සිල්ලාහි සොංදොක්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිල්ලාහි සොංදොක්
හංගුල්성덕왕
හංජා聖德王
සංශෝධිත රොමානුකරණයSeongdeok Wang
මෙකන්–රයිෂවර්Sŏngdŏk Wang
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමෙන් පසු)
  1. මුන්මු 661–681
  2. සින්මුන් 681–691
  3. හ්යෝසෝ 692–702
  4. සොංදොක් 702–737
  5. හ්යෝසොං 737–742
  6. ග්යොංදොක් 742–765
  7. හ්යේගොං 765–780
  8. සොන්දොක් 780–785
  9. වොන්සොං 785–798
  10. සෝසොං 798–800
  11. ඒජං 800–809
  12. හොන්දොක් 809–826
  13. හ්‍යුංදොක් 826–836
  14. හුයිගැං 836–838
  15. මිනේ 838–839
  16. සින්මු 839
  17. මුන්සොං 839–857
  18. හොනාන් 857–861
  19. ග්යොංමුන් 861–875
  20. හොංගං 875–886
  21. ජොංගං 886–887
  22. ජින්සොං 887–897
  23. හ්යෝගොං 897–912
  24. සින්දොක් 912–917
  25. ග්යොංම්යොං 917–924
  26. ග්යොංගේ 924–927
  27. ග්යොංසුන් 927–935

සොංදොක් දේවං (රාජ්‍ය සමය ක්‍රි.ව. 702–737) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන කොරියානු රාජධානියක් වූ සිල්ලාවේ තිස්තුන්වන රජු ය. ඔහු සින්මුන් රජුගේ දෙවන පුත්‍රයා වූ අතර, හ්යෝසෝ රජුගේ බාල සොහොයුරා ද විය. 704දී සොංදොක් රජු ගිම් වොන්තේගේ දියණිය වූ බේසෝ ආර්යාව 陪昭夫人 (සොංජොං රැජින 成貞) සමග විවාහ විය. 715දී ඔවුන්ගේ පුත් ජුංග්යොං (重慶) කිරුළහිමි කුමරුන් සහ අනුමේය උරුමකරු ලෙස නම්කෙරිණි. ඉන් මඳ කලකට පසු, අපහැදිළි හේතූන් නිසා මාලිගය තුළ රජු සහ රැජින‍ගේ වංශය අතර බල අරගලයක් ඇති විය. 716දී රැජිනව මාලිගයෙන් නෙරපා දැමිණි. බල අරගලය තවදුරටත් වර්ධනය වූ බවට සාක්ෂියක් ලෙස ඊළඟ වර්ෂයේ දී නොදන්නා හේතූන් මත ජුංග්යොං මරණයට පත්වීම සැලකේ. සිය පළමු භාර්යාව කෙරෙහි ප්‍රසාදය නැති වීම හේතුවෙන් 720දී සොංදොක් රජු ගිම් සුන්-වොන් අමාත්‍යවරයාගේ දියණිය වූ සෝදොක් සමග විවාහ විය. සොංදොක් සහ සෝදොක්ගේ දරුවන් අතර හ්යෝසොං සහ ග්යොංදොක් යන රජවරුන් ද විය.

වංශවතුන් සහ රාජ්‍ය අධිකාරය අතර අඛණ්ඩ බල අරගල පිළිබඳ යෝජනා පැවතිය ද, බොහෝ කොරියානු විද්වතුන් විසින් සොංදොක් රජුගේ රාජ්‍ය සමය එක්සත් සිල්ලා රාජ්‍යයේ උච්චස්ථානය ලෙස සලකනු ලබයි. සිල්ලාව සහ ටෑං චීනය අතර සම්බන්ධතා සහයෝගීත්වය අතින් අසමාන තත්ත්වයට පත් විය. කොරියාවේ රාජ්‍යත්වය සඳහා පැවති එදිරිවාදීත්වයෙන් සහ තරගකාරීත්වයෙන් යුත් වර්ෂවලින් පසුව, ටෑං රාජ්‍යය වටහාගත්තේ තමන් සමග සතුරු වී සිටීමට වඩා සිල්ලාව මිත්‍රශීලීව සිටිනු ඇතැයි කියා ය. මෙකල ටෑං රාජවංශය ද නිරන්තර අර්බුදවලට මුහුණදීමට සිදුවූ අතර, ඈත බටහිර ප්‍රදේශවල සහ උතුරුදිග ස්ටෙප්ස් ප්‍රදේශවල එහි ආධිපත්‍යයට ටිබෙටයෙන් අභියෝග එල්ල විය. එසේම මධ්‍ය ආසියාවේ මල්ගල් නැමැති ඉස්ලාමික හමුදාවන් සහ පැරණි ගොගුර්යෝ රාජ්‍යයේ ශේෂයන්ගෙන් 7වන සියවස වන විට බල්හේ රාජ්‍යය ද බිහි විය. සැබැවින්ම බල්හේ රාජ්‍යයේ විරෝධය කමයෙන් ඉහළ යන්නට වූ අතර (සැබැවින්ම මෙම රාජ්‍යය විසින් 733දී ටෑං රාජ්‍යයට එරෙහිව මුහුදු ප්‍රහාරයක් දියත් කරන ලදී) 733දී ටෑං අධිරාජ ෂුවාන්සොං විසින් සොංදොක් රජුට නිංහායිහි යුධ සේනාපති (නිංහායි ජුන්ෂි 寧海軍使) බලතල ලබා දී බල්හේ/මල්ගල් රාජ්‍ය මැඬපවත්වන ලෙස නියෝග කළේ ය. සොංදොක් විසින් එම වර්ෂයේ දී උතුරු දෙසින් ආක්‍රමණයක් දියත් කළ ද, හිම කුණාටු හේතුවෙන් එය අසාර්ථක විය.

සිල්ලාව ද බල්හේහි පුනර්ජීවනය කෙරෙහි අවධානයෙන් පසු විය. 721දී සොංදොක් රජු විසින් සිල්ලාවේ උතුරුදිග දේශසීමාවේ මහා ප්‍රාකාරයක් තැනවීමට නියෝග කරන ලදී. මෙම ප්‍රාකාරයේ නෂ්ටාවශේෂ වර්තමානයේ උතුරු කොරියාවේ දකුණු හම්ග්යොං පළාතේ දැකගත හැක. දකුණුදිග වෙරළ තීරයේ ජපන් මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් එයට පසු වර්ෂයේ සොංදොක් විසින් ග්යොංජු අගනුවර අසල විශාල බලකොටුවක් තැනවූ අතර, එහි වටප්‍රමාණය කිලෝමීටර දහයක් පමණ විය. 13වන සියවසේ ලියැවුණු කොරියානු ඉතිහාස වාර්තාවක් වන සම්ගුක් යුසා අනුව, බලකොටුව (මොබොල් ප්‍රාන්ත බලකොටුව ලෙස හඳුන්වයි) තැනවීමට කම්කරුවන් 40,000ක් පමණ අවශ්‍ය වූ බැව් දැක්වේ. මෙසේ දැවැන්ත මිනිස් ශ්‍රමයක් ලබා ගැනීම තුළින් එකල පැවති මධ්‍යගත රාජාධිකාරී බලයේ තරම වටහා ගත හැක.

සොංදොක් රජුගේ රාජ්‍ය සමය තුළ සිල්ලාවේ ඉඩම් ක්‍රමය ප්‍රතිසංස්කරණයට උත්සාහ ගැනුණු බවට ද සාක්ෂි ඇත. “ශන්තිමත් ඉඩම්” (ජොංජොන් 丁田) ව්‍යාප්ත කිරීම පිළිබඳ පළමු සඳහන හමුවන්නේ සොංදොක් රජුගේ විසි එක්වන වර්ෂයේ (ක්‍රි.ව. 722) ය. ශක්තිමත් ඉඩම් යන්නෙහි සැබෑ ස්වභාවය වාදවිවාදයන්ට හේතුවී ඇත්තේ එයට අදාළ සාක්ෂි හමුවී නොමැති හෙයිනි. කෙසේනමුත්, නාමය මත පදනම්ව, පෙනීයන්නේ එහි දී ඉඩම් ශක්තිමත් සාමාන්‍ය වැසියන්හට බෙදා දීම සිදුවූ බවයි. එය ඔවුනගේ සේවය ලබාගැනීමට හෝ සම්පූර්ණ හිමිකාරීත්වය සඳහා ලබාදුන්නේ ද යන්න අපැහැදිළි ය. කෙසේවුවත්, එහි සැබෑ ස්වභාවය කුමක් වුව ද, එමගින් රාජ්‍ය බලය ශක්තිමත් කිරීමට පියවර ගැනුණු බව පැහැදිළි ය.

සොංදොක් රාජ්‍ය සමයේ උච්චස්ථානයේ දී ටෑං රාජවංශය සමග සම්බන්ධතා වැඩිදියුණු විය. 735දී ටෑං අධිරාජයා වූ ෂුවාන්සොං විසින් සිල්ලා රජු හට නිල වශයෙන් පේ ගංගාවට (වර්තමාන ප්යොංග්යැං ඔස්සේ දිවෙන තේදොං ගඟ) දකුණින් වූ භූමි ප්‍රදේශය ප්‍රදානය කරන ලදී. මෙය 7වන සියවසේ ගොගුර්යෝව බිඳහෙළූ ටෑං-සිල්ලා ආක්‍රමණවලින් පසුව ටෑං අධිරාජ්‍යය සතුව පැවතුණකි.

සොංදොක් රජුගේ රාජ්‍ය සමය සාපේක්ෂව සාමකාමී සහ සමෘද්ධිමත් යුගයක් විය. කොරියානු විද්වතකු විසින් පවසා ඇති පරිදි "...සිහසුනෙහි පරම අධිකාරය අවසානයේ දී සුරක්ෂිත විය. මේ හේතුවෙන් රාජධානියට අවම වශයෙන් පෙර නොවිඳි අභ්‍යන්තර සාමකාමීත්වයක් අත් කරගත හැකි විය".[1]

සම්ගුක් සගිහි ඇතුළත් එක් වාර්තාවක් අනුව, සොංදොක් විසින් කොරියාවේ ප්‍රථම ජල ඔරලෝසුව තනා ඇත. කොරියානු බසින් නුගක් 漏刻 නම් වන මෙය ක්‍රි.ව. 718දී නිර්මාණය කෙ‍රිණි. කෙසේනමුත්, මෙය නුගක්ජොන් (漏刻典) යන්නෙහි වැරදි අර්ථකථනයක් ලෙස සැලකේ. සම්ගුක් සගි විසින් 718දී නුගක්ජොන් හෙවත් වේලා සටහන් කාර්යාලය ස්ථාපනය කළ බැව් ද දක්වා ඇත. සොංදොක් රජුගේ මරණය සිදුවූ දිනය සලකන විට, චීන ඉතිහාස වාර්තා දක්වන්නේ 737 දෙවන මාසයේ ටෑං දූතයකු සොංදොක්ගේ අනුප්‍රාප්තිකයා (පසුව හ්යෝසොං) සිල්ලාවේ රජු ලෙස පිළිගැනීමට පිටත්ව ගිය බවයි. මේ අනුව පෙනෙන්නේ සොංදොක් රජු 736දී මියගොස් ඇති බවයි.[2]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Lee, Ki–baik, A New History of Korea. Tr. by E.W. Wagner & E.J. Shultz, based on the Korean rev. ed. of 1979. (Seoul: Ilchogak, 1984). ISBN 89-337-0204-0
  2. Michael C. Rogers, “The Thanatochronology of Some Kings of Silla”, Monumenta Serica, 29 (1960), p. 336–337.
සිල්ලාහි සොංදොක්
 මරණය: 737
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හ්යෝසෝ
සිල්ලාවේ රජ
සිල්ලා
702–737
අනුප්‍රාප්තික වූයේ
හ්යෝසොං
"https://si.wikipedia.org/w/index.php?title=සිල්ලාහි_සොංදොක්&oldid=410837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි