා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමි කරගත්තේ ය. 2017 අගෝස්තු වන විට මෙම කතාමාලාවේ නිල නාළිකාව වෙත ‍පැමිණෙන්නන් පිරිස ඉහළ ගොස් තිබිණි.

වර්ෂය කථාංග විකාශන දිනය BARC ඇගයීම් (තමිල් නාඩු + පුදුචෙරි)
දීපව්‍යාප්ත (තමිල් නාඩු + පුදුචෙරි) යූටියුබ් නැරඹීම් (ලොව පුරා)
2017 1 - 50 2017 ජනවාරි 2 – 2017 මාර්තු 1 3% - 4% (කථාංගයකට) 50000+ කථාංගයකට
2017 51 - 100 2017 මාර්තු 2 – 2017 අප්‍රේල් 29 5% - 7% (කථාංගයකට) 60000+ කථාංගයකට
2017 101 - 150 2017 මාර්තු 2 – 2017 ජූනි 27 4% - 7% (කථාංගයකට) 50000+ කථාංගයකට
2017 151 - 200 2017 ජූනි 28 – 2017 අගෝස්තු 24 4% - 5% (කථාංගයකට) 40000+ කථාංගයකට
2017 201 - 250 2017 අගෝස්තු 25 - % - % (කථාංගයකට) + කථාංගයකට

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

මෙම කතාමාලාව 2017 ජනවාරි 2 සිට සන් ටීවී ඔස්සේ මුදාහැරුණු අතර, එය සන් ටීවී HD තුළින් ද විකාශය වේ. මෙය නාළිකාවේ අනර්තර්ජාතික බෙදාහැරීම ඔස්සේ විදේශයන්හි ද විකාශය කෙරේ. එය ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග, එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපය, ඕෂනියාව, දකුණු අප්‍රිකාව සහ උප සහරානු අප්‍රිකාව තුළ සන් ටීවී ඔස්සේ විකාශය කෙරේ. වැඩසටහනේ කථාංග හෝම් මූවි මේකර්ස් යූටියුබ් නාළිකාව තුළින් ද මුදාහැරිණි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "சாபமாய்த் துரத்தும் கங்கா New serial On Sun TV". www.vikatan.com.
  2. "Ganga Serial Page". www.sunnetwork.in.

බාහිර සබැඳි[සංස්කරණය]