එරිස් (වාමන ග්‍රහයා)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
එරිස්  Suggested symbol of Eris
Eris (centre) and Dysnomia (left of centre), taken by the Hubble Space Telescope
Eris (centre) and Dysnomia (left of centre).
Hubble Space Telescope
සොයාගැනීම
සොයාගත් තැනැත්තේ M. E. Brown,
C. A. Trujillo,
D. L. Rabinowitz[1]
සොයාගත් දිනය January 5, 2005[2][g]
නිල නාමයන්
MPC නිලනාමය 136199 Eris
Pronunciation /ˈɪərɪs/, or /ˈɛrɪs/ as in Greek Έρις [a]
නම් කෙරුණේ Eris
විකල්ප නාමය(න්) 2003 UB313[3]
සුළු ග්‍රහලෝක
ප්‍රවර්ගය
dwarf planet,
TNO,
plutoid,
and SDO[4][5]
Adjective Eridian
කාලාරම්භය March 6, 2006
(JD 2453800.5)[6]
විහේලිකය 97.56 AU
14.60 × 109 km
අපහේලිකය 37.77 AU
5.65 × 109 km
අඩ-මහා අක්ෂය 67.67 AU
10.12 × 109 km
උත්කේන්ද්‍රියතාවය 0.441 77
කක්ෂීය කාලාවර්තය 203,600 days
557 years
සාමාන්‍යය කක්ෂීය වේගය 3.436 km/s
මධ්‍යන්‍යය විෂමතාවය 197.634 27°
ආනතිය 44.187°
ආරෝහණ මංසලෙහි දේශාංශකය 35.869 6°
අපහේලිකයේ විස්තාරය 151.430 5°
චන්ද්‍රිකා Dysnomia
භෞතික ලක්ෂණ
මධ්‍යන්‍යය අරය 1300සැකිල්ල:± km (2007)[7]
1163 ± 6 km (2011)
[8][9]
Surface area 78,500,000 sq km (48,777,638.6 sq mi)
ස්කන්ධය (1.67±0.02) × 1022 kg[10]
0.0028 Earths
0.23 Moons
මධ්‍යන්‍යය ඝණත්වය 2.52+-0.05 g/cm3[8][11]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය 0.827 m/s2
මිදුම් ප්‍රවේගය 1.384 km/s
නක්ෂත්‍ර භ්‍රමණ
කාලාවර්තය
25.9 ± 8 hr[3]
ප්‍රභානුපාතය 0.96 +0.09 -0.04[8]
Surface temp.
   (approx)
min mean max
30 K 42.5 K 55 K
වර්ණාවලී වර්ගය B-V=0.78, V-R=0.45[12]
දෘශ්‍ය විශාලත්වය 18.7[13]
නිරපේක්ෂ විශාලත්වය (H) −1.19 ± 0.3[3]
Angular diameter 40 milli-arcsec[14]
ඒරිස්ගේ කක්ෂය (නිල්) සෙනසුරු, යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝගේ කක්ෂ (සුදු හා අළු) වලට සංසන්දනාත්මකව, දක්වා ඇත. කක්ෂ තරලයට පහළින් වූ චාප අඳුරු පැහැයෙන් සටහන් කර ඇති අතර රතු පැහැති තිතකින් දක්වා ඇත්තේ සූර්යයායි. වමෙහි රූප සටහන ධ්‍රැවීය පෙණුම වන අතර දකුණෙහි වූ රූප සටහන ධ්‍රැවීය පෙණුම වන අතර දකුණෙහි වූ රූප සටහන් කක්ෂ තලයේ සිට පෙනෙන විවිධ ආකාර වේ.

එරිස් විධිමත්ව හඳුන්වනු ලබන්නේ නාමය වන්නේ 136199Eris ලෙසයි. ඊට පෙර එය 2003VB313 (ප්‍රාථමික ග්‍රහ නාමකරණය බලන්න) වශයෙන්ද හඳුන්වන අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම වාමන ග්‍රහලොව වන අතර එය සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක සෘජුවම කක්ෂගතවී ඇති 9 වැනි විශාලතම ග්‍රහවස්තුව ද වේ. එහි විශ්කම්භය 2.500km පමණ වන අතර ප්ලුටෝට වඩා 27% විශාල වේ.

එරිස් මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ පැලොමාරා නිරීක්ෂණාගාරයේ මයික් බ්‍රවුන්ගේ නායකත්වය ලද කණ්ඩායමක් විසින් 2003 දීය. නමුත් එය 2005 වනතුරු හදුනා නොගන්නා ලදී.] එය කුපර් පටියට එපිටින් ඇති අකාබනික ට්‍රාන්ස් නෙප්චූනියානු වස්තුවකි(TNO). එරිස්ට එක් චන්ද්‍රයෙක් පවතින අතර ඩිස්නොමියා වශයෙන් හඳුන්වයි. වෙනත් උප ග්‍රහයින් ඒරිස්ට පවතින බව මෙතෙක් සොයා ගෙන නැත. එයට සූර්යයාගේ සිට දුර 96.7 AU පමණ වේ. එය දළ වශයෙන් සූර්යයාගේ සිට ප්ලුටෝට ඇති දුර මෙන් තුන් ගුණයකි. යම් ධුම කේතු කිහිපයක් හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ සිට ඈතින්ම ඇති ග්‍රහවස්තු‍ යුගල එය වේ.

එරිස් ප්ලූටෝට වඩා විශාල නිසා එය සොයාගත් අයන NASA ආයතනය සෞරග්‍රහ මණ්ඩලයේ දස වැන්නා ලෙසද නම්කරන ලදී. මෙවැනි විශාල වස්තූන් අනාගතයේ තවත් හමුවිය හැකි නිසා අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය [IAU] විසින් “ග්‍රහලොව” යන වදනට අර්ථ දැක්වීමක් ගෙන එන ලදී. එම නව අර්ථ දැක්වීම 2006 අගොස්තු 24 දින සිට ක්‍රියාත්මක වූ අතර එතුළින් එරිස්, ප්ලුටෝ හා සිරිස් සමග වාමන ග්‍රහලෝක කාණ්ඩයට කාණ්ඩගත කරන ලදී.

කක්ෂය [සංස්කරණය]

ඒරිස්ට දින 557ක කක්ෂීය ආවර්තීයක් ඇති අතර 2008 දී එය සූර්යයාගේ සිට යා හැකි උපරිම දුර වන නක්ෂත්‍ර ඒකක 96.7 ක දුරින් පිහිටයි. (එහි සූර්ය දුරකය 97.5AUකි) ඒරිස් උප‍හේලිකයට පැමිණුනේ 1698 – 1600 අතරතුරය, සූර්ය දුරකයට 1977 දීය. නැවත උපහේලිකයට පැමිණෙන්නේ 2256 හා 2258 අතරතුරය. දීර්ඝ කාලීන සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම ඇති දන්නා වස්තු වන්නේ ඒරිස් හා එහි චන්ද්‍රයාය. කෙසේ නමුත් දන්නා TNO 40 ක් විශේෂයෙන් 2006 SQ372, 2000 OO67 හා සෙඩ්නා , වර්තමානයේ ඒරිස්ට වඩා හිරුට සමීප අතර ඒරිස්ගේ 67.7AU ක අර්ධ ප්‍රධාන අක්ෂයට වඩා වැඩි සාමාන්‍ය කක්ෂීය දුරක් පවතී.

මෙහි කක්ෂය අධික ලෙස විකේන්ද්‍රික වන අතර හිරුට 37.5AU තරම් ආසන්නයට ඒරිස් ගෙන එයි. එය විසිරුණු වස්තු සඳහා අපේක්ෂිත උපහේලිකයකි. මෙය ප්ලූටෝහි කක්ෂය ‍තුළ වන නමුත් තවමත් නෙප්චූන් (28.8 – 30.4AU) සෘජු ගැටුමකින් ආරක්ෂා වී ඇත. අනෙක් අතින් ප්ලූටෝ , අනෙකුත් ප්ලූටෝනියන් මෙන් අඩු ආනතියකින් හා අඩු විකේන්ද්‍රිකතාවකින් යුත් කක්ෂයක් අනුගමනය කරන හෙයින් කක්ෂීය අනුනාදයෙන් ආරක්ෂාවන අතර නෙප්චූන්ගේ කක්ෂය ඡේදනය කළ හැක. භූ පෘථිවියේ කක්ෂය ඇති තලයේම කක්ෂ පිහිටා ඇති ග්‍රහලෝක හා වායු දැවැන්තයන් මෙන් ‍නොව, එරිස්ගේ කක්ෂය අධික ලෙස ආනත වී ඇත. එය කක්ෂ තලයට අංශක 44කින් පමණ ආනතවේ.

දැනට එරිස්ට 18.7 ක දෘශ්‍ය විශාලත්වයන් ඇති අතර එමනිසා එය සමහරක් ආධුනික දුර දක්නවලට අනාවරණය විය හැකි තරම් දීප්තිමත්ය. නිසි තත්ව යටතේ දී CCD සහිත 200mm දුර දක්නකට ඒරිස් අනාවරණය කර ගත හැක. එය මේ දක්වා අනාවරණය නොවීමට හේතුව එහි අධික කක්ෂීය ආනතියයි. බොහොමයක් පර්යේෂකයන් විශාල බාහිර සෞරග්‍රහ මණ්ඩල වස්තු සඳහා නිරීක්ෂණය කරන්නේ බොහොමයක් වස්තු හමුවන කක්ෂ තලයේ තලයයි.

ඒරිස් දැන් සීටස් තාරකා මණ්ඩලය තුළ පවතී. 1876 සිට 1929 තෙක් එය ස්කල්ප්ටර් හින්, දළව 1840 සිට 1875 තෙක් ෆීනික්ස්හි ද පැවතුණි. 2036 දී මීන රාශිය වෙත ඇතුළු වන එය 2065 තෙක් එහි රැඳී සිට මේෂ රාශිය වෙත ඇතුළු වනු ඇත. ඉන්පසු උතුරු ආකාශයට ඇතුල්වන මෙය 2128 දී පර්සියස් තුළටත් 2173 දී කැමලෝගඩලිස් (එය එහි උතුරු ක්‍රාන්තියට ළඟාවන ස්ථානය) තුළටත් ඇතුළු වනු ඇත. ඒරිස්ගේ කක්ෂය අතිශයින් ආනත නිසා සාම්ප්‍රදායික රාශි චක්‍රයේ තාරකා මණ්ඩල කිහිපයක් හරහා පමණක් යයි.

ඩ්වෝප් ප්ලැනට් සොයාගැනීම [සංස්කරණය]

ජනවාරි 5, 2005 දී එරිස් නම් වු වාමාන ග්‍රහටයා පහත සදහන් විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලදී. මයික් බිරවින්, චැඩි ට්‍රැජිලෙප් හා ඩේවිඩ් /බිනොවිට්ස්, එක්තොම්බර් 21, 2003 දී ගත් ඡයාරෑප වලින් මෙම ආකාශ වස්තුවේ උපස්ථිතිය හෙළි විය. මෙම විද්‍යාඥයින් කණ්ඩායම විසින් තවත් විශාල TNO සොයාගන්නා ලදී, 50 000 ක්වොදා, 90482 ඕකස් හා 90377 සෙඩ්නා මේවාට උදාහරණ වේ.

2003 ඔක්තෝම්බර් 21 දින, කැලිෆෝනියාවේ මවුන්ට් පැලෝමාර් නිරීක්ෂණගාරයේ තිබෙන, 1200 mm ' සැමුවෙල් ඔස්වින් සොයාගැනිමට අපොහොසත් වුණි, මීට හේතුව වූයේ එරිස් හි ගමන් වේගය මෘදුකාංගය මගින් පැයකට තත්පර (ආක්සෙකන්ඩ්) 1.5 ට වඩා අඩු වේගයෙන් යුත් ආකාශ වස්තුන් බැහැර කරන ලදී. 90377 සෙඩ්නා සොයාගැනී මට හැකිවුයේ එහි වේගය පැයට ආක්තප්පර 1.75 පමණ වු නිසාය. ජනවාරි 2005 නැවත මෘදුකාංගය මගින් බැහැර කරන ලද ඡායාරෑප විශ්ලේෂණය කිරීමේදී එරිස් සොයාගන්නා ලදී.

මින් අනතුරැව, එරිස් හි කක්ෂය නිර්ණය කිරීමට නිරීක්ෂණ කරන ලදී. ' හමව්මියා' නමැති තවත් TNO වන උපස්ථිතිය වෙනත් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ලාවට හෙළිකර නිසා එරිස් හි උපස්ථිතිය හෙළිකිරීමට විද්‍යාඡයින් කණ්ඩායම විසින් පියවර ගන්නා ලදී.

ඔක්තෝබර් 2005 දී 'එරිස්' ට 'ඩිස්නෝමියා' නම් චනිද්‍රිකාවක් තිබෙන බව හෙළිවිය. 'ඩිස්නෝමියා' හි කක්ෂය පිළිබද මිනුම් ගැනීමෙන් අනතුරැව 'එරිස්' හි ස්කන්ධය සොයා ගැනීමට විද්‍යාඥයින්ට හැකිවිය. මෙය 2007 ජුනි මාසයේ ගණනය කල අතර එහි අගය ( ) විය. මෙය ප්ලුටෝ ග්‍රහයාගේ ස්කන්ධයට වඩා 27% වැඩි අගයකි.
උපන්‍යාස දෝෂය: <ref> ටැග පැවතුණත්, <references/> ටැග සොයාගත නොහැකි විය.