මෙර්නයිත්
Appearance
(මර්නෙයිත් වෙතින් යළි-යොමු කරන ලදි)
මෙර්නයිත් | |
---|---|
ඊජිප්තුවේ රාජ්‍යාධිකාරී | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 2950 පමණ[1] |
සම-පාලක | ඩෙන් |
වල්ලභයා | ඩ්ජෙට් |
රාජවංශය | 1වන රාජවංශය |
පියා | ඩ්ජෙර් |
මෙර්නයිත් (මෙරිට්නයිත් සහ මෙරිට්-නයිත් ලෙස ද ලියනු ලැබේ) යනු පුරාතන ඊජිප්තුවේ පළමු රාජවංශ සමයේ විසූ බිසවක සහ රාජ්‍යාධිකාරිණියකි. ඇතැම් නිල වාර්තා අනුව ඇය ඇගේම අයිතිය අනුව ඊජිප්තුවේ පාලකයා ලෙස ද කටයුතු කරන්නට ඇත. මෙය සත්‍ය වන්නේ නම් සහ පෙර විසූ නයිත්හොටෙප් බිසව ස්වාධීන රාජ්‍යාධිකාරිණියක ද නොවේ නම්, ඇතැම්විට මෙර්නයිත් පුරාතන ඊජිප්තුවේ ප්‍රථම පාරාවෝවරිය මෙන්ම, වාර්තාගත ඉතිහාසයෙහි හමුවන පැරණිතම රාජ්‍ය පාලනය කළ රැජින ලෙස ද ඇය වර්තාගත වේ. ඇගේ පාලනය ක්‍රි.පූ. 2950 අවට කාලයේ සිදුවන්නට ඇත.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]මෙර්නයිත් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.