Jump to content

උණවටුන මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්
උණවටුන මහා විද්‍යාලය
ඉංග්‍රීසි: Unawatuna Maha Vidyalaya
Address
Map
මහරඹ පාර,උණවටුන

,
දකුණු පළාත
,
80600

ඛණ්ඩාංක6°01′14″N 80°14′57″E / 6.020458999043355°N 80.24928035069826°E / 6.020458999043355; 80.24928035069826
තොරතුරු
පැරණි නමඋණවටුන බෞද්ධ මිශ්‍ර පාසල
වර්ගය1AB
ආදර්ශ පාඨය"ආලෝකෝ උදපාදී"
(ආලෝකයෙන් අවිදු අදුර නැසීය)
ආගමික සබැඳියා(ව)බෞද්ධ
ආරම්භ කලේසැප්තැම්බර් 17, 1893 (වසර 132 කට පෙර) (1893-09-17)
ආදිකර්තෘඑච්. ඩබ්ලිව්. අමරසූරිය
පාසල් අංකය06440[1]
විදුහල්පතිහෙලරුවන් පීරිස්
කාර්ය මණ්ඩලය50
ශ්‍රේණි1 සිට අ.පො.ස උසස් පෙළ දක්වා
Primary years taught1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා
Secondary years taught6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා
බාලක/බාලිකාමිශ්‍ර
සිසුන් ගණන1000[2]
භාෂාවසිංහල
නිවාසගැමුණු

තිස්ස

පැරකුම්
වර්ණ(ය)            
පාසල් ගීතයසැරදේ අප මාතා
වෙබ් අඩවිය"නිල වෙබ් අඩවිය".

උණවටුන මහා විද්‍යාලය (ඉංග්‍රීසි: Unawatuna Maha Vidyalaya, දෙමළ: உனவடுன மகா வித்தியாலயம்) උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රමුඛ රජයේ පාසලකි. වර්ෂ 1887[3]දී උණවටුන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලෙස ඇරඹි මෙම පාසල පසුව වර්ෂ 1962 දී උණවටුන මහා විද්‍යාලයය බවට පත්විය.[3]

ඉතිහාසය

[සංස්කරණය]

මෙම පාසල 1887 සැප්තැම්බර් 7 වන දින සිසුන් 14 දෙනෙකු සහ ගුරුවරුන් 4 දෙනෙකුගෙන් යුතුව උණවටුන සැන්ද්‍රාගේ වත්තේ තාවකාලික පොල් මඩුවක ආරම්භ කරන ලදී. පසුව,හෙන්රි වුඩ්වර්ඩ් අමරසුරිය මහතාගේ අනුග්‍රහය යටතේ, ඔහුගේ නිවස වන වර්තමානයේ උණවටුන ගුරු විද්‍යාලය පවතින ස්ථානයේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසල ලෙස පවත්වාගෙන යනු ලැබුවේ ය. 1962 මාර්තු 15 වන දින උණවටුන මහා විද්‍යාලය ලෙස රජයේ පාසලක් බවට පත්විය.[3] 2004 දෙසැම්බර් 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා පාසලේ නව ශාලා, පරිගණක විද්‍යාගාර සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අංග ගණනාවක් සෙනෙහස පදනමේ ආධාර මගින් ඉදි කරන ලදී.[4][5]


විදුහල්පතිවරුන්

[සංස්කරණය]

පාසල ආරම්භයේ සිටම වසර 125 ක කලාව තුළ විදුහල්පතිවරුන් 21 දෙනෙකු විසින් පරිපාලනය කර ඇත.[6] ඔවුන් පිලිවෙලින්,

  • කේ.වී.පි.ඊ ද සිල්වා
  • ඩී.ඒ ජයතිලක
  • ජේ ද සිල්වා
  • ඩබ්ලිව්.එම් ප්‍රදිනන්දස්
  • එම්.ඩබ්ලිව් ගුණසේකර
  • ඩී.ඒ නාරන්ගොඩ
  • එච්.එම් ප්‍රනාන්දු
  • ආර්.ඩී කරෝලිස්
  • එල්.ජී.එස් වික්‍රමසිංහ
  • ඩබ්.ඒ කරුණාරත්න
  • ඩී.ජී.ජී ද සිල්වා
  • එම්.පී මැන්දිස්
  • ඩබ්ලිව්.කේ ධර්මරත්න
  • ජිනදාස
  • එම්.පී කෝරාල
  • දා.දු.න වීරකෝන්
  • ජයසේන අතපත්තු
  • ගුණසේන
  • නානායක්කාර
  • පී.පී.කේ දයාරත්න අමරසේකර
  • ඊ.ඒ ගාමිණි ශාන්ත කුමාර
  • හෙළරුවන් පීරිස්

පාසල් ගීතය

[සංස්කරණය]

සැරදේ අප මාතා අප විදුහල් මාතා
පිංකෙත වැනි වු සිසු කැල
ජයබිම වෙත ගෙනයන මාතා ...

වීනිතකම් දස්කම් එඩිතරකම් සැමහට නිති සදනා
සමාජසේවය එකමුතුකම් ඈ ගුණදම් වඩවමිනා ...

ඔබ අපහට නිති ඔවදන් දෙන්නේ ඔබමය අප මාතා
ඉගෙනුම අවසන් කල ඔබ දරු කැල ඔබගුණ නිති සමරා

කිතුගොස පතුරා ජය දද නංවා පෙරටම යමු නිතිනා
දින දින දියුණුව වෙත පා නගලා මවුනි සදා සැරදේ // ... ...

අධ්‍යාපනය

[සංස්කරණය]

උණවටුන මහා විද්‍යාලයේ මේ වනවිට මෙම විශයයන් උගන්වයි.

අංශය විෂයයන්
ප්‍රාථමික

(1-5 ශ්‍රේණි)

  • සිංහල
  • ඉංග්‍රිසි
  • දෙමළ
  • පරිසරය
  • ගණිතය
  • ආගම
ද්විතියික

(6-9 ශ්‍රේණි)

  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රිසි
  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • තොරතුරු තාක්ෂණය
  • ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
  • චිත්‍ර
  • නර්තනය
  • නාට්‍ය හා රංග කලාව
  • සංගීතය
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
  • ගිණුම්කරණය
  • ශෘහ ආර්ථික විද්‍යාව
  • කෘෂි විද්‍යාව
සාමාන්‍ය පෙළ

(10 - 11 ශ්‍රේණි)

  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රිසි
  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • චිත්‍ර කලාව
  • නර්තනය
  • නාට්‍ය හා රංග කලාව
  • සංගීතය
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
  • ගිණුම්කරණය
  • කෘෂි විද්‍යාව
උසස් පෙළ විද්‍යා[7]

[8][9]

උසස් පෙළ වාණිජ
  • ව්‍යාපාර අධ්‍යනය
  • ගණකාධිකරණය
  • ආර්ථික විද්‍යාව
උසස් පෙළ කලා
  • සිංහල
  • ආර්ථික විද්‍යාව
  • චිත්‍ර කලාව
  • දේශපාලන විද්‍යාව
  • බෞද්ධ ශිෂ්ඨාචාරය
  • ශෘහ ආර්ථික විද්‍යාව
  • භූගෝල විද්‍යාව

දක්ෂතා

[සංස්කරණය]

පාසලේ විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ. ඒ අතර බාලදක්ෂ කණ්ඩායම හා පරිසර නියමු කණ්ඩායම වැදගත් වේ.පාසලේ සෞන්දර්ය ඒකකයටද සුවිශේෂි ස්ථානයක් හිමිවේ. සංගීත, චිත්‍ර, නැටුම් සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන් මෙහි පවතින අතර සමස්ථ ලංකා, පලාත් ඇතුළු ජයග්‍රහණය රැසක් සෞන්දර්ය ඒකකය දිනාගෙන ඇත. [10]

ක්‍රීඩා

[සංස්කරණය]

නිවාසාන්තර ක්‍රීඩා උලෙල වාර්ෂිකව පහත නිවාස යටතේ පැවැත්වේ.

  • ගැමුණු නිවාසය     
  • තිස්ස නිවාසය     
  • පැරකුම් නිවාස     

දැක්ම සහ මෙහෙවර

[සංස්කරණය]

දැක්ම

[සංස්කරණය]

රසඥතාවයෙන් යුකු සංස්කෘතිය පවරා දෙන විනයගරුක සාමකාමී අනාගත පරපුරක් බිහිකිරීම.[3]

මෙහෙවර

[සංස්කරණය]

දැනුම, කුසලතා,ආකල්පවලින් හෙබි,සදාචාර සම්පන්න, ගුණගරුක, නවලොවට ගැලපෙන, නිර්මාණශීලි, පරිසරයට ආදරය කරන, ඉතිහාසයෙන් වර්තමානය ගොඩනගා ගන්නා පිරිපුන් දරු කැලක් බිහිකිරීම.[3]

ප්‍රසිද්ධ ආදී සිසුන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "School List 2021" (PDF). moe.gov.lk. Colombo: Ministry of Education, Sri Lanka. p. 64. සම්ප්‍රවේශය 4 January 2024.
  2. ^ "ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය". දකුණු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. 1 ජනවාරි 2020. සම්ප්‍රවේශය 1 ජනවාරි 2020.
  3. ^ a b c d e නිර්මාණි බණ්ඩාරනායක (14 සැප්තැම්බර් 2018). "වසර 125ක් සපුරන සංචාරක පාරාදීසයේ සොඳුරු තක්සලාව, උණවටුන මහා විද්‍යාලය". රැස පුවත්පත. සම්ප්‍රවේශය 14 සැප්තැම්බර් 2018.
  4. ^ "UNAWATUNA MAHA VIDYALAYA". සෙනෙහස පදනම. 14 සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 14 සැප්තැම්බර් 2015.
  5. ^ නුවන් කොඩිකාර (6 ජනවාරි 2025). "උණවටුන මහා විද්‍යාලයේ සිඟිති, පෝතක හා බාලදක්ෂ බාලක බාලිකාවන්ට පදක්කම් පැලඳ වේ". මිහිර පුවත්පත. සම්ප්‍රවේශය 10 අප්‍රේල් 2025.
  6. ^ Admin - UMV (30 සැප්තැම්බර් 2020). "ආදී විදුහල්පතිවරුන්". උණවටුන මහා විද්‍යාලය. සම්ප්‍රවේශය 30 සැප්තැම්බර් 2018.
  7. ^ විජේසිංහ, හිරුණි (30 අප්‍රේල් 2023). "පාසල් සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට ගිහින්". www.news19.lk. www.news19.lk. සම්ප්‍රවේශය 10 ජනවාරි 2024.
  8. ^ "පාසල් සිසුන් පිරිසකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්". liveatsrilanka.lk. කොළඹ: ස්වර්ණවාහීනී. 30 අප්‍රේල් 2023. සම්ප්‍රවේශය 10 ජනවාරි 2024.
  9. ^ කුමුදු උපුල් ශාන්ත (1 මැයි 2023). "උසස් පෙළට පාසලමාරු කරනවාට එරෙහිවගාල්ලේ සිසු පිරිසක්මානව හිමිකම් කොමිසමට". mawbima.lk. මව්බිම පුවත්පත. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2024.
  10. ^ "125 වෙනි සැමරුම". හිරු TV ආයතනය, Youtube. 30 සැප්තැම්බර් 2020. සම්ප්‍රවේශය 30 සැප්තැම්බර් 2018.
  11. ^ මහාචාර්ය ජයන්ත අමරසිංහ (23 ඔක්තෝබර් 2021). "හැම විදුතැන් දැන හැම තැන් විය පසිඳූ, සිරිමල් රණවැල්ල". සිළුමිණ පුවත්පත. සම්ප්‍රවේශය 23 ඔක්තෝබර් 2021.
  12. ^ බෙහිහුල්ඔය ප්‍රින්ස් රත්නායක (2 දෙසැම්බර් 2017). "ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එඩ්වින් ආරියදාස වියතාණෝ". ලංකාදීප පුවත්පත. සම්ප්‍රවේශය 2 දෙසැම්බර් 2017.
  13. ^ "උණවටුනේ මහා ප්‍රාඥයා දැයෙන් සමුගනී". rata.lk. 21 ජනවාරි 2022. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2022.
  14. ^ නිලුකා ඩී. තිලකරත්න (18 අගෝස්තු 2010). "පාන්දර පහේ ඉඳලා පාන් පෝලිමේ හිටියා". dinamina.lk. දිනමිණ පුවත්පත. සම්ප්‍රවේශය 10 මැයි 2024.
  15. ^ https://steemit.com/sportstalk/@goldcoin/it-was-a-great-victory-for-the-school-where-i-studied

මේවාත් බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=උණවටුන_මහා_විද්‍යාලය&oldid=756653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි