ඊජිප්තුවෙහි පළමුවන රාජවංශය
ඊජිප්තුවේ පළමුවන රාජවංශය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| ක්‍රි.පූ. 3100 පමණ–ක්‍රි.පූ. 2900 පමණ | |||||||||
නාර්මෙර් ඵලකය (ක්‍රි.පූ. 3200–3000 පමණ) | |||||||||
| අගනුවර | තිනිස් | ||||||||
| පොදු භාෂාවන් | ඊජිප්තු භාෂාව | ||||||||
| ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||
| රජය | පරම රාජාණ්ඩුව | ||||||||
| ඓතිහාසික යුගය | ලෝකඩ යුගය | ||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 3100 පමණ | ||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 2900 පමණ | ||||||||
| |||||||||
| පුරාතන ඊජිප්තුවෙහි රාජවංශ | ||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
සියලු වර්ෂ (දකුණුපස තීරුවේ) ක්‍රි.පූ. වලිනි | ||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
පුරාතන ඊජිප්තුවේ පළමුවන රාජවංශය (හෙවත් රාජවංශය I) යටතට අයත් වන්නේ එක්සත් ඊජිප්තුවක් තුළ පාලනය ගෙන ගිය ඊජිප්තු රජවරුන් ගේ පළමුවන මාලාවයි. මෙය නාමර් රජු විසින් සිදු කෙරිණැ යි පැවසෙන ඉහළ සහ පහළ ඊජිප්තුව ඒකාබද්ධ කිරීමෙන් වහාම පසුව ඇරඹුණු යුගය යි. එ සේ ම මෙය තිනිස් වටා බලය සංකේන්දුගත වූ මුල්කාලීන රාජවංශ යුගයේ ආරම්භය සනිටුහන් කරයි.
මෙම යුගයේ කාලසීමාව විද්වතුන් අතර වාදවිවාදවලට හේතු වී ඇත. මෙය දිවෙන්නේ මුල්කාලීන ලෝකඩ යුගය හරහා වන අතර, මෙය ක්‍රි.පූ. 34 වන හා 30 වන සියවස් අතර කාලයක ඇරඹෙන්නට ඇතැ යි ඇස්තමේන්තුගත කෙරී ඇත. 2013දී සිදුකළ විකිරණශීලී කාබන් දින අධ්‍යයනයක් අනුව, පළමු රාජවංශයේ ආරම්භය - හොර්-අහාගේ සිංහාසනාරූඪය - ක්‍රි.පූ. 3100ට ආසන්න (3218–3035, මෙය 95%ක විශ්වාසයකින් යුතු ය) සමයක සිදු වූයේ යැ යි සැලකේ.[1]
පාලකයින්
[සංස්කරණය]ඊජිප්තුවේ ඉතිහාසය තුළ පළමු රාජවංශයට අයත් යැ යි විශ්වාස කෙරෙන රජවරුන් නම්:
| නම | දින | සටහන් |
|---|---|---|
| නාමර්/මෙනස්(?) | ක්‍රි.පූ. 32වන සියවසේ පමණ (?) | බොහෝ විද්වතුන් නාමර් යනු මෙනස් ලෙස හඳුනාගත්ත ද, විද්වත්තු සුළු පිරිසක් මෙනස් යනු හොර්-අහා ලෙස හඳුන්වති.[2] |
| හොර්-අහා | ඇරඹීම ක්‍රි.පූ. 3080 ± 30 (p-අගය = 0.32)[3] | |
| ඩ්ජර් | ක්‍රි.පූ. 3073 – 3036 පමණ; වර්ෂ 41ක් | |
| ඩ්ජෙට් | ක්‍රි.පූ. 3008 - 2975 ? | |
| මර්නෙයිත් (ඩෙන්ගේ මව) | ක්‍රි.පූ. 3008? 2946–2916 | |
| ඩෙන් | ක්‍රි.පූ. 2975–2935-2911 හෝ ක්‍රි.පූ. 2928–2911; වර්ෂ 19 සිට 50ක් (වර්ෂ 42) | |
| අනෙඩ්ජිබ් | ක්‍රි.පූ. 2916–2896; වර්ෂ 20 | |
| සෙමෙර්ඛෙට් | ක්‍රි.පූ. 2912–2891 ?; වර්ෂ 20 | |
| කා'ආ | ක්‍රි.පූ. 2906–2886 ?; වර්ෂ 30 |
මෙම රාජවංශය පිළිබඳ තොරතුරු රාජකීය නාම දරන ඇතැම් ස්මාරක සහ වෙනත් අංග මගින් ලැබේ. මේ අතරින් වඩාත් වැදගත්ම පුරාවස්තූන් ලෙස නාමර් ඵලකය සහ නාමර් සොංකෝල හිස ආදියත්, ඩෙන් සහ ඛා රජුන් ගේ ලැයිස්තු ද සැලකේ.[4] පැලර්මෝ පාෂාණයේ ඇති සංක්ෂිප්ත ලැයිස්තු හැරුණු විට මුල් රාජවංශ ද්විත්වය පිළිබඳ වෙනත් සවිස්තර වාර්තා හමු නොවේ. මේ පිළිබඳ තොරතුරු සඳහන් මැනතෝගේ ඒජිප්ටියැකා විස්තරය, පුරාවිද්‍යාත්මක මෙන් ම ඓතිහාසික වාර්තා සමග නොගැළපේ. මැනතෝ විසින් පළමු රාජවංශයේ රජවරුන් නවදෙනකු නම් කෙරී තිබුණ ද, ඉන් වෙනත් මූලාශ්‍ර සමග ගැළපෙන්නේ එක් නමක් පමණි. එ සේ ම ඔහු විස්තර ඉදිරිපත් කොට ඇත්තේ ද රජවරුන් සිව් දෙනකු පිළිබඳ පමණි.[5] මෙ කල ඊජිප්තු රූපාක්ෂර හොඳින් සංවර්ධනය වී පැවතිණි. ඒවායේ හැඩය අවුරුදු තුන් දහසක් පුරාවටම වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි.
ඇබයිඩොස් සහ නැකාඩාහි ඇති පාරාවෝවරුන්ගේ විශාල සොහොන් ගප් මෙන් ම මෙම්පිස් අසල පිහිටි සකාරා සහ හෙල්වාන් සුසානභූමිවලින් පෙනී යන්නේ මෙ කල ඉදිකිරීම් විශාල වශයෙන් දැවෙන් සහ මඩින් තැනූ ගඩොල්වලින් සිදුව ඇති බව යි. බිත්ති සහ ගෙබිම සඳහා ගල් භාවිතා වී ඇත්තේ සුළු වශයෙනි. ආභරණ, බඳුන් සහ කලාතුරකින් ප්‍රතිමා නිර්මාණය සඳහා ගල් භාවිතා වී ඇත. ටැමරික්ස් (හෙවත් "ලවණ දේවදාර") ශාකය ඇබයිඩොස් බෝට්ටු වැනි බෝට්ටු නිර්මාණයට භාවිතා වී ඇත. මෙ කල වඩාත් වැදගත් වූ දැව නිර්මාණ ක්‍රමවේදයක් ලෙස අචල කුඩුම්බි සන්ධි භාවිතය දැක්විය හැක. අචල කුඩුම්බි සැකැසුණේ එක් ලී කැබැල්ලක අග්‍රය දෙවන ලීයේ සිදුර තුළට ගැළපෙන පරිදි කපා සැකැසීමෙනි. නිදහස් කුඩුම්බියක් භාවිත වූ මෙම ක්‍රමයේ ප්‍රභේදයන් මධ්‍යධරණි සහ ඊජිප්තු නැව් නිර්මාණයේ දී වැදගත් විය. [6]
රාජකීය අවමංගල පිළිවෙතක් ලෙස මිනිස් බිලිපූජා
[සංස්කරණය]පළමු රාජවංශයේ සියලු පාරාවෝවරුන් විසින් අවමංගල චාරිත්‍රයක් ලෙස මිනිස් බිලිපූජා අනුගමනය කෙරී ඇත.[7] මේ බව සෑම පාරාවෝවරයකුගේ ම සොහොන්ගබ අසල සේවකයින් සහ සත්ත්වයින් භූමදාන කොට තිබීමෙන් පෙනී යයි. ඩ්‍ජර්ගේ සොහොන්ගබ සඳහා මිනිසුන් 338ක් භූමදාන කොට ඇත.[7] මෙහි දී බිලි දුන් මිනිසුන් සහ බූරුවන් වැනි සතුන් පාරාවෝවරයාට මරණින් මතු සහාය වේ යැ යි සැලැකෙන්නට ඇත. කෙසේ නමුත්, නොදන්නා හේතූන් මත මෙම රාජවංශයේ අවසානය වන විට මෙම පිළිවෙත ද අවසන් වී ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ ඩී, එම්.; වෙන්ග්‍රොව්, ඩී.; ෂෝට්ලන්ඩ්, ඒ.; ස්ටීවන්සන්, ඒ.; බ්‍රොක්, එෆ්.; ගර්ඩ්ලෑන්ඩ් ෆ්ලින්ක්, එල්.; බ්‍රොන්ක් රැම්සේ, සී. (4 සැප්තැම්බර් 2013). "ඇන් ඇබ්සොලියුට් ක්රෝනොලොජි ෆෝ අර්ලි ඊජිප්ට් යූසිං රේඩියෝකාබන් ඩේටිං ඇන්ඩ් බෙයසියන් ස්ටැටිස්ටිකල් මොඩ්ලිං". ප්‍රොසීඩිංස් ඔෆ් ද රෝයල් සොසයිටි A: මැතමැටිකල්, ෆිසිකල් ඇන්ඩ් ඉන්ජිනියරිං සයන්සස්. 469 (2159): 20130395–20130395. doi:10.1098/rspa.2013.0395.
- ↑ ඩී ඇතුළු පිරිස (2013) පවසන්නේ: "මෙම අධ්‍යයනය සඳහා, අප පදනම් දිනය ලෙස සලකන්නේ පළමු රාජවංශයේ අහා රජුගේ සිංහාසනාරූඪයයි. නමුත් ඔහුට පෙර රාජ්‍ය කළ නාමර් මුළු රාජ්‍යය පුරාම සිය දේශපාලන බලය හොබවා ඇත. ඓතිහාසික පදනම් දිනයන් නොයෙකුත් වෙනස්කම්වලින් යුක්ත අතර, එහි ඇස්තමේන්තු කිරීම් ක්‍රි.පූ. 3400 සිට 2900 දක්වා පරාසයක දිවෙයි."
- ↑ ඩී ඇතුළු පිරිස. 2013: "අප ගේ විශ්ලේෂණය අනුව ඊජිප්තුවේ ආරම්භක දිනය ලෙස (අහා රජුගේ සිංහාසනාරූඪය) ක්‍රි.පූ. 3111–3045 හෝ ක්‍රි.පූ. 3218–3035 කාලපරාසය සැලැකී ඇත."
- ↑ "ඛා'ආ ඇන්ඩ් මර්නයිත් ලිස්ට්ස්", Xoomer, IT: වර්ජිලියෝ, http://xoomer.virgilio.it/francescoraf/hesyra/Egyptgallery03.html
- ↑ මැනතෝ, Fr. 6, 7a, 7b. ටෙක්ස්ට් ඇන්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඉන් මැනතෝ, පරිවර්තනය ඩබ්. ජී. වැඩල් (කේම්බ්‍රිජ්: හාවර්ඩ් විශ්වවිද්‍යාලය, 1940), පිටු;27-35
- ↑ "අර්ලි ෂිප් කන්ස්ට්‍රක්ෂන් – ඛුෆු’ස් සෝලාර් බෝට්", ඊජිප්ට්, IL: රෙෂාෆිම්, ජනවාරි 2001, http://www.reshafim.org.il/ad/egypt/timelines/topics/shipconstruction.htm, ප්‍රතිෂ්ඨාපනය 2016-11-05.
- 1 2 Shaw 2000, පිටු අංකය: 68.
ග්‍රන්ථ නාමාවලිය
[සංස්කරණය]මේවාත් බලන්න
[සංස්කරණය]| පූර්වප්‍රාප්තිකයා නිර්මාණය |
ඊජිප්තුවේ රාජවංශය ක්‍රි.පූ. 3100 – 2890 පමණ |
අනුප්‍රාප්තික දෙවන රාජවංශය |