Jump to content

එයිට් ඩේයිස්, ඇසැසි‍නේෂන් අටෙම්ට්ස් අගේන්ස්ට් කිං ජොංජෝ

විකිපීඩියා වෙතින්
එයිට් ඩේයිස්, ඇසැසිනේෂන් අටෙම්ට්ස් අගේන්ස්ට් කිං ජොංජෝ
මෙලෙසද හැඳින්වේඑයිට් ඩේයිස් මිස්ට්‍රි ඔෆ් ජොංජෝ ඇසැසිනේෂන්
ප්‍රභේදයකාලාන්තර නාට්‍ය
නාට්‍ය
මත පදනම්වඕ සේ-යොංගේ ජර්නි ඇසුරෙන්
රචනය කලේකිම් වොන්-සොක්
අධ්‍යක්ෂණය කලේපාක් ජොං-වොන්
රඟපෑමකිම් සං-ජූං
පාක් ජුං-චුල්
ජුං ඒ-රි
ලී සොන්-හෝ
හී වොන්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන10
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)හන් චං-හූන්
නිෂ්පාදක(යෝ)ගෝ ජං-වොන්
කිම් දෝ-යොන්
ආන් සං-හ්වි
පී ජූ-හ්යුං
ධාවන කාලයසෙනසුරාදා සහ ඉරිදා 23:00ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවCGV
මුල් ධාවනයනොවැම්බර් 17, 2007 (2007-11-17) – දෙසැම්බර් 16, 2007 (2007-12-16)
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්정조암살미스터리 8
ප්‍රතිශෝධිත රෝමානුකරණයජොංජෝ අම්සල් මිස්‍යුතෝරි පල් ඉල්
මැකූන්–‍රයිෂවර්චෝංජෝ අම්සල් මිසූතෝරි පල් ඉල්
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

එයිට් ඩේයිස්, ඇසැසිනේෂන් අටෙම්ට්ස් අගේන්ස්ට් කිං ජොංජෝ (කොරියානු: 정조암살미스터리 8일) යනු දකුණු කොරියානු කෙටි ඓතිහාසික කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කිම් සං-ජූං, පාක් ජුං-චුල්, ජුං ඒ-රි, ලී සොන්-හෝ සහ හී වොන් යන නළුනිළි පිරිස විසිනි. කථාංග 10කින් යුත් මෙම කතාමාලාව, 2007 නොවැම්බර් 17 සිට දෙසැම්බර් 16 දක්වා CGV නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි. මේ සඳහා පාදක වී ඇත්තේ 1795දී ජොසොන්හි ජොංජෝ රජු විසින් හ්වාසොං බලකොටුවේ සිය පියාගේ සොහොන වෙත දින අටක් පුරා පැවැත්වූ පෙරහැර පිළිබඳ වන ඓතිහාසික සිදුවීමයි. දැවැන්ත ඓතිහාසික සිදුවීමක් වූ මෙම පෙරහැර සඳහා මිනිසුන් 5,661ක් සහ අශ්වයින් 1,417ක් සහභාගී වී ඇත.[1]

කථා සාරාංශය

[සංස්කරණය]

මෙහි තිර රචනය සිදුකොට ඇත්තේ 2006දී ඕ සේ-යොං විසින් ලියන ලද ජර්නි[2] (කොරියානු: 원행; ප්‍රරෝ: වොන් හෙං; අරුත. "වට චාරිකාව") නැමැති නවකථාව පාදක කරගනිමිනි. මෙයට පසුබිම් වන්නේ 1795දී ජො‍සොන්හි ජොංජෝ රජු විසින් සිය මෑණියන් වූ හ්යේග්යොං ආර්යාවගේ 60වන උපන්දිනයට සමගාමීව පැවැත්වූ පෙරහැර මංගල්‍යයයි. මෙමගින් සිය මියගිය පියාණන් වූ කිරුළහිමි සදෝ කුමරුගේ 60 වන උපන්දිනය ද අනුස්මරණය කෙරිණි. දින අටක කාලය තුළ රාජ මාලිගයේ ජනතාව මාලිගය අත්හැර පෙරහැර වෙත පැමිණෙන අතර, මෙම කතාමාලාව මගින් රජුට එරෙහිව පැවති ඝාතන තැත් කිහිපයක්ම අනාවරනණය කරයි. පළමු තැත සිදුවන්නේ මූන් ඉන්-බංගේ කණ්ඩායම අතිනි. නමුත් මෙය සිය වාසියට හරවාගන්නා නොරොන් පක්ෂය, සිපා පාක්ෂිකයන්ට සහ රජුට එරෙහිව යුධමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සැරසෙයි.

ගොඩනැගීම

[සංස්කරණය]

ප්‍රබන්ධ සිදුවීම්වලට අමතරව මෙම කතාමාලාව සඳහා ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍ර ද්විත්වයක් උපයෝගී කොටගෙන ඇත. මෙහි කිරුළහිමි ස‍දෝ කුමරුගේ මරණයට (1762) පෙර සිදු වූ සිදුවීම් අතීතාවර්ජනය සඳහා හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන්[3] නැමැති ඓතිහාසික මූලාශ්‍රය උපයෝගී කොටගෙන ඇත. එසේම ජොසොන් රාජකීය පුස්තකාලයේ වූ නිල ලේඛන ද මේ සඳහා ආශ්‍රේය කොටගෙන තිබේ. එහිදී "වොන්හෙං යුල්ම්යෝ ජොංනි උයිග්වේ" (යුල්ම්යෝ=1795) යන්න පෙරහැර සඳහාත්, "හ්‍වාසොං සොංග්යොක්උයිග්වේ"[4][5] යන්න හ්‍වාසොං බලකොටුව සඳහාත් තොරතුරු ලබාගැනීමට භාවිතා කෙරිණි.

මෙම කතාමාලාව ඇතැම්විට හඳුන්වන එයිට් ඩේයිස්, මිස්ට්‍රි ඔෆ් ජොං ජෝ ඇසැසිනේෂන් යන නාමය වැරදි පරිවර්තනයකි. එයට හේතුව ජොංජෝ රජු 1795 අභියෝගය ජයගෙන, මියගියේ 1800දී වීම නිසායි.[6]

චරිත නිරූපණය

[සංස්කරණය]

අවසන් කථාංගයේ සඳහන් විස්තරය අනුව මෙම නාට්‍යය පහත චරිතවලින් සමන්විත වේ:

# නළුවා/නිළිය හංගුල් චරිතය හංගුල් සැබෑ ජීවන කාලය සටහන්
01කිම් සං-ජූං김상중ජොංජෝ정조1752–1800ජොංජෝ රජු නාට්‍යයේ ප්‍රධාන චරිතයයි (රාජ්‍ය. 1776–1800).
02පාක් ජුං-චුල්박정철ජොං යක්යොං정약용1762-1836සිල්හක් දාර්ශනිකයෙකි‍. සිපාහි සම්බන්ධීකාරක වන මොහුගේ ලේඛන නාමය දාසන් ය.
03ජුං ඒ-රි정애리හ්යේග්යොං ආර්යාව혜경궁1735–1815ස‍දෝ කුමරුගේ බිසවයි. ජොංජෝ රජුගේ මෑණියන් ය. හොං බොං-හන්ගේ දියණියයි.
04ලී සොන්-හෝ이선호ජං ඉන්හ්යොං장인형ගිචොං ජං: මුන් ඉන්බං විසින් ජං සොයුරා 장 동지 ලෙස ඔහුව බඳවාගන්නා ලදී.
05හී වොන්희원සෝ හ්යංබි소향비අලංකාර ශීර්ෂාවරණයක් පැළඳි ස්ත්‍රියයි.
06පාක් චන්-හ්වන්박찬환සිම් හ්වන්ජි심환지1730-1802යුධ අමාත්‍යවරයා මෙන්ම නොරොන් පක්ෂයේ ප්‍රධානියා ද වේ.
07ලී දේ-යොන්이대연මුන් ඉන්බං문인방උදාවන හිරු සාහසික ව්‍යාපාරයේ නායකයායි.
08ජං ගි-යොං장기용හොංජේචොන්홍재천දේදොංහි වෙළඳ ප්‍රධානියා ය. සංපිල් ලෙස උපන් මොහුව මුන් ඉන්බං විසින් බඳවාගන්නා ලදී. හොං සොයුරා ‍홍 동지 ලෙස හැඳින්විණි.
09පාක් සු-හ්යොන්박수현චෝයි ගිසු최기수ගිචොං චෝයි හෙවත් රජුගේ ආරක්ෂකයායි.
10ජෝ දල්-හ්වන්조달환කිම් චුන්ද්‍යුක්춘득රාජකීය ආරක්ෂකයන්ගේ නිලධාරියායි. ජොං යක්යොංගේ ආරක්ෂකයා ද වේ.
11කිම් තේ-හූන්김태훈කිම් හන්ජු김한주ජොංසුන් වැන්දඹු රැජිනගේ බෑණාකෙනෙකි. ජොංසුන් සහ නොරොන් පක්ෂය අතර අතරමැදියායි.
12කිම් සොං-ග්යොම්김성겸යොංජෝ영조1694–1776හිටපු රජ (රාජ්‍ය. 1724-1776).
13පාක් උං박웅චේ ජේගොං채제공1720-1799සිපා නායකයෙකි. ප්‍රධාන රාජ්‍ය උපදේශකයායි.
14කිම් ගි-හ්යොන්김기현‍කිම් ජොංසු김정수නොරොන් පක්ෂයේ හිටපු නායකයායි.
15කිම් හුයිජොං김희종ජොංසුන් රැජින정순왕후1745-1805ග්යොංජු කිම් වංශයේ ජොංසුන් අගබිසවයි. යොංජෝ රජුගේ වැන්දඹුවයි.
16ජෝ හන්-ජුන්조한준සදෝ සේජා사도 세자1735-1762යොංජෝ රජුගේ 2වන පුත්‍රයායි. (යොංබින් උපබිසවට උපන්) පසුව කිරුළහිමි කුමරු තනතුරට පත් විය. ජොංජෝ රජුගේ පියාණන් ය.
17යි යොංහ්වන්이용환ගු මියොංරොක්구명록ගු සොන්බොක්ගේ සැඟවුණු පුත්‍රයායි. හුන්ල්යොන්දෝගම්හි පුහුණුකරුවෙකි.
18හොං ස්‍යුං-ඉල්홍승일ජොං හන්-ගි정한기.
19ජොං යොං-උ정용우හොං බ්යොංසින්홍병신යුධ අමාත්‍යාංශයේ සහායක අංශ ප්‍රධානියෙකි.
20නා ජේග්‍යුන්나재균හොං ඉන්හන්홍인안1722-17761775 වම් රාජ්‍ය උපදේශකවරයායි. හොං බොං-හන්ගේ සොයුරායි.
21හියෝ ගිහෝ허기호හොං බොං-හන්홍봉한1713-1778හ්යේග්යොං ආර්යාවගේ පියාණන් ය. ජොංජෝගේ මුත්තණුවන් ය.
22චෝයි ගොං-උ최겅우යි ග්යොංමු이경무ඔගුන්යොං: හුන්ල්යොන්දොගම් සෙන්පතියෙකි.
23යි යොංජින්이용진ජෝ සිම්තේ조심태සුවොන් ආණ්ඩුකාරවරයායි.
24කිම් සොං-ඉල්김성일දොං ජුං-සෝ동중서‍පෙංහු වංශාධිපතියායි.
25හන් චොල්-වූ한철우ජං සොන්-යි장손이දක්ෂ වෙඩිතබන්නෙකි.
26ජොං යොංජු정용주ජං සොන්-සන්장손산දිය යට මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකි.
27සොං යොංජින්송영진හොං සංගුං홍상궁.
28යි උංජේ이웅재හොං සුයොං홍수영1755-1798හොං නාකින්ගේ වැඩිමහල්ම පුත්‍රයායි.
29හොං ඒබින්홍애빈හ්වාවන්-ඔංජු화완옹주1737–1808හ්වාවැන් කුමරිය, යෙංජෝ රජුගේ දියණියකි.
30වොන් ජොංසොන්원종선සිම් යිජි심이지මඔගුන්යොං: සුවෝ-සා දේජං (සෙන්පතියෙකි).
31යි හ්යොංජු이형주යි හන්පුං이한풍ඔගුන්යොං: ඉයෝයොං-සා දේජං (සෙන්පතියෙකි).
32පාක් යොංජින්박용진යි මියොංසික්이명식රාජකීය ආරක්ෂකයන්ගේ කොමසාරිස්වරයායි.
33ඕ චං-ග්යොං오창경යි යුග්යොං이유경ජෝ සිම්තේගේ දෙවැනියායි.
34පාක් ජොංචොල්박종철යු ඉයොන්හෝ유언호නොරොන් පාක්ෂිකයෙකි.
35කිම් ගොන්හෝ김건호යුන් සි-දොං윤시둥1729-17971795 දක්ෂිණ අමාත්‍යවරයායි.
36චෝයි මින්සෝ최민서සින් දේහ්යොන්신대현ඔගුන්යොං: චොං යුං-සා සෙන්පතියෙකි.
37කිම් යං-උ김양우ගු සොන්බොක්구선복1762 කිරුළහිමි සදෝ කුමරුන්ට චෝදනා කළ අයෙකි.
38සින් දොංහුන්신동훈මක්-සොයි막쇠චොක්සෝදන් වෙළෙන්දෙකි.
39කිම් ස්‍යුංහුන්김승훈දේදොං ගිබ්සා대동 집사දේදොංගේ සහායකයායි.
40යි ජේඋග්이재욱බේ ජොං-තේ배정태.
41නෝ ඉග්යොන්노익현හන් ජං-බොක්한장복හ්වාසොං බලකොටුවේ දේදොං ඔත්තුකරුවෙකි.
42ජොං නාඔන්정나온යොං ජුමෝ젊은 주모තැබෑරුම් අයිතිකරුවෙකි.
43ඕ සෝයොන්오서연හන් මේ한매.
44සෝල් ජියුන්설지윤චොංන්‍යොන් කුමරිය청연공주1754-1821කිරුළහිමි ස‍දෝ කුමරුගේ සහ හ්යේ‍ග්යොං ආර්යාවගේ පළමු දියණියයි.
45පාක් ගුන්-තේ박긴태ළමා ජොංජෝ어린 정조යි සන්, කිරුළහිමි කුමරුන් ය. පසුව ජොංජෝ රජු බවට පත් විය.
46යුන් යොංමින්윤영민ජොං බොක්정복රජුගේ පණ්ඩකවරයායි. ජොං හුගියොම්ගේ සහෝදරයායි.
47සොක් මියොංසික්석명식හංජු ගිම්සා한주 집사කිම් හංජුගේ සේවකයායි.
48යැං ජොංහ්යොන්양정현මුන්ජුං (වැඩිමහල්)문중어른.
49යි දොං-යොන්이동연හොං සුයොං (ළමා)어린 수영හොං සුග්යොංගේ ළමා වියයි.
50කිම් ජින්හුයි김진희ළමා හ්යේග්යොං어린 혜경හ්යේග්යොං ආර්යාවගේ ළමා අවධියයි.
51ඕ හ්යොන්සිල්오현실හ්යේග්යොං සංගුං혜경 상궁හ්යේග්යොං ආර්යාවගේ පරිවාර ස්ත්‍රියයි.
52සින් ග්යොංසොන්신경선ජොංජෝ සංගුං정조 산궁ජොංජෝ රජුගේ පරිවාර ස්ත්‍රියයි.
53බ්යුන් යැං-හෝසෝ යුබැං서유방ග්යොංගි ආණ්ඩුකාරවරයායි. නොරොන් පක්ෂයේ රහසිගත ආධාරකරුවෙකි.
54සොන් යොං-ග්වොන්손영권ජොං හු-ගියොම්정후겸1750-1776හ්වාවැන්-ඔංජුගේ හදාගත් පුත්‍රයායි.
55හන් හ්යොක්-ජු한혁주කිම් ග්වයිජු김귀주1740-1786ජොංසුන් රැජිනගේ සොහොයුරායි
  • මෙහි උපන් සහ මියගිය වර්ෂ දක්වා ඇත්තේ චරිත අතුරින් සැබැවින්ම ජීවත් වූ පුද්ගලයන්ට අදාලවයි.
  • මෙම කතාමාලාව තුළ හොං බොං-හන් යනු, යොංජෝ සහ ජොංජෝ රජ සමයයන්හි විසූ නොරොන් නායකයකු ලෙස දක්වා ඇත. නමුත් හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් අනුව, ඔහු සිපා ප්‍රධානියකු ලෙස දැක් වේ.

1795 පෙරහැර පිළිබඳ සැබෑ වාර්තා

[සංස්කරණය]

1795 පෙරහැර පිළිබඳ ප්‍රධාන ලේඛනය පලු අටකින් යුත් තිරයකි. මෙය හ්වාසොංහෙංහෙංදෝ බ්යොංපුන් ලෙස හඳුන්වයි. අදවන විට මෙම තිරයේ පිටපත් තුනක් පවතියි: සීපියා පැහැ එකක්,[7] නිල් පැහැ එකක් සහ වර්ණවත්[8] රජුගේ පිටපතයි. මෙහි අවසානයට සඳහන් කළ පිටපත සැම්සුං කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, 2005 අප්‍රේල් 15 දින එය කොරියානු ජාතික වස්තුව 1430 ලෙස ප්‍රකාශයට පත්කෙරිණි.[9]

සොහොන්
화성성묘전배
විභාග
낙남헌방방
භෝජන සංග්‍රහය
봉수당진찬
වෘද්ධයින්
낙남헌양로연
සෝජංදේ
서장대야조
ඊතල
득중정어사
පෙරහැර
환어행렬
පාලම
한강주교환어
හ්වාසොංහෙංහෙංදෝ බ්යොංපුන්

1800 උයිග්වේහි ඇති හ්වාසොං බලකොටුවේ සිතියම.

හ්වාසොං ජොන්දෝ 화성전도

කලාත්මක අවසරය

[සංස්කරණය]
  • සැබැවින්ම හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් යනු වෙනස් අවස්ථා හතරක දී, වෙනස් ශ්‍රාවකයන් සඳහා ලියන ලද වෙනස් ලේඛන හතරක එකතුවකි. කිරුළහිමි ස‍දෝ කුමරු‍ගේ මතභේදාත්මක හැසිරීම පිළිබඳ 1805 මතක සටහනේ ඇති අතර,[10] එය ඇත්තේ 1795 මතක සටහනේ නොව ඉන් වසර 10කට පසු මතක සටහන තුළ ය.[11]
  • සැබෑ රාජමාලිගය තුළ රතු පැහැති ලෝගු පළඳන ලද්දේ ඉහළ ශ්‍රේණිවල නිලධාරීන් විසිනුයි. අතරමැදි ශ්‍රේණිවල නිලධාරීන් නිල් පැහැයෙන් ද, පහළ ශ්‍රේණිවල නිලධාරීන් කොළ පැහැ ලෝගු ද පැළඳියහ. නමුත් මෙම කතාමාලාව තුළ දුෂ්ට චරිතවල ඇඳුම නිල් පැහැයෙනුත්, "යහපත් චරිත" රතු පැහැයෙනුත් දක්වා ඇත. මෙමගින් ප්‍රේක්ෂකයාට ඔවුන්ව පහසුවෙන් හඳුනාගත හැක.[12]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "පර්ෆෝමන්ස් ඉන්ෆෝමේෂන්". සුවොන්-නගරය: ප්‍රවාහනය සහ සංචාරක ව්‍යාපාරය. සම්ප්‍රවේශය 2013-05-08.
  2. ඕ සෙයොං 2006.
  3. හාබුෂ් 1996.
  4. චෙවේලියර් & 1800 පි. 384-396.
  5. දූ වොන් චූ & 2010 I, පි. 82-213.
  6. චුං, ආ-යොං (9 පෙබරවාරි 2009). "රීෆෝමේටිව් කිං ජොංජෝ වෝස් නොට් ෆැටලි පොයිසන්ඩ්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2013-05-30.
  7. KCC (2013). "හ්වාසොං හෙංහෙං" (කොරියානු බසින්). කොරියානු ප්‍රකාශන හිමිකම් කොමිසම.
  8. KCC (2013). "කිස් ද්‍යුක්සින් හ්වාසොංන්‍යුංහෙංදෝ" (කොරියානු බසින්). කොරියානු ප්‍රකාශන හිමිකම් කොමිසම.
  9. "රෝයල් පැරඩ් ටු හ්වාසොං ෆෝට්‍රස්". සංස්කෘතික උරුම පරිපාලනය. 2013. සම්ප්‍රවේශය 2013-05-08.
  10. හාබූෂ්, 1996 & පි.241-336
  11. හාබූෂ්, 1996 & පි.49-137
  12. චුං, ආ-යොං (13 නොවැම්බර් 2007). "රිනයිසන්ස් ඔෆ් ජොසොන් කිං ජොංජෝ". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2013-04-02.

ග්‍රන්ථ නාමාවලිය

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]