සිල්ලාහි ග්යොංසුන්
සිල්ලාහි ග්යොංසුන් 신라 경순왕 | |
---|---|
සිල්ලාහි රජ | |
රාජ්‍ය සමය | 927 – 935 |
අභිෂේකය | 927 |
පූර්වප්‍රාප්තිකයා | සිල්ලාහි ග්යොන්ගේ |
අනුප්‍රාප්තිකයා | ගොර්යෝහි තේජෝ |
උපත | 896 එක්සත් සිල්ලා |
මරණය | 978 (82 වියැති) ගොර්යෝ රාජධානිය |
බිසව | ජුක්බං ආර්යාව නක්රං කුමරිය |
දරුවන් | කිරුළහිමි මාඋයි කුමරු හොන්සුක් රැජින |
වංශය | කිම් ගෘහය |
පියා | කිම් හ්යෝ-ජොං |
මව | ග්යේආ කුමරිය |
ආගම | බුද්ධාගම |
සිල්ලාහි ග්යොංසුන් | |
හංගුල් | 경순왕 |
---|---|
හන්ජා | 敬順王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeongsun wang |
මැකූන්–රයිෂවර් | Kyŏngsun wang |
උපන් නාමය | |
හංගුල් | 김부 |
හන්ජා | 金傅 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Bu |
මැකූන්–රයිෂවර් | Kim Pu |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
|
සිල්ලාහි ග්යොංසුන් (896 - 978) (රාජ්‍ය. 927–935) යනුවෙන් හඳුන්වන්නේ කොරියානු රාජධානියක් වූ සිල්ලා රාජධානියේ 56වන මෙන්ම අවසන් පාලකයා ය.
චරිතාපදානය
[සංස්කරණය]සිල්ලාවේ මුන්සොං රජුගෙන් පැවතෙන හයවන පරම්පරාවේ සාමාජිකයකු වන ග්යොංසුන් රජු හ්යෝගොංට දාව ග්යේආ කුමරියට උපන් පුත්‍රයා වේ. ග්යේආ කුමරිය යනු හොන්ගං රජුගේ දියණියකි. ග්යොංසුන්ගේ භාර්යාව වූයේ ජුක්සන් පාක් වංශයේ ජුක්බං ආර්යාව (죽방부인) යි. ඔහුගේ වැඩිමහල්ම පුත්‍රයා කිරුළහිමි මාඋයි කුමරු වූ අතර, ලාබාල පුත්‍රයා බොම්ගොං නම් විය.[1]
ග්යොංසුන්ව සිහසුනට පත් කරන ලද්දේ හුබෙක්ජේ රාජ්‍යයේ රජු වූ ග්යොන් හ්වොන් විසිනි. ක්‍රි.ව. 927දී හුබෙක්ජේ රාජධානියේ හමුදා විසින් ග්යොංජු නගරය යටත් කරගැනීමෙන් පසුව ග්යොංසුන්ව සිහසුනට පත් කෙරිණි. 927දී, සිය හමුදාව සමග ග්යොන් හ්වොන් විසින්ම සිල්ලා අගනුවර වූ ග්යොංජු ආක්‍රමණය කරන ලදී. ආක්‍රමණයක් සඳහා සූදානම්ව නොසිටි ග්යොංගේ රජු හුබෙක්ජේ හමුදාවන්ට යටත් වීමට වඩා මිය යාම සැපතැයි සිතා සියදිවි හානි කරගත්තේ ය. අනුතරුව ග්යොන් හ්වොන් විසින් කිම් බු කුමරුන්ව ඊළඟ සිල්ලා රජු ලෙස පත්කොට ග්යොංසුන් රජ යනුවෙන් සිංහාසනාරූඪ කරන ලදී. මේ වනවිටත් සිල්ලා රාජධානිය අතිශයින් දුර්වලව පැවති අතර, ග්යොංසුන් හට සිය රාජ්‍ය පාලනය ගෙන යාමට ඉතිරිව තිබුණේ පැරණි සිල්ලා භූමියේ අවශේෂව තිබූ සුළු බිම් ප්‍රමාණයක පමණි. අවසානයේ 935දී ග්යොංසුන් විසින් සිහසුන අත්හැර ගොර්යෝහි තේජෝ හට සිහසුන පවරන ලදී. ඔහුගේ සිහසුන අත්හැරීම තේජෝගේ කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීමේ ව්‍යාපාරය සම්පූර්ණ කළේ ය. තේජෝ රජුගේ දියණිය වූ නංරං කුමරිය (낙랑공주) සමග යළි විවාහ වූ ඔහුව ග්යොංජුහි සාසිම්-ග්වන් (사심관, පරීක්ෂක-සෙන්පති) ලෙස පත් කරන ලදී. ඔහු ගොර්යෝවේ සාසිම්-ග්වන් ක්‍රමයේ පළමුවැනියා ද විය. ඔහු සිය ජීවිතයේ සෙසු කාලය ගතකළේ ගොර්යෝ අගනුවර (වර්තමාන කේසොං) ආසන්නයේ ය.[2]
978දී ග්යොංසුන් මියගිය අතර, ඔහුගේ සොහොන්ගැබ දකුණු කොරියාවේ ග්යොංගි-ඩෝහි යොන්චොන් ප්‍රාන්තයේ ජංනම්-ම්යොන් ප්‍රදේශයේ පිහිටා ඇත.[2]
සම්ගුක් සගි ග්‍රන්ථය අනුව, ග්යොංසුන්ගේ පුත්‍රයා වූ මා-උයි කුමරු සිය පියා ගොර්යෝ රාජ්‍යයට යටත් වීමට විරුද්ධ වූ අතර, ඔහු කුම්ගං කන්දේ තාපසයකු වශයෙන් වාසය කළ බැව් සඳහන් වේ.[3]
පවුල
[සංස්කරණය]- පියා: සිල්ලාහි ෂින්හ්‍යුං රජු (신흥대왕)[4]
- මුත්තණුවන්: සිල්ලාහි උයිහ්‍යුං රජු (의흥대왕)[5]
- මව: ග්යොංජු කිම් වංශයේ ග්යේආ මහා කුමරිය (계아태후 김씨)
- මුත්තණුවන්: සිල්ලාහි හොන්ගං රජු (? - 886) (신라 헌강왕)
- බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
- ජුක්සන් පාක් වංශයේ ජුක්බං ආර්යාව (죽방부인 박씨)
- කිම් ඉල්, කිරුළහිමි මාඋයි කුමරු (912 - ?) (김일 마의태자)
- කිම් දොක්-ජි, බොම් කුමරු (914 - ?) (김덕지 범공)
- කිම් මියොං-ජොං, යොංබුන් කුමරු (김명종 영분공)
- ග්යොංජු කිම් වංශයේ හොන්සුක් රැජින (헌숙왕후 김씨)
- කේසොං වං වංශයේ නක්රං කුමරිය (낙랑공주 왕씨)[6]
- කේසොං වං වංශයේ වං කුමරිය (공주 왕씨)[9]
ජනප්‍රිය සංස්කෘතිය තුළ
[සංස්කරණය]ෂින් ග්වි-ෂික් විසින් KBS නාළිකාවෙන් විකාශය වූ තේජෝ වං ගොන් (2000-2002) නැමැති රූපවාහිනී කතාමාලාවේ ඔහුගේ චරිතය නිරූපණය කරන ලදී. 2002-2003 අතර කාලයේ KBS නාළිකාවෙන් විකාශය වූ The Dawn of the Empire කතාමාලාව තුළ ලී දෝ-ර්යොන් විසින් ඔහුගේ චරිතය නිරූපණය කරන ලදී.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ (කොරියානු) King Gyeongsun සංරක්ෂණය කළ පිටපත 2011-06-10 at the Wayback Machine at Encyclopedia of Korean Culture
- ^ a b (කොරියානු) King Gyeongsun[permanent dead link] at Doosan Encyclopedia
- ^ (කොරියානු) Crown Prince Ma-ui[permanent dead link] at Doosan Encyclopedia
- ^ ෂින්හ්‍යුං යනු මරණාපර පදවි නාමයකි. ඔහුගේ සැබෑ නම කිම් හ්යෝ-ජොං ය.
- ^ උයිහ්‍යුං යන්න ද මරණාපර පදවියකි. ඔහුගේ සැබෑ නම කිම් සිල්-හොං ය.
- ^ ගොර්යෝහි තේජෝ රජුගේ සහ ෂින්මියොංසුන්සොං රැජිනගේ දියණියයි.
- ^ පසුව ඇය හ්වං ග්යොං සමග විවාහ විය.
- ^ පසුව ලී ග්‍යුම්-සෝ සමග විවාහ විය.
- ^ ගොර්යෝහි තේජෝ රජුගේ සහ ප්යොංසන් පාක් වංශයේ සොංමු ආර්යාවගේ දියණියයි.
සිල්ලාහි ග්යොංසුන් මරණය: 978
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ග්යොන්ගේ |
සිල්ලාවේ රජ සිල්ලා 927–935 |
අනුප්‍රාප්තික නැත |