2002 මොරොක්කෝ ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
මොරොක්කෝ කුසලානය 2002
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසන් තරගය
සත්කාරකත්වයමොරොක්කෝව
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් දකුණු අප්‍රිකාව
සහභාගීත්වය ශ්‍රී ලංකාව

 දකුණු අප්‍රිකාව

 පකිස්තානය
තරඟ7
වැඩිම ලකුණුශ්‍රී ලංකාව සනත් ජයසූරිය (299)
වැඩිම කඩුලුපකිස්ථානය වකාර් යුනිස් (11)


2002 මොරොක්කෝ කුසලානය යනු 2002 අගෝස්තු මාසයේදී මොරොක්කෝවේ ටැන්ජියර් හි පැවති කණ්ඩායම් තුනකින් යුත් ක්‍රිකට් තරඟාවලියකි. මෙම තරඟාවලිය උතුරු අප්‍රිකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ ඉහළම මට්ටමේ ක්‍රීඩා කළ පළමු අවස්ථාව විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන අබ්දුල් රහ්මාන් බුකාතීර් විසින් අරමුදල් සපයන ලද මෙම තරඟය සඳහා පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව තරඟ කළහ. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව පරදවා ඩොලර් 250,000 ක ත්‍යාග මුදල ලබා ගත්තේය.[1]

මෙම තරඟාවලිය බුහාතිර්ගේ TEN Sports නාලිකාව වෙත රූපවාහිනී ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට අමතරව, උතුරු අප්‍රිකාවේ ක්‍රිකට් ප්‍රවර්ධනය කරන ලදී. සියලුම තරඟ පැවැත්වුනේ ටැන්ජියර් හි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වන අතර, එය ඩොලර් මිලියන 4ක් වැයකර ඉදිකරන ලද පිටියක් වන අතර, එයින් වැඩි ප්‍රමාණයක් ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් සඳහා වැය කරන ලදී. තරඟයේ සංවිධායකයින් තරඟ පාවා දීමේ චෝදනා වළක්වා ගැනීමට කොතරම් උනන්දු වූවාද කිවහොත් ඔවුන් කණ්ඩායමේ ඇඳුම් ආයිත්තම් කට්ටලවල සංවෘත රූපවාහිනී (CCTV) කැමරා සවි කළහ.[2]

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා - සනත් ජයසුරිය (ශ්‍රී ලංකාව)

කණ්ඩායම් අදියරේදී පාකිස්තානය ජයගත්තේ එක් වරක් පමණි. ඒ තරගාවලියේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින්. ශ්‍රී ලංකාව ඔවුන්ගේ අනෙක් තරගයේදී පාකිස්තානය පරාජය කළ අතර, කණ්ඩායම් දෙකෙහිම කණ්ඩායම් තරඟවලදී දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව පාකිස්තානයට එරෙහිව පැවැති තරග දෙකම ජය ගත්තේය.[3] අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 27කින් පරාජයට පත්කළ අතර එහිදී නායක සනත් ජයසූරියගේ පන්දුවකට ලකුණු 71ක් සහ චමින්ද වාස්, පුලස්ති ගුණරත්න සහ මුත්තයියා මුරලිදරන් කඩුලු 2 බැගින් දවාගත්හ.[4]

ජයසූරිය තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරඟාවලිය නිමා කළේ ඔහුගේ තරඟ පහෙන් ලකුණු 299 ක් රැස්කරමින් සාමාන්‍ය 59.80 ක් ලෙසිනි. ඉහළම ලකුණු ලාභීන් තිදෙනාම ශ්‍රී ලාංකිකයෝ වූහ. ඉහළම පාකිස්තාන පිතිකරුවා වූයේ යූසුෆ් යූහානා ලකුණු 153ක් ලබාගත් අතර ඔහු සිවුවැනි ස්ථානයට පත් වූ අතර දකුණු අප්‍රිකානු ජාතික ජැක් කලිස් ලකුණු 141ක් ලබා පස්වැනි ස්ථානයට පත්විය.[5] ඊට ප්‍රතිවිරුද්ධව, පාකිස්තානයේ වකාර් යුනිස් වැඩිම කඩුලු 11ක් දවා ගත් අතර ඉන් පසුව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් යුගලය - ඇලන් ඩොනල්ඩ් සහ ලාන්ස් ක්ලූසනර් පිළිවෙලින් ලකුණු 10ක් සහ 9ක් දවා ගත්හ. උපුල් චන්දන සහ පුලස්ති ගුණරත්න කඩුලු 8 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටියහ.[6]

තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා - වකාර් යුනිස් (පකිස්ථානය)

සංචිත[සංස්කරණය]

 පකිස්තානය  දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාව
  • වකාර් යුනිස් (නා)
  • ෂාහිඩ් අෆ්රිඩි
  • ඉම්රාන් නසීර්
  • යූසුෆ් යූහානා
  • ඉන්සමාම්-උල්-හක් (උප)
  • යුනිස් ඛාන්
  • සයීඩ් අන්වර්
  • අබ්දුල් රසාක්
  • රෂීඩ් ලතීෆ් (කරැ)
  • සක්ලයින් මුෂ්ටාක්
  • වසීම් අක්‍රම්
  • ෂොයිබ් මලික්
  • අසාර් මහමුද්
  • මොහොමඩ් සාමි
  • මිස්බා උල් හක්
  • ෂෝන් පොලොක් (නා)
  • එරික් සයිමන්ස්
  • මාර්ක් බවුචර් (උප) (කරැ)
  • බෝටා දිප්පෙනාර්
  • ඇලන් ඩොනල්ඩ්
  • ජොන්ටි රෝඩ්ස්
  • හර්ෂල් ගිබ්ස්
  • ග්‍රේම් ස්මිත්
  • මඛය න්තිනි
  • ජැක් කලිස්
  • ගැරී කර්ස්ටන්
  • ලාන්ස් ක්ලූස්නර්
  • පෝල් ඇඩම්ස්
  • නිකී බොජේ
  • ජස්ටින් ඔන්ටොන්ග්
  • රොජර් ටෙලිමචස්
  • සනත් ජයසූරිය (නා)
  • මාවන් අතපත්තු (උප)
  • කුමාර සංගක්කාර (කරැ)
  • මහේල ජයවර්ධන
  • රසල් ආර්නෝල්ඩ්
  • අරවින්ද ද සිල්වා
  • දිල්හාර ප්‍රනාන්දු
  • උපුල් චන්දන
  • හසන්ත ප්‍රනාන්දු
  • චමින්ද වාස්
  • චමිල ගමගේ
  • මුත්තයියා මුරලිදරන්
  • පුලස්ති ගුණරත්න
  • චරිත බුද්ධික
  • තිලකරත්න ඩිල්ෂාන්

කණ්ඩායම් අදියර[සංස්කරණය]

වගුව[සංස්කරණය]

යතුර: ත = තරග, ජ = ජය, ප = පරාජ, ප්‍රල = ප්‍රසාද ලකුණු, ශුලවේ = ශුද්ධ ලකුණු වේගය

මොරොක්කෝ කුසලාන [7]
කණ්ඩායම ප්‍රල ශුලවේ
 ශ්‍රී ලංකා * 4 3 1 13 +0.725
 දකුණු අප්‍රිකාව * 4 2 2 8 -0.344
 පාකිස්ථානය 4 1 3 4 -0.365

සටහන් :අවසන් තරඟය දක්වා ඉදිරියට ගිය කණ්ඩායම්  *  ලෙස සලකුණු කර ඇත.

තරග[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2002 අගෝස්තු 12
ලකුණු පුවරුව
 පකිස්තානය
229 (ඕවර 43.2)
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: පාකිස්තානය 0; දකුණු අප්‍රිකාව 4

2 වැනි තරගය[සංස්කරණය]

2002 අගෝස්තු 14
ලකුණු පුවරුව
පකිස්තානය 
279/5 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
251/8 (ඕවර 50)
පාකිස්තානයට ලකුණු 28ක ජයක්
ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ටැන්ජියර්
තරගයේ වීරයා: පකිස්ථානය යුනිස් ඛාන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: පාකිස්තානය 4; ශ්‍රී ලංකාව 0

3 වැනි තරගය[සංස්කරණය]

2002 අගෝස්තු 15
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
267/7 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: දකුණු අප්‍රිකාව 0; ශ්‍රී ලංකාව 5

4 වැනි තරගය[සංස්කරණය]

2002 අගෝස්තු 17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
242 (ඕවර 49.5)
 පකිස්තානය
203 (ඕවර 43.4)
ශ්‍රී ලංකාවට ලකුණු 39ක ජයක් හිමිවිය
ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ටැන්ජියර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ඉන්දියාව ශ්‍රීනිවසරඝවන් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: පාකිස්තානය 0; ශ්‍රී ලංකාව 4

5 වැනි තරගය[සංස්කරණය]

2002 අගෝස්තු 18
ලකුණු පුවරුව
 පකිස්තානය
188 (ඕවර 48.3)
දකුණු අප්‍රිකාවට ලකුණු 8ක ජයක්
ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ටැන්ජියර්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ඇලන් ඩොනල්ඩ්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: පාකිස්තානය 0; දකුණු අප්‍රිකාව 4

6 වැනි තරගය[සංස්කරණය]

2002 අගෝස්තු 19
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
221/4 (ඕවර 42.1)
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: දකුණු අප්‍රිකාව 0; ශ්‍රී ලංකාව 4

අවසාන තරගය[සංස්කරණය]

2002 අගෝස්තු 21
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
235/7 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 27ක ජයක් හිමිවිය
ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ටැන්ජියර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මොරොක්කෝ කුසලානය 2002 ශ්‍රී ලංකාවට හිමිවිය

යොමු කිරීම්[සංස්කරණය]

  1. Steer, Duncan (2003). "Morocco Cup, 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
  2. Steer, Duncan (2003). "Morocco Cup, 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
  3. "Full details of the 2002 Morocco Cup". BBC Sport. සම්ප්‍රවේශය 8 January 2013.
  4. Agha Akbar (21 August 2002). "Sri Lanka prevail despite late fright". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
  5. "Records / Morocco Cup, 2002 / Most runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
  6. "Records / Morocco Cup, 2002 / Most wickets". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2013.
  7. "Point_Table / Morocco Cup, 2002 / Point Table". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 June 2022.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග