කණ්ඨිකා අස්ථිය

විකිපීඩියා වෙතින්
කණ්ඨිකා අස්ථිය
ගෙලේ පූර්ව පෙදෙසේ පිහිටි කණ්ඨිකා අස්ථිය දේහයකින් සහ අං යුගල දෙකකින් සමන්විත ය.
තොරතුරු
ලතින්os hyoideum
පූර්වජ2වන සහ 3වන ජලක්ලෝම වක්‍ර[1]
හඳුන්වනයන්
ග්‍රේ ගේp.177
MeSHA02.835.232.409
TAA02.1.16.001
FMA52749
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

කණ්ඨිකා අස්ථිය (කණ්ඨිකාව හෝ ජිහ්ව-අස්ථිය) (/ˈhɔɪd/;[2][3] ) යනු ගෙලෙහි මධ්‍ය රේඛාවේ නිකට සහ තයිරොයිඩ් කාටිලේජය අතර පිහිටි අශ්වලාඩම් හැඩැති අස්ථියකි. නිශ්චල අවස්ථාවේ එය පූර්වයෙන් අධෝහනුවේ පාදම සහ පසුපසින් තෙවන ග්‍රෛවී කශේරුකා (C3) මට්ටමේ පිහිටයි.

අනෙක් අස්ථි මෙන් නොව, කණ්ඨිකාව අනෙක් අස්ථිවලට දූරස්ථව සන්ධානය වන්නේ පේශි හෝ බන්ධනි මගින් පමණි. කණ්ඨිකාවට පූර්ව, අපර සහ අධර දිශාවලින් පේශි ‍සම්බන්ධ වන අතර, එය දිවෙහි චලනය සහ ගිලීම සඳහා ඉවහල් වේ. කණ්ඨිකාව ඉහළින් මුඛයේ පත්ලේ සහ දිවෙහි පේශීත්, පහළින් ස්වරාලයේ සහ පසුපසින් අපිජිහ්විකාවේ සහ ග්‍රසනිකාවේ පේශී සම්බන්ධ වීමට පෘෂ්ඨ සපයයි.

මෙහි ඉංග්‍රීසි නාමය වන “Hyoid” යන්න පැනනැගී ඇත්තේ ග්‍රීක බසින් hyoeides යන්නෙහි අර්ථය "උප්සිලෝන් (υ) අක්ෂරයේ හැඩය ඇති" යන වදනෙනි.[4][5]

ව්‍යූහය[සංස්කරණය]

කණ්ඨිකා අස්ථිය අක්‍රමවත් අස්ථියක් ලෙස වර්ග කෙරෙන අතර, එය දේහය නම් මධ්‍ය කොටසකින් සහ අං යුගල දෙකකින් සමන්විත ය. මෙම අං යුගල දෙක මහා සහ කුඩා අං ලෙස හැඳින්වේ.

අමතර පින්තූර[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි

  1. සැකිල්ල:EmbryologyUNC
  2. Oxford English Dictionary 2nd edition, 1989.
  3. Entry "hyoid" in Merriam-Webster Online Dictionary.
  4. Dorland illustrated medical dictionary
  5. American heritage dictionary for english language

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කණ්ඨිකා_අස්ථිය&oldid=407350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි