ශිල්පා ෂෙට්ටි

විකිපීඩියා වෙතින්
ශිල්පා ෂෙට්ටි ෂෙෆ්ෆීල්දි IIFA 2007 සම්මාන උලළේදී.
උපත 1975 ජූනි 8 (වයස34)
මන්ගලොරෙ, කර්නාටක, ඉන්දියාව
වෙනත් නම් ශිල්ප ෂෙට්ටි කුන්ඩ්‍රා, ශිල්ප කුන්ඩ්‍රා
රැකියාව රඟපෑම, මෝස්තර නිරූපණය
ක්‍රියාකාරි වර්ෂයන් 1993– වර්තමානය තෙක්
විවාහකයා රාජ් කුන්ඩ්‍රා (2009– වර්තමානය තෙක්)

ශිල්පා ෂෙට්ටි (තුලු: ಶಿಲ್ಪಾ ಶೆಟ್ಟಿ; 1975 ජූනි 8) ඉන්දියානු සිනමා නිළියක සහ මෝස්තර නිරූපිකාවක වන අතර බාසිගර් (1993) ඇගේ මංගල චිත්‍රපටය විය. බොලිවුඩ්, දමිළ, තෙලඟු සහ කන්නඩා චිත්‍රපට 40 කට ආසන්න ප්‍රමාණයකට ඇගේ දායකත්වය ලබා දී තිබේ.ඇයගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය “ආග්” චිත්‍රපටයේ විය. තම රංගන දිවියේ විවිධ පසුබෑම් වලට ලක් වුවද නැවත එම ගිලිහුණු ජනප්‍රියත්වය ගොඩ නගා ගැනීමට ඇය සමත් විය. “දඩකන්” (2000) සහ “රිශ්තෙ” (2002) චිත්‍රපටයන්හි ඇය දැක්වූ දක්ෂතා ප්‍රශංසනීය වූ අතර “ෆිර් මිලෙන්ගෙ (2004)” හි එඩ්ස් රෝගියෙකුගේ චරිත නිරූපණය බොහෝ ගෞරව බුහුමානට පාත්‍ර විය. ඇගේ බාල සොහොයුරිය ශමිතා ශෙට්ටි ද බොලිවුඩ් නිළියකි.

මාෆියා සම්බන්දකම් සම්බන්ධයෙන් සැකකාරියක වූ අතර වෙනත් ගැටලුකාරී අවස්ථා කිහිපයකටද ඇය පටලවණු ලැබීය. 2006දී අසභ්‍ය දර්ශනයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අත් අඩංගුවට ගැනීමට වරෙන්ත්තුවක්ද නිකුත් කෙරුණි. 2007 වසරෙදී බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනක් වන "සෙලෙබ්‍රිට් බිග් බ්‍රදර්" (Celebrity Big Brother ) අතරතුර ඇය සහ ජඩ් ගූඩි, ජො ඔ'මේරා සහ ඩැනීලෙ ලොයිඩ් යන තරඟකරුවන් අතර ජාත්‍යන්තර වර්ගවාදී අර්බුදය පිළිබඳව විවාදයක් ඇතිවූ අතර තරඟය අවසානයේ ඇය 63%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ සමඟම චිත්‍රපට කර්මාන්තය තුළ ඇයගේ ජනප්‍රියත්වය නැවත ස්ථාපනය වූ අතර අනුපිළිවෙලින් “ලයිෆ් ඉන් අ... මෙට්‍රො” සහ “අප්නෙ” යන චිත්‍රපටයන්හි රංගනයෙහි යෙදුණි. මෙය ඇය පිළිබඳ නැවතත් ධානාත්මක කතිකාවතකට මුල පිරීය.

සටහන[සංස්කරණය]

Shilpa_Shetty

"https://si.wikipedia.org/w/index.php?title=ශිල්පා_ෂෙට්ටි&oldid=469791" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි