පුරාණ ඊජිප්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ප්‍රධාන සංකේතයක් ලෙස පිරමීඩ හඳුන්වා දිය හැක.
ප්‍රධාන නගර සහ රාජ වංශ කාල සීමාවෙහි (ක්‍රිපූ 3150 පමණ සිට ක්‍රිපු 30 පමණ දක්වා) විශේෂ ස්ථාන දක්වන පුරාතන ඊජිප්තුවෙහි සිතියමක්.

උතුරු අප්‍රිකාවේ නැගෙනහිරට වන්නට නයිල් ගඟ ආශ්‍රිතව මෙම පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය විහිදී පැවතිණි. මෙම ශිෂ්ටාචාරයේ ආරම්භය ක්‍රි.ව 3150 දී සිදුවිණි. එය පළමුවන පාරාවෝ රජු විසින් උතුරු හා දකුණු ඊජිප්තුව එක්සේසත් කිරීමත් සමඟම ඇතිවිණි. එසේ ඇරඹුණු ඊජිප්තු ශිෂ්ටාචාරයේ මුල් කාලවලදී දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක් දක්නට හැකිවිය. ක්‍රි.ව 31 පමණ වන විට පාරාවෝ රජ පෙළපතේ අවසානයත් සමඟම ඊජිප්තුව රෝම අධිරාජ්‍යයට යටත් විණි.

නයිල් ගඟ ආශ්‍රිතව පැවති ඊජිප්තුව එකල වාරිකර්මාන්තය හා කෘෂිකාර්මික වශයෙන් දියුණුවක් අත්කරගෙන තිබිණි. ස්වභාවික සම්පත් බහුල වු ඊජිප්තුව, නයිල් නිම්න මිටියාවත් හා කාන්තාර ප්‍රදේශයන් පුරාවට පැතිර තිබු වටිනා ඛනිජ නිධිවලටද උරුමකම් කීය. දියුණු කෘෂිකාර්මික ව්‍යාපෘති ශක්තිමත් වෙළෙඳ සම්බන්ධතාවයකට හිමිකම් කී පුරාණ ඊජිප්තු රාජ්‍යය පාරාවවෝවරු විසින් පත්කරන ලද ආගමික නායකයින් විසින් හා වෙනත් උගතුන් විසින් පාලනය කරන ලදහ.

පුරාණ ඊජිප්තුවේ පාලනය සහ වෙළඳාම[සංස්කරණය කරන්න]

පාරාවො චිත්‍රයෙන් සාමාන්‍යයෙන් විස්තර කර දක්වන්නේ රාජත්වය සහ පාලනයයි

ඊජීප්තුවේ ඒකාන්තයෙන්ම රටේ අධිපති වූයේ පාරාවෝය. කෙසේ නමුත් ඔවුන් භූමියේ සහ සම්පත් වල සම්පූර්ණ පාලකයන් වුහ. රජු සැමවිටම හමුදා අණදෙන්නාය.ඔහු අධිපති වන අතර නිලබල ක්‍රමය මත ඔහුගේ සම්බන්ධතා කළමණාකරණය ගැන විශ්වාසය තබති. මිනින්දෝරුවන්, භාණ්ඩාගාරය, ගොඩනැගිලි සාදන ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීමට නියෝජිතයන් ලෙස අමාත්‍යවරු පත්කර තිබුණි. ඒ සැමදෙනාම රජුගේ අණට යටත්ව ක්‍රියා කළේය. දේශීය මට්ටමේදී රට කොටස් 42 කට බෙදන ලදී. ඒවා නොමෙස් නමින් හැඳින්විය. ඒ සැම කොටසකටම අධිපතියෙක් සිටියාය.ඔහු එම කොටසේ අධිකරණ බලය පිළිබඳ වගකිව යුතු අමාත්‍යයවරයාද විය. ආර්ථිකයේ ප්‍රධාන රුකුල ලෙස පන්සල් පිහිටවූවාය. ඒවායේ පන්සල් ලෙස පුද පූජා පැවැත්වූවා පමණක් නොව රටට එන සම්පත් එකතු කිරීමට සහ ගබඩා කිරීමටද වගකීමක් තිබුණු අතර මහජනයාට ධාන්‍ය සහ භාණ්ඩ බෙදාහැරීමට නියෝජිතයන් සිටියහ.

ආර්ථිකයෙන් වැඩි කොටසක් මධ්‍යගතව සංවිධානය කරනු ලැබූ අතර නීතිමතින් පාලනය කරනු ලැබුවාය.ඉපැරණි ඊජීප්තුවන් මෑතක් වනතුරු කාසි වර්ග භාවිතා නොකලහ. නමුත් ඔවුන්ගේ ගනුදෙනු සඳහා වෙනත් වර්ගයක මුදල් හෙවත් සම්මත ධාන්‍ය සහ ඩෙබෙන් ගොඩවල් වල බර දල වශයෙන් ග්‍රෑම් 91 රිදී හෝ තඹ යොදාගෙන පොදු භාගයක් පිහිටවමින් මැනගත්හ. සේවකයන්ට ධාන්‍ය වලින් ගෙවීම් කරන ලදී. සුළු සේවකයින් මසකට ධාන්‍ය කිලෝග්‍රෑම් 200 පමණ උපයන ලදී. රට තුළ භාණ්ඩ සඳහා නියමිත මිලක් නියම කරන ලදී. වෙළඳාම් කිරීමට පහසුකම් සලසන ලද අතර ඒවායේ මිල සටහන් කරන ලදී. උදාහරණයක් ලෙස කමිසයක මිල තඹ ඩෙබෙන් 5 ක් විය. එළදෙනෙකුගේ මිල ඩෙබෙන් 140 ක්ය. නිශ්චිත මිල ලැයිස්තුවට අනුව ධාන්‍ය වෙනත් භාණ්ඩ සමග හුවමාරු කිරීමට හැකියාව තිබුණි. බු.ව.5 වන සියවස තුළ විදේශ වලින් ඊජීප්තුවට කාසි මුදල් හඳුන්වා දෙනු ලැබිණි. මුලදී සත්‍ය මුදල් වලට වඩා සම්මත කරගත් වටිනා ලෝහ කැබලි කාසි ලෙස භාවිතා කල නමුත් පසු සියවස් තුළ ජාත්‍යන්තර වෙළඳුන් කාසි මත වැඩි විශ්වාසය තැබීය.

පුරාණ ඊජිප්තුවේ නීති පද්ධතිය[සංස්කරණය කරන්න]

නෛතික ක්‍රමයෙහි ලියන්නා මනා දැනුමක් සහ ඉතා උසස් කොට සලකන පුද්ගලයෙකි,පරිපාලන කටයුතු පිළිබඳ වගකීම් ඔහුට පැවරී ඇත

මෙම නෛතික පද්ධතියේ ප්‍රධානියා වුයේ පාරවෝවරුය. ඔහුට නිතීය සම්පාදනය කිරීමේ, යුක්තිය පසිඳිලිමේ හා නීතී ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබිණි. මෙම නෛතික රාමුව ඊජිප්තු වැසියන් Maat (මාට්) ලෙස හඳුන්වනු ලැබීය. පැරණි ඊජිප්තුවේ නීතී සංග්‍රහයක් නොපැවතුණු අතර සාමාන්‍ය බුද්ධිය අනුව නීතී කටයුතු සිදු කෙරුණු බවට අධිකරණ වාර්තා පෙන්නුම් කරයි. ප්‍රශ්න නිරාකරණයේදි බොහොදුරට අවබෝධාත්මක ගිවිසුම්වලට එළඹුනු බවක් පෙනෙන්නට තිබේ. ප්‍රාදේශිය අධිකරණවල බලධාරියා වුයේ kenbet නමින් හැඳින්වු පුද්ගලයෙකි. ඔහු සුළු පැමිණිලි සුළු ආරවුල් විභාග කොට විසඳනු ලැබිණි. බරපතල ගැටළු(මිණිමැරුම්, ඉඩම් ගණුදෙනු, මංකොල්ලකෑම් ) විසඳනු ලැබුවේ පාරාවොගේ අනුදැනුම ඇතිව great kenbet විසිනි. අවසානයේ විත්තිකරුවන් හා පැමිණිලිකරුවන් තමන්ට නිවැරදි තීන්දුව ලැබුණු බවට දිවුරා දිවුරුම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතුය. සමහර අවස්ථාවලදී පැමිණිලිකරු මෙන්ම විනිශ්චයකරුද එකම පුද්ගලයෙක් වු අතර කරුණු දක්වමින් කුමන්ත්‍රණකරුව හඳුනා ගැනිණි. විභාගිත නඩුව වැදගත් හො නොවැදගත් වුවද අධිකරන ලේකම්වරයා විසින් පැමිණිල්ල, සාක්කිය, තීන්දුව සටහන් කරගනී.

සුළු වැරදිවලට දඬුවම් ලෙස දඩගැසීම, පහරදිම, මුහුණු විකෘති කිරිම හො පිටුවහල් කිරිම ආදිය ලබාදෙන ලදි. බරපතල වැරදි සඳහා ජීවිතක්ෂයට පත් කිරිම, උලතැබීම,ජලයේ ගිල්වීම ආදී දඬුවම් දෙන ලදි. සමහර විට දඬුවම් අපරාධකරුගේ පවුලේ අයටද පැනවිණි. අලුත් රාජධානිය ආරම්භ කිරිමෙන් අනතුරුව නීතී පද්ධතියෙ ප්‍රධානියා හැටියට Oracle(ඔරුකල්) නමින් තනතුරක් ඇතිකරන ලදි. මෙහිදි නීතීය පසිඳලීම සඳහා මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදයද නොමසුරුව අවශ්‍ය විය.


පුරාණ ඊජිප්තුවේ රෝම ආධිපත්‍ය[සංස්කරණය කරන්න]

ෆායම් මමිය ඊජිප්තියානු සහ රෝමන් සංස්කෘතියේ ප්‍රතිමූර්තිය පිළිබිඹු කරයි

ඇක්ටියම් (Actium) යුද්ධයේදී ඔක්ටාවේන්හට මාර්ක් ඇන්තනි සහ VII ක්ලියෝපැට්රා රැජිණ පරාජය වීමෙන් පසු බු.ව.30 දී ඊජීප්තුව,රෝම අධිරාජ්‍යයට අයත් රාජ්‍යක් බවට පත් විය. රෝමන් ජාතිකයන් ඊජීප්තුවෙන් ලැබෙන ධාන්‍ය නැව් බඩු තොග ගැන බෙහෙවින් විශ්වාසය තැබූහ.මෙම කාලය තුළ ප්‍රකට ගැටලුවක්ව තිබූ දාමරිකයන්ගෙන් එල්ල වන ප්‍රහාර මැඩ පැවත්වීමට අධිරාජ්‍යයා විසින් රෝම හමුදාවට නියම කරන ලදී. රෝමය තුළ විදේශීය සුඛෝපබෝගී භාණ්ඩ සඳහා අධික ඉල්ලුමක් පැවති බැවින් පෙරදිගින් එන වෙළඳ මාර්ගයේ ඇලෙක්ස්සැන්ඩ්‍රාව වැදගත් මධ්‍යස්ථානයක්ව තිබුණි. රෝම ජාතිකයන් තුළ ග්‍රීක ජාතිකයන්ට වඩා ඊජීප්තු ජාතිකයන් කෙරෙහි සතුරු ආකල්ප වැඩි වශයෙන් පැවතියද, ඇතැම් සිරිත් විරිත්(දෙවියන් ඇදහීම,මමීකරණය )දිගටම පැවතුනි. මාතෘ ඡායාරූප නිර්මාණ කලාව ප්‍රචලිතව තිබූ අතර සමහර රෝම අධිරාජ්‍යයන් ඔවුන්වම පාරාවෝ ලෙස විස්තර කරන ලදී.(නමුත් ටොලමින් තරම් නොතිබුනි. ඔවුන් ඊජීප්තුවෙන් පිට ජීවත් වූ අතර ඊජීප්තු අධිරාජ්‍යයේ උත්සව අවස්ථා සිදු නොකරන ලදී. )දේශීය ආණ්ඩුව රෝමයේ ක්‍රමයට හැඩගැසුනු අතර ස්වදේශීය ඊජීප්තු වැසියන්ට සමීප විය. ක්‍රි.ව. පළමු ශතවර්ශයේ මැද භාගයේ සිට ක්‍රිස්තියානි ආගම ඇලෙක්සැන්ඩ්‍රාවේ මුල් බැසගත් අතර එය ව්‍යාප්ත විය. අන් ආගමිකයන් තම ආගමට හැරවීමට බලාපොරොත්තු වූ අතර ජනප්‍රිය ආගමික සිරිත් විරිත් වලට එය තර්ජනයක් විය. මෙය ක්‍රිස්තියානි ආගමට හැරුනු අයට හිංසා කිරීම් වලට හේතු විය.නමුත් ක්‍රිස්තියානුවන් ජය ගනු ලැබීය. එහි ඵලයක් ලෙස ඊජීප්තුවන්ගේ මිත්‍යාදෘශ්ටික සංස්කෘතින් ක්‍රමයෙන් පරිහානියට පත් විය. ස්වදේශීය ජනයා ඔවුන්ගේ භාෂාව දිගටම භාවිතා කරන අතරතුර ඊජීප්තු පූජකවරු සහ පූජකවරියන් අඩුවීම නිසා චිත්‍ර ලිපියෙන් සමන්විත ලේඛන කියවීමේ හැකියාව ක්‍රමයෙන් නැතිවී ගියේය. පැවති පන්සල් ඇතැම් විට පල්ලි බවට පත් කරගත් අතර ඇතැම්විට පාළු වී අත්හැර දමන ලදී.

පුරාණ ඊජිප්තු ලේඛන[සංස්කරණය කරන්න]

රොසෙටා පාෂාණය[සංස්කරණය කරන්න]

රොසෙටා පාෂාණය

චිත්‍ර ලිපි ලේඛන කලාව ක්‍රි.පු. 3200 කාලවකවානුවට අයත් වන අතර ඊට සලකුණු 500 ක් පමණ යොදා ගෙන ඇත. මේ එක් සළකුණකින් වචනයක්, පණිවිඩයක් නියෝජනය කළ හැකිය; තවද එකම සලකුණකට විවිධ සංදර්භ වල විවිධ අරමුණු වෙනුවෙන් පෙනී සිටිය හැකිය. චිත්‍ර ලිපි විධිමත් ශිලා ලේඛන වර්ගයකි. ඒවා නිර්මාණය කොට තිබුණේ සිහිවටන ගල් වල සහ සොහොන් ගෙවල් වලය. ඒවායෙහි තොරතුරු නිරූපණය කර තිබුණි. මෙම සෙල් ලිපි වල යොදා ගෙන තිබුණේ ලේසියෙන් හා ඉක්මනින් ලිවිය හැකි හයරටික් නම් වු වැල් අකුරුය. විධිමත් චිත්‍ර ලිපි පේලි හෝ තීරු වශයෙන් කියවිය හැකි ලෙස ලියා තිබුණු අතර (සාමාන්‍යයෙන් දකුණේ සිට වමට), හයරටික් නිතරම ලියා තිබුණේ දකුණේ සිට වමට සාමාන්‍යයෙන් සමාන්තර පේලී වශයෙනි. අළුතෙන් පැමිණි ලේඛන කලාවක් වු ඩෙමොටික් ක්‍රමය පසුව පිළිගත් ලේඛන ශෛලියක් බවට පත්විය. රොසෙටා පාෂාණයේ ග්‍රීක වදනින් ඇත්තේ ද එවන් ලේඛන ශෛලියකි.

ක්‍රි.ව. 1 වැනි ශ.ව. දී පමණ සාම්ප්‍රදායික ඩෙමොටික අත් අකුරු වෙනුවට නවීකරණය වු ග්‍රීක හෝඩිය වු කොප්ටික් අක්ෂර මාලාව පැතිරෙන්නට විය. ක්‍රි.ව. 4 වන ශ.ව. දක්වා විධිමත් චිත්‍ර ලිපි භාවිතා වුවද ඒවා කියවීමේ හැකියාව තිබෙන්නේ පුජකවරු අතළොස්සකට පමණි. සාම්ප්‍රදායික ආගමික ක්‍රම වේදයන් විසුරුවා හරින ලද නිසා, චිත්‍ර ලිපි ලේඛනය පිළිබද දැනුම බොහෝ දුරට අඩු වී ගියේය. ඊජිප්තුවේ බයිසන්ටයින් හා ඉස්ලාමික යුගවලට අයත් චිත්‍ර ලිපි කියවා තේරුම් ගැනීම අපහසු වුවද 1822 රොසෙටා පාෂාණය සොයා ගැනීමෙන් හා තෝමස් යන්ග්ගේ සහ ජීන් - ෂ්රැන්කිස් චැම්පෝලින්ගේ සමීක්ෂණ වලින් පසු බොහෝ දුරට චිත්‍ර ලිපි කියවා තේරුම් ගත හැකි විය.


ඊජිප්තු සාහිත්‍යය[සංස්කරණය කරන්න]

මුල්ම ලේඛන දක්නට ලැබෙන්නේ රාජකීය සොහොන් ගෙවල්වලින් සොයා ගන්නා ලද ලේබල හා ඇමුණුම් වලයි. එය මූලික ලෙස ජීවන නිවාස වල වැඩ කළ ලේඛකයන්ගේ රක්ෂාව විය. පසුව පැමිණියන් කාර්යාල, පුස්තකාල (ග්‍රන්ථ නිවාස ලෙස හැදින්වූ), විද්‍යාගාර හා නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරන ලදී. පිරමීඩය සහ කොෆීන් ටෙක්ඩ්ස් වැනි පුරාණ ජනප්‍රිය ඊජිප්තියානු සාහිත්‍යමය කෘති ලියවුණේ ක්‍රි.පු. 1300 පමණය. එතෙක් ලිවිමට භාවිතා කළ සම්භාවනීය ඊජිප්තුයානු භාෂාව නව රාජධානි ඇති වු සමයේ සිට ඉදිරියටද භාවිතා විණි. ඒ අනුව ඩෙමොයික් හා කොප්ටික් ග්‍රන්ථවලින් ද නියෝජනය වූයේද එම භාෂාවමය. මෙම කාල පරිච්ඡේදය අතරතුර ලිවීමේ සම්ප්‍රදාය, සොහොන් ගෙවල්වල තම ජීවිත කතාව ලිවීම දක්වා විකසනය විය. හර්ක්හෆ්ගේ සහ වෙනත් අයගේ සොහොන් ගෙවල් ඊට උදාහරණවේ. සොබාට් (උපදෙස්) ලෙස හැදින්වෙන රීතිය, ඉගැන්වීම් සහ ප්‍රසිද්ධ ප්‍රභූන්ගේ මාර්ගෝපදේශකත්වය සන්නිවේදනය කිරීම දක්වා වැඩි දියුණු විය. ඉපුවර් පපිරස් යනු ඊට ප්‍රසිද්ධ උදාහරණයකි. එය ස්වභාවික විපත් සහ සමාජ විප්ලව විස්තර කරන අදෝනාවක ස්වරයෙන් ලියවුණු කාව්‍යයකි.


මධ්‍ය ඊජිප්තියානු යුගයේදී ලියවුණු ‘සිනුහිගේ කතාව’ ඊජිප්තියානු සම්භාව්‍ය සාහිත්‍යය නිරූපණය කරන්නක් විය හැකිය. මෙම කාලයේම ලිය වුණු අනෙක් ග්‍රන්ථයේ අඩංගු වන්නේ පුජකවරු කළ හාස්කම් ගැන කතාය. නව රාජධානියේ අග භාගයේදී’වෙනමම් කතාව’ සහ ‘අනීගේ ඉගැන්වීම්’ වැනි ජනප්‍රිය කතා ලියවුණු අතර එහි භාවිතා වුයේ ස්වභාෂාවය. වෙනමම් කතාවෙන් දේවදාර මිලට ගැනීමට ලෙබනන් යන අතරමඟදී කොල්ල කෑමට ලක්වන වංශවතෙක් හා නැවත ඊජිප්තුවට පැමිණීමට කරන අරගලය ගැන කියවේ. ක්‍රි.පු. 700 පමණ සිට කතන්දර හා ‘ඔන්ච්ෂ්ඔනික්වි ගේ ඉගැන්වීම්’ වැනි ඉගැන්වීම් ද එමෙන්ම පුද්ලික සහ ව්‍යාපාර ලියකියවිලි ද ලියවුණේ ඊජිප්තියානු ඩෙමොටික් අකුරු වලිනි. ඩෙමොටික් වලින් ලියවුණු බොහෝ කතා (ග්‍රේකෝ - රෝමානු යුගය අතරතුර) කලින් ඓතිහාසික යුගවල සකසන ලද ඒවාය. ඒ ඊජිප්තුව, 11 වැනි රම්සෙස් මහා පාරාවෝ රජවරු විසින් නිදහස් ජාතියක් ලෙස පාලනය කළ කාලයයි.

සංස්කෘතිය[සංස්කරණය කරන්න]

කලාව[සංස්කරණය කරන්න]

ඉතාමත් ප්‍රසිද්ධ ගණයේ පුරාණ ඊජිප්තු කලාවෙහි අග්‍රකෘතියකි,Thutmose ප්‍රතිමා ශිල්පියා විසින් නිර්මාණය කරන ලද Nefertiti ගේ උඩුකය මූර්තිය

වසර 3500 ක් පුරාවට ඊජිප්තු කලා ශිල්පීන් සිය නිර්මාණ සඳහා යම් සම්ප්‍රදායක් මුල්කරගත් බව සඳහන් වේ. සැබවින්ම එම සම්ප්‍රදාය හා බැඳුණු නීතිරීති පද්ධතියක් තිබිණි. නිර්මාණ සඳහා යොදාගන්නා රේඛා, හැඩතල හා වර්ණ අඛණ්ඩව විදේශීය බලපෑම් හෝ අන් කිසියම් හේතුවක් නිසා හෝ නොවෙනස්ව පවත්වාගෙන ගොස් ඇත. මෙම නීතිරීති පද්ධතිය නිසාම එකල ඊජිප්තු කලා නිර්මාණ බොහෝ විට ආගමික හෝ දේශපාලනික අරමුණු උදෙසාම බිහිවී ඇත.

පුරාණ ඊජිප්තු කලා ශිල්පීන් විසින් පිළිම ඇඹීමට පාෂාණ මෙන්ම දැව ද යොදා ගන්නා ලදහ. ඔවුන් සතුව පැවතුනාවූ ඛනිජ ද්‍රව්‍යයන්ගෙන් වර්ණ සාදාගෙන ඇත. තවද ඊජිප්තු කලා ඉතිහාසය දෙස බලන කල ඔවුන් එකල සිය මිය ගිය ඥාතීන් උදෙසා නිර්මාණය කළ සොහොන්කොත් වැදගත් තැනක් ගනී. දැවයෙන් හා මැටියෙන් නිමැවුණු මෙම සොහොන් කොත්වල ඔවුන් සිය එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය පෙන්වා ඇත. මින් ඔවුන් මියගිය අයගේ මරණින් පසු ලෝකය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ඇත.

එකල ඊජිප්තුවේ කලාව සඳහා වූ දේශපාලනික බලපෑම අමර්නා යුගයේ බිහිවූ නිර්මාණවලින් මැනවින් ප්‍රදර්ශනය වේ. කෙසේ වෙතත්, මෙම යුගයෙන් පසු බිහිවූ නිර්මාණවල නැවතත් මුල් සම්ප්‍රදායන්හි තිබූ ගති ලක්ෂණ පිළිඹිබු වේ.

ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය කරන්න]

එඩ්ෆුහි හෝරස් පන්සල

පුරාණ ඊජිප්තු ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වන ඉදිකිරීම් අතර පිරමීඩ හා ආගමික ස්ථාන ප්‍රධාන තැනක් ගනී. ආදී ඊජිප්තු ගල් වඩුවෝ මෙම නිර්මාණ සඳහා ඉතා දියණු මෙවලම් හා ආයුධ භාවිතා කළහ.

එකල සමාජයේ ප්‍රභූවරුන්ගේ නිවාස තැනීමට වටිනා අමුද්‍රව්‍ය යොදා ගෙන තිබූණි.මේවන විට ඒවා සියල්ලක්ම පාහේ විනාශ වී ඇත. නමුදු මල්කාටා හා අටාමා යනුවෙන් හැදින්වෙන රජමාළිගා දෙකක නටඹුන් තවමත් ඉතිරිව ඇත. ආගමික ස්ථාන වැනි ඉදිකිරීම් කළුගලින් නිමවා ඇත්තේ ඒවායේ දිගුකාලීන පැවැත්ම උදෙසාය.

දැනට හමුවී ඇති ඉපැරණිතම ඉදිකිරීම් වූ ආගමික ගොඩනැගිලි ගල්කණුවලින් සමන්විත ශාලාවලින් යුක්තවේ.මීට නිදසුන් 'ගිසා' ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. මස්ටාඩා ප්‍රදේශයෙන් හමුවී ඇති සොහොන් කොතෙන් එකල පැවති සොහොන් කොත් ඉදිකිරීම් කලාව පිළිබඳව මැනවින් විදහා පායි.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_ඊජිප්තුව&oldid=371462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි