Jump to content

සිරිමල් රණවැල්ල

විකිපීඩියා වෙතින්
සිරිමල් රණවැල්ල
උපත16 ඔක්තෝබර් 1921(1921-10-16)
මියගිය දිනය26 December 2020(2020-12-26) (aged 99)[2]
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයඋණවටුන බෞද්ධ මිශ්‍ර පාසල

ලංකා විශ්වවිද්‍යාලය

ලන්ඩන් විශ්වවිද්‍යාලය
රැකියාවපොලිස් කොස්තාපල්, පීඨාධිපති, ඉතිහාසඥ, කතුවර [1]
දෙමව්පියන්(s)ගාල්ලගේ සිංහ රණවැල්ල
මද්දුම වෙල්ලාලගේ කොර්නේලියා

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා, පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳ ශ්‍රේෂ්ඨ විද්වතෙක් සහ පර්යේෂකයෙකි. මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පුරාණ සෙල්ලිපි පිළිබඳ ඔහුගේ විශේෂඥ දැනුම සහ විනය සඳහා කළ අමිල මෙහෙවර නිසා ප්‍රසිද්ධියට පත් විය.[3] [4]

ළමා කාලය

[සංස්කරණය]

1921 ඔක්‌තෝබර් 16 වැනිදා ගාල්ල දිස්ත්‍රික්කයේ සුන්දර කොග්ගල ගම්මානයේ උපන් ඔහු හැදී වැඩුණේ ඥාති සොහොයුරියන් හත් දෙනකු සමඟ ඔහුගේ නැන්දා කෙනෙකු සමගිනි. ඔහු ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙනි(වර්තමානයේ මෙම විද්‍යාලය උණවටුන මහා විද්‍යාලය ලෙසින් හඳුන්වයි).[1] ඔහු පසුව 1944 – 1953 කාලයේ පොලිස් නිලධාරියකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහු පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවය කලේය. වර්ෂ 1949 දී බගතලේ පාරේ හාවඩ් විද්‍යාලයට ඇතුළු වුයේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීමටයි. 1950 දී ඔහු ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය ඉහළින්ම සමත් විය. 1952 දී උසස් අධ්‍යාපන සහතික පත්‍ර විභාගය සමත් වී 1953 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයට (පේරාදෙණිය) ඇතුළත් විය. එවිට ඔහුගේ වයස අවුරුදු 32 කි. වර්ෂ 1957 දී ඔහු ඉතිහාසය පිළිබද ශාස්ත්‍රවේදි ගෞරව උපාධිය ලබා ගත්තේය.[1]

1957 - 1958 කාලයේ ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළේය. පසුව 1958-1959 කාලයේ සිංහල විශ්වකෝෂයේ සහාය සංස්කාරක ලෙස කටයුතු කලේය. [5] 1959 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස තරුණ රණවැල්ල මහතා පත් විය. ඔහු 1964 ලන්ඩන් විශ්වවිද්‍යාලයට බැඳී 1966 දී සිය ආචාර්ය උපාධිය (Ph.D.) සම්පූර්ණ කළේ A Political History of Ruhuna යන පර්යේෂණ නිබන්ධනය මගිනි. 1971 දී ඔහු ජේෂ්ඨ කඨිකාචාර්ය ධුරයටත් 1977 දී මහාචාර්ය ධූරයටත් පත්වී කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කලේය.[6]

1978 දී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයට බැඳුණු අතර එහි ප්‍රථම ඉතිහාස මහාචාර්ය වරයා විය. 1979-1989 කාලයේ දී මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා විය. 1988 අප්‍රේල් 25 සිට 1989 දෙසැම්බර් 27 දක්වා රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපතිවරයා ද විය.[1]

පුරාවිද්‍යාව සඳහා දායකත්වය

[සංස්කරණය]

ඔහු පර්යේෂණ ලිපි 245 කට අධික ප්‍රමාණයක් සහ පොත් 15 ක් ප්‍රකාශයට පත් කර ඇත. එතුමාගේ ලොකුම දායකත්වය අභිලේඛන ක්ෂේත්‍රයටයි. ඔහු සෙල්ලිපි විශාල ප්‍රමාණයක් සංස්කරණය කර නැවත අර්ථකථනය කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන සෙල්ලිපි විෂයෙහි තවත් ප්‍රාණවත් ප්‍රතිභාවක් ඇති කළ හිස්තැන පිරවූ පුද්ගලයා ලෙස මහාචාර්ය රණවැල්ල සැලකිය හැකිය.

ලැබු සම්මාන

[සංස්කරණය]

ඔහුගේ ජයග්‍රහණ අගයමින් මහාචාර්ය රණවැල්ලට ගෞරව සම්මාන රාශියක් පිරිනමා ඇත:

  • D. Lit. උපාධිය, කැලණි විශ්ව විද්‍යාලය (2000); [3]
  • ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමය විසින් පිරිනමන ශ්‍රීමත් එස්. සී. ඔබේසේකර අනුස්මරණ පදක්කම (2010); [3]
  • ජාතික උරුමයන් අමාත්‍යාංශය විසින් පිරිනමන ලද උරුම ප්‍රසාද ප්‍රණාම සම්මානය (2012).[3]

රචනා කල ග්‍රන්ථ

[සංස්කරණය]
  • සිංහල සෙල්ලිපි වදන් ආකරාදිය
  • The inscriptions of Apa Kitagbo and Kings Sena I, Sena II and Udaya II (1999)
  • Inscriptions of Ceylon, Vol. V, Pt. I Department of Archaeology, Sri Lanka (2001)
  • History of the Rohana Kingdom (in Sinhala) University of Ruhuna (2003) [7]
  • Inscriptions of Ceylon, Vol. V, Pt. II Department of Archaeology, Sri Lanka (2004)
  • Dictionary of Sinhala Epigraphical Words (in Sinhala) Department of Archaeology, Sri Lanka (2004)
  • Inscriptions of Ceylon, Vol. V, Pt. III Department of Archaeology, Sri Lanka (2005)
  • Sinhala Inscriptions in the Colombo National Museum Department of National Museums, Sri Lanka (2005)
  • Inscriptions of Ceylon, Vol. VI Department of Archaeology, Sri Lanka (2006)
  • Dictionary of Sinhala Inscriptional Words Department of Archaeology, Sri Lanka (2007)
  • History of the Kingdom of Ruhuna (in English) Department of Archaeology, Sri Lanka (2018)

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c d e දේව මයිකල් ද සිල්වා (2021). අන්ත්‍රාවලෝකන ශාස්ත්‍රිය ග්‍රන්ථ මාලා 01 (PDF). මාතර: සංස්කෘතික කේන්ද්‍රය - රුහුණු විශ්වවිද්‍යාලය. pp. 12, 29, 32–36. ISBN 978-624-5553-02-0. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2025.
  2. ^ "සම්මානිත මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා අභාවප්‍රාප්ත වෙයි". www.itnnews.lk. කොළඹ: ස්වාධීන රූපවාහිනිය. 27 දෙසැම්බර් 2020. සම්ප්‍රවේශය 1 ජනවාරි 2025.
  3. ^ a b c d HAKL මංජුල (1 ජනවාරි 2023). "Sirimal Ranawella". www.lankapradeepa.com (ඉංග්‍රිසි බසින්). ලංකාප්‍රදීප. සම්ප්‍රවේශය 1 ජනවාරි 2025.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. ^ දීපානි (23 ඔක්තෝබර් 2021). "හැම විදුතැන් දැන හැම තැන් විය පසිඳූ". www.silumina.lk. කොළඹ: සිළුමිණ පුවත්පත. 2022-01-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  5. ^ චන්ද්‍රරත්න බණ්ඩාර (28 දෙසැම්බර් 2020). "P.C. ඉඳන් V.C. වු මහාචාර්ය සිරිමල් රණවැල්ල දැයෙන් සමු ගනී". www.yathranews.com. කොළඹ: යාත්‍රා. සම්ප්‍රවේශය 1 ජනවාරි 2023.
  6. ^ Kumudini Hettiarachchi (12 April 2015). "The PC who never gave up on his passion to learn". www.sundaytimes.lk. Colombo: Sundaytimes. සම්ප්‍රවේශය 1 January 2025.
  7. ^ "History of the Kingdom of Rohana: From the Earliest Times to 1500 A.C." books.google.lk (ඉංග්‍රීසි බසින්).
"https://si.wikipedia.org/w/index.php?title=සිරිමල්_රණවැල්ල&oldid=744447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි