Jump to content

කශේරුව

විකිපීඩියා වෙතින්


එළුවෙකුගේ කශේරුකා සහ ඉන් සැදි කශේරුව

කශේරුව හෙවත් කොඳු ඇට පෙළ පෘෂ්ඨවංශිකයන් තුල පවතින අස්ථිමය ව්‍යුහයකි. එය කශේරුකා වලින් සැදී ඇත.

මානවයන් තුල

[සංස්කරණය]
මිනිස් කශේරුව.

මානව ව්‍යුහ විද්‍යාවේ, කශේරුව (ලතින්කොලුම්නා වර්ටිබ්‍රාලිස්) (පිටකොන්ද හෝ කොඳු ඇට පෙළ) යනු සන්ධානගත කශේරුකා 24 කින් සහ,[1][භින්න වූ සබැඳිය] ත්‍රිකාස්ථියෙහි සහ අනුත්‍රිකාස්ථියෙහිදී සම්බද්ධ කශේරුකා 9 කින්ද සාමාන්‍යයෙන් සමන්විත ස්තම්භයක් වෙයි. ඌනකායෙහි පෘෂ්ඨීය දිශාවෙහි, අන්තර් කශේරුක බිම්බයන් විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පිහිටයි. එහි කශේරුක නාලය තුල සුෂුම්නාව දරමින් එය ආරක්ෂා කරයි.

මිනිස් සිරුරේ සාමාන්‍යයෙන් කශේරුකා තිස්-තුනක් (33) ඇති අතර, මෙයින් පහක් එකිනෙකට සම්බද්ධවී ත්‍රිකාස්ථිය තනන අතර (අනෙකුන් අන්තර් කශේරුක බිම්බයන් විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පවතියි) අනුත්‍රිකාස්ථිමය අස්ථි සතරක් කෝකකය සාදයි.

ඉහළින් පිහිටි පෙදෙස් තුනක් තුල ඉතිරි කශේරුකා 24 පිහිටන අතර, පිහිටන පෙදෙස් ප්‍රකාර, ග්‍රෛවී (කශේරුකා 7), උරස් (කශේරුකා 12) සහ කටී (කශේරුකා 5) යන ලෙසින් නම් කෙරෙති. එක් පෙදෙසක් තුල පිහිටන කශේරුකා සංඛ්‍යාව එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ සිදු විය හැකි අතර, අඩු කිරීමක් වෙනුවට බොහෝවිට වෙනත් පෙදෙසක කශේරුවක් වැඩි කිරීම සිදු වෙයි. කෙසේවෙතත්, ග්‍රෛවී කශේරුකා සංඛයාව වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ ඉතාමත් කලාතුරකින් සිදු කෙරෙයි. [2]

අනෙකුත් සතුන්ගේ

[සංස්කරණය]

අනෙකුත් සතුන්ගේ කශේරුකා අර්ථදැක්වෙන්නේ, කශේරුවේ ඒවා පවතින පෙදෙස අනුවයි. ග්‍රෛවී කශේරුකා යනු ගෙල පෙදෙසෙහි පවතින ඒවාය. මන්ද ප්‍රභේදයන් දෙක (කලීපස් සහ බ්‍රේඩිපස්) සහ මැනටියා (ට්‍රිකැකස්) හැර, අනෙකුත් සියළු ක්ෂීරපායියන් සතුව ග්‍රෛවී කශේරුකා හතක් පවතියි. [3] අනෙකුත් පෘෂ්ඨවංශීන් අතර ග්‍රෛවී කශේරුකා පවතින ආකාරය සැලකූ කල උභයජීවින් තුල එක් කශේරුකාවක්ද, හංසයන් තුල කශේරුකාවන් 25 ක් තරම් විශාල සංඛ්‍යාවක්ද වඳවී ගිය ප්ලෙසියොසොර් ඉලැස්මොසෝරස් තුල කශේරුකාවන් 76 ක්ද යන පරාසයේ පවතියි. පෘෂ්ඨීය කශේරුකා පිහිටන්නේ බෙල්ලේ පහළ සිට ශ්‍රෝණියෙහි ඉහළ දක්වාය. ඉළ ඇට හා සම්බන්ධ වී ඇති පෘෂ්ඨීය කශේරුකා උරස් කශේරුකා ලෙසින්ද, ඉළ අට නොමැති ඒවා කටී කශේරුකා ලෙසින්ද හැඳින්වෙයි. ත්‍රිකාස්ථික කශේරුකා ලෙසින් හැඳින්වෙන්නේ ශ්‍රෝණි පෙදෙසෙහි ඇති ඒවා වන අතර, උභයජීවීන් තුල එකක්, බොහෝ පක්ෂීන් හා නූතන උරගයන් අතර දෙකක්, හෝ ක්ෂීරපායීන් අතර 3 සිට 5 දක්වා වශයෙන් පිහිටයි. බහු ක්‍රිකාස්ථික කශේරුකා එකිනෙක්ට සම්බද්ධ ව තනි ව්‍යුහයක් සදන විට, එය ත්‍රිකාස්ථිය ලෙසින් හැඳින්වෙයි. බද්ධත්‍රිකාස්ථිය යනු පක්ෂීන් තුල හමුවන එවැනි සම්බද්ධ ව්‍යුහයක් වන අතර, එය ත්‍රිකාස්ථික, කටී, සහ සමහරක් උරස් සහ පෞච්ඡ කශේරුකා මෙන්ම ශ්‍රෝණි මේඛලාව යන්නන්ගෙන් එය සමන්විත වෙයි. පෞච්ඡ කශේරුකාවන් වෙතින් වලගය සමන්විත වී ඇති අතර, අවසන් කිහිපය සම්බද්ධවී, පක්ෂීන් තුල ඵාලාස්ථිය හෝ, චිම්පන්සින් (සහ මානවයන්) තුල කෝකක හෝ වලග අස්ථිය තනයි.

තනි කශේරුකාවක ව්‍යුහය

[සංස්කරණය]

කශේරුකා දේහය, කශේරුකා දේහයේ ඉහළින් සහ පහළින් නෙරා සිටින වක්‍ර සහ, කශේරුකා දේහයෙන් සහ/හෝ වක්‍ර වලින් නෙරා සිටින විවිධ ප්‍රසර යන්නෙන් තනි කශේරුකාවක් සමන්විත වෙයි. කශේරුකා දේහයේ ඉහළින් නෙරා සිටින වක්‍රයක් හැඳින්වෙන්නේ ස්නායු මාර්ග වක්‍රය ලෙසින් අතර, මත්ස්‍යයන්ගේ, බොහෝ උරගයන්ගේ, සමහරක් පක්ෂීන්ගේ සහ, සමහරක් දිගු වලග සහිත ක්ෂීරපායින්ගේ පෞච්ඡ්‍ (වලග) කශේරුකාවේ කශේරුකා දේහය යටින් රුධිර මාර්ග වක්‍රය හෝ ද්විවේණිය පිහිටා ඇත. කශේරුකා ප්‍රසර විසින් ව්‍යුහයට දෘඩතාවය ලබා දීම, පර්ශු හා සමගින් සංධානගත වීමට උපකාර වීම හෝ, මාංශපේශී සවිවන ලක්ෂ්‍යයන් වශයෙන් ක්‍රියාකිරීම වැනි දේ සිදු වෙයි. බහුල ලෙස පවතින වර්ග වන්නේ තීර්යක් ප්‍රසර, ද්වි-අපවර්ධ, අංශවර්ධ, හෝ යෝගීවර්ධ (කපාල යෝගීවර්ධ සහ පෞච්ඡ යෝගීවර්ධ යන දෙකම) වෙති.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂ‍යෙහි vertebral column
  2. ^ ග්‍රේ, හෙන්රි (1977). ග්‍රේස් ඇනටමි. නිව්යොර්ක්: ක්‍රවුන් ප්‍රකාශකයෝ, ඉන්කෝපරේටඩ්. p. 34.
  3. ^ ෆ්‍රෙයිස්ටන් ගාලිස් (1999). "වයි ඩූ ඕල්මෝස්ට් ඕල් මැමල්ස් හෑව් සෙවන් සර්වික්ල් වර්ටිබ්‍රේ? ඩිවලප්මන්ට් කන්ස්ට්‍රේන්ස්, හොක්ස් ජීන්ස් ඇන්ඩ් කැන්සර්" (PDF). ජර්නල් ඔෆ් එක්ස්පෙරිමෙන්ටල් සූලොජි. 285 (1): 19–26. doi:10.1002/(SICI)1097-010X(19990415)285:1<19::AID-JEZ3>3.0.CO;2-Z. PMID 10327647.
"https://si.wikipedia.org/w/index.php?title=කශේරුව&oldid=495679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි