මිණුම
මිණූම යනු, වස්තුවක දිග , බර වැනි කිසියම් ගුණාංගයක විශාලත්වය මිණුම් ඒකකයකට සාපේක්ෂව නිමානය කිරීමයි. මිණුමක් සාමාන්‍යයෙන්, මීටරය හෝ කිලෝග්‍රෑමය වැනි කිසියම් පිළිගත් ප්‍රමාණිකයකට වස්තුවක් සැසඳිය හැකිවන පරිදි ක්‍රමාංකනය කරන ලද කෝදුවක් හෝ තරාදියක් වැනි මිණූම් උපකරණයක භාවිතය සම්බන්ධ කර ගනී. කෙසේ වුව ද, නිවැරදි මිණුම ඉතා වැදගත් වන , විද්‍යාවන්වලදී මිණූමකට කොටස් 3ක් තිබිය යුතු බවට පිළිගැනේ. පළමු වැන්න මිණුම එයම වේ. දෙවැන්න දෝෂයේ සීමාවයි. තෙවැන්න විශ්වාසනීය මට්ටමයි. එය භෞතික වස්තුවේ නියම ගුණය දෝෂයේ සීමාව තුළ පැවතීමේ සම්භාවිතාවයි. උදාහරණයක් ලෙස , වස්තුවක දිග 2.34 m + 0.01 m ලෙස 95% විශ්වාසනීය මට්ටමක් සහිතව අපට මැනිය හැක.
මිණුම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය මිනිතය නම් වේ. මිණුම පිළිබඳ සිද්ධාන්තවලදී මිණූමක් යනු, ප්‍රමාණයක් මෙන් ප්‍රකාශ කරනු ලබන අස්ථිරතාවය අඩු කරනු ලබන නිරීක්ෂණයකි. ක්‍රියා දෙයක් ලෙස මැනීම යනු, එවැනි නිරීක්ෂණ සිදු කිරීමයි. එහි දුර, බලය, උෂ්ණත්වය හෝ කාලය වැනි භෞතික අගයයන් පිළිබඳ නිමානයන් අන්තර්ගත වේ. එහි, සමීක්ෂණවල දී ආකල්ප, වටිනාකම් හා ප්‍රත්‍යක්ෂ පිළිබඳ තක්සේරුව හෝ පුද්ගලයන‍්ගේ ස්වාභාවික හැකියාවන් පරීක්ෂා කිරීම වැනි දේවල් අන්තර්ගත විය හැක.
භෞතික විද්‍යාවන්වලදී මිණුම, ඉතාමත් පොදු වශයෙන් කිසියම් භෞතික අගයක්, එම අකාරයේ පිළිගත් අගයකට දරන අනුපාතය ලෙස සැලකේ.ඒ අනුව, දිග පිළිබඳ මිණුමක් යනු, භෞතික දිගක්, පිළිගත්, සම්මත මීටරය වැනි සම්මත දිගකට දක්වන අනුපාතයයි. මිනුම් ඒකකයක තාත්වික සංඛ්‍යාවක් වරක අකාරයෙන්, සාමාන්‍යයෙන් මිණුම් දෙනු ලැබේ. උදාහරණයක් ලෙස 2.53 m නමුත් ඇතැම් අවස්ථාවල දී (විද්‍යුත් සම්බාධනය පිළිබඳ මිණුම් වැනි) මිණුම් සඳහා සංකීර්ණ සංඛ්‍යා භාවිතා කරයි.