රශමි දේසායි

විකිපීඩියා වෙතින්
රශමි දේසායි
දේසායි 2015දී
උපත
දිව්‍යා දේසායි[1]

4 අගෝස්තු 1986 (1986-08-04) (වයස 37)[2][3]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක, නර්තන ශිල්පිණිය
සක්‍රීය වසර2005–වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේඋත්තරන්හි තපස්‍යා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර්ගේ චරිතය හේතුවෙන්
කලත්‍රයා(යන්)නන්දිශ් සන්ධු (2012–2015)
සම්මානඉන්දියානු ටෙල්ලි සම්මාන

රශමි දේසායි (උපත 4 අගෝස්තු 1986) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය වඩාත් ප්‍රචලිත වූයේ කලර්ස් නාළිකාවෙන් විකාශය වූ සුප්‍රකට රූපවාහිනී සෝප් ඔපෙරාවක් වූ උත්තරන් හි තපස්‍යා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් චරිතය නිරූපණය හේතුවෙනි. මේ සඳහා ඇයට සම්මාන ගණනාවක් හිමි විය. මීට අමතරව &TV නාළිකාවෙන් විකාශය වූ ආධුරි කහානි හමාරි කතාමාලාවේ ප්‍රීති (ඉච්ඡාධාරී නාගිනිය / දායන්) චරිතය නිරූපණය නිසා ද ඇය ප්‍රකට විය.[4] රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථම ඇය B ගණයේ චිත්‍රපට කිහිපයකට රංගන දායකත්වය සැපයූවා ය. ඇය හින්දි, ඇසෑමි, බෙංගාලි, මනිපූරි සහ භෝජ්පූරි චිත්‍රපටවල රංගනයෙහි නිරත වී ඇත. මීට අමතරව ඇය 2012දී විකාශය වූ ජලක් දිඛ්ලා ජා 5, 2014දී විකාශය වූ ෆියර් ෆැක්ටර්: ඛාත්‍රොන් කේ ඛිලාඩි 6 සහ 2015දී විකාශය වූ නාච් බලියේ 7 යන නර්තන රියැලිටි වැඩසටහන් සඳහා තරගකාරිණියක ලෙස සහභාගී වූවා ය. දේසායි 2016දී ස්වාඡ් සූර්වේක්ෂණ් 2017 මූලිකාවියක ලෙස කටයුතු කළා ය. ඇය පරිසර වශයෙන් පවිත්‍ර ඉන්දියාවක් ගොඩනැගීමට (ස්වාඡ් භාරත් අභියාන්) ද මූලිකාවියක ලෙස කටයුතු කරන්නී ය.[5] 2017 වර්ෂය වන විට ඇය දිල් සේ දිල් තක් නැමැති කලර්ස් නාළිකාවෙන් විකාශය වන රූපවාහිනී කතාමාලාවේ ෂොර්වෝරිගේ චරිතය නිරූපණය කරමින් සිටින්නී ය.

වෘත්තිය[සංස්කරණය]

අඩු වයසින්ම රංගන දිවියට පිවිසි දේසායි, ඇගේ පළමු වැදගත් රංගනය සී ටීවී නාළිකාවේ රාවන් කතාමාලාව වෙනුවෙන් සිදුකළා ය. අනතුරුව ඇය සෝනි ටීවී නාළිකාව මීට් මිලා දේ රබ්බා සඳහා දායක වූවා ය. 2008 වර්ෂයේ සිට ඇය කලර්ස් නාළිකාවේ උත්තරන් කතාමාලාව සඳහා සම්බන්ධ වූවා ය. 2013 මාර්තු මස ඇය උත්තරන් තුළින් ඉවත් වීමට අදහස් කළේ තමන්ට වැඩිමහල් චරිතයක් නිරූපණය කළ නොහැකි යැයි විශ්වාස කරමිනි.[6] 2012 නොවැම්බර් 7 දින, ඇය ධනාත්මක අයුරින් යළි උත්තරන් වෙත පිවිසියා ය[7]

දේසායි පරි හූන් මේන් ඇතුළු සෙසු කතාමාලා සඳහා ද සිය දායකත්වය සපයා ඇත. ඇය ෂ්...ෆිර් කොයි හේ තුළ කථාංගවල චරිත නිරූපණයෙන් සහභාගී වී ඇත. මීට අමතරව ඇය කොමඩි සර්කස් වැනි රියැලිටි වැඩසටහන් මෙන්ම, මහා සංග්‍රාම්, සාරා නච්කේ දිඛා, Crime Patrol, Big Money, Kitchen Champion Season 2, කොමඩි කා මහා මුඛබාලා සහ ජලක් දිඛ්ලා ජා වැනි විවිධාකාරයේ රූපවාහිනී වැඩසටහන් සඳහා සම්බන්ධ වී ඇත.

දේසායි කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ ජලක් දිඛ්ලා ජා 5 වැනි නර්තන හා රියැලිටි වැඩසටහන්වලට සහභාගී වූවා ය.[8] වැඩසටහනේ දී ඇය ඇගේ ගබ්සා වීම පිළිබඳ ප්‍රකාශ කළ අතර, සෙසු තරගකරුවන්ට වැටහී ගියේ එය අනුකම්පාවක් හිමි කරගන්නට ඇය දැරූ උත්සාහයක් බවයි.[9][10] මීට අමතරව ඇය ශේඛර් සුමන් විසින් මෙහෙයවන ලද Movers and Shakers සඳහා ද ඇතුළත් වූවා ය.[11]

2015දී, දේසායි ෆියර් ෆැක්ටර්: ඛාත්‍රොන් කේ ඛිලාඩි සඳහා සහභාගී වුවත්, ඉන් ඉවත් වීමට සිදු විය. පසුව ඇය එම වැඩසටහනට යළි සහභාගී වූවා ය. අනතුරුව ඇය නාච් බලියේ 7 වැඩසටහන හා සම්බන්ධ වූයේ ඇගේ සැමියා වූ නන්දිශ් සන්ධු සමගයි. ඔවුහු එහි අවසන් වටය දක්වා ගමන් කළහ. දේසායි මීට අමතරව ඉෂ්කා කා රන්ග් සෆේද් සහ ආධුරි කහානි හමාරි සඳහා ද රංගන දායකත්වය සපයා ඇත.

පෞද්ගලික දිවිය[සංස්කරණය]

දේසායි ඇගේ හිටපු සැමියා වූ නන්දිශ් සන්ධු සමග.

2012 පෙබරවාරි 12 වන දින, දේසායි උත්තරන් කතාමාලාවේ ඇය සමග ප්‍රධාන චරිතය නිරූපණය කළ නන්දිශ් සන්ධු සමග විවාහ විය. ඔවුන්ගේ අතිනත ගැනීම ධෝල්පූර්හි පැවැත්විණි.[12] 2013දී, දේසායි දරුවකු පිළිසිඳ ගත් නමුත්, එම දරුවා ගබ්සා විය. ගබ්සා වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ දිවියේ නොයෙකුත් ගැටලු නිර්මාණය විය. 2014දී නොයෙකුත් නොගැළපීම් හේතුවෙන් දේසායි සහ සන්ධු වෙන්වෙන්ව නවාතැන් ගන්නට වූහ. කෙසේනමුත්, පසුව ඔවුන් දෙදෙනා යළි එක් වූ බැව් පෙනිණි. 2015දී එනම් විවාහ වී වර්ෂ හතරකට පසු යුවළ දික්කසාද වූහ.[13]

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

භෝජ්පූරි චිත්‍රපට[සංස්කරණය]

චිත්‍රපට
බාල්මා බාදා නාදන්
බම්බේ කි ලයිලා චප්රා කා චයිලා
බන්ධන් තූටේ නා
දුල්හා බාබු
ගසාබ් භායිල් රාමා
ගබ්බාර් සිං
හම් හේ ගවාර්
හම් බාල්බ්‍රහ්ම චාරි තු කන්‍යා කුමාරි
කබ් හොයි ගෝනා හම්මාර්
කබ්ලේ ආ‍යී බහාර්
කන්ග්නා ඛන්කේ පියා කේ අන්ග්නා
නන්දියා කේ තීර්
පප්පු කේ පයාර් හෝ ගයිල්
ප්‍යාර් ජබ් කේහු සේ හොයි ජාලා
සති සංඝති
සොහාගන් බනා දා සජානා හමාර්
ෂහාර් වාලි ජාන් මරේලි
තෝසේ ප්‍යාර් බා
උමාරියා කේලි තෝහ්රේ නාම්

බොලිවුඩ් චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2004 යේ ලම්හේ ජුදායි කේ ශීතල්
2013 දබාන්ග් 2 මනාළිය "දගබාස් රේ" ගීතයේ පසුබිම් නිරූපණය

ඇසැමී චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිත සටහන්
2002 කන්‍යාදාන් පසුබිම් රංගනය ඇසෑමි

ගුජරාති චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2017 Superstar අංජලී කපාඩියා ගුජරාති

රූපවාහිනී වැඩසටහන්[සංස්කරණය]

වර්ෂය කතාමාලාව චරිතය නාළිකාව
2006–2008 රාවන් මන්දෝදරී සී ටීවී
2008 පරි හූන් මේන් නික්කි/පරි ස්ටාර් වන්
2008–2009 මීට් මිලා දේ රබ්බා වෛද්‍ය මෙහෙර් දත්තා සෝනි ටීවී
2008 ෂ්...ෆිර් කොයි හේ මෝනා ස්ටාර් වන්
2008–2014 උත්තරන් තපස්‍යා රඝුවේන්ද්‍ර ප්‍රතාප් රතෝර් කලර්ස් ටීවී
2011–2011 කොමඩි කා මහා මුඛබාලා ඇය ලෙසම ස්ටාර් ප්ලස්
2012 කහානි කොමඩි සර්කස් කි ඇය ලෙසම සෝනි ටීවී
2012 Haunted Nights ශිවානි සහරා වන්
2012 ජලක් දිඛ්ලා ජා 5 ඇය ලෙසම කලර්ස් ටීවී
2012 කොමඩි සර්කස් 3 3 කා ටඩ්කා කථාංගෙය් වි‍ශේෂ නිරූපණය සෝනි ටීවී
2013 බිග් බොස් 6 ඇය ලෙසම/ආරාධිතයකු කලර්ස් ටීවී
2013 නෞතන්කි – ද කොමඩි සර්කස් නට්ඛට් සාලි කලර්ස් ටීවී
2014 සාව්ධාන් ඉන්ඩියා මාතා ලයිෆ් ඕකේ
2014 කොමඩි නයිට්ස් විත් කපිල් ආරාධිතයකු කලර්ස් ටීවී
2015 Fear Factor: ඛාත්‍රොන් කේ ඛිලාඩි 6 තරගකාරිණිය කලර්ස් ටීවී
2015 ෆාරා කි දාවත් ආරාධිතයකු කලර්ස් ටීවී
2015 නාච් බලියේ 7 ඇය ලෙසම ස්ටාර් ප්ලස්
2015 ඉෂ්ක් කා රන්ග් සෆේද් තුල්සි කලර්ස් ටීවී
2015 තේරි ඒක් හසී Mute Girl ජුබින් නෞතියාල්ගේ සංගීත වීඩියෝව
2016 ආධුරි කහානි හමාරි ප්‍රීතී &TV
2016 කොමඩි නයිට්ස් ලයිව් තරගකාරිණිය කලර්ස් ටීවී
2017 බිග් බොස් 10[14] ඇය ලෙසම - නව වැඩසටහන ප්‍රවර්ධනයට අවසන් තරගයේ ආරාධිතයකු ලෙස කලර්ස් ටීවී
2017–වර්තමානය දිල් සේ දිල් තක් ෂොර්වෝරි පර්ත් භානුෂාලි කලර්ස් ටීවී

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

කැමරාව ඉදරිරියේ සිනහසෙන රශමි
දේසායි 2010 ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී
වර්ෂය කෘතිය සම්මානය ප්‍රවර්ගය ප්‍රතිඵලය
2009 උත්තරන් 9වන ඉන්දියානු ටෙල්ලි සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නළුවා (කාන්තා) නිර්දේශිත
2010 10වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම නිළිය (ජනප්‍රිය) දිනාගති
10වන ඉන්දියානු ටෙල්ලි සම්මාන වඩාත් ජනප්‍රිය ඍණාත්මක නිළිය දිනාගති
3වන බෝරෝප්ලස් ස්වර්ණ සම්මාන හොඳම ඍණාත්මක නිළිය (ජනප්‍රිය) දිනාගති
බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් හොඳම රූපවාහිනී නිළිය දිනාගති
2011 4වන බෝරෝප්ලස් ස්වර්ණ සම්මාන හොඳම නිළිය (ජූරියේ) දිනාගති
හොඳම නිළිය (ජනප්‍රිය) දිනාගති
අප්සරා සම්මාන හොඳම නිළිය දිනාගති
බිග් ටෙලිවිෂන් අවෝඩ්ස් BIG නම්කීන් චරිතය කාන්තා (ප්‍රබන්ධ) දිනාගති
BIG ඛතාර්නක් චරිතය කාන්තා (ප්‍රබන්ධ) නිර්දේශිත
2012 අප්සරා සම්මාන හොඳම නිළිය නිර්දේශිත

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. TNN (29 January 2008). "Divya is now Rashmi". The Times of India. සම්ප්‍රවේශය 8 July 2016.
  2. "Mrunal Jain wishes sister Rashami Desai a happy birthday!". The Times of India. 13 February 2016. සම්ප්‍රවේශය 8 July 2016.
  3. "`Uttaran` changed my life: Rashmi Desai". Zee News. 7 November 2012. සම්ප්‍රවේශය 8 July 2016. After taking a break from the show, the 26-year-old went on to shake a leg on dance reality show 'Jhalak Dikhlaa Jaa'.
  4. PTI (7 March 2016). "Rashmi Desai: TV is for masses, has more reach than films". The Times of India. සම්ප්‍රවේශය 8 July 2016.
  5. "Union Minister MVenkaiahNaidu felicitates various artists for their contribution towards Swachh Bharat". Twitter. 6 August 2016. සම්ප්‍රවේශය 12 August 2016.
  6. Nandish and Rashmi did not want to be a part of the leap, says producer Rupali Guha. Tellychakkar.com (21 March 2012). Retrieved on 26 August 2015.
  7. 'Uttaran' changed my life: Rashami Desai – Entertainment. Mid-day.com. 7 November 2012. Retrieved on 26 August 2015.
  8. Rashami Desai Sandhu is scared of 'Jhalak Dikhhla Jaa' choreographer සංරක්ෂණය කළ පිටපත 2018-09-15 at the Wayback Machine. Mid Day. 1 September 2012. Retrieved on 7 July 2016.
  9. Nach Baliye 7: Rashami Desai admits she underwent cosmetic surgery : Top Stories, News – India Today. Indiatoday.intoday.in (16 June 2015). Retrieved on 26 August 2015.
  10. Nach Baliye 7: Rashami Desai opens up on her miscarriage. Tellychakkar.com (4 May 2015). Retrieved on 26 August 2015.
  11. Rashami Desai sizzles on Movers & Shakers – The Times of India සංරක්ෂණය කළ පිටපත 2013-09-28 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (23 May 2012). Retrieved on 26 August 2015.
  12. It feels good to be married: Nandish Sandhu සංරක්ෂණය කළ පිටපත 2013-09-28 at the Wayback Machine. The Times of India. 2 March 2012. Retrieved on 8 July 2016.
  13. "TV actors Rashami Desai, Nandish Sandhu file for divorce". Hindustantimes.com. 30 December 2015. සම්ප්‍රවේශය 8 July 2016.
  14. "All that will happen at the Bigg Boss 10 grand finale!". සම්ප්‍රවේශය 28 January 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Nach Baliye 7 සැකිල්ල:Fear Factor: Khatron Ke Khiladi

"https://si.wikipedia.org/w/index.php?title=රශමි_දේසායි&oldid=605859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි