ජනතා විමුක්ති පෙරමුණ
| People's Liberation Front Janatha Vimukthi Peramuna |
|
|---|---|
| Sinhala name | ජනතා විමුක්ති රමුණ |
| Tamil name | மக்கள் விடுதலை முன்னணி |
| Leader | Somawansa Amarasinghe |
| Founder | Rohana Wijeweera |
| Secretary | M. T. Silva |
| Founded | මැයි 14, 1965 |
| Split from | Communist Party of Sri Lanka |
| Headquarters | 464/20 Pannipitiya Road, Pelawatta, Battaramulla, Sri Lanka. |
| Newspaper | Sensakhti/Red Power, Niyamuva, Seenuwa |
| Ideology | Communism, Marxism-Leninism, Nationalism |
| National affiliation | Democratic National Alliance |
| Parliament of Sri Lanka |
4 / 225
|
| Election symbol | |
| Bell | |
| Website | |
| jvpsrilanka.com | |
| Politics of Sri Lanka Political parties Elections |
|
පටුන |
[සංස්කරණය] ජවිපෙ ඉතිහාසය හා ලාංකේය දේශපාලන භූමිකාව
[සංස්කරණය] ජ.වි.පෙ. ආරම්භය
ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.
නමුත් එය අසාර්ථක වෙයි. 1967 කියුබානු විප්ලවවාදි චේගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවෙශ විය. 1969 දී ඇත්ත පත්‍රය විසින් "සමගි පෙරමුණට පහර දීම සදහා තරුණයින් බාගන්නා CIA කෙමනක්" ලෙස ජවිපෙ හදුන්වා දෙන ලදී.මේ තත්ත්වය තුළ 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරන ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කර ඇත. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දි CIA කාරයෝ නම් දේශණය පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි. මේ වනවිට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
[සංස්කරණය] 71 කැරුල්ල
1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි. එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.
[සංස්කරණය] 1976-83 දක්වා කාලවකවානුව
1976 හදිසි නීතිය ඉවත් කිරීමත් සමග පක්ෂය නීත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියමුවා පුවත්පත ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරම්භ කරන ලදී.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වේ. තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ඉදිරිපත් විය.1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීර නිදහස් විය .78 පළමු සමුළුව ඉන්පසු පවත්වන ලදී. අනතුරුව 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කර ඇත. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වී ඇත .1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත .
[සංස්කරණය] 1983 සිට 1994 දක්වා කාලසීමාව
1983 සුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබෙයි. මේ වකවානුව තුල ජවිපෙ තමන්ගේ සාම්ර්‍ප්‍රදායික ජනතා දැනුවත් කිරීම් තුලින් විශාල පිරිසක් මෙම 13 වන ව්‍යවස්ථා සංධශෝනයට එරෙහිව පෙලගැස්වීමට සමත් වීම නිසා එ.ජා.ප.ආණ්ඩුව 13 වන ව්‍යවස්ථා සංධශෝනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පසෙක තබා මෙම අරගලය මර්දනය කිරීම අරඔයි. කෙසේ හෝ අවසානයේ බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුළ මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.
[සංස්කරණය] 1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා
1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජවිපෙ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතුරුව ඉදිරිපත් වූ මැතිවරණ තුළ 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි. 2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වර්ෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇතිවීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කරයි.
[සංස්කරණය] 2005 ජනාධිපතිවරණයෙන් පසු අද දක්වා
1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බුදය පැන නැගුණි. ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්ත්වය තුළ පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පලාත් සභා මැතිවරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.
[සංස්කරණය] මෙම වෙබ් අඩවි බලන්න
[සංස්කරණය] ආශ්‍රිත ග්‍රන්ථ
- 71 කැරැල්ල - වික්ටර් අයිවන්
