සමන්ගල ආරණ්‍ය සේනාසනය

විකිපීඩියා වෙතින්
සමන්ගල ආරණ්‍ය සේනාසනය
මූලික තොරතුරු
පිහිටීමසමන්ගල, අම්පාර, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°24′39.5″N 81°34′52.3″E / 7.410972°N 81.581194°E / 7.410972; 81.581194ඛණ්ඩාංක: 07°24′39.5″N 81°34′52.3″E / 7.410972°N 81.581194°E / 7.410972; 81.581194
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය (10 ඔක්තෝම්බර් 2014)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියලෙන් විහාර

සමන්ගල ආරණ්‍ය සේනාසනය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර පිහිටි එෙතිහාසික බෞද්ධ ලෙන් විහාරයක් වේ. අම්පාර-මහඔය ප්‍රධාන මාර්ගයෙහි කොහොඹාන හන්දියට බටහිර දෙසින් පිහිටා ඇති විහාරය අම්පාර නගරයේ සිට කිලෝමීටර 23ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1884 යටතේ සිදුකොට තිබේ.[1]

සමන්ගල විහාර සංකීර්ණය අනුරාධපුරයේ සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් ඉදිකරන ලද්දක් ලෙස විශ්වාස කෙරේ.[2] මෑතකාලීන ඉතිහාසයේදී මෙම පුදබිම හා ආශ්‍රිත ප්‍රදේශය, දෙමල කොටි බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනයාගෙන් ඈත්ව පැවතිණි.[2] ශ්‍රී ලංකා‍ සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, සමන්ගල විහාරය නැවත වරක් ජනයාට විවෘත විය. පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි රාශියක් සමන්ගල පර්වතයේ නැගෙනහිර බෑවුම් කොටසෙහි සොයාගෙන තිබෙන අතර[3] ඉන් එක් ලෙනක වූ අභිලිඛිත සටහනකින් ඉන්දියාවේ සාංචි ස්තූපයට සමාන ස්තූප රුවක් හඳුනාගෙන තිබේ.[3][4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගැසට් 1884 10 ඔක්තෝම්බර් 2014, පිටු අංකය: 923.
  2. 2.0 2.1 "සමන්ගල පුරාණ ලෙන් විහාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2017.
  3. 3.0 3.1 "සමන්ගල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (ශ්‍රී ලංකාව). 2 ජූලි 2012. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2017.
  4. "සමන්ගල කේව්". ටුවර්.එල්කේ. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සමන්ගල_ආරණ්‍ය_සේනාසනය&oldid=593629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි