චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
චන්ද්‍රිකා කුමාරතුංග

In office
1994 නොවැම්බර 12 – 2005 නොවැම්බර 19
Prime Minister Sirimavo Bandaranaike
Ratnasiri Wickremanayake
රනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්‍ෂ
Preceded by ඩිංගිරි බණ්ඩා විජේතුංග
Succeeded by මහින්ද රාජපක්‍ෂ

In office
1994 අගෝස්තු 19 – 1994 නොවැම්බර 12
President ඩිංගිරි බණ්ඩා විජේතුංග
Preceded by රනිල් වික්‍රමසිංහ
Succeeded by සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක

Born 29 ජුනි 1945 (1945-06-29) (වයස 66)
Nationality ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
Political party ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
Spouse(s) විජය කුමාරතුංග
Children Yasodhara
Vimukthi
Alma mater Paris Institute of Political Science
Religion Theravada Buddhism
Website Official Website

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (උපත 1945 ජූනි 29) ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපති සහ හතර වන විධායක ජනාධිපති (1994 නොවැම්බර 12 - 2005 නොවැම්බර 19 )වූවාය. 2005 අග වන තුරුම ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ජනාධිපති විය.[1] [2]


1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකාවේ හතර වන විධායක ජනාධිපතිවරයා වේ. ඇය 2005 අවසානය වන තෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කල අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ.

1974 දී ඇය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා ලීගයේ විධායක කමිටුවේ සාමාජිකාවක් බවට පත්වූවාය. 1972-1976 දක්වා කාලයේදී ඇය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කලාය. 1976-1975 දක්වා කාලයේදී ඇය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කලාය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර දමන ලද ඇය තම සැමියා වන විජය කුමාරතුංගගේ ශ්‍රි ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරි ලෙස වැඩකටයුතු කලාය. තම සැමියාව ඝාතනයට ලක්වු පසුව ඇය එක්සත් රාජධානියට ගොස් UNU-WIDER (එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලය-ලෝක ආර්ථික සංවර්ධන පරීක්ෂණ ආයතනය) සංවිධානයේ 1991 දක්වා කටයුතු කලාය.

1953 දී ඇය බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිණිය ලෙස පත්වූවාය. 1994 අගෝස්තු 9 දින ඇය මහජන පක්ෂයේ අගමැතිවරිය ලෙස පත්වූවාය. එම වසරේම නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇය ජය ගත් අතර එය වසර 17 ක එකසත් ජාතික පක්ෂ පාල‍නයේ නිමාව විය.

ඇගේ පාලන කාලය තුල ඇය එවකට පැවති ජනවාර්ගික ගැටළුව නිරාකරණය කිරීමට උත්සාහ කලාය. පළමුව සාකච්ඡා මාර්ගයෙන් දෙවනුව යුධවාදී උත්සාහයකින්ද කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ඇය උත්සාහ කලාය. මෙම නිසා ඇයට වරක් (1999 දෙසැම්බර් 18 කොළඹ නගර ශාලාවේ පැවති) මහජන රැස්වීමකදී කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට තැත් කලේය. එහිදි ඇයගේ දකුණු ඇස සම්පුර්ණයෙන්ම අන්ධභාවයට පත්විය. පසුව පැවති (දෙසැම්බර් 21 දින) මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා පරදවමින් නැවත වරක් ජය ගැනිමට ඇයට හැකිවිය.

2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන සන්ධානය එක්සත් ජාතික පක්ෂයට පැරදුණ අතර කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරයේ සිටින අතරතුර විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේය.

2002 පෙබරවාරි මස වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රස්තවාදින් සමග සටන් විරාමයක් කොන්දේසි සහිතව අත්සන් කරන ලදි. කොටි ත්‍රස්තවාදින්ට ඕනෑවට වඩා නිදහස ලබාදී ඇති බව විශ්වාස කල කුමාරතුංග මැතිණිය 2002 නොවැම්බර් 4 දින පාර්ලිමේන්තුව අත්හිටවා විසුරුවා හැරියාය.

2004 අ‍ප්‍රේල් 2 දින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරයත් ඇතිව ඇය මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවූවාය.

සුනාමි විපතෙන් අනතුරුව ලැබුණු විදේශාධාර ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කොටි ත්‍රස්තවාදින් සමග බෙදා ගැනිමට රජය එකග විම නිසා ජනතා විමුක්ති පෙරමුණ 2005 දී රජයට දැක්වු සහය ඉවත්කර ගත්තේය. කුමාරතුංග පාලනය 2005 නොවැම්බර් මස අවසන් වු අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්විය.

[සංස්කරණය] ආශ්‍රිත

[සංස්කරණය] මේ අඩවිත් බලන්න

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්