ගංවතුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජාවා දූපත්හි ගංවතුරින් අසරනව සිටින සරණාගත මිනිසුන් පිරිසක්,1865-1876
මොන්සෝන් වර්ෂාව නිස ඇති වන ගංවතුරක්, ඕස්ට්‍රේලියාව

ගංවතුරක් යනු විශාල ඡල කඳක් පිටාර ගලා යාමක් වන අතර එය බිම් පෙදෙසක් ඡලයෙන් ගිල්වා ගනී.[1] ගංවතුර නිර්වචනයට අනුවනම් ගංවතුරක් යනු යම් බිමක් තාවකාලිකව ඡලයෙන් යටවීමක් මිස සාමානයෙන් බිමක් ඡලයෙන් පිරී යාමක් නොවන බවයි.[2]ඡලය ගලායාම පිලිබඳ සලකා බැලීමේදී,එම වචනය වඩදිය බාදිය ඇතුලට ගලා යාමටද යොදා ගත හැක. ගඟක හෝ වැවක, ඇති ජල ප්‍රමාණය එය පෙර පිරී තිබූ කොටසින් පිටාර ගැලීම හෝ කඩාගෙන යාම ගං වතුර ගැලීමට හේතු වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ සමහරක් ජලය එහි සාමාන්‍ය මට්ටම ඉක්මවා යාමයි.[3] වැවක, ඇති ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගැලීම හෝ ඉවුරුවේලි කඩාගෙන යාම ගං වතුර ගැලීමකට හේතු වේ. වැවක පිරී ඇති ජල පරිමාව හෝ අනෙකුත් ජලය පිරී ඇති තැන්වල ජලය පිටාර ගැලීම වර්ෂාපතනය හා අයිස් කැටවීම් වැනි සෘතුමය වෙනස් වීම් මත විවිධ වේ. මෙසේ ජලය පිටාර ගැලීම් ගම්, නගර හා අනෙකුත් බිම් පෙදෙස් පුරා පැතිර ගොස් එය උපද්‍රවයක් තත්ත්වයට පත්වන ගංවතුරක් ලෙස නොසැළකේ.


ගංවතුරක් ඇතිවිය හැකි තවත් ආකාරයක් වන්නේ ගඟක ජලය එහි ගං ඉවුර හා දිය පහර සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගලා යාමයි. ස්වාභාවික ගං වතුර ගැලීම් වලට ගොදුරුවන ගංඟා පෙදෙස්වල ඉදිකර ඇති නිවෙස් හා ව්‍යාපාර නිතරම ගං වතුරට ගොදුරු වෙයි. ගංගා ඇති ප්‍රදේශවලින් හා අනෙකුත් ජල කොටස් ඇති ප්‍රදේශවලින් ඉවත්වීමෙන් සැබැවින්ම ගං වතුරින් වන හානිය නැති කර ගත හැකිය. වගා කටයුතුවලට අවශ්‍ය ජලය සපයා ගනීමේ පහසුව මෙන්ම පහසු හා ලාභදායී ප්‍රවාහන හා වාණිජ ක්‍රම තුළින් ප්‍රාග්ධනගත වීම උදෙසා ගංගා වැව් ආශ්‍රිත ජීවත්වීම හා නිවාස ඉදිකිරීම් ආදී කටයුතු කිරීම සිදු වී ඇත. මිනිසුන් ගං වතුරින් තර්ජනයට ලක් වු ප්‍රදේශවල දිගින් දිගට වාසය කිරීම කාලයෙන් කාලයට තවදුරටත් ගං වතුර තත්ත්වයන් හට ගැනීමේ ප්‍රවණතාවය වැඩි වීමට හේතුවේ.

"Flood" යන වචනය පැරණි ඉංග්‍රීසි Flod නැමති වචනයෙන් බිඳී ආවකි. එය ජර්මන් භාෂාවට පුරුදු වචනයක් වේ. (ජර්මන් Flut නැමැති වචනය හා සංසන්දනය කරන විට ලන්දේසි භාෂාවේ vloed යන්නද ඊට සමාන වන අතර ඊට ගලා යාම වචනය සම්බන්ධ වේ.එසේම ලතින් භාෂාවේ fluctus, flumen සමගද සංසන්දනය වේ. ) Deluge myths යනු මිත්‍යා කතා වන අතර ගං වතුර හට ගැන්වීම දේවතාවන් විසින් සිදුකරන බවත්, දේවගැතියන්ගේ පව් පළදීම් වෙනුවෙන් ශිෂ්ටාචාරය විනාශ කිරීමට ගංවතුර ඇති වන බවත් බොහෝ සංස්කෘතියන් වල මිත්‍යා මතය වේ. [[දේවගැතියන්ගේ පව් පල දීම් වෙනුවෙන් ශිෂ්ඨාචාරය විනාශ කිරීම සඳහා ගංවතුර ඇති වන බවත් බොහෝ සංස්කෘතියන්හි මිත්‍යා මතය වේ.


ගංවතුර තත්ත්වය හා ඊට බලපාන හේතු[සංස්කරණය කරන්න]

  • සෙමින් වර්ධනය වන ගංවතුර තර්ජනය : පවතින වැසි වැඩියෙන් ඇද හැලීම හෝ හිම කැට වීම් වේගවත් වීම්,ගංඟාවල ජල ප්‍රමාණය වැඩි කිරීම සඳහා බලපානු ලබයි.ඊට අදාළ හේතූන් වන්නේ විශාල මෝසම් වැසි,චණ්ඩ මාරුතයන්, සහ නිවර්තන දේශගුණයන්ගේ වායු පීඩනය,විදේශීය සුළං සහ අයිස් කැටි සඳහා බලපාන උණුසුම් වැසි ආදියයි. නාය යාම්, අයිස්, හෝ සුන්බුන් වැනි බලාපොරොත්තු නොවූ වැසි තත්ත්වයන් නිසා කාණු පද්ධති අවහිරවීම ජලය පහළට ගලා යාමේ වේගය අඩුවීමට හේතුවේ වේ.
  • වේගවත් වර්ගය: සංවහන වර්ෂාපතනය නිසා ඇතිවන ක්ෂණික ගංවතුර (ක්ෂණික වැහි කුණාටු)හෝ හදිසියේ වේලි කැඩීයාම, නායයාම් හා හිම නදී හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම හා ජලය බැසීම අවහිරවීම ඇතුළත් වේ.

මෝය[සංස්කරණය කරන්න]

  • සාමාන්‍යයෙන් කුණාටු සුළං නිසා ඇති වන මුහුදු වඩදිය බාදිය දිය රැලිවල එකතුව මීට බලපානු ලබයි. නිවර්තන සුළි කුණාටු හෝ අතිරේක නිවර්තන සුලං කුණාටු තුළින් ඇතිවන කුණාටු දිය වැල් මේ ඝනයට අයත් වේ.

වෙරළ ආශ්‍රිත ඇතිවන කුණාටු[සංස්කරණය කරන්න]

  • විශාල මුහුදු කුණාටු හෝ අනෙකුත් උපද්‍රවයන් (උදා.සුනාමි හෝ චණ්ඩ මාරුත) මීට හේතු වේ. නිවර්තන සුලං කුණාටු හෝ අතිරේක නිවර්තන සුළි කුණාටුවලින් ඇතිවන කුණාටු දිය වැල් මේ ඝනයට අයත් වේ.

විපත්ති දායක[සංස්කරණය කරන්න]

  • සැලකිය යුතු නමුත් බලාපොරොත්තු නොවූ සිද්ධියක් නිසා ඇතිවේ.උදා. වේලි කඩා වැටුම්, හෝ වෙනත් උපද්‍රවයන් හේතුවෙන් ඇතිවන තත්ත්වයන් ( උදා.භූමි කම්පා හෝ ගිනි කදු පුපුරායාම්)


මඩ සහිත[සංස්කරණය කරන්න]

  • පිටාර ගැලීම් නිසා වගා බිම්වල මඩ සහිත ගංවතුර ඇතිවේ. මඩ සහිත ගංවතුරක් නිර්මාණය වනුයේ පිටාර ගැලූ වගා බිම් එකතුවක් හේතුවනි. පිටාර ගැලූ මඩ ප්‍රමාණයන් එහි තැන්පත් වේ. මඩ සහිත ගංවතුර වඩා අවධානමට ලක් වීමට ඉඩ ඇත්තේ එය තහනම් කලාපයක් වෙත ඇදී ගිය විටදීය. මඩ සහිත ගංවතුර කදු බෑවුම් මත ඇතිවන ක්‍රියාවලියක් බැවින් මෙහිදී මඩ ගලා යාම් හේතුවෙන් ඇතිවන ජන සංචලන පීඩනය වැළැක්විය යුතුය.

වෙනත්[සංස්කරණය කරන්න]

  • විනිවිද යා නොහැකි මතු පිටක (උදා. වැසි) ජලය එකතු වීම හේතුවෙන් හා වේගයෙන් විසුරුවා හැරිය නොහැකි විටදී (i.e. අඩු වාෂ්පීකරණය හෝ මෘදු සංස්ථානය) ගංවතුර ඇති විය හැකිය.
  • කුණාටු එකතුවක් එක් ප්‍රදේශයක් පුරා හමා යන
  • වේල්ල බඳින්නන් මගින් ඇති වන සැලකිය යුතු හානියන් මගින් නගර හා ගම් ආශ්‍රිත ප්‍රදේශවලට ඇති වන ගංවතුර

ගංවතුර බලපෑම්[සංස්කරණය කරන්න]

ප්‍රාථමික බලපෑම්[සංස්කරණය කරන්න]

  • භෞතික හානි - පාලම්, මෝටර් රථ, ගොඩනැගිලි, කාණු පද්ධති, මහාමාර්ග හා උමං ආදී ඕනෑම ගොඩනැගීමක් මත ඇති වන හානියකි.
  • හදිසි අනතුරු - ජලයේ ගිලීම හේතුවෙන් මිනිසුන් හා අනෙකුත් ජීවින් මියයාම්. වසංගත හා ජලයෙන් ඇතිවන රෝග පැතිරීමට මෙය බලපානු ලබයි.

ද්විතික බලපෑම්[සංස්කරණය කරන්න]

  • ජල සැපයුම් - ජල දූෂණය. පිරිසිදු බීමට ගන්නා ජලය හිඟ වීම.
  • රෝග - සනීපාරක්ෂක තත්ත්වයන්, ජලයෙන් බෝවන රෝගවල ව්‍යාප්තිය.
  • බෝග හා ආහාර සැපයුම්- අස්වැන්න නැති වීම හේතු කොට ගෙන ආහාර බෝගවල ඇතිවන හිඟය. කෙසේ වුවත්, ගංගා අද්දර පිහිටි පහත් බිම්,ගංවතුර නිසා එකතු වන වැලි හා රොන් මඩ තැන්පතුවලින් පෝෂණය වේ.
  • වගා හානිය - ගංවතුරට ඔරොත්තු නොදෙන බෝග විශේෂ මියයයි.


තෘතිය දිගු කාලීන බලපෑම්[සංස්කරණය කරන්න]

ආර්ථීක - ආර්ථීක තර්ජනයන්, සංචාරක කර්මාන්තයන්හි තාවකාලික බිඳවැටීම්, පිරිවැය නැවත ගොඩනැංවීම්, ආහාර හිඟ වීම තුළින් ඇතිවන මිළ ඉහළ යාම් හේතු වේ.

ගංවතුර තත්ත්වය පාලනයන්[සංස්කරණය කරන්න]

ගොනුව:170px-Alicante(30-09-1997).JPG
ශරත් ඍතුවෙදී මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ගංවතුර, ප්‍රංශය,Alicante, 1997.

ලෝකයේ ඇති බොහෝ රටවල්, ගං වතුර අවධානම ඇති කරනට දායකවන ගංඟා ඉතා හොඳින් කළමණාකරණය කරනු ලැබේ. ගං ඉවුරු කඩා වැටීම් වැළැක්වීම සඳහා ඉවුරු බැඳීම්, ජලාශ ජල ටැංකි හා අමුණු තැනීම් වැනි ආරක්ෂන ක්‍රම ,යොදා ගනී. මෙම ආරක්ෂාවන් බිඳ වැටුනොත්, ඒ සඳහා භාවිතා කිරීමට වැලි බෑග් සහ හුලං පිරවූ අත් නලයන් භාවිතා කරනු ලැබේ. වරායන් ආශ්‍රිත ගංවතුර සඳහා යුරෝපා සහ ඇමරිකානු රටවල් මුහුදු බිත්ති, වෙරළ පෝෂකයන් හා බාධක දූපත් වැනි වෙරළ ආරක්ෂාවන් යොදනු ලැබේ.

යුරෝපාවේ ගංවතුර බලපැම[සංස්කරණය කරන්න]

1910 දී පැරිසියේ ඇතිවු විශාල ගංවතුර නිසා මුහුණපාන්නට සිදු වු දුක්ඛිත තත්ත්වය සහ විනාශය සිහි කරමින් ප්‍රංශ රජය විසින් ජල තටාක පෙළක්ම නිපදවු අතර එය ගංවතුර ඇති විටදී ඇතිවන පීඩනය ඉවත් කිරීමට මෙන්ම විශේෂයෙන් ශීත සෘතුවේදී ඇතිවන ගං වතුර වැළැක්වීමටද උපකාර විය.

එංගලන්තය සාගරය ගොඩබිමට ගලා ඒමෙන් ආරක්ෂා වීම සඳහා කාර්මික බාධකයක් තේම්ස් නදිය හරහා යොදා ඇත. එය මුහුදු ජල මට්ටම වැඩි වූ විට වර්ධනය වේ. (තේම්ස් බාධකය බලන්න)

වෙනීසිය තවමත් වැඩි වන වඩදිය බාදිය සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වුවත් මීට සමාන සැකැස්මක් තුළ කටයුතු කරයි. නව පද්ධතියක් වන වේල් මුදුන් විචලතාව තවමත් ඉදි වෙමින් පවතී. එංගලන්තය හා වෙනීසිය යන රටවල් දෙකෙහිම භාවිතා කරන්නා වූ ආරක්ෂාවන් මුහුදු මට්ටම වැඩි වන විට ප්‍රමාණවත් නොවේ.

උතුරු ඉතාලියේ ඇති ඇජී නගරය මේ සඳහා භූගත දිය මාර්ගයක් සපයාගෙන ඇති අතර එය ගර්දා වැවට ගලා යාම සඳහා කානු පද්ධතිය සකසා ඇත. එය ගං වතුරෙන් වන බලපෑම අඩු කිරීම සඳහා උපකාරී වේ. මෙම භූගත දිය මාර්ගය 1996දී හා 2000දී භාවිතා කර ඇත.


විශාලම හා මහත් පරිශ්‍රමයක් දරා නෙදර්ලන්තයේ ගංවතුර ආරක්ෂකයක් ඉදිකර ඇත. එය ඔවුන් හඳුන්වා ඇත්තේ Oosterscheldeවේල්ල සමඟ ඩෙල්ටාව ක්‍රියා කිරීම ලෙසයි. මෙය ගොඩනඟන ලද්දේ 1953දී නෙදර්ලන්තයේ බටහිර ප්‍රදේශයේ ඇතිවු උතුරු මුහුදු ගංවතුරට ප්‍රතිචාරයක් ලෙසය. ලන්දේසි දැනටමත් තම රටේ උතුරු ප්‍රදේශයේ ලොව විශාලතම වේල්ල ගොඩනඟා ඇත. Afsluitdijk (1932 දී අවසානය සිදු විය.)

වර්තමානයේ රුසියාවේදී Saint Petersburg වේල්ල ගං වතුර වැළැක්වීමේ පහසුකම් සපයන්නට නියමිත සංකීර්ණය 2008දී අවසන් කිරීමට ඇත. මෙය Saint Petersburg කුණාටු දිය වැල් වලින් ආරක්ෂා කිරීමට යොදා ගනී. එසේම එහි තදබදකාරී ක්‍රියාවන් ඇති අතර වේලි 11ක් කිලෝමීටර 25.4ක් පුරා වර්ධනය වී ඇති අතර සාමාන්‍ය ජල මට්ටමට වඩා මීටර් 8 ක් ඉහළ යනු ඇත.

ඕස්ට්‍රියාවේ අවුරුදු 150කට පෙර සිට ගංවතුර පාලනය කිරීම සඳහා Vienna Danube රෙගුලාසිවලට අනුව 1870 සිට 1875 කාලය තුළ ගං පතුලේ වැලි හා පස් ඉවත් කිරීම් සිදුවුණි. ඒ අතර නව ඩැනුබ් 1972 සිට 1988 කාලය තුළ සිදු විය.

උතුරු අයර්ලන්තයේ ගං වතුර අවධානම් කළමනාකරණය කරනු ලබන්නේ ජලාශ ඒජන්සිය මගිනි.

ඇමරිකාවේ ගංවතුරින් ඇතිවු බලපැම්[සංස්කරණය කරන්න]

ගොනුව:220px-Snoqualmie area flood.jpg
එක්සත් ජනපදයේ වොශින්ටන නගරය අසළ ඇති වූ ගංවතුර

විශාල පරිශ්‍රමයක් දරා ඇති අනෙක් ගංවතුර ආරක්ෂන පද්ධතිය සොයා ගත හැකි වන්නේ කැනේඩියානු පළාතේ වන මැනිටෝබාහීදීය. එක්සත් ජනපදයේ පිහිටි උතුරු රතු ගඟ උතුරු දෙසට ගලා යන්නේ විනිපෙග් නගරය පසු කරමින් විනිපෙග් ජලාශය වෙතයි. උතුරු දෙසට ගලා යන හැම ගංඟාවක්ම මුහුණ දෙන ගැටලුව වන්නේ උතුරු ප්‍රදේශයේදී අයිස් මිදීමට ලක් වීමයි. එය දකුණු ප්රෙ ද්ශයේ ජල මට්ටම ඉහළ යාමට බලපායි. උතුරු ප්‍රදේශයේ අයිස් මිදීමට පෙර එනම් 1950 වසන්ත කාලෙය්දී විනිපෙග් හී ඇති වූ ගංවතුර තත්ත්වය අතිමහත් විනාශයට මුල් විය. අනාගත ගංවතුරින් නගරය ආරක්ෂා කර ගැනීම සඳහා මැනිටෝබා රජය ගංඟා හැරවීම් වේල් බැඳීම් ගංවතුර ගලා යන මාර්ගයන් තැනීම වැනි විශාල පද්ධති ගොඩනැඟීම් ආරම්භ කර ඇත. (රතු ගඟ මාර්ගය හා පෝටේජ් හැරවීම ඇතුළත්ව) මෙම පද්ධතිය 1997දී ඇති වු ගංවතුරෙන් විනිපෙග් ආරක්ෂා කර ගත් නමුත් 2009දී ඇති වූ ගංවතුරෙන්. විනිපෙග් හි ඉහළ බෑවුම් වල පිහිටි Grand Forks, උතුරු Dakota සහ Ste. Agathe, මැනිටෝබා යන ජනාවාසයන් වනන්නට හේතු විය

ඇමරිකාවේ නව ඕර්ලියන්ස් මෙට්ට්රොසපොලිටන් ප්‍රදේශයේ 35%ක් පමණ ප්‍රදේශයක්ම මුහුදු මට්ටමට පහළින් පිහිටන බැවින් ගංවතුර ගේට්ටු මඟින් එය ආරක්ෂා කර ඇත. මෙම ප්‍රදේශය අවස්ථා කිහිපයකදීම හරිකේන් කැත්‍රිනා කුණාටු හා ගංවතුර නිසා ඛේදනීයව බිඳ වැටුණු අතර නැගෙනහිර මෙට්ට්‍රොපොලිටන් ප්‍රදේශයන් වල 50%කට ආසන්න ප්‍රදේශයක් ගංවතුරින් පිඩාවට පත්විය. එහිදී මීටර් 8.2ක් (අඩි 27 ට ආසන්න) පමණ මුහුදු ජනාවාසයන් ජලයෙන් යට විය. ගංවතුර වැළැක්වීමේ පනතට අනුව ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් ස්වභාවික ව්‍යසනයන් ඇති වීම වළක්වා ගැනීමට පියවර ගනු ලැබ ඇත. තෙත් බිම් කුණාටු සඳහා ජලමාත්තුවක් ලෙස ක්‍රියා කරයි. 1995 වනවිට තෙක් බිම් සංරක්ෂණයට කටයුතු කිරීම නිසා ගංවතුර හටගත්විට අනෙකුත් ප්‍රදේශවල සම්පත් භාවිතා කිරීමට ඇමෙරිකානු රජයට සිදු නොවීය.


ආසියාවේ ගංවතුරින් ඇතිවු බලපැම්[සංස්කරණය කරන්න]

ගොනුව:220px-Flood Dhaka Rezowan.jpg
බංග්ලාදේශයේ ගංවතුර 2009

ඉන්දියාව, බංග්ලාදේශය හා චීනය (චීන අධිරාජ්‍යයේ විශාල උමං මාර්ගය) යන රටවල් වල අනෙකුත් නගර සුරක්ෂිත කිරීම සඳහා ගංවතුර ගලා යාම් පිටිසර ප්‍රදේශයන් වෙත අරමුණුගතව මුදා හරිනු ලැබේ. බොහෝ අය යෝජනා කර ඇත්තේ වැවීම් අඩු වීම(කැලෑ වඳ කිරීම) අවධානම් වැඩි වීම කෙරෙහි බලපාන බවයි. ස්වාභාවික වනාන්තර ගංවතුර තත්ත්වයට ඇතිවීම අවම කිරීමට බලපානු ලබයි. වනාන්තර විනාශය කිරීමේ අඩු කිරීම මඟින් ගංවතුරේ දැඩි බව හා ප්‍රචණ්ඩත්වය අවම කරයි.

අප්‍රිකාවේ ගංවතුරින් ඇතිවු බලපැම්[සංස්කරණය කරන්න]

ඊජිප්තුවේ අස්වාන් වේල්ල මෙන්ම අස්වාන් ඉහළ වේල්ල (1976) නයිල් ගංඟාව පිටාර ගැලීම නිසා ඇතිවන ගංවතුර තත්ත්වයන් ඇති වීමේ මට්ටම පාලනය කරනු ලබයි.

පිරිසිදු කිරීමේදී ආරක්ෂාව[සංස්කරණය කරන්න]

ගංවතුරට පසුව සිදු වන පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් තුළින් නිතරම එම උත්සහයට සම්බන්ධ වන වැඩකරුවන් හා ස්වාධීනව ඉදිරිපත් වන්නන් කරදර වලට මුදුණ පායි. වැසිකිලි අපද්‍රව්‍ය පිටාර ගැලීම නිසා ජලය සමඟ මිශ්‍රවීමෙන් ඇතිවන ජල දූෂණය, විද්‍යුත් අනතුරු, කාබන් මොනොක්සයිඩ් අණාවරනය වීම, මාංශ පේශීවලට ඇති වන අනතුරු,උණුසුම් හෝ ශීතල පීඩනය,යතුරු පැදි අනතුරු, ගිනිගැනීම්, ජලයේ ගිලීම් හා කරදරකාරී අමුද්‍රව්‍යයන්ට අනාවරණය වීම වැනි තර්ජන නිගමනයන් ඇතුළත් වේ. ගංවතුර ඇති වන ප්‍රදේශවල අස්ථීරතාවය නිසා පිරිසිදු කිරීමේ කාර්යයන්හි නිරත කම්කරුවන්හට තියුණු කඩතොළු සහිත සුන්බුන්වලින්, ගංවතුර නිසා ඇතිවිය හැකි ජීව විද්‍යාත්මක අනතුරුවලින්, විද්‍යුත් රැහැන් කඩා වැටීමෙන්, ලේ සහ අනෙකුත් ද්‍රව වලින් හා සත්ව හා මානව සුන්බුන්වලින් කරදර වලට මුහුණපාන්නට සිදු වේ. සැලසුම් කිරීම මඟින් හා ගංවතුර විනාශයට නිසි ප්‍රතිචාර දැක්වීම මඟින් මේ තත්ත්වය මග හැරවිය හැකිය. ඒ සඳහා කළමනාකරුවන් විසින් සේවකයන්ට ආරක්ෂිත හිස් වැසුම්, දූවිලි ආරක්ෂිත කණ්ණාඩි, ආරක්ෂිත වැඩ අත්මේස්, ජීවිත ආවරණ හා යකඩින් තැනූ ජලය නොයන සපත්තු සැපයුම කරනු ලැබේ.


ගංවතුරින් ඇති ප්‍රතිලාභ[සංස්කරණය කරන්න]

මානව සකසා ගැනීම් හා ආර්ථික ක්‍රියාකාරකම් කඩාකප්පල් කිරීමට ගංවතුරට බලයක් තිබේ. කෙසේ වුවත් ගංවතුර බොහෝ වාසිදායක තත්ත්වයන්ද ළඟාකරවයි. එනම් බිම් වතුර නැවත පිරවීම්, පස පොහොර සහිත කිරීම්, ඌන පෝෂණ සැපයීමයි. විශේෂයෙන් වියළි හා අර්ධ වියළි කලාපයන්හි වර්ෂාපතනය වර්ෂය පුරා සම අයුරින් නොලැබෙන නිසා ගංවතුර ඉතාමත් අවශ්‍ය ජල සම්පතක් ලෙස සලකයි. නැවුම් ජලය ඇඳ හැලීම විශේෂයෙන් පරිසර පද්ධතිය පවත්වාගෙන යාම සඳහා වැදගත් කාර්යයක් ඉටු කරන අතර එය ගංවතුර ඇතිවන කලාපයන්හි ජෛව විවිධත්වය පවත්වාගෙන යයි.Tigris-Euphrates ගංඟා ආශ්‍රිතව, නයිල් ගඟ ආශ්‍රිතව, ඉන්ඩාස් ගඟ ආශ්‍රිතව, ගැන්ගාස් හා කහ ගඟ, ආශ්රි තව ජනාවාසයන්හි යහපත් පැවැත්ම සඳහා කාලානුකූල ගංවතුර අත්‍යාවශ්‍ය විය.

ගංවතුරට ගොදුරුවන ප්‍රදේශ පරිගණක ඇසුරින් සිතියම් ගත කිරීම[සංස්කරණය කරන්න]

ගංවතුරට ගොදුරුවන ප්‍රදේශ සිතියම්ගත කොට අඳිනු ලබන ආකෘති මෑතකදී වඩා ප්‍රකට විය. ගංවතුර සහිත ප්‍රදේශවල එනම් මීට පෙර අවම වශයෙන් සියවස් 6ක පමණ පෙර ඇතිවූ ගංවතුර තත්ත්වයන්හි යාන්ත්‍රණය තේරුම් ගැනීමට හා අවබෝධ කර ගැනීමට මේවා උපකාරිවේ. මෑතකදී දියුණු වු මෙම පරිගණක සිතියම් ආකෘති මගින් ඉංජිනේරුවන්ට සුපරික්ෂාකාරී තත්වයන් පවත්වා ගැනීමට හා අනාරක්ෂිත තත්ත්වයන් හඳුනාගෙන එම තත්ත්වයන් මගහැර ඉවත් කර නව ඉංජිනේරු ප්‍රවණතාවයක් වෙත ළඟා විය හැකිය. බොහෝ පරිගණක ගංවතුර ආකෘති නිර්මාණය කර ඇත්තේ මෑත අවුරුදු 10 ඇතුළත වන කාලය තුළ වන අතර එය 1D (ගංවතුර මට්ටම් ඇසුරින් මිනුම් ලබාගැනීම) හා 2D ආකෘතිය (ගංවතුරේ ගැඹුර ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශ මට්ටම් අනුව මනිනු ලැබීම) ලෙස වේ. HEC-RAS, ආකෘතිය දැනට වඩාත් ජනප්‍රිය වන අතර එය නොමිලේ ලබා ගත හැකිය. අනෙකුත් ආකෘති වන, TUFLOW ගංවතුරේ ගැඹුර මැනීම සඳහා 1D සහ 2 D හි එකතුවක් ලෙස සෑදී ඇත. දැනට වඩදිය බාදිය සිතියම් කිරීම, ගංඟා ආශ්‍රිතව ගං වතුරට ගොදුරුවන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර 2007දී ඇමරිකාවේ ඇති වු සිද්ධින්වලදී ගංවතුර මට්ටම ජල මට්ටමේ බලපෑම වෙත මාරු විය.

මරණීය ගංවතුර[සංස්කරණය කරන්න]

මරණීය ගංවතුර වල ලයිස්තුව

පහත ඇත්තේ ලෝකය පුරා ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයන්හි ලයිස්තුවක් වන අතර මෙහිදී මරණයට ගොදුරු වූවන්ගේ ගණන 100,000 ට අධික ප්‍රමාණයක් වේ.

මරණ ප්‍රමාණය සිද්ධිය ස්ථානය දිනය
2,500,000–3,700,000 1931 චීනයේ ගංවතුර චීනය 1931
900,000–2,000,000 1887 කහ ගඟ (Huang He) flood චීනය 1887
500,000–700,000 1938 කහ ගඟ (Huang He) flood චීනය 1938
231,000 Typhoon Nina. 86,000 ට ආසන්න මිනිසුන් පිරිසක් ගංවතුර නිසා මිය ගිය අතර තවත් 145000 පමණ පසුව ඇතිවූ වසංගත රෝග නිසා මරණයට පත් විය. චීනය 1975
230,000 ඉන්දියන් සාගරයේ සුනාමි ඉන්දුනීසියාව 2004
145,000 1935 යන්ග්ටෑස් ගංවතුර චීනය 1935
100,000+ සෙන්. ෆෙලෙක්සීගේ ගංවතුර , කුණාටු සහිත දියවැල් නෙදර්ලන්තය 1530
100,000 යානෝයි සහ රතු ගඟ ඩෙල්ටාවේ ගංවතුර උතුරු වියට්නාමය 1971
100,000 1911 යන්ග්ටෑස් ගංවතුර චීනය 1911

සටහන්[සංස්කරණය කරන්න]

|Flood |}



|}

මේවත් බලන්න[සංස්කරණය කරන්න]

Dozens of villages were inundated when rain pushed the rivers of northwestern Bangladesh over their banks in early October 2005. The Moderate Resolution Imaging Spectroradiometer (MODIS) on NASA’s Terra satellite captured the top image of the flooded Ghaghat and Atrai Rivers on October 12, 2005. The deep blue of the rivers is spread across the countryside in the flood image.

References[සංස්කරණය කරන්න]

පොත්පත් පිළිබඳ තොරතුරැ[සංස්කරණය කරන්න]

  • O'Connor, Jim E. and John E. Costa. (2004). The World's Largest Floods, Past and Present: Their Causes and Magnitudes [Circular 1254]. Washington, D.C.: U.S. Department of the Interior, U.S. Geological Survey.
  • Thompson, M.T. (1964). Historical Floods in New England [Geological Survey Water-Supply Paper 1779-M]. Washington, D.C.: United States Government Printing Office.
  • Powell, W. Gabe. 2009. Identifying Land Use/Land Cover (LULC) Using National Agriculture Imagery Program (NAIP) Data as a Hydrologic Model Input for Local Flood Plain Management. Applied Research Project. Texas State University - San Marcos. http://ecommons.txstate.edu/arp/296/

සටහන්[සංස්කරණය කරන්න]

  1. MSN Encarta Dictionary. Flood. Retrieved on 2006-12-28. Archived 2009-10-31.
  2. Directive 2007/60/EC Chapter 1 Article2
  3. Glossary of Meteorology (June 2000). Flood. Retrieved on 2009-01-09.

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

සැකිල්ල:Natural disasters

"https://si.wikipedia.org/w/index.php?title=ගංවතුර&oldid=314455" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි