කාමෝද්දීපන චිත්‍රපට

කාමෝද්දීපන චිත්‍රපට නොහොත් අසභ්‍ය සිනමාපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය කිරීම සඳහා, ලිංගික සංසර්ගය හෝ ලිංගිකත්වය හා සබැඳි අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ බිහි වී ඉතා කෙටි කලකට පසු පරිණාමය විය.
නාමකරණය
[සංස්කරණය]ජාත්‍යන්තරව “Pornography” යන්න බොහෝ විට කෙටියෙන් “porn" ලෙස හඳුන්වන අතර මෙම චිත්‍රපට හැඳින්වීමේ පැරණි නම් අතර "adult film" (වැඩිහිටි චිත්‍රපට), "blue film" (නිල් චිත්‍රපට) හා "stag film" ඇතුළත් වේ. සාමාන්‍යයෙන් "softcore" යන්න ලිංගික ක්‍රියාවලිය හෝ අත්‍යන්ත ලිංගික ආශ්වාදය ඇතුළත් දර්ශන පෙන්නුම් නොකරන එහෙත් කාමෝද්දීපන දර්ශන හැඳින්වීම සඳහා භාවිතා කරන අතර, "hardcore" යන්න ලිංගික ක්‍රියාවලිය සහ අත්‍යන්ත ලිංගික ආශ්වාදය සහිත පූර්ණ දර්ශන හැඳින්වීම සඳහා යොදා ගනු ලැබේ.
ඉතිහාසය
[සංස්කරණය]සිනමා කැමරාව, එහි ඉතිහාසයේ සිටම කාමෝද්දීපන දර්ශන රූගත කිරීම සඳහා භාවිතා කර ඇත. බොහෝ අවස්ථාවල දී ඒවා රහසේ බෙදා හැරුණු අතර නිවසේ හෝ පෞද්ගලික සමාජ ශාලා සහ රාත්‍රී සිනමා ශාලාවල ප්‍රදර්ශණය සඳහා මේවා යොදා ගැණුනි. මෙම චිත්‍රපට අර්ධ වශයෙන් නීත්‍යානුකූල කරනු ලැබුවේ 1970 දශකයේ දීය. 1980 දශකයේ දී නිකුත්වූ අසභ්‍ය වීඩියෝ පිටපත් මීට දශක කිහිපයකට පෙර නොසිතූ පරිදි විශාල ලෙස බෙදාහැරුණි. 1990 දශකයේ අගභාගයේ දී සහ 2000 මුල් භාගයේ දී අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ අසභ්‍ය නිර්මාණ බෙදා හැරීම ද ඝාතීයව වැඩි විය. එසේම එයින් අසභ්‍යත්වය පිළිබඳ නීතිමය පැමිණිලි ද සංකීර්ණ බවට පත් කළේය.
ජනප්‍රසාදය
[සංස්කරණය]
අසභ්‍ය සිනමාව සාර්ථකභාවයට පහාසුවෙන් පත්වන මූල්‍යමය වශයෙන් අතිශය ලාභදායී ව්‍යාපාරයකි. 2025 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් උපයන මෙම ක්ෂේත්‍රය මඟින් සෑම තත්පරයකටම අන්තර්ජාල පරිශ්‍රීලකයන් 28,000කට අධික ප්‍රමාණයක්ද, සෑම දිනකටම අන්තර්ජාල සෙවුම් මිලියන 68කට අධික ප්‍රමාණයක්ද ආවරණය කරයි. සමස්ථ ගෝලීය අන්තර්ජාල බාගතකිරීම්වලින් 35%ක්ම අසභ්‍ය සිනමාපටවේ.
ලෝකපූජිත ජාත්‍යන්තර කාමෝද්දීපන චිත්‍රපට නිළියන් මෙන්ම, සුමනා ගෝමස්, චන්දි රසිකා, තනූජා වීරසූරිය, සප්නා රෝෂිණී-කරීම්, විනූ වෙත්තමුණි, තමරා රෝෂිණී හා ශෙහාරා ජයවීර වැනි ශ්‍රී ලාංකික කාමෝද්දීපන චිත්‍රපට නිළියන්ද එක්ලෙස රසික ජනාදරයට පාත්‍ර විය.