Jump to content

ගුරුත්වාකර්ෂණය

විකිපීඩියා වෙතින්
මිටිය හා පිහාටුව බිම හෙලීම - ඇපලෝ 15 අභ්‍යාවකාශගාමී ඩේවිඩ් ස්කොට් චන්ද්‍රයා මතදී ගැලීලියෝගේ ප්‍රසිද්ධ ගුරුත්ව පරික්ෂණය යළි සිදු කරමින්. (1.38 MB, ogg/Theora format).
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව

ගුරුත්වාකර්ෂණය, හෝ ගුරුත්වය යනු, ඔවුන්ගේ ස්කන්ධයන්ට සමානුපාතික බලයකින් භෞතික වස්තූන් විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ ස්වභාවික සංසිද්ධියකි. ස්කන්ධයක් සහිත වස්තූන්ට බරක් ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය. විසිරිත පදාර්ථය ඒකාබද්ධ වීම ගුරුත්වාකර්ෂණය මගින් සිදුවෙන අතර, ඒකාබද්ධවූ පදාර්ථය එලෙසින් එකතුව පැවතීමද සහතික කෙරෙන බැවින්, විශ්වයෙහි පවතින ග්‍රහලෝක, තාරකා, චක්‍රවාට සහ බොහෝ මහේක්ෂ වස්තූන්ගේද පැවැත්ම පිළිබඳ වගකියයි.

හිරු වටා පෘථිවිය හා අනෙකුත් ග්‍රහලෝක කක්ෂීය චලිතයෙහි යෙදීම; පෘථිවිය වටා චන්ද්‍රයා එහි කක්ෂයෙහි පිහිටා තබාගැනුම; උදම් නිර්මාණය වීම; ඝනත්ව අනුක්‍රමණයක සහ ගුරුත්වයෙහි බලපෑම යටතේ තරලයක ගලායෑම සිදුකරන ස්වභාවික සංවහනය; නිර්මාණය වෙමින් පවතින තාරකා සහ ග්‍රහලෝකයන්හී අභ්‍යන්තරය අධික උෂ්ණත්වයන් දක්වා රත් වීම; සහ පෘථිවිය මත මෙන්ම විශ්වය පුරාවටම නිරික්ෂණය කෙරෙන බොහෝ වෙනත් සංසිද්ධීන් සඳහාද ගුරුත්වාකර්ෂණය හේතු කාරක වෙයි.

ගුරුත්වාකර්ෂණ බලය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ.ලෝ අඩුම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය ශ්‍රී ලංකාව වේ [උපහරණ ඇවැසිය]

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගුරුත්වාකර්ෂණය&oldid=677269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි