ආකිමිඩීස්

විකිපීඩියා වෙතින්
සයිරකියුසයේ ආකිමිඩීස්
(Greek: Ἀρχιμήδης)
ඩොමිනිකෝ ෆෙටි විසින් අඳින ලද "කල්පනා කරමින් සිටින ආකිමිඩීස්" සිතුවම (1620)
උපතක්‍රිස්තු පූර්ව 287 දී
මියගිය දිනයක්‍රිස්තු පූර්ව 212  දී (වයස අවුරුදු 75 ක් පමණ)
සයිරකියුස්
මිය යාමට හේතුවසයිරකියුස් යුද්ධයේදී රෝමානු සොල්දාදුවෙකු විසින් මරා දමන ලදී
නිවහනසයිරකියුස්, සිසිලිය
ජාතිකත්වයග්‍රීක
ප්‍රසිද්ධව ඇත්තේආකිමිඩීස් නියමය, ආකිමිඩීස් සර්පිලය, ද්‍රවස්ථිතිය, ලීවර, ඉතා කුඩා අංශු
Scientific career
ක්ෂේත්‍රයගණිතය, භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තාරකා විද්‍යාව, නව සොයාගැනීම්

සයිරාකියුස් හි ආකිමිඩීස් (ක්‍රි.පූ. 287 - ක්‍රි.පූ 212) යනු ග්‍රීක ජාතික ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිමැවුම්කරුවෙකු සේම තාරකා විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු සම්භාව්‍ය පුරාතණය පිලිබඳ ප්‍රමුඛ විද්‍යාඥයන්ගෙන් එක් අයෙකු ලෙස සලකනු ලබයි. ඔහු විසින් ද්‍රවස්ථිතිය, ස්ථිතිකය පිලිබඳ සංකල්ප හා ලීවර මූලධර්ම පිලිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ අතර ඒවා භෞතික විද්‍යාවේ ප්‍රගමනයේ පදනම බවට පත්විය. එමෙන්ම ඔහු සීජ් එන්ජින් (Siege Engine), ආකිමිඩිස් ඉස්කුරුප්පු පොම්පය (Archemedes Screw Pump) ඇතුළු නවීන යන්ත්‍ර සැලසුම්කරණයේ කීර්තියක් දිනා ගත් අයෙකි. ප්‍රහාරක නෞකා වතුරෙන් එසවීමට එසවීමට හා දර්පණ භාවිතා කරමින් නැව්වලට ගිනි අවුලවීමට හැකියාව ඇති යන්ත්‍ර, ආකිමිඩිස් විසින් සැලසුම් කර ඇතිබවටද සනාථ වේ.

පුරාතණයේ විසූ විශිෂ්ඨතම ගණිතඥයා ලෙස සලකන ලද ආකිමිඩීස් සකල ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ගණිතඥයන්ගෙන් එක් අයෙකි. ඔහු විසින් පයි (pi) නියතය සඳහා ඉතා නිවැරදි ආසන්නතම අගයක් ගණනය කිරීමට සමත් විය. ඒ සඳහා ඔහු විසින්, අපරිමිත ශ්‍රේණියක එකතුවක් සහිත පරාවලයක ඡාපයට යටත්ව පවතින කොටසේ වර්ගඵලය, නිරවශේෂණ ක්‍රමය භාවිතයෙන් ගණනය කරන ලදී. එසේම ඔහු විසින්, පරිභ්‍රමණය වන පෘෂ්ඨ වල පරිමාව සඳහා සමීකරණයක් වන ආකිමිඩිස් සර්පිලය (spiral) අර්ථ දක්වන ලද අතර ඉතා විශාල සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා ඉතා අනර්ඝ ක්‍රමයක් අර්ථ දැක්වීමද ඔහු විසින් සිදු කරන ලදී.

සිරකියුස් ප්‍රදේශයට පහරදී අල්ලා ගැනීමේ දී රෝමානු සොල්දාදුවෙකු අතින් ආකමීඩිස් මරණයට පත්විය. එසේ නමුත් එම සොල්දාදුවාට ආකිමීඩිස්හට පීඩා නොකරන ලෙස නියෝග ලැබී තිබූ බව කියැවේ. සිසෙරෝ ආකිමිඩීස්ගේ සොහොන බැලීමට යාම ගැන විස්තර කර තිබෙන අතර ආකිමිඩීස්ගේ සොහොන මත සිලින්ඩරයක් තුළ කොටන ලද ගෝලයක් සහිත ස්මාරකයක් වූ බව එහු සඳහන් කර තිබේ. එවැනි සිලින්ඩර ගෝල යුගලක් සඳහා ගෝලයේ පරිමාව සහ ක්ෂේත්‍රඵලය (පාද සහිතව සැලකූ විට) සිලින්ඩරයේ එම අගයන් ගෙන් 2/3 කට සම වන බව ආකිමිඩීස් සාධනය කළ අතර ගණිතමය වශයෙන් තමා ලබා ගත් ශ්‍රේෂ්ටතම ප්‍රතිඵලය මෙය ලෙස ඔහු සැලකීය.

අතීතයේ දී, ඔහුගේ සොයා ගැනීම් මෙන් නොව, ඔහු පල කළ ලිපි එතරම් ප්‍රසිද්ධියට පත් නොවීය. ඇලෙක්සැන්ඩ්‍රියානු ගණිතඥයින් ඒවා කියවා ඇති අතර ඒවායෙන් උපුට‍ා ගැනීම් ද සිදු කර ඇත. නමුත් මුල්වරට සතුටුදායක මට්ටමේ ආකිමිඩීස් ලිපි එකතුවක් පල කර ඇත්තේ ක්‍රි.ව. 530 දී මිලේටස්හි ඉසිඩෝ විසිනි. ආකිමිඩීස්ගේ ලිපි වඩාත් වැඩි පාඨක පිරිසක් අතරට ගෙන යාම සඳහා ආධාර වූයේ ක්‍රි.ව. 6 වැනි සියවසේ දී යුටෝසියස් විසින් ආකිමිඩීස් ලිපි පිළිබඳ ලියූ විග්‍රහය වේ. මධ්‍යතන යුගය අවසාන වන විට ආරක්ෂා වී තිබූ ආකිමිඩීස්ගේ ලිපි කිහිපයක පිටපත් විද්‍යාත්මක පුනරුද සමයේ විද්‍යාඥයන්ට බලපෑම් ඇති කළ සේම ඔවුන්ට අදහස් සඳහා මූලයක් ලෙස ද ක්‍රියා කලේය. 1906 වර්ෂයේ දී ඒ වන තෙක්‍ ලොවට හෙලි වී නොතිබූ ආකිමිඩීස් පත්‍රිකා (මෙහිදී ආකිමිඩීස්ගේ ලියවිලි මකා නැවත යොදා ගෙන ඇත.) සොයා ගැනීමත් සමඟ හෙලි වූ අතර ඒ ඔස්සේ ආකිමිඩීස් නිගමනයන්ට එළැඹුණු ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගැනීමේ ආවස්ථාවක් පහල විය.

මෙයත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ආකිමිඩීස්&oldid=557521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි