2016 තුර්කි රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්‍රයත්නය

විකිපීඩියා වෙතින්
2016 තුර්කි රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්‍රයත්නය
2016 තුර්කි රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්‍රයත්නය is located in Earth
2016 තුර්කි රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්‍රයත්නය (Earth)
දිනය15–16 ජූලි 2016
පිහිටුම
Status

කුමන්ත්‍රණය අසාර්ථක විය[6]


සැලකිය යුතු ප්‍රවර්ධනයන්

යුද්ධාවතීරයන්

පීස් ඇට් හෝම් කවුන්සිලය

තුර්කිය තුර්කි රජය

ආඥාපතියන් සහ නායකයන්
අකින් ඕස්ටූර්ක් ප්‍රෝක්ත[12]
මුහාරම් කොෂෙ ප්‍රෝක්ත[13]
රෙචෙප් ටායිප් ඇරගෝන්
බිනාලි යිල්ඩිරිම්
හුලූසි අකාර්
අපාතිකයන් සහ හානි
24–104 කුමන්ත්‍රණයට පක්ෂපාතී සොල්දාදුවන් මරා දැමුණහ [14]
1 UH-60 හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙලිණි [1]
7,543–8,775 අත්අඩංගුවට ගැනිණි (6,030 සොල්දාදුවන්, 2,745 අධිකරණ සාමාජිකයෝ)[14][15]
රජයට පක්ෂපාතී සේනාභටයන් 63 මරා දැමිණි (පොලිස් නිලධාරින් 60 සහ සොල්දාදුවන් 3)[14]
සිවිල් වැසියෝ 145 මරා දැමිණි [14]
සමස්ත වශයෙන් 232–290+ මරා දැමුණු අතර 1,541 තුවාල ලබා ඇත [14][16]


2016 ජූලි 15–16 අතරතුර කාලය තුල, තුර්කියේ ජනාධිපති රෙචෙප් ටායිප් ඇරගෝන් සහ ඔහුගේ රජයට එරෙහිව රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් අසාර්ථක ලෙසින් තැත් කොට තිබුණේ තුර්කි සන්නද්ධ හමුදාවන්ගේ කොටසක් විසිනි.[17][18][19] කුමන්ත්‍රණය සඳහා වගකිය යුතු කණ්ඩායම විසින් රූපවාහිනී නිවේදනයක් මගින් තමන් හඳුන්වා ගෙන තිබුණේ තුර්කි සාම මණ්ඩලය ලෙසිනි. අවම වශයෙන් පුද්ගලයන් 290 මිය ගිය අතර දහසකට වඩා තුවාල ලදහ. ඇන්කරා නගරයෙහි, තුර්කි පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්දිරය වෙත බෝම්බ හෙලා තිබුණි.[7][8][9][10] ඇන්කරා සහ ඉස්තාන්බුල් නගරයන්හී ප්‍රධාන ගුවන් කොටුපොළ අසල වෙඩි හඬ ඇසී තිබුණි.[20]

මෙම සිද්ධියට දේශීය හා විදේශීය දෙයාකාරයෙන්ම ලැබුණු ප්‍රතිචාර බොහෝ ලෙසින් කුමන්ත්‍රණයට විරුද්ධ වශයෙන් වූහ. නිදසුනක් වශයෙන්, තුර්කියේ ප්‍රධාන විරුද්ධ පක්ෂ විසින් මෙම කුමන්ත්‍රණ ප්‍රයත්නය හෙළා දැක තිබුණු අතර, ජාත්‍යන්තර නායකයන් කිහිප දෙනෙක්— එක්සත් ජනපදය, නේටෝ සහ, යුරෝපියානු සංගමය වැන්නන්ගේ —ඉල්ලා සිට තිබුණේ තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට සහ ඒවාට තේරී පත්ව සිටින නිලධාරින්ට ගරු පක්ෂපාති වන ලෙසිනි.[21][22] කෙසේ වෙතත්, කුමන්ත්‍රණය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සිදු කල යෝජනාවක්, එවිට මණ්ඩලයෙහි ස්ථිර-නොවන සාමාජිකයෙකු වූ ඊජිප්තුව විසින් නොපිළිගැනිණි. [23]

කුමන්ත්‍රණ ප්‍රයත්නය අසාර්ථකවූ බවට තනතුරුධාරි රජය විසින් සිඝ්‍රයෙන් ප්‍රකාශ නිකුත් කරන ලද අතර එය හා හවුල් වූ අය වෙත අභිචෝදනා එල්ල කිරීම ඇරඹීය. පළමු නිල ප්‍රතිචාරය දැක්වූයේ තුර්කි අග්‍රාමාත්‍යවර බිනාලි යිල්ඩිරිම් විසින් වන අතර, සිද්ධියට දිනකට පසු මාධ්‍යය ඇමතූ ඔහු පැවසුවේ තත්ත්වය "සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවය." ඉනික්බිතව ඇතිවූ සමූල අත්අඩංගුවට ගැනීම් විසින් අවම වශයෙන් ජනතාව 6,000 රඳවා තබා ගැනීමත්, සොල්දාදුවන් 2,839 ක් සහ විනිසුරුවන් 2,745 සේවයෙන් පහ කිරීමත් සිදු කරන ලදි.[24][25]

පසුබිම[සංස්කරණය]

තුර්කිය තුල 1946 වසරෙහිදී බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමෙහි සිට, තුර්කි සන්නද්ධ හමුදා (TSK) විසින් කුමන්ත්‍රණ තුනක්— 1960, 1971 සහ, 1980 වසර වලදී— දියත් කර ඇති අතර, 1997 වසරෙහිදී හමුදාමය තීරණයක් වෙතින් එක් වරක් මැදිහත් වී ඇත. [26] මුස්ටෆා කෙමාල් අටාටුර්ක් යටතේ පිහිටුවන ලද අනාගමික තුර්කි රාජ්‍යයේ ආරක්ෂකයා තමන් බවට හමුදාව සිතන බවට ඓතිහාසික වශයෙන් සාක්ෂි පවතියි.[26]

2016 කුමන්ත්‍රණ ප්‍රයත්නයට පූර්ව වසර කිහිපය තුලදී, ඇර්ගිනිකොන් නඩුවිභාග ක්‍රියාත්මක වූ අතර, හමුදාව මත ආධිපත්‍යය පැතිරවීමට රෙචෙප් ටායිප් ඇරගෝන් යටතේ වූ තුර්කියේ සිවිල් නායකයන් විසින් ගත් උත්සාහයක් ලෙසින් එය දකින ලදි.[26][27] 2013 දි සිදුවූ මෙම නඩුවිභාග තුලදී—"උද්වේගකාරී" ලෙසින් [26] සහ "මෑත තුර්කි ඉතිහාසයෙහි විශාලතමයන්ගෙන් එකක් ලෙසින්" දැක්වුණු [27]— " ඇර්ගිනිකොන්" නම් ලත් රහස් ජාලයක කොටසක් ලෙසින් එකල අග්‍රාමාත්‍යවරයාව සිටි ඇරගෝන්ට එරෙහිව 2003 සහ 2004 දී කුමන්ත්‍රණ මෙහෙයවූ බවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, මාධ්‍යවේදීන්, නීතිවේදීන් සහ ශාස්ත්‍රඥයින් ඇතුළු පුද්ගලයන් 275 වෙත චෝදනා එල්ලකෙරිණි.[27] ( ස්ලේජ්හැමර් නම්වූ වෙනත් ප්‍රෝක්ත සැලසුමක් හා සම්බන්ධ යැයි සමහරක් හමුදා නිලධාරින් වෙත චෝදනා එල්ල කොට තිබුණි.[27]) මේ අතරම, ඇරගෝන් විසින් පහළ-ශ්‍රේණි වල සිටි නිලධාරින් ආඥාපති දාමයෙහි ඉහළට උසස් කර දැමීමෙන්, හමුදා මාණ්ඩලික ප්‍රධානින් තමන්ට පක්ෂපාති බව සහතික කර ගන්නා ලද අතරම, යුද්ධ හමුදාව අධෛර්යයමත් කරන ලදි.[28]

ගුලේන්වාදී පාර්ශව සහ ඇරගෝන්ගේ යුක්තිය සහ සංවර්ධනය පක්ෂය (ඒකේපී) අතර සම්බන්ධතා බිඳ වැටීම හා සමගම, ඇරගෝන් තීරණය කලේ යුද්ධ හමුදාව පුනුරුත්ථාපනය කිරීම වාසිදායක වන බවයි.[28] තුර්කියේ ඉහළම අභියාචනා අධිකරණය විසින් 2016 අප්‍රේල් මස වන විට "ඇර්ගිනිකොන්" දෝෂණ නිෂ්ප්‍රභා කල අතර ඔවුන් තීන්දු කලේ ජාලයක පැවතීම ඔප්පු නොවුනු බවයි.[27][29] ජූලි 13 දිනදී, එනම් කුමන්ත්‍රණය දියත් කෙරුමට දින දෙකකට වඩා අඩු කාලයකට පෙර, තුර්කි සොල්දාදුවන් දේශීය ආරක්ෂිත මෙහෙයුම් වල යෙදීමේදී ඔවුන් වෙත චෝදනා ඉදිරිපත්වීම වෙතින් නිර්මුක්තිය ලැබීමේ පණතකට ඇරගෝන් තම අත්සන තැබූ අතර, එය අනුව ආඥාපතීන්ට එරෙහි නඩු විභාග සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අනුමැතිය ලබා දිය යුතු අතර පහළ-ශ්‍රේණියන්හී සොල්දාදුවන්ට එරෙහි නඩු විභාග සඳහා සමාව ලබා දීම දිස්ත්‍රික් ආණ්ඩුකාරවරුන් විසින් කල හැකි විය. මෙම නිර්මුක්ති පණත සැලකුණේ, රජය හා සන්නද්ධ හමුදා අතර සංහිඳියාව ගෙන දීමක කොටසක් ලෙස වන අතර, පොලීසිය සහ උපහමුදා බලකායන් විසින් කුර්දිෂ්-වාසිත ප්‍රදේශ තුල සිදු කල හමුදා මෙහෙයුම් පිළිබඳ වගකීම සන්නද්ධ හමුදා විසින් භාර ගනු ලබමින් සිටියහ.[30]

කුමන්ත්‍රණය ඇරඹුනු මොහොතෙහි, ඇරගෝන් සිටියේ වයඹ දෙස තුර්කියේ නිවාඩුවක් ගත කරමිනි.[19]

සිද්ධි මාලාව[සංස්කරණය]

බලය අල්ලා ගැනීමේ ප්‍රයත්නය[සංස්කරණය]

ප්‍රවෘත්ති වාර්තා විසින් ඉස්තාන්බුල්හී අටාටුර්ක් ගුවන්තොටුපොල වෙත ලඟාවෙමින් සිටි යුද්ධ ටැංකි දැක්වූ අයුරු

2016 ජූලි 15 දිනදී, 11:00 පව EEST (UTC+3) වෙතට මොහොතකට පෙර වාර්තා වූ පරිදී, ඇන්කරා නගරය උඩින් හමුදා ජෙට් යානා පියාසර කරනු නිරික්ෂණය කරනු ලැබූ අතර, ඉස්තාන්බුල් නගරයෙහි ඇනටෝලියාව දිශාවෙන් යුරෝපය වෙත තිබුණු ෆාටි සුල්තාන් මෙහ්මට් සහ බොස්ෆරස් පාලම් දෙකම වසා දැමුණි.[20][31][32]

තුර්කි අග්‍රාමාත්‍යවර බිනාලි යිල්ඩිරිම් පැවසුවේ හමුදා ක්‍රියාව සිදුකර ඇත්තේ "ආඥාපති දාමයෙන් පිටස්තරව බවත්" එය "හමුදාවෙහි කොටසක්" විසින් බලය අල්ලා ගැනීමෙහි "නීතිවිරෝධි ප්‍රයත්නයක්" බවත්ය.[17]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "ද ලේටස්ට්: පාර්ලිමන්ට් ස්පීකර් සේස් ලෝමේකර්ස් සේෆ්". ඇසෝසියෙටඩ් ප්‍රෙස්. 15 ජූලි 2016. සම්ප්‍රවේශය 15 ජූලි 2016.
  2. 2.0 2.1 2.2 "Darbeci Generaller Gözaltında". අල් ජසීරා ටර්ක්. 16 ජූලි 2016. http://www.aljazeera.com.tr/haber/darbeci-generaller-gozaltinda. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016. 
  3. 3.0 3.1 "Marmaris'te Erdoğan'ın oteli vuruldu". මිලියෙට්. 16 ජූලි 2016. http://www.milliyet.com.tr/marmaris-te-helikopterden-ates-gundem-2278703/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016. 
  4. "Malatya 2. Ordu Karargahına Cenaze Arabası Girdi". මලට්යා හාබර්. 16 ජූලි 2016. https://www.malatyahaber.com/haber/2-ordu-karargahina-cenaze-arabasi-girdi/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016. 
  5. "Malatya'da Askeri Linçten Polis Kurtardı". සාබා. 16 ජූලි 2016. http://www.sabah.com.tr/gundem/2016/07/16/malatyada-askeri-lincten-polis-kurtardi. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016. 
  6. කනිංහැම්, එරින්; ස්ලයි, ලිස්; කරටාස්, සෙයිනෙප් (16 ජූලි 2016). "ටර්කි රවුන්ඩ්ස් අප් තවුසන්ඩ්ස් ඔෆ් සස්පෙක්ටඩ් පාර්ටිසිපන්ට්ස් ඉන් කූ අටෙම්ප්ට්". ද වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 16 ජූලි 2016.
  7. 7.0 7.1 "ඇන්කරා පාර්ලිමන්ට් බිල්ඩිං ‘බොම්ඩ් ෆ්‍රොම් එයාර්’ – ස්ටේට් ඒජංසි". ආර්ටී. 15 ජූලි 2016. https://www.rt.com/news/351425-ankara-parliament-bomb-dropped/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016. 
  8. 8.0 8.1 FOX HABER [FOXhaber] (15 ජූලි 2016). "Ankara'da TBMM yine ateş altında.. TMMM'ne yine hava saldırısı oldu. Gelişmeler canlı yayınla FOX Haber'de" (ට්වීට්). {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
  9. 9.0 9.1 ඔමෙර් ෂිලික් [omerrcelik] (15 ජූලි 2016). "Bugün YÜCE MECLİS'e saldıranlar hainlere ders verme günüdür." (ට්වීට්). {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
  10. 10.0 10.1 "ෂූට්අවුට් විත් මෑස් කැසුවලිටීස් රිපෝටඩ් ඉව් සෙන්ට්‍රල් ඇන්කරා, ඕවර් 150 ඉන්ජර්ඩ් ඉන් ඉස්ටාන්බුල්". rt.com. රෂියා ටුඩේ. සම්ප්‍රවේශය 15 ජූලි 2016.
  11. "ටර්කිෂ් ඔතොරිටීස් රිමූව් 2,700 ජජර්ස් ආෆ්ටර් ෆේල්ඩ් කූ". 16 ජූලි 2016. http://www.independent.co.uk/news/world/europe/turkey-coup-latest-news-erdogan-istanbul-judges-removed-from-duty-failed-government-overthrow-a7140661.html. 
  12. "İşte darbe girişiminin perde arkası". Hurriyet.com.tr. 16 ජූලි 2016. සම්ප්‍රවේශය 18 ජූලි 2016.
  13. "මිලිටරි ඔෆිසර් ෆයර්ඩ් ෆො ගුලෙනිස්ට් ටයිස් නේම්ඩ් ඈස් ලීඩර් ඔෆ් ටර්කීස් කූ". ස්පුට්නික් නිවුස්. 16 ජූලි 2016. සම්ප්‍රවේශය 18 ජූලි 2016.
  14. 14.0 14.1 14.2 14.3 14.4 ද ලේටස්ට්: මිලිටරි ඔෆිසර් කිල්ස් ඩ්‍රයිවර් ඉන් හයිජැකිං
  15. "ලෝකල් - 6,000 ඩිටේන්ඩ් ෆ්‍රොම් ටර්කිෂ් ආමි, ජුඩිෂරි ඉන් ප්‍රෝබ් ඉන්ටු ෆේල්ඩ් කූ අටෙම්ප්ට්".
  16. "ඩෙත් ටෝල් ඉන් ෆේල්ඩ් යර්කි කූ රයිසර්ස් ටු මෝ දෑන් 290 -ෆොරින් මිනිස්ට්‍රි".
  17. 17.0 17.1 "ටර්කිෂ් මිලිටරි සේස් ඉට් හෑස් සීස්ඩ් කන්ට්‍රෝල් ෆ්‍රොම් ඇන්කරා ගවර්න්මන්ට්". සම්ප්‍රවේශය 15 ජූලි 2016.
  18. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; haber7 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  19. 19.0 19.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; reuters නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  20. 20.0 20.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; APLiveBlog නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  21. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; mhp_oppose නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  22. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hdp_oppose නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  23. මිෂෙල් නිකල්ස් (16 ජූලි 2016). "ඊජිප්ට් බ්ලොක්ස් යූ. එන්. කෝල් ටු රෙස්පෙක්ට් 'ඩිමොක්‍රටිකලි ඉලෙක්ටඩ්' ගවර්න්මන්ට් ඉන් ටර්කි". රොයිටර්ස්. සම්ප්‍රවේශය 16 ජූලි 2016.
  24. "ටර්කි: මාස් අරෙස්ට්ස් ආෆ්ටර් කූ බිඩ් ක්වොෂ්ඩ්, සේස් පීම් – බීබීසි නිවුස්". සම්ප්‍රවේශය 16 ජූලි 2016.
  25. "ටර්කීස් ටොප් ජුඩිෂල් බෝඩ් HSYK ඕඩර්ස් ඩිටෙන්ෂන් ඔෆ් 2,745 ගුලෙන්-ලින්ක්ඩ් ජජර්ස් ඕවර් කූ අටෙම්ප්ට්". සම්ප්‍රවේශය 2016-07-17.
  26. 26.0 26.1 26.2 26.3 ටිම් ඇරන්ගෝ; චේලාන් යේගින්සු (15 ජූලි 2016). "ප්‍රසිඩන්ට් ඔෆ් ටර්කි අර්ජර්ස් රෙසිස්ටන්ස් ඈස් මිලිටරි අටෙම්ප්ට්ස් කූ". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2016/07/16/world/europe/military-attempts-coup-in-turkey-prime-minister-says.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ජූලි 2016. 
  27. 27.0 27.1 27.2 27.3 27.4 ඇර්ගිනිකොන්: කෝට් ක්වෂර්ස් 'කූ ප්ලොට්' කන්වික්ෂන්ස්, බීබීසී නිවුස් (21 අප්‍රේල් 2016).
  28. 28.0 28.1 කොන්ටියර්, අයිසෙක් (15 ජූලි 2016). "හවු ටර්කි කේම් ටු දිස්". ස්ලේට්. http://www.slate.com/articles/news_and_politics/interrogation/2016/07/why_turkey_s_latest_attempted_coup_was_different.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016. 
  29. එම්රි පීකර්, ටර්කිෂ් කෝට් ඕවර්ටර්න්ස් කූ ප්ලොට් කන්වික්ෂන්ස් ඔෆ් ජෙනරල්ස්, වෝල් ස්ට්‍රීට් ජර්නල් (21 අප්‍රේල් 2016).
  30. හැනා ලුසින්ඩා ස්මිත් (15 ජූලි 2016). "ඇරගෝන් ගිව්ස් ටර්කිෂ් මිලිටරි ඉමියුනිටි". ද ටයිම්ස්. http://www.thetimes.co.uk/article/turkish-military-given-immunity-as-erdogan-seeks-allies-3fcpwc2jk. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ජූලි 2016. 
  31. "ටර්කි කූ: මිලිටරි අටෙම්ප්ට් ටු සීස් පවර් ෆ්‍රොම් ඇරගෝන් ඈස් ලෝ-ෆ්ලයිං ජෙට්ස් ඇන්ඩ් ගන්ෆයර් හර්ඩ් ඉන් ඇන්කරා ඇන්ඩ් බ්‍රිජර්ස් අක්‍රෝස් බොස්ෆරස් ඉන් ඉස්තාන්බුල් ක්ලෝස්ඩ්".
  32. "ටර්කිෂ් ප්‍රයිම් මිනිස්ටර් රිපෝර්ට්ස් කූ අටෙම්ප්ට්". WSJ. 15 ජූලි 2016. http://www.wsj.com/articles/turkish-prime-minister-reports-coup-attempt-1468613584. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ජූලි 2016.