Jump to content

හේල්-බෝප් ධූමකේතුව

විකිපීඩියා වෙතින්
C/1995 O1 (හේල්–බෝප්)
1997 අප්‍රේල් දී අපහේලිකය පසු කල සැණින් හේල්-බෝප් වල්ගාතරුව.
සොයාගැනුම
සොයාගත් තැනැත්තේඇලන් හේල් / තෝමස් බෝප්
සොයාගත් දිනයජූලි 23, 1995
විකල්ප
නම්
1997 මහා ධූමකේතුව,
C/1995 O1
කක්ෂීය ලක්ෂණ A
කාලාරම්භය2450460.5
විහේලිකය370.8 AU[1]
අපහේලිකය0.914 AU[1]
අඩ-මහා අක්ෂය186 AU
උත්කේන්ද්‍රියතාවය0.995086
කක්ෂීය කාලාවර්තය2520[2]–2533[1] වසර
(ස්කන්ධ කේන්ද්‍රීය 2391 yr)[3]



ආනතිය89.4°
අවසන් අපහේලිකයඅප්‍රේල් 1, 1997[1]
ඊළඟ අපහේලිකය~4385[4]

දශක ගණනාවක් තිස්සේ ඉතා පැහැදිලි ලෙස දීප්තිමත්ව දැකගත හැකි වූ හේල්-බෝප් ධූමකේතුව (නිල නාමකරණය C/1995 O1)20 වැනි සියවසයේදී වැඩි කතාබහට ලක්වූ වල්ගාතරුවකි.මහා ධූමකේතුව (හැලීගේ ධූම කේතුව) 1811 තැබූ වාර්තාව බිඳ දමමින් පුරා මාස 18 තිස්සේ පියවි ඇසට පෙනෙන අයුරින් මෙම හේල්-බෝප් ධූමකේතුව දිස්විය.

හේල්-බෝප් ධූමකේතුව පළමුව නිරීක්ෂණය කරන ලද්දේ 1995 ජූලි මස 23 දි,ඒ සූර්යයාට ඉතා ඈතින් පිහිටන අවස්ථාවක බව සඳහන් වේ.විද්වතුන්ගේ මතය වූයේ ධූමකේතුව පෘථිවිය ආසන්න වනවිට එහි දීප්තිය වැඩිවිය හැකි බවයි.නමුත් අනාවැකිවල නිරවද්‍යතාව අවිනිශ්චිත බව සනාථ කරමින් හේල්-බෝප් ධූමකේතුව තම කක්ෂයේ සූර්යයාට ආසන්නතම ලක්ෂය 1997 අප්‍රේල් මස 1 දින පසුකරගෙන යාමේදී එහි දීප්තිය නොසිතු තරම් විය.

අනාවරණය

[සංස්කරණය]

මෙම ධූමකේතුව සොයාගන්න ලද්දේ 1995 ජුලි මස 23 දින එක්සත් රාජධානියේ ගවේෂකයන් දෙදෙනෙකු වන ඇලන් හේල් හා තෝමස් බෝප් වේ.[5]හේල් මෙම නන්නාඳුනන ආකාශ වස්තුව ගැන අවධානය යොමුවන කාලවකවානුව වනවිට ඔහු වල්ගාතරු සොයමින් නිෂ්ඵල පැය සියගණනින් වැය කල පුද්ගලයෙක් විය. සගිටේරියස්(Sagittarius) තාරකා මණ්ඩලයේ ග්ලොබියුලර් ක්ලස්ටර් M70(globular cluster M70) තරු පොකුර අසලින් 10.5ක සැලකියයුතු තරම් විශාලත්වයකින් යුත් ආකාශ වස්තුවක් නිරීක්ෂණය කල හේල් එම තරු පොකුර අසල එවැනි අකාශ වස්තුවක් නොමැති බව‍ට සනාථ කරගත්තේය.ඒ සඳහා ඔහු ඒ වනවිට භාවිතයට ගත් දන්නා වල්ගාතරු සහිත නාමාවලිය පරීක්ෂාවට ලක් කරන ලදී. පසුබිම් තාරකා වලට සාපේක්ෂව මෙම වස්තුව චලනය වනබව හේල් සොයාගත් විගස ඔහු තාරකා විද්‍යාව සඳහා ගවේෂණය කල Central Bureau for Astronomical Telegrams ආයතනය වෙත විද්‍යුත් තැපෑල මගින් දන්වා සිටියේය.[6]

බෝප් හට තමන්ටම වූ දුරේක්ෂයක් නොතිබිණි. යහළුවෙකුගේ දුරේක්ෂයකින් මෙම ආකාශ වස්තුව නිරීක්ෂණය කරන මොහෙතේ ඔහු තම මිතුරන් සමග ඇරිසෝනා හි ස්ටෑන්ෆීල්ඩ් අසල තරු පොකුරු හා චක්‍රාවාට ගවේෂණය කරමින් සිටියේය.බෝප් තමාගේ තාරකා සිතියම අනුව M70 තරු පොකුර අසල එවැනි වස්තුවක් ඈත අභ්‍යවකාශයේ පැවතිය නොහැකි බව සනාථ කරගත් විගස ඔහු එම පිහිටුම් ඛණ්ඩාoක වහාම Central Bureau for Astronomical Telegrams වෙත යැවීය.[7]

පසුදා උදැසන එය නව ධූමකේතුවක් බවට ජාත්‍යන්තර තාරකාවිද්‍යා සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.ඒ සමගම එයට C/1995 O1 යන අලුත් නාමයද ලැබිණි. තවද මෙම ධූමකේතුව ඉපැරණි ඊජිප්තු යුගයේ (පුරාණ ඊජිප්තුව)(2332–2283 ක්‍රි.පූ) Pepi I Meryre පාරාවෝ රජු සමයේ සොයාගත් බවටද මත පවතී.මෙයට හේතුව වූයේ සකාරා (Saqqara) නම් පුරාණ ඊජිප්තු භූමදාන භුමියේ පිහිටි පෙපී පිරමීඩය තුල මෙම වල්ගාතරුව යැයි සැක සහිත රූපාක්ෂර (සංකේත) පැවතීමයි.[8]

පෙර ගවේෂණ

[සංස්කරණය]

අභ්‍යවකාශ ගවේෂක ආධුනිකයන් සොයාගන්නා ලද දුරින් වැඩිම ධූමකේතුව ලෙස මෙම හේල්-බෝප් වල්ගාතරුව හැඳින්විය හැක.එය සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 7.2(AU) දුරින් පිහිටන අතර එය විශාලත්වයෙන් බ්‍රහස්පති ග්‍රහයාට වඩා කුඩා වන අතර සෙනසුරු ග්‍රහයාට වඩා විශාල වේ.[9][10]බොහෝ ධූමකේතු මෙතරම් දුරකදී කිසිදු දීප්තියක් නොදක්වන අතර කිසිදු අසාමාන්‍ය චලන රටාද පෙන්නුම් නොකරයි.නමුත් මෙම හේල්-බෝප් වල්ගාතරුව ඉතා විසල් දුරකදී වුවද ඉතා පැහැදිලිව ධූමකේතුවේ න්‍යෂ්ටිය වටා වූ දුහුවිලි වළාව දැකගත හැකිවිය .1993දී ඔස්ට්‍රේලියන් -ඇන්ග්ලෝ දුරදක්නය මගින් ගන්න ලද ඡායාරූපයකට අනුව එහි හඳුනානොගත් ධූමකේතුවක් සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 13 (AU) ඇති බව තහවුරු කිරීමට සමත්විය.[11]මෙවැනි දුරකදී වල්ගාතරුවක් ඉඳුරාම හඳුනාගැනීම ඉතා අපහසු වේ.(හැලීහේ වල්ගාතරුව සුර්යයාට මේ හා සමාන දුරකදී සිය ගුණයකින් දීප්තිය අඩු බව සැලකේ.)[12] පසුව කරන ලද විශ්ලේෂණ වලදී හේල්-බෝප් ධූමකේතුවේ න්‍යෂ්ටික විෂ්කම්භය කිලෝමීටර් 60±20බව සනාථ කරගත් අතර එය හැලීගේ වල්ගාතරුවේ විශාලත්වය මෙන් හයගුණයක් තරම් විය.[1]

මෙවැනි වූ පුදුමාකාර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම්කළ මෙම හේල්-බෝප් ධූමකේතුව වර්ෂ 1997 දී උපහේලිකයට ලංවත්ම උපරිම දීප්තියක් පෙන්නුම්කරනු ඇති බව විද්වතුන්ගේ මතය විය.කෙසේවෙතත් තාරකා විද්‍යාඥයන් ඉතා සුපරීක්ෂාකාරීව සිටියද ධූමකේතුවල හැසිරිම්රටාව අතිශය අවිනිශ්චිත වේ.

උපහේලිකය

[සංස්කරණය]

1997 දී හේල්-බෝප් ධූමකේතුව අහසෙහි දිස්වූ ආකාරය.

1996 මැයි මාසය වනවිට හේල්-බෝප් වල්ගාතරුව පියවි ඇසට හොඳින් පෙනෙනා තරම් දීප්තියකින් යුතුව දිස්වූ අතර අවුරුද්දේ අවසාන භාගය වනවිට ක්‍රමයෙන් එම දීප්තිය අඩුවී ගිය බව සඳහන් වේ.[13]1996 දෙසැම්බර් මාසය වනවිට වල්ගාතරුව සූර්යයාට ඉතා ආසන්නව නිරීක්ෂණය කළහැකි වූ අතර එය 1997 ජනවාරි මසදීත් ආලෝකයෙන් දූෂිත වූ අහසක වුවත් පියවි ඇසට පෙනෙන තරම් එය දීප්තියෙකින් යුතුවිය.[14]

මෙම කාලය වනවිට අන්තර්ජාලය ඉතා සිඝ්‍රයෙන් පැතිරීගෙන යන සමයක් වූ අතර බොහෝ වෙබ් අඩවි ධූමකේතුවේ දත්ත වාර්තා සහ ඡායාරූප තම වෙබ් පිටුවල සටහන් කරන්නට විය.එම නිසා හේල්-බෝප් ධූමකේතුවේ තතු ලොවපුරා ඉතා සිඝ්‍රයෙන් පැතිර ගියේය.තවද මහජනයාගේ පෙර නොවූ විරූ කුතුහලයක් වල්ගාතරු කෙරෙහි ඇතිකිරීමෙහිලා අන්තර්ජාලයෙන් මගඟු සේවයක් ඉටුවිය.[15]

ධූමකේතුවක් සූර්යයාට ආසන්නවත්ම එහි දීප්තිය ක්‍රමයෙන් වැඩි වේ. හේල්-බෝප් 1997 පෙබරවාරි මාසය වනවිට එහි දීප්තියෙහි උපරිම නැග්මට පැමිණ තිබුණු අතර එහි හොඳින් වර්ධනය වූ වල්ගා දෙකක් පැහැදිලිව දැකගත හැකිවිය.එහි නීල වල්ගය සූර්යාගෙන් එක එල්ලේ ඉවතටද කහ දුහුවිලි වල්ගය කක්ෂයෙන් ඉවතට නැමී ඉතා අලංකාර ලෙස දිස් විය. හේල්-බෝප් වර්ෂ 1997 මාර්තු 22 වන දින පෘථිවියට ඉතා ආසන්නයට පැමිණි අතර එයට පෘථිවිය සිට දුර නක්ෂත්‍ර ඒකක 1.315 (AU) විය.[16]
මෙම වල්ගාතරුව 1997 ජනවාරි 1 වන දින උපහේලිකය පසුකරයත්ම ඉතා අලංකාර වූ දර්ශනයක් අහසෙහි මැවීය. එවිට එහි දීප්තිය සීරියස් තරුවට පමණක් දෙවැනි වූ අතර එහි දුහුවිලි වල්ගය අංශක 40-45 අතර ප්‍රමාණයකට අහසෙහි විසිරී දිවෙන්නට වූ බව සඳහන් වේ.[17][18]බොහෝ විශාල ධූමකේතු උපහේලිකය පසුකරයත්ම අහස මුළුමුනින්ම අඳුරු වන්නට ප්‍රථම පැහැදිලිව දැකගත හැකි වුවත් මෙම හේල්-බෝප් වල්ගාතරුව උත්තරාර්ධ ගෝලයේ ගවේෂකයන්ට මුළු රාත්‍රිය පුරාවටම නැරඹීමට අවස්ථාව උදවිය.

උපහේලිකයෙන් පසු

[සංස්කරණය]

උපහේලිකයෙන් පසුව මෙම වල්ගාතරුව දක්ෂිණ අර්ධගෝලය දෙසට ගමන්ගන්නට විය. දක්ෂිණ අර්ධගෝලයේ නිරීක්ෂකයන්ට උත්තර අර්ධගෝලයේ නිර්ක්ෂකයන්ට මෙන් ඉතා අලංකාර ලෙස මෙම ධූමකේතුව දිස් නොවූවත් ඔවුන්ට ධූමකේතුව විවර්ණ වන අයුරු 1997 අගභාගය වනතුරු දැකගත හැකිවිය. පුරා දින 569ක් එනම් පුරා මාස 18ක කාලයක් කිසිදු ආධාරකයක් නොමැතිව පියවි ඇසට දර්ශනය වූ හේල්-බෝප් ධූමකේතුව අවසන් වරට 1997 වසරේ දෙසැම්බර් මාසයදී දැකගත හැකිවිය.[13]මෙම වාර්තාවට පෙර හිමිකම් කියූවේ 1811 වර්ෂයේ දිස් වූ මහා ධූමකෙතුවයි,එය පුරා මාස 9ක කාලයක් දිස්වූ බව වාර්තා වේ.[13]

මෙසේ හේල්-බෝප් පියවි ඇසින් නොපෙනී ගියද තාරකා විද්‍යාඥයෝ 2007 වසරේ ඔක්තෝබර් මාසයේදීද මෙම වල්ගාතරුව නිරීක්ෂණය කිරීමට සමත්ව වූහ.ඒ උපහේලිකයෙන් අවුරුදු 10කට පසු සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 25.7ක(AU)දුරකදීය.ඒ වන විටත් ධූමකේතුවේ දුහුවිලි වළාව ක්‍රියාකාරී තත්වයේ පසු වූ බව සඳහන් වේ.[19]2010දී හර්ෂෙල් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය මගින් ගන්නා ලද ඡයාරූපයක සටහන් වී තිබුණේ හේල්-බෝප් වල්ගාතරුව තුෂර ස්තරකින් වැසීඇති බවයි.[20] නැවතත් වර්ෂ 2010දී සහ 2012 දී සූර්යයාට නක්ෂත්‍ර ඒකක 30.7 (AU)[21] හා 33.2(AU)[22]ක දුරකදී නිරීක්ෂණය කරන ලදී.තාරකා විද්‍යාඥයන්ගේ මතය වුයේ වර්ෂ 2020 දක්වා අතිප්‍රබල දුරේක්ෂ මගින් හේල්-බෝප් නිරීක්ෂණය කළහැකි බවයි.[23]තවද මේ කාලය වනවිට දීප්තිය අනුව ධූමකේතුව හා අනෙකුත් චක්‍රාවාට වෙන්කර හඳුනාගැනීම අපහසු වන බව ඔවුන්ගේ මතයයි.

කක්ෂීය අපගනය

[සංස්කරණය]

1997 අප්‍රේල් 1දින හේල්-බෝප් උපහේලිකයේදී

හේල්-බෝප් ධූමකේතුව අවසන් වරට උපහේලියකයක් පසුකරන ලද්දේ මීට වසර 4,200කට ඉහතදීය.[24]තවද මෙම වල්ගාතරුව අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලොවකට ආසන්නව ගමන්කිරීම සිදු නොවිය හැකි තරම් වේ.මන්දයත් හේල්-බෝප් වල්ගතරුවේ කක්ෂ තලය අප සූර්යයා සහ ග්‍රහයින් ගමන්ගන්නා කක්ෂ තලයට අසන්න වශයෙන් ලම්භක වීමයි. කෙසේවුවත් වර්ෂ 1996 මැයි මාසයදී වල්ගාතරුව බ්‍රහස්පති ග්‍රහයාට ඉතා ආසන්නව ගමන්කළ අතර එම දුර නක්ෂත්‍ර ඒකක 0.77(AU)කට වඩා අඩුවිය.එම දුර වල්ගාතරුව බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණයට හසුවීමට තරම් ප්‍රමාණවත් බව සැලකේ.හේල්-බෝප් මීළගට අප සූර්යයා ආසන්නයට පැමිණීමට පෙර අවස්ථාවට වඩා වසර 2,533කින් අඩුවන අතර නැවත වරක් එය දැකගත හැකිවන්නේ වර්ෂ 4385දි වේ.එම අවස්ථාව වනවිට උපහේලිකයේදී සූර්යයාට පවතින දුර නක්ෂත්‍ර ඒකක 370(AU)ක් පමණවේ යැයි සැලකේ.[25][26]

හේල්-බෝප්ගේ මෙයට පෙර පැමිණීම සිදුවී ඇත්තේ ව ක්‍රි:පූ 2215 ජූලි මාසයේ බව ගණනය කිරීම් වලට අනුව තහවුරුකර ඇත.[25] එහිදී ධූමකේතුව 1997දී මෙන් පෘතුවියට දිස්වන්නට ඇතැයි බොහෝදෙනාගේ මතය වූ අතර එය පෘතුවියට නක්ෂත්‍ර ඒකක 1.4 (AU)ක් තරම් ඉතා ආසන්නයට පැමිණ ඇති බව සදහන් වේ.තවද එය හේල්-බෝප් ධූමකේතුව පළමුව අප සෞරග්‍රහ මණ්ඩලය තුළට පැමිණි පළමු අවස්ථාව ලෙසද,එහිදී බ්‍රහස්පති ග්‍රහයා හා ආසන්න ගැටීමක් සිදුවන්නට ඇතිබවද, එම ගැටුම ධූමක්තුවේ කක්ෂ මාර්ගයේ යම් වෙනසක් ඇතිකිරීමට අවස්ථාව තිබු බවද විද්වතුන්ගේ මතය විය.[25]

කෙසේ වුවද අනාගත කාලය තුලදී මෙම කක්ෂීය වෙනස හේතුවෙන් හේල්-බෝප් එක් කක්ෂීය වාරකදී පෘතුවිය හා ගැටීමේ සම්භාවිතාව 2.5 ×10-9 තරම් අඩු අගයක පවතී.[27]වීස්මන් නමැති පුද්ගලයකු විසින් කරන ලද ගණනය කිරීම් වලට අනුව මෙම වල්ගාතරුවේ විෂ්කම්භය කි:මි 35ක් ද ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්රෑම් 0.6(g/cm3) ක් සහ මුළු ස්කන්ධය ග්රෑම් 1.3×1019 බව සොයාගෙන ඇත.තවද ධූමකේතුවේ තම කක්ෂය මත ගමන්ගන්නා ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 52 ක තරම් විශාල අගයක් ගන්නා අතර ගැටුම් ශක්තිය ජූල1.9×1025 (1.9×1032 ergs) කි.

විද්‍යාත්මක හෙළිදරව්ව

[සංස්කරණය]

ධූමකේතුක විද්‍යාවේ නව පියවරක් ඉදිරියට යාමට තාරකා විද්‍යාඥයින් හේල්-බෝප් අනාවරණය කරගැනීමත් සමග හැකියාව ලැබිණි.සොයාගන්නා අවස්ථාවේදී ධූමකේතුවේ දුහුවිලි නිපදවීමේ හැකියාව උපරිමය තත්පරයට කිලෝග්රෑම් 2.0×106 [28]තරම් ඉහල අගයක පැවති අතර එය ධූමකේතුවේ න්‍යෂ්ටිය වටා වූ දුහුවිලි වළාව ප්‍රකාශමය වශයෙන් පාරදෘශ්‍ය නොවීමට හේතුවිය.[29] ධූමකේතුවේ දුහුවිලිවල ගුණ පදනම් කරගනිමින් (අධික උෂ්ණත්වය,සලිකේට විමෝචන හැකියාව සහ ආලෝකය පතිත ප්‍රමාණය හා පරාවර්තන ප්‍රමාණය අතර අනුපාතය)මෙම හේල්-බෝප් වල්ගාතරුවේ දුහුවිලි සොයාගත් අනෙකුත් වලගාතරු හා සසඳන විට ඉතා කුඩා බව තාරකා විද්‍යාඥයින් අවසන් නිගමනය විය.[30]

හේල්-බෝප් අනෙකුත් වල්ගාතරුවලට වඩා ඉහල රේඛිය ධ්‍රැවීකරණයක් පෙන්නුම් කිරීමට සමත්විය.මෙවැනි ධ්‍රැවිකරණයකට, න්‍යෂ්ටික දුහුවිලි වළාවට සූර්ය විකිරණයේ බලපෑම හා න්‍යෂ්ටික දුහුවිලිවල ගුණ මහත් සේ බලපාන බව විද්වතුන්ගේ මතයයි.[31]

සෝඩියම් වල්ගය

[සංස්කරණය]
හේල්-බෝප් ධූමකේතුවේ උදාසීන සෝඩියම් වල්ගය (ධූමකේතුවේ වම්පසින් විහිදුණු නොනැමුණු රේඛිය වල්ගය )

හේල්-බෝප් ධූමකේතුව සම්බන්ධයෙන් කරන ලද විශේෂිතම අනාවරණය වූයේ එයට තුන්වන වර්ගයේද වල්ගයක් පවතින බව සොයාගැනීමයි. දුහුවිලි හා වායු වළාවන්වලට අමතරව එහි විශේෂිත උපකරණ හා පෙරනයන් මගින් පමණක් දැකියහැකි දීප්තියෙන් අඩු සෝඩියම් වල්ගයක්ද පවතී.මෙයට පෙර සොයාගනු ලැබූ වල්ගාතරුවලද සෝඩියම් විමෝචනයක් දක්නට ලැබුනද එය වල්ගයක් ලෙස අනාවරණය වූ පළමු අවස්ථාව මෙය විය.හේල්-බෝප්ගේ මෙම සෝඩියම් වල්ගයේ අන්තර්ගත වූයේ උදාසීන සෝඩියම් පරමාණුවලින් වූ අතර එම වල්ගය කිලෝමීටර් මිලියන 50ක් තරම් දිගුවිය.[32]

පාරජම්බූල කිරණ නිසාවෙන් දුහුවිලි මගින් සෝඩියම් පිපිරීමට ලක්වීම,න්‍යෂ්ටිය වටා වූ දුහුවිලි අංශුවල ඝට්ටනය වැනි යාන්ත්‍රණයන් සහ තවත් ක්‍රියාදාමයන් සෝඩියම් මූලාශ්‍රයක් උත්පාදනය වීම කෙරෙහි බලපාන්නට ඇතැයි විද්වතුන්ගේ මතයයි.නමුත් හේල්-බෝප්හි සෝඩියම් වල්ගයක් තිබීමට මූලිකම සාධකයක් අනාවරණය කරගැනීමට නොහැකි වූ අතර වල්ගයේ පටු[32]හා විසිරුණු[33] සංරචක සඳහා වෙනස් වූ මූලාරම්භයන් පැවතිය හැකි බවටද මත පලවිය.[34]

ධූමකේතුක දුහුවිලි වල්ගය සාමාන්‍යයෙන් ධූමකේතුවේ කක්ෂීය ගමන් මාර්ගය අනුගමනය කරන අතර වායු වල්ගය සූර්යයාගෙන් ඉවතට දිශානත වේ, සෝඩියම් වල්ගය මෙම වල්ග දෙක අතරින් දිශානත වේ.මෙයින් නිගමනය වන්නේ විකිරණ පීඩනය මගින් සෝඩියම් පරමාණු ධූමකේතුක හිසෙන් ඉවතට එලවාහරින බවයි.[32]

ඩියුටීරියම් බහුලත්වය

[සංස්කරණය]

මෙම හේල්-බෝප් ධූමකේතුව තුල ඩියුටීරියම් ඉතා අධික ලෙස ඇති බව ඒවන විට හඳුනාගෙන තිබිණි.ඩියුටීරියම් හයිඩ්‍රජන්හි සමස්ථානිකයක් වන අතර ධූමකේතුව තුල එම පරමාණු බැර ජලය ලෙස තිබූ අතර තිබූ එම ඩියුටීරියම් ඔක්සයිඩ්(D2O) ප්‍රමාණය පෘතුවිය මත ඇති සාගර ජලප්‍රමාණය මෙන් දෙගුණයක් තරම් විය.මෙලෙස හේල්-බෝප් මෙන් අනෙකුත් වල්ගාතරුවලද මෙසේ ඩියුටීරියම් බහුලත්වයක් තිබුණේ නම්, පෘථිවිය මත සැලකියයුතු තරම් ජලය පැවතීමට එම වල්ගාතරු මුලාශ්‍ර වන්නට ඇති බව බොහෝදෙනාගේ මතයයි.[35]

මෙම වල්ගාතරුව තුල ඩියුටීරියම්, ඩියුටීරියම් ඔක්සයිඩ් ලෙස පමණක් නොව අනෙකුත් හයිඩ්‍රජනී සංයෝග තුලද දක්නට ලැබිණි.සාමාන්‍ය හයිඩ්‍රජන් හා ඩියුටීරියම් අතර අනුපාතය එහි වූ සංයෝගයෙන් සංයෝගයට වෙනස්කම් දැක්වීය.එයට හේතුව ලෙස තාරකා විද්‍යාඥයන් විශ්වාසය තැබුවේ මෙම ධූමකේතුක අයිස් සෑදෙන්නට ඇත්තේ සූර්ය නිහාරිකාව තුලදිටත් වඩා ඉන්ටර්ස්ටෙලා වළාව තුලදී බවයි.එම ඉන්ටර්ස්ටෙලා වළාව තුල අයිස් නිපදවීමේ සිද්ධාන්තමය නිරුපණය අනුව හේල්-බෝප් වල්ගාතරුව ඉන්ටර්ස්ටෙලා වළාව තුල කෙල්වින් 25ත් 45ත්අතර උෂ්ණත්වකදී උපදින්නට ඇතැයි සැලකේ.[35]

කාබනික සංරචකය

[සංස්කරණය]

වර්නාවලීක්ෂ ගවේෂණ මගින් හඳුනාගත් අන්දමට හේල්-බෝප් වල්ගාතරුව තුල මෙතෙක් හඳුනානොගත් කාබනික රසායනයට අදාල ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අනාවරණය කරගෙන ඇති අතර සමහර ඒවා එතෙක් කිසිදු වල්ගාතරුවක තිබුණේ දැයි සොයාගෙන නැත.මෙවැනි සංකීර්ණ වූ අණු ධූමකේතුක න්‍යෂ්ටියේ පැවතීමට හෝ එහි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිසා හටගැනීමටද හැකියාව ඇත.[36]


ආර්ගන් අනාවරණය

[සංස්කරණය]

හේල්-බෝප් උච්ච වායුවක් වූ ආර්ගන් අනාවරණය කරගත් පළමු වල්ගාතරුවයි.[37] උච්ච වායූන් රසනනික වශයෙන් උදාසීන හා වාෂ්පශීලිබව ඉහල අගයක් ගනී.තවද විවිධ උච්ච වායූන් සඳහා වෙනස් වූ ඌර්ධවපාතන උෂ්ණත්ව පවතින බැවින් එම දත්තයන් ධූමකේතුක අයිස් නිර්මාණය වීම පිළිබඳව හා ඉතිහාසය පිළිබඳව තොරතුරු අනාවරණය කරගත හැක.අප සූර්ය නිහාරිකාව තුල වඩා බහුලව ආර්ගන් පවතින අතර ක්‍රිප්ටන් වායුව ඇත්තේ විරල වශයෙනි.තවද මෙම හේල්-බෝප් විශ්ලේෂණයේදී එහි අභ්‍යයන්තර උෂ්ණත්ව ව්‍යාප්තිය අනුව හා ඉහත වායු පිලිබඳ නිරීක්ෂණ මගින් මෙම වල්ගාතරුව නෙප්චූන් ග්‍රහලොවට එහා වූ කුයිපර් පටිය කලාපයේ උපත ලද බවත් ඉන් අනතුරුව ඌට් වළාව දෙසින් ඉවතට සංක්‍රමණය වූ බවත් තාරකා විද්‍යාඥයන්ගේ මතය විය.[37]

භ්‍රමණය

[සංස්කරණය]
හේල්-බෝප් ධූමකේතුව ඇමෙරිකාවේ ඩෙත් වැලී හි සබ්‍රිස්කි ඉහල අහසේ

හේල්-බෝප්ගේ න්‍යෂ්ටිය අවට ක්‍රියාකාරිත්වය, වායු විමෝචනය ඒකාකාරී වූවක් නොවීය. නමුත් මෙම වේගයෙන් නික්මෙන ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමෙන් විද්‍යාඥයන් මෙම වල්ගාතරුවේ භ්‍රමණ කාලය පැය11කුත් විනාඩි 46ක් බව සොයාගන්නා ලදී.[38]

ද්වි න්‍යෂ්ටි අනාවරණය

[සංස්කරණය]

1995 ඔක්තෝබර් අනාවරණය කරගත් හේල්-බෝප්ගේ දුහුවිලි විමෝචන රටා විග්‍රහ කිරීම සදහා 1997 පුවත්පතක් විසින් ද්වි න්‍යෂ්ටි පැවතීම සම්බන්ධව උපකල්පනයක් ඉදිරිපත් කළේය.මෙම පුවත්පත සිද්ධාන්තමය වශයෙන් න්‍යෂ්ටි දෙකක් පවතින ඇති අතර එක් න්‍යෂ්ටියක විෂ්කම්භය කිලෝමීටර් 30ක් හා ප්‍රධාන න්‍යෂ්ටියේ විෂ්කම්භය කිලෝමීටර් 70ක් බවද ප්‍රකාශ කළේය.තවද එක් න්‍යෂ්ටියක් වට අනෙක භ්‍රමණය වන අතර ඒ සදහා දින තුනක් කිලෝමීටර් 180ක[39] දුරක් ගෙවායන බවද ප්‍රකාශ කර සිටියේය.නමුත් මෙහිදී පුවත්පත මෙම ද්වි න්‍යෂ්ටි අනාවරණය පිළිබඳව තම අයිතිවාසිකම් කියාපෑමෙන් වැලකී සිටි බව කියවේ.එම ගවේෂණ දත්ත 1996දි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය හා පුළුල් ක්ෂේත්‍ර කැමරා මගින් ලබාගත් ඡායාරූප මගින් වැඩිදුරටත් සනාථ කරගැනීමට හැකිවිය.[40]

කෙසේ වුවත් 1997 හා 1998 කරන ලද නිරීක්ෂණ මගින් හේල්-බෝප් න්‍යෂ්ටිය තුල දීප්තිමත් ලප දෙකක්[41] ඇති බව සොයාගන්න ලදී.මෙම අනුගාමික න්‍යෂ්ටි සංසිද්ධිය බැහැර ක‍ර එම දීප්තිමත් ලප පිලිබඳ විග්‍රහ කිරීමට විද්වතුන්ට නොහැකිවිය.[42] නමුත් අනෙකුත් ගවේෂණ මගින් මෙම ද්වි න්‍යෂ්ටික අනාවරණයක් කරගැනීමට ගවේෂකයෝ අපොහොසත් වූහ.[43][44]

යූ.එෆ්.ඕ. අනාවරණය

[සංස්කරණය]

1996දී ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන්හි ආධුනික තාරකා විද්‍යාඥයකු වූ චක් ශ්‍රමෙක් ධූමකේතුවේ ගත් සී.සී.ඩී. ඡායාරුපයක එය අසලින්ම ගමන් ගන්නා හඳුනානොගත් දිගටි හැඩයේ වස්තුවක් දැකගත හැකි විය.ඉන් අනතුරුව ඔහු ආර්ට් බෙල් නම් රේඩියෝ වැඩසටහනට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටියේ ඔහු හේල්-බෝප් පසුපස සෙනසුරු තරම් දීප්තියෙන් යුතු වස්තුවක් ලුහුබඳින බවයි.මෙම පුවත දැනගත් මෙම හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳව වැඩි උනන්දුවක් දැක වූ කර්ට්නි බ්‍රව්න් නම් පුද්ගලයෙක් මෙය හේල්-බෝප් පිටුපස ගමන්කරන පිටසක්වළ යානාවක් බව නිගමනය කළේය.[45]

ඇලන් හේල්[46] හා තවත් තාරකා විද්‍යාඥයන් කිහිපදෙනෙකු කරන ලද ගවේෂණ මගින් එම වස්තුව පිටසක්වළ යානාවක් නොවන බවත් එය SAO141894 නම් තාරකාව බවත් තහවුරුකල අතර ශ්‍රමෙක්ගේ පරිඝනක වැඩසටහනේ එය නොපෙනුනේ පරිශීලක අභිරුචින් වැරදි ලෙස සකසා ඇති නිසා[47] බවද තවදුරටත් කියා සිටියේය.කෙසේවුවත් ආර්ට් බෙල් තම සාවද්‍ය නිගමනය තහවුරු කිරීම සඳහා නිර්නාමික තාරකා භෞතික විද්‍යාඥයකුගෙන් ලැබුණු ඡායාරූපයක් යොදාගත්තේය.නමුත් හවාඊ විශ්වවිද්‍යාලයේ ඔලිවර් හේනෝට් සහ ඩේවිඩ් ජේ.තෝලෙන් ප්‍රකාශකර සිටියේ එම ඡායාරූපය ඔවුන්ගේ ධූමකේතුවල ඡායාරූප එකතුවේ එකක් බවත් එය වෙනස්කර ඇති බවත්ය.[48]

මෙම හේල්-බෝප් ධූමකේතුවත් සමගම විවිධාකාර වූ මනඃකල්පිතයන් ගොඩනැගුණු අතර විශාල පරිස් අතර මතගැටුම් වලටද මෙය හේතුවක් විය.1997 මාර්තු මාසයේදී හෙවන්ස් ගේට් ආගමික කණ්ඩායම තුල විශාල සියදිවි නසාගැනීම් ගණනක් වාර්තා විමටද මෙම පිටසක්වළ යානා කල්පිතය හේතු වූ බව කියවේ.[49]

හේල්-බෝප් පිළිබඳව ගොඩනැගුණු තවත් කල්පිතයක් වූයේ,නිබිරු නම් විශාල ග්‍රහලොවක් පෘතුවිය අසලට පැමිණෙන බවත් ඒ මගින් අප පෘතුවියේ භ්‍රමණයට බාධා එල්ලකර ලෝකව්‍යාප්ත ව්‍යසන සිදුවන බවත්ය.[50] තවද මෙම ධූමකේතුව හුදෙක් එම ව්‍යසනයෙන් මිනිසුන් නොමගට යවන මායාවක් බවද වැඩිදුරටත් සඳහන් වේ.නැන්සි ලීඩර් හට මෙම පිටසක්වලින් ලද පණිවිඩය අනුව මෙම ලෝකවිනාසය සිදුවීමට නියමිතව තිබුණේ වර්ෂ 2003 මැයි මාසයේ වුවත් එම කාලයේ එවැනි කිසිදු සිදුවීමක් වාර්තා නොවිණි.කෙසේවෙතත් නැන්සි ලීඩර්ගේ එම අනාවැකිය සාවද්‍ය වුවද විවිධාකාර වූ වෙබ් අඩවි මගින් මෙම නිබිරු ග්‍රහලොව හා බැඳුනු කල්පිතය තව දුරටත් ගෙනයන්නට වූ අතර බොහෝ වෙබ් අඩවි එය 2012 ලෝකවිනාශය හා සම්බන්ධ කර ප්‍රචාරණය කළේය.[51]

සමාලෝචනය

[සංස්කරණය]

හේල්-බෝප්, සූර්යයාට කිලෝමීටර් බිලියන 2කදුරකදී දායකත්වය : ESO

ඉතිහාසයේ වැඩිම කාලවකවානුවක් දිස් වූ හා වැඩිම කතාබහට ලක්වූ ධූමකේතුව හේල්-බෝප් විය.1986 හැලීගේ වල්ගාතරුවෙන් පසු වැඩිම පිරිසකගේ දෘෂ්ටියට හසුවූ වල්ගාතරුව මෙය බව කිවහැක.නිදසුනක් ලෙස 1997 අප්‍රේල් 9වන දින ඇමෙරිකාවේ 69% දෙනා මෙම හේල්-බෝප් ධූමකේතුව නිරීක්ෂණය කර ඇත.[52]

හේල්-බෝප්, ආධුනිකයන් දෙදෙනෙකු විසින් සූර්යයාගෙන් ඉතා ඈත පිහිටන අවස්ථාවකදී හඳුනාගත් අතීත වාර්තා බිඳ දැමීමට සමත් වූ වල්ගාතරුවකි.95/P chiron[42] වලට පසු විශාල වූ ධූමකේතුක න්‍යෂ්ටියකට හිමිකම් කියූ මෙය පෙර තිබූ වාර්තාව [13]මෙන් දෙගුණයක කාලයක් පියවි ඇසට දර්ශනය විය.තවද පෙර කිසිඳු වල්ගාතරුවක තරම් නොවූ දීප්තියක් මෙය සතු වූ අතර උපරිම දීප්තියකින් සති 8ක් පුරාවට දර්ශනය වූ බවද සඳහන්වේ.[16]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b c d e "ජේපීඑල් ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: C/1995 O1 (හේල්–බෝප්)". 2007-10-22 last obs. සම්ප්‍රවේශය 2008-12-05. {{cite web}}: Check date values in: |date= (help)
  2. ^ සයිචි නකානෝ (2008-02-12). "ඕඒඒ කම්පියුටින් සෙක්ෂන් සර්කියුලර් NK 1553". ඕඒඒ කම්පියුටින් ඇන්ඩ් මයිනර් ප්ලැනට් සෙක්ෂන්ස්. සම්ප්‍රවේශය 2009-12-17.
  3. ^ හොරයිසන්ස් අවුට්පුට්. "බැරිසෙන්ට්‍රික් ඔස්කියුලේටින් ඕර්බිට්ල් එලිමන්ට්ස් ෆෝ කොමට් C/1995 O1 (හේල්-බෝප්)". සම්ප්‍රවේශය 2011-01-31. (සෞර ග්‍රහ මණ්ඩල ස්කන්ධ කේන්ද්‍රය සහ ස්කන්ධ කේන්ද්‍රීය ඛණ්ඩාංක අනුසාරයෙන් විසඳුම. Select Ephemeris Type:Elements and Center:@0)
  4. ^ "සොලෙක්ස් 10 එස්ටිමේට් ෆෝ නෙක්ස්ට් පෙරිහීලියන් ඔෆ් C/1995 O1 (හේල්-බෝප්)". සම්ප්‍රවේශය 2009-12-18.
  5. ^ ශන්ක්ලින්ක්, ජොනතන් ඩී. (2000). "ද කොමෙට්ස් ඔෆ්". ජර්නල් ඔෆ් ද බ්‍රිටිෂ් ඇස්ට්‍රොනොමිකල් ඇසෝසියේෂන්. 110 (6): 311. Bibcode:2000JBAA..110..311S.
  6. ^ ලෙමොනික්, මයිකල් ඩී. (March 17, 1997). "කොමෙට් ඔෆ් ද ඩිකේඩ් පාර්ට් II". Time. 2008-11-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-30. {{cite news}}: More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help)
  7. ^ නිව්කොට්, විලියම් (දෙසැම්බර් 1997). "ද ඒජ් ඔෆ් කොමෙට්ස්". නැෂනල් ජියෝග්‍රපික් සොසයිටි. සම්ප්‍රවේශය 7-12-2009. නෝබොඩි සෙන්ඩ්ස් ටෙලිග්‍රෑම් එනිමෝ... {{cite web}}: Check date values in: |accessdate= (help)
  8. ^ "ද ලොස්ට් ටූම් ", කෙන්ට් වීක්ස්, ISBN 0-297-81847-3, page 198
  9. ^ මර්ස්ඩේන්, බී. ජි. (1995). "කොමෙට් C/1995 O1 (හේල්-බෝප්)". මයිනර් ප්ලැනට් එලෙක්ට්‍රොනික් සර්ක්යුලර්. 1995-P05.
  10. ^ කිඩ්ගර්, එම්. ආර්.; සේරා රිකාර්ට්, මිකල්; බෙල්ට්-රුබයෝ, ලුයිස් ආර්.; Casas, රිකර්ඩ් (1996). "එවලුෂන් ඔෆ් අ ස්පිරල් ජෙට් ඉන් ද ඉනර් කෝම ඔෆ් කොමෙට් හේල්-බෝප් (1995 O1)". ද අස්ට්‍රොෆිසිකල් ජර්නල් ලෙටර්ස්. 461 (2): L119–L122. Bibcode:1996ApJ...461L.119K. doi:10.1086/310008.
  11. ^ මැක්නොට්, ආර්. එච්. (අගෝස්තු 2, 1995). "සර්ක්යුලර් නො. 6198". IAU. සම්ප්‍රවේශය 2011-07-05. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  12. ^ බිවර්, එන්.; Rauer, එච්; ඩෙස්පොයිස්, ඩී; මොරිනෝ, ආර්; Paubert, ජී; බොක්ලී-මොර්වන්, ඩී; කොලොම්, පී; ක්රෝවිසියර්, ජේ; et al. (1996). "සබ්ස්ටන්ෂල් අවුට්ගෑසින් ඔෆ් සීඕ ෆ්‍රොම් කොමෙට් හේල්-බෝප් ඇට් ලාර්ජ් හේලියෝසේන්ට්‍රික් ඩිස්ටන්ස්". නේචර්. 380 (6570): 137–139. Bibcode:1996Natur.380..137B. doi:10.1038/380137a0. PMID 8600385.
  13. ^ a b c d කිඩ්ගර්, එම්.ආර්.; හර්ස්ට්, ජී.; ජේම්ස්, එන්. (2004). "ද විෂුවල් ලයිට් කර්ව් ඔෆ් C/1995 O1 (හේල්-බෝප්) ෆ්‍රොම් ඩිස්කවරි ටු ලේට් 1997". අර්ත්, මූන්, ඇන්ඩ් ප්ලැනට්ස්. 78 (1–3): 169–177. Bibcode:1997EM&P...78..169K. doi:10.1023/A:1006228113533. 2018-06-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-11. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help); More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help)
  14. ^ බ්රෝව්න්, මැල්කම් ආර්. (මාර්තු 9, 1997). "කොමෙට් හෝල්ඩ්ස් ටු බර්ත් ඔෆ් ටයිම්". ද නිව්යෝර්ක් ටයිම්ස්.
  15. ^ "ද ට්‍රයල් ඔෆ් හේල්-බෝප්". සයන්ටිෆික් ඇමෙරිකන්. 1997-03-17. සම්ප්‍රවේශය 2008-10-23.
  16. ^ a b "කොමෙට් හේල්-බෝප්". ස්ටාර්ඩස්ට්. ජෙට් ප්‍රෝපල්ෂන් ලැබෝටරි, NASA. නොවැම්බර් 26, 2003. සම්ප්‍රවේශය 2008-10-09.
  17. ^ වෙස්ට්, රිචර්ඩ් එම්. (අප්‍රේල් 13, 1997). "කොමෙට් හේල්-බෝප් (අප්‍රේල් 13, 1997)". යුරෝපියන් සදර්න් ඔබ්සවේටරි. සම්ප්‍රවේශය 2008-11-23.
  18. ^ ශිලාජා, බී. එස්. (1997). "වට්ස් නිව් විත් හෙල්ල්-බෝප්?". බුලෙටින් ඔෆ් ද ඇස්ට්‍රොනොමිකල් සොසයිටි ඔෆ් ඉන්දියා. 25: 155–156. Bibcode:1997BASI...25..155S.
  19. ^ සබෝ, Gy. M.; කිස්, එල්. එල්.; Sárneczky, කේ. (2008). "කොමෙටරි අක්ටිවිටි ඇට් 25.7 AU:හේල්-බෝප් 11 ඉයර්ස් ආෆ්ටර් පෙරිහීලියන්". අස්ට්‍රොෆිසිකල් ජර්නල් ලෙටර්ස්. 677 (2): 121. arXiv:0803.1505. Bibcode:2008ApJ...677L.121S. doi:10.1086/588095.
  20. ^ Szabó, Gy. M. (2012). "එවිඩන්ස් ෆොර් ෆ්‍රෙෂ් ෆ්රෝස්ට් ලේයර් ඕන බේයර් නියුක්ලියස් ඔෆ් කොමෙට් හේල්-බෝප් ඇට් 32 AU ඩිස්ටන්ස්". අසේප්ටෙඩ් ෆොර් පබ්ලිකේෂන් ඉන් ApJ. 761: 8. arXiv:1210.2785. Bibcode:2012ApJ...761....8S. doi:10.1088/0004-637X/761/1/8. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  21. ^ සබෝ, එම්. (2011). "ෆ්රෝසෙන් ටු ඩෙත්? -- ඩිටෙක්ෂන් ඔෆ් කොමෙට් හේල්-බෝප් ඇට් 30.7 AU". අර්ත් ඇන්ඩ් ප්ලනටරි අස්ට්‍රොෆිසික්ස්. 1104: 4351. arXiv:1104.4351. Bibcode:2011arXiv1104.4351S. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  22. ^ ඩේව් හේරල්ඩ් (අගෝස්තු 7, 2012). "කොමෙට් හේල්-බෝප් C/1995 O1 - observed tonite". යාහූ ගෘප්ස්. සම්ප්‍රවේශය 2012-08-09.
  23. ^ වෙස්ට්, රිචර්ඩ් එම්. (පෙබරවාරි 7, 1997). "කොමෙට්හේල්-බෝප් (පෙබරවාරි 7, 1997)". යුරෝපියන් සදර්න් ඔබ්සවේටරි. සම්ප්‍රවේශය 2008-11-01.
  24. ^ Yeomans, Don (1997-04-10). "කොමෙට්හේල්-බෝප් ඔර්බිට් ඇන්ඩ් එෆිමරිස් ඉන්ෆොර්මෂන්". JPL/NASA. සම්ප්‍රවේශය 2008-10-23.
  25. ^ a b c මාර්ස්ඩේන්, බී. ජී. (1997). "ඔර්බිට් ඩිටර්මිනේෂන් ඇන්ඩ් එවලුෂන් ඔෆ් කොමෙට්O C/1995 O1 (හේල්-බෝප්)". අර්ත්,මූන්,ඇන්ඩ් ප්ලැනට්. 79 (1): 3–15. Bibcode:1997EM&P...79....3M. doi:10.1023/A:1006268813208.
  26. ^ විලියම්ස්, ඩේවිඩ් ආර්. (2005-12-23). "Comet Fact Sheet". NASA (නැෂනල් ස්පේස් සයන්ස් ඩෙටා සෙන්ටර්). සම්ප්‍රවේශය 2008-12-05. (pre-perturbation orbit: සෙමි-මේජර් ඇක්සිස් 250AU; period 4000yr)
  27. ^ වීස්මන්, Paul R. (2007). "ද කොමෙටරි ඉම්පැක්ටර් ෆ්ලක්ස් ඇට් ද අර්ත්". ප්රෝසීඩින් ඔෆ් ද ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමිකල් යුනියන්. 2 (S236). Cambridge University Press: 441–450. doi:10.1017/S1743921307003559. ISBN 978-0-521-86345-2.
  28. ^ Jewitt, David; Matthews, Henry (1999). "පර්ටික්යුලේට් මෑස් ලොස් ෆ්‍රොම් කොමෙට්හේල්-බෝප්". ද ඇස්ට්‍රොනොමිකල් ජර්නල්. 117 (2): 1056–1062. Bibcode:1999AJ....117.1056J. doi:10.1086/300743.
  29. ^ ෆර්නැන්ඩස්, යන්ග ආර්.; Wellnitz, Dennis D.; Buie, Marc W.; Dunham, Edward W.; Millis, Robert L.; Nye, Ralph A.; Stansberry, John A.; Wasserman, Lawrence H.; a'Hearn, Michael F.; Lisse, Carey M.; Golden, Meg E.; Person, මයිකල් ජේ.; Howell, රොබර්ට් ආර්.; Marcialis, රොබර්ට් එල්.; Spitale, ජෝසෙෆ් එන්. (1999). "ද ඉනර් කෝම ඇන්ඩ් න්යුක්ලියස් ඔෆ් කොමෙට් හේල්-බෝප්: Results from a Stellar Occultation". Icarus. 140 (1): 205–220. Bibcode:1999Icar..140..205F. doi:10.1006/icar.1999.6127.
  30. ^ මේසන්\, C. G.; Gehrz, R. D.; Jones, T. J.; Woodward, C E.; Hanner, M. S.; Williams, D. M. (2001). "ඔබ්සර්වේෂන් ඔෆ් අන්යුශුවලි ස්මෝල් ඩස්ට් ග්‍රෙන්ස් ඉන් ද කෝම ඔෆ් කොමෙට් හේල්-බෝප් C/1995 O1". ද අස්ට්‍රොෆිසිකල් ජර්නල්. 549 (1): 635–646. Bibcode:2001ApJ...549..635M. doi:10.1086/319039.
  31. ^ ගනේෂ්, S.; ජෝෂි, U. C.; බලියන්, K. S.; ඩේශ්පාන්ඩේ, M. R. (1998). "පොලරිමෙට්‍රික් ඔබ්සර්වේෂන් ඔෆ් ද කොමෙට් හේල්-බෝප්". ඇස්ට්‍රොනොමි ඇන්ඩ් අස්ට්‍රොෆිසික්ස් සප්ලිමෙන්ට්. 129 (5): 489–493. Bibcode:1998A&AS..129..489G. doi:10.1051/aas:1998201.
  32. ^ a b c ක්රිමොනීස්, G; Boehnhardt, H; Crovisier, J; Rauer, H; Fitzsimmons, A; Fulle, M; Licandro, J; Pollacco, D; et al. (1997). "නැචුරල් සෝඩියම් ෆ්‍රොම් කොමෙට් හේල්-බෝප්:අතර්ඩ් ටයිප් ඔෆ් ටේල්". ද අස්ට්‍රොෆිසිකල් ජර්නල් ලෙටර්ස්. 490 (2): L199–L202. arXiv:astro-ph/9710022. Bibcode:1997ApJ...490L.199C. doi:10.1086/311040.
  33. ^ විල්සන්, J. K.; බම්ගර්ඩ්නර්, J.; මෙන්ඩිලෝ, M. (1998). "ත්‍රී ටේල්ස් ඔෆ් කොමෙට් හේල්-බෝප්". ජියෝෆිසිකල් රිසර්ච්ලෙටර්ස්. 25 (3): 225–228. Bibcode:1998GeoRL..25..225W. doi:10.1029/97GL03704.
  34. ^ ක්රිමොනීස්, G.; Fulle, Marco (1997). "සෝඩියම් ඉන් කොමෙට්ස්". අර්ත්,මූන්, ඇන්ඩ් ප්ලැනට්ස්. 79 (1): 209–220. Bibcode:1997EM&P...79..209C. doi:10.1023/A:1006245619568.
  35. ^ a b මෙයියර්, රෝලන්ඩ්; ඔවෙන්, ටෝබයස් සී.. (1999). "කොමෙටරි ඩියුටීරියම්". Space Science Reviews. 90 (1–2): 33–43. Bibcode:1999SSRv...90...33M. doi:10.1023/A:1005269208310.
  36. ^ රොජර්ස්, S. D.; චාර්න්ලි, S. B. (2002). "ඔර්ගනික් සින්තසිස් ඉන් ද කෝම ඔෆ් කොමෙට් හේල්-බෝප්?". මන්ත්ලි නොටිසෙස් ඔෆ් ද රෝයල් ඇස්ට්‍රොනොමිකල් සොසයිටි. 320 (4): L61–L64. Bibcode:2001MNRAS.320L..61R. doi:10.1046/j.1365-8711.2001.04208.x.
  37. ^ a b ස්ටේර්න්, S. A.; ස්ලටර්, D. C.; ෆෙස්ටෝ, M. C.; පාකර්, J. Wm.; ග්ලැඩ්ස්ටෝන්, G. R.; ඒ'හර්න්, M. F.; විල්කින්සන්, E. (2000). "ද ඩිස්කවරි ඔෆ් ආර්ගන් ඉන් කොමෙට් C/1995 O1 (හේල්-බෝප්)". ද අස්ට්‍රොෆිසිකල් ජර්නල්. 544 (2): L169–L172. arXiv:astro-ph/0011327. Bibcode:2000ApJ...544L.169S. doi:10.1086/317312.
  38. ^ Warell, J; Lagerkvist, C.-I; Lagerros, J. S. V (1999). "ඩස්ට් කොන්ටිනම් ඉමැජින් ඔෆ්C/1995 O1 (හේල්-බෝප්): රොටේෂන් පීරියඩ් ඇන්ඩ් ඩස්ට් අවුට්ෆ්ලොව් වික්ටරි". ඇස්ට්‍රොනොමි ඇන්ඩ් අස්ට්‍රොෆිසික්ස් සප්ලිමෙන්ට් සිරීස්. 136 (2): 245–256. Bibcode:1999A&AS..136..245W. doi:10.1051/aas:1999213.
  39. ^ Sekanina, Z. (1997). "ඩිටෙක්ශන් ඔෆ් අ සැටලයිට්ඔර්බිටින් ද නියුක්ලියස් ඔෆ් කොමෙට් හේල්-බෝප් (C/1995 O1)". අර්ත්,මූන්,ඇන්ඩ් ප්ලැනට්ස්. 77 (3): 155–163. Bibcode:1997EM&P...77..155S. doi:10.1023/A:1006230712665.
  40. ^ Sekanina, Z. (1998). "ඩිටෙක්ශන් ඔෆ් අ සැටලයිට්ඔර්බිටින් ද නියුක්ලියස් ඔෆ් කොමෙට් හේල්-බෝප්(C/1995 O1)". ප්‍රෝසීඩින්ස් ඔෆ් ද ෆස්ට් ඉන්ටර්නැෂනල් කන්ෆරනස් ඕන කොමෙට් හේල්-බෝප්. යුරෝපියන් ඔර්ගනයිසේෂන් ෆොර් රිසර්ච් ඉන් ද සදර්න් හෙම්ශයර්.
  41. ^ මර්කිස්, F.; Boehnhardt, H.; Hainaut, O. R.; Le Mignant, D. (1999). "අඩප්ටිව් ඔප්ටික්ස් ඔබ්සර්වේෂන් ඔෆ් ද ඉනර්මොස්ට් කෝම ඔෆ් C/1995 O1. ආර් දෙයාර් අ "හේල්" ඇන්ඩ් අ "බෝප්" ඉන් කොමෙට් හේල්-බෝප්?" (PDF). ඇස්ට්‍රොනොමි ඇන්ඩ් අස්ට්‍රොෆිසික්ස්. 349: 985–995. Bibcode:1999A&A...349..985M.
  42. ^ a b ෆර්නැන්ඩස්, යන්ග ආර්. (2002). "ද නියුක්ලියස් ඔෆ් කොමෙට් හේල්-බෝප් (C/1995 O1):සයිස් ඇන්ඩ් අක්ටිවිටි". අර්ත්,මූන්,ඇන්ඩ් ප්ලැනට්ස්. 89 (1): 3–25. Bibcode:2000EM&P...89....3F. doi:10.1023/A:1021545031431.[permanent dead link]
  43. ^ මැකාර්ති, D. W.; Stolovy, S; Campins, H; Larson, S; සමරසිංහ, N; Kern, S (2007). "කොමෙට් හේල්-බෝප් ඉන් අවුට්බර්ස්ට්:ඉමැජින් ද ඩයිනමික්ස් ඔෆ් අයිසි පාර්ටිකල්ස් විත් HST/NICMOS". Icarus. 189 (1): 184–195. Bibcode:2007Icar..189..184M. doi:10.1016/j.icarus.2007.01.019.
  44. ^ වීවර්, H. A.; ෆෙල්ද්මන්, P. D.; a'Hearn, M. F.; Brandt, J. C.; ස්ටේර්න්, S. A. (1999). "පොස්ට්-පෙරිහීලියන් HST ඔබ්සර්වේෂන් ඔෆ් කොමෙට් හේල්-බෝප් (C/1995 O1)". Icarus. 141 (1): 1–12. Bibcode:1999Icar..141....1W. doi:10.1006/icar.1999.6159. {{cite journal}}: Missing |author4= (help); Unknown parameter |අර්පිග්නි first4= ignored (help)
  45. ^ ජරෝෆ්, Leon (අප්‍රේල් 14, 1997). "ද මැන් හූ ස්ප්‍රෙඩ් ද මිත්". ටයිම්. 2008-11-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-30. {{cite news}}: More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  46. ^ හේල්, ඇලන් (1997). "හේල්-බෝප් කොමෙට් මෑඩ්නස්". ස්කෙප්ටිකල්ඉන්කුවරර්. 21 (2): 25–28.
  47. ^ බර්න්හැම්, Robert (2000). ග්‍රේට් කොමෙට්. කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්. p. 191. ISBN 978-0-521-64600-0. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  48. ^ තෝලෙන්, ඩේවිඩ් ජේ. (ජනවාරි 15, 1997). "ෆ්රෝඩුලෙන්ට් යූස් ඔෆ් අ IfA/UH පික්චර්". යුරෝපියන් ඔර්ගනයිසේෂන් ෆොර් රිසර්ච් ඉන් ද සදර්න් හෙම්ශයර්. සැප්තැම්බර් 30, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-14.
  49. ^ රොබින්සන්, වෙන්ඩි ගලේ. "හෙවන්ස් ගේට්: ද එන්ඩ්". ජර්නල් ඔෆ් කොම්පියුටර්-මිඩියේටඩ් කොමියුන්කේෂන්. 3 (3).
  50. ^ George Johnson (1997-03-28). "කොමෙට්ස් බ්‍රීඩ් ෆියර් ෆැසිනේෂන් ඇන්ඩ් වෙබ් සයිට්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය 2009-09-27.
  51. ^ ඩේවිඩ් මොරිසන්. "ද මිත් ඔෆ් නිබිරු ඇන්ඩ් ද එන්ඩ් ඔෆ් වර්ල්ඩ් ඉන් 2012". ස්කෙපිකල් ඉන්කුවරර්. සම්ප්‍රවේශය 2009-04-28.
  52. ^ ගුරියා, එඩ්වින් එල්. (ජූලි 1997). "ද ග්‍රේට් කොමෙට් ඔෆ් 1997". ස්කයි ඇන්ඩ් ටෙලස්කෝප්. 2009-01-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-11.

භාහිර සබැඳුම්

[සංස්කරණය]

සැකිල්ල:කොමෙට්ස්

"https://si.wikipedia.org/w/index.php?title=හේල්-බෝප්_ධූමකේතුව&oldid=667138" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි