වම්සම් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
වම්සම්
වම්සම් තේමා පාඨය
ප්‍රභේදයදෙමළ සෝප් ඔපෙරා
නාට්‍ය
රචනය කලේඑස්. අශෝක් කුමාර්
අධ්‍යක්ෂණය කලේසී. ජේ. භාස්කර්
කේ. රජීව් ප්‍රසාද්
අරුල්රාජ්
වී. සධාසිවම්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)රම්‍යා ක්‍රිෂ්ණන්
රඟපෑමරම්‍යා ක්‍රිෂ්ණන්
සායි කිරාන්
සන්ධ්‍යා ජගර්ලාමුන්ඩි
සක්ති සරවනන්
ඇරඹුම් තේමාව"ඔරුවල්ලුම් කරිවිල්ලුදන්"
ගනා බාලා (ස්වර සහ ගී පද)
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)දෙමළ
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන1000 (2016 ඔක්තෝබර් 14 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)වෛදේහි රාමමූර්ති
ස්ථානය(න්)තමිල් නාඩු
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න වශයෙන් කතාංගයක් සඳහා මිනිත්තු 20-22
නිෂ්පාදන සමාගමවිෂන් ටයිම්
ප්‍රචාරණය
මුල් නාලිකාවසන් ටීවී
මුල් ධාවනය10 ජුනි 2013 (2013-06-10) – වර්තමානය
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේරාජකුමාරි
අනුගමනය වනුයේN/A

වම්සම් යනු විෂන් ටයිම් සමාගම විසින් නිෂ්පාදනය කළ දෙමළ සෝප් ඔපෙරාවකි.[1] සී. ජේ. භාස්කර්, කේ. රජීව් ප්‍රසාද්, අරුල්රායි සහ වී. සධාසිවම් යන තැනැත්තන් විසින් අධ්‍යක්ෂණය කළ මෙය 2013 ජූනි 10 දින විකාශය අරඹන ලදී. සන් ටීවී නාළිකාව ඔස්සේ මෙය සඳදා සිට සෙනසුරාදා දක්වා දිනයන්හි සවස් කාලයේ විකාශය විය.[2] රම්‍යා ක්‍රිෂ්ණන්, සායි කිරාන්, සන්ධ්‍යා ජගර්ලමුන්ඩි, සක්ති සරවනන්, සීමා සහ සාක්ෂි සිවා යන අය විසින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. 2016 ඔක්තෝබර් 14 දින මෙම කතාමාලාව එහි 1000වන කතාංගය පසුකළේ ය.

කථා සාරාංශය[සංස්කරණය]

‍කථාව ආරම්භ වන්නේ ශක්ති (රම්‍යා ක්‍රිෂ්ණන්) සිය ඥාතීන් සොයාගෙන, සිය මව සිය මාමා වූ වෙට්‍රිවේල් අන්නාචි (විජයකුමාර්) සමගත්, ඇගේ පියා ඇගේ නැන්දණිය වූ නාගවල්ලි (වඩිවුක්කරසි) සමගත් යළි එකතු කිරීමට උත්සාහ දැරීමත් සමගයි. නමුත් නාගවල්ලි විසින් සැලසුම් කරන ලද මාරක අනතුරකින් ශක්තිගේ දෙමාපියන් මියයන අතර, ඇය පමණක් ඉතිරි වේ. බොහෝ සිදුවීම්වලින් පසුව, ඇය පොන්නුරංගම් (සායි කිරාන්) සමග විවාහ වෙයි. අනතුරෙන් පසු දිගුකාලයක් ඇගෙන් වෙන් වී සිටි ශක්තිගේ නිවුන් සොයුරිය වූ අර්චනා අයිඒඑස් (රම්‍යා ක්‍රිෂ්ණන්) ශක්ති මෙන් රඟපාන බව හෙළිවෙයි. ඇය මෙය සිදුකරන ලද්දේ සිය දෙමාපියන් මියගිය අනතුරේ දී, ශක්ති දැඩිලෙස රෝගී භාවයට පත්වීම නිසායි. පළමුවරට රෝහලේ දී සිය නිවුන් සොයුරියව මුණගැසුණු අවස්ථාවේ ශක්ති ඇයට තමන් මෙන් රඟපා නාගවල්ලිව පරාජය කොට සිය පවුල ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටීම එයට හේතුවයි. අර්චනාට පසුව ඇගේ සැබෑ අනන්‍යතාව හෙළි කිරීමට අවශ්‍ය වුවත්, අර්චනාගේ මිනීමැරුම වෙනුවෙන් ඇගේ සැමියා වූ පොන්නුරංගම් සිරභාරයට ගත් අවස්ථාවේ, ඇයට සත්‍යය හෙළි කිරීමට සිදු වේ. ඇය ශක්ති නොව අර්චනා අයිඒඑස් බව හෙළිවීමත් සමග, පොන්නුරංගම් සහ ශක්තිගේ පවුලේ බොහෝ දෙනා අර්චනාව නොසලකා හරින අතර, ඇයට සලකන්නේ පිට අයකුට මෙනි. නිවසේ කටයුතු පවා ඇයට සිදු කිරීමට බලකෙරෙයි. සිය සැමියා වූ පොන්නුරංගම්ගේ බලකිරීම හේතුවෙන් අර්චනාට වරක් චෙන්නායි දිසාපති තනතුර ද ප්‍රතික්ෂේප කිරීමට සිදු වෙයි. මේ අතර මුලින් ශක්ති (සැබැවින්ම අර්චනා) සමග විවාහ වීමට ‍අපේක්ෂාවෙන් සිටි මාධන් වෛද්‍යවරයා (සක්ති සරවනන්), භූමිකා (සන්ධ්‍යා) නැමැත්තිය සමග විවාහ වෙයි. භූමිකාව මඳකලෙකින්ම අප්‍රිය වන ඔහු භූමිකාගෙන් වෙන්වීමට නොයෙකුත් උපක්‍රම දරයි. පළමුව සුප්‍රියා (රේෂ්මා) සමග විවාහ වීමට උත්සාහ දරන ඔහු, පසුව නිළි/ ග්වලියාර් ඉලවරසි මයිනා (සන්ධ්‍යා) සමගත් විවාහ වීමට උත්සාහ දරයි. භූමිකා සතුව දරුවකු සිටිය ද, ඔහු මයිනා සමග විවාහ වෙයි. අර්චනාට ද නිවුන් දරුවන් දෙදෙනකු ලැබෙන්නට සිටියි. නමුත් පොන්නුරංගම් සිය දියණියක් රුක්මිණිගේ සැමියා වූ ක්‍රිෂ්ණාට සහ නැන්දණිය වූ සොලෛයම්මා (කේ. එස්. ජයලක්ෂ්මි) හට ලබා දීමට තීරණය කරයි. රුක්මිණිට සිය දරුවා සයවරක් අහිමි වී තිබූ හෙයින්, ඇගේ දිවිය ආරක්ෂා කරගැනීමටයි ඔහු එසේ සිදුකරන්නේ. නමුත් පසුව සෝලෛයම්මා දරුවා ඔහුට දීමට අකමැති වන්නේ ඇයට රුක්මිණිගේ කෝටි 500 වත්කම ලබාගැනීමට අවශ්‍යව තිබූ නිසායි. තම දරුවා නැවත භාරගැනීම සහ අර්චනාට සත්‍යය පැවසීම යන උභතෝකෝටික ප්‍රශ්න දෙක අතර පෝන්නුරංගම් දැවෙයි. මාධන්ගේ ආකර්ෂණය හිමි කරගැනීම පිණිස භූමිකා මයිනා ලෙස රඟපාන බව වසන්තා දැනගනියි. මේ වනවිට, ශක්ති සිංගප්පූරුවේ දිවි ගෙවන අතර, ඇය අර්චනාට උපකාර කරයි. සිය කපටි නැන්දම්මා සහ සැමියා පිළිබඳ රුක්මිණි වටහා ගනියි. ඇය අර්චනාගේ නිවසේ රැඳී සිටින්නේ තමන් සිංගප්පූරුවට ගොස් ඇති බවට සෝලෛයම්මා සහ ක්‍රිෂ්ණාව රැවටීම සඳහායි. රෝජා සහ රාමමණි ද මේ පිළිබඳ සොයති‍. සුභාශ්‍රී යනු අර්චනාගේ දියණිය බවට අධිකරණය තීන්දුවක් ලබා දෙන අතර, සෝලෛයම්මා රුක්මිණිට නිවසට පැමිණීමට ඉඩ නොදෙන්නී ය. මේ අතර මාධන් සහ වසන්තා, භූමිකාගේ කරදරයෙන් බේරීමට උත්සාහ දරන අතර සෝලෛයම්මා රුක්මිණිගේ කෝටි 500ක බූදලය අයිති කරගැනීමට උත්සාහ දරයි. මේ අතර අර්චනාට ඇගේ පවුල කාංචනාගෙන් ආරක්ෂා කරගැනීමට ද සිදු වෙයි. මේ වනවිට, භූමිකාට සිය පියාව හඳුනාගන්නට ලැබෙයි. ඇගේ හැඩරුව වසර 25කට පෙර මියගිය ඇගේ මව වූ දේවිකාට සමාන ය. අර්චනාගේ කටයුතු හේතුවෙන් පොන්නුරංගම් මේ වනවිට සහකාර කොමසාරිස්වරයකු බවට පත්ව සිටියි. එසේම මේ වනවිට මාධන් ද යහපත් ස්වභාවයට පැමිණ ඇති අතර, ඔහුට අවශ්‍ය වන්නේ භූමිකාව යළි සොයාගෙන යහපත් දිවියක් ගත කිරීමටයි. රාධාගේ දරුවාගේ පියා වෙන කවරකුවත් නොව ජ්‍යෝතිකා සමග විවාහ ගිවිසගෙන සිටින නන්දකුමාර් බව මාධන් අනාවරණය කරගනියි. ඔහු සහ රාධා එක්ව මෙම විවාහය නතර කිරීමට ප්‍රයත්න දරති. විවාහයේ දී නොයෙකුත් බාධා පැනනගින අතර, අවසානයේ රාධාව විවාහ කරගැනීමට නන්දකුමාර්ට බලකෙරෙයි. කෙසේනමුත්, කෲර පුද්ගලයකු වූ ඔහු ජ්‍යෝතිකාව විවාහ කරගැනීමේ අරමුණින්, ජ්‍යෝතිකා, භූමිකා සහ සර්වේශ්ව පැහැරගනියි.

ප්‍රධාන චරිත[සංස්කරණය]

  • රම්‍යා ක්‍රිෂ්ණන්, අර්චනා පොන්නුරංගම් සහ ශක්ති ලෙස (ද්විත්ව රංගනය)
  • සායි කිරාන්, ඒසීපී පොන්නුරංගම් සහ එස්. එස්. පාණ්ඩියන් ලෙස
  • සන්ධ්‍යා, භූමිකා මාධන් ලෙස
  • සක්ති සරවනන්, මාධන් සහ සුධාන් ලෙස (ද්විත්ව චරිත)
අතිරේක චරිත
  • සීමා, තංගම්මා සහ පොන්නුතායි ලෙස
  • සාක්ෂි සිවා, බාලු ලෙස (භූමිකාගේ පියා)
  • සසින්ධර් පුෂ්පලිංගම්, නන්දකුමාර් ලෙස
  • ජයශ්‍රී රාඕ, රෝජා ලෙස
  • ක්‍රිෂ්, සර්වේශ් ලෙස
  • ප්‍රියා, වසන්තා ලෙස (මාධන්ගේ මව)
  • ප්‍රියංකා  ජෝතිකා සර්වේශ් ලෙස
  • ස්වේතා, මාලා ලෙස
  • සින්ධු ක්‍රිෂ්ණන්, අරුක්කනි ලෙස
  • කිර්තිකා, රාධා නන්දකුමාර් ලෙස
  • ලක්ෂ්මි, රාමමණි ලෙස
  • තිලක්, මුතු ලෙස
  • වරලක්ෂ්මි, කාංචනා ලෙස
  • විජයලක්ෂ්මි, රුක්මිණි ලෙස
  • කේ. එස්. ජයලක්ෂ්මි, සෝලෛයම්මා ලෙස
  • රේෂ්මා පසුපෙලෙති, සුප්‍රියා ලෙස

හිටපු චරිත

  • කාර්ති, ජායිවේල් ලෙස

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. වම්සම් සංරක්ෂණය කළ පිටපත 2014-10-07 at the Wayback Machine සම්ප්‍රවේෂණය 29 නොවැම්බර් 2016
  2. වම්සම් | An Official Tamilo.com - Tamil Channel ! සංරක්ෂණය කළ පිටපත 2016-11-18 at the Wayback Machine සම්ප්‍රවේෂණය 29 නොවැම්බර් 2016

බාහිර සබැඳි[සංස්කරණය]