සැප්තැම්බර් 11 ප්‍රහාර එල්ල වූ දිනය සඳහා කාලරේඛාව

විකිපීඩියා වෙතින්
2001 සැප්තැම්බර් 11 වන අඟහරුවාදා උදෑසන 9:03 ට යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ගුවන්යානය ඇමරිකා එක්සත් ජනපදයේ, නිව්යෝර්ක් නුවර, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, දකුණු කුලුනේ ගැටීම කැමරාවක සටහන්ව තිබූ අයුරු. මෙය සැප්තැම්බර් 11 ප්‍රහාර මාලාවේ දෙවැන්න වේ. මෙම ගුවන් යානය ගැටෙන අවස්ථාව ලොව පුරා මිලියන ගණනක රුපවාහිනී ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් සජීවීව නරඹන ලදී.
ගුවන් යානා දෙකම ගැටීමෙන් අනතුරුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය දිස්වූ අයුරු.
ගොනුව:911pentagon.jpg
ඇමරිකන් එයාර්ලයින්ස් 77 පියාසැරිය ගැටීමෙන් අනතුරුව පෙන්ටගනය ගුවනට දිස්වූ අයුරු.

සැප්තැම්බර් 11 ප්‍රහාර යනු 2001 වසරේ සැප්තැම්බර් 11 වන අඟහරුවාදා උදෑසන අල්-කයිඩා ත්‍රස්තවාදීන් විසින් ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාවයි. එදින උදෑසන අල්-කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ 3කින් පිටත් වූ වාණිජ ගුවන්සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන්යානා හතරක් අතරමගදී පැහැරගන්නා ලදී. ඉන්පසු මේවයින් දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු නිවුන් කුලුනු වල ගැටීමට සලස්වන ලදී. තවත් එක් ගුවන්යානයක් වොෂින්ටන් නුවර පෙන්ටගනයට කඩාවැදීමට සලස්වන ලදී. ඉතිරි අනෙක් ගුවන්යානයද තවත් මෙවැනිම ප්‍රහාරයක් සඳහා වොෂින්ටන් දෙසට පැමිණෙමින් තිබියදී, මගීන්ගේ කලහකාරී හැසිරීම නිසා පාලනය කරගත නොහැකිව, අතරමගදී පෙන්සිල්වේනියා ජනපදයේ ගොවිපලකට කඩා වැටිණි. මෙම සමස්ථ ප්‍රහාර මාලාවෙන්ම 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය. මෙය ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය වේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය හා සබැඳි, එදින සිදුවූ සියලු වැදගත් සිදුවීම්, ඒවා සිදුවූ අනුපිලිවෙලින්ම මෙම ලිපියෙහි දක්වා ඇත. (සවිස්තරාත්මක ලිපිය සඳහා සැප්තැම්බර් 11 ප්‍රහාර බලන්න)

සැප්තැම්බර් 11 ප්‍රහාර සාරාංශය

පළමු ප්‍රහාරය දෙවන ප්‍රහාරය තුන්වන ප්‍රහාරය සිව්වන ප්‍රහාරය
(අසාර්ථක විය)
යොදාගත්
ගුවන් යානය
ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ඇමරිකන් එයාර්ලයින්ස් 77 පියාසැරිය යුනයිටඩ් එයාර්ලයින්ස් 93 පියාසැරිය
ගුවන් යානය
පිටත් වූ ගුවන්තොටුපළ
සහ වේලාව
ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, බොස්ටන්
පෙ.ව. 7:59
ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, බොස්ටන්
පෙ.ව. 8:14
වොෂින්ටන් ඩලස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ
පෙ.ව. 8:20
නෙවාක් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, නෙවාක්, නිව් ජර්සි
පෙ.ව. 8:42
ගුවන් මගීන්
සංඛ්‍යාව
(ත්‍රස්තවාදීන්ද ඇතුළුව)
සහ කාර්ය මණ්ඩලය
මගීන් 81
කාර්ය මණ්ඩලය 11
මගීන් 56
කාර්ය මණ්ඩලය 9
මගීන් 58
කාර්ය මණ්ඩලය 6
මගීන් 37
කාර්ය මණ්ඩලය 7
ගුවන් යානය
තුල සිටි
ත්‍රස්තවාදීන්
සංඛ්‍යාව
5 5 5 4
ගුවන් යානය
පැහැරගත්
වේලාව
පෙ.ව. 8:14 පෙ.ව. 8:42 - පෙ.ව. 8:46 (දළ වශයෙන්) පෙ.ව. 8:50 - පෙ.ව. 8:55 (දළ වශයෙන්) පෙ.ව. 9:28
ගුවන් යානයේ
සැලසුම්
කර තිබූ
ගමනාන්තය
ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ලොස් ඇන්ජලිස් ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ලොස් ඇන්ජලිස් ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ලොස් ඇන්ජලිස් සැන් ෆ්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, සැන් ෆ්‍රැන්සිස්කෝ
ප්‍රහාරයේ
ඉලක්කය
නිව්යෝර්ක් නුවර, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුන නිව්යෝර්ක් නුවර, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුලුන වර්ජීනියා ජනපදයේ ආලින්ටන්හි පෙන්ටගනය (වොෂින්ටන් නුවර ආසන්නයේ) වොෂින්ටන් නුවර ධවල මන්දිරය හෝ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල (තවමත් තහවුරු කරගෙන නොමැත) යානය අතරමගදී පෙන්සිල්වේනියාහි ශැන්ක්ස්විල් අසල ප්‍රදේශයකට කඩා වැටුණි.
ප්‍රහාරය
එල්ල වූ
වේලාව
පෙ.ව. 8:46:30 පෙ.ව. 9:03:02 පෙ.ව. 9:37:46 පෙ.ව. 10:03:11 ට යානය
අතරමග කඩාවැටිණි
ප්‍රහාරයෙන්
මියගිය
ගණන
යානයේ සියලු 92ක පිරිස සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, උතුරු කුලුනේ දහසකට අසන්න නොදන්නා ප්‍රමාණයක්. යානයේ සියලු 65ක පිරිස සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, දකුණු කුලුනේ දහසකට අසන්න නොදන්නා ප්‍රමාණයක්. යානයේ සියලු 64 දෙනා සහ පෙන්ටගයේ 125 දෙනෙක්. (මුළු පිරිස 189ක්) යානයේ සියලුම පිරිස. (44ක්)
පිටත්වීමේ සිට
ප්‍රහාරයේ ඉලක්කය
දක්වා යානය
ගමන්ගත්
ගමන් මාර්ගය
ගොනුව:Ual175911.png ගොනුව:Aal77911.png ගොනුව:Ual93911.png


මෙම සැප්තැම්බර් 11 ප්‍රහාර, ගෝලීය චන්ද්‍රිකා සබඳතා, විසිහතර පැය පුරා ක්‍රියාත්මක පුවත් සංවිධාන සහ ක්ෂණික ගෝලීය ප්‍රතික්‍රියා හා අන්තර්ජාල විවාද යන ඒවා ඇතිවීමෙන් පසු, එතෙක් සිදුවී නොතිබූ මට්ටමේ මාධ්‍ය අවස්ථාවක් ඇති කරලීමට සමත් විය. මේ හේතුවෙන් පහත දැක්වෙන බොහෝ සිදුවීම් ඒවා සිදුවූ අවස්ථාවේදීම ලෝක ජනගහනයෙන් වැඩි කොටසකට දැනගැනීමට හැකි විය.

වැදගත් අවස්ථා

පහත දැක්වෙන සියලුම වේලාවන් එදින නැගෙනහිර දිවා සුරැකුම් වේලාවෙන් (EDT) (නිව්යෝර්ක් සහ වොෂින්ටන් නගරවල එදින වේලාවෙන්) දක්වා ඇත.

පෙ.ව. 6:00

පෙ.ව. 6:00: මොහොමඩ් අත්තා, අබ්දුල්ලාසිස් අල්-ඔමාරි සමග කොල්ගන් එයාර් පියාසැරි 5930 මගින් මේන් ජනපදයේ පෝට්ලන්ඩ්හි පෝට්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට මැසචුසෙට්ස් ජනපදයේ බොස්ටන්හි ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගමන් කරයි.

පෙ.ව. 6:45: අත්තා සහ අල්-ඔමාරි ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙයි.

පෙ.ව. 6:52: ප්‍රහාර සැලසුම් තහවුරු කරගැනීම සඳහා මාවන් අල්-ශෙහි, ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේම තවත් පර්යන්තයක සිට අත්තා වෙත ඇමතුමක් ලබාගනී.

පෙ.ව. 7:00

පෙ.ව. 7:35: අත්තා සහ අල්-ඔමාරි ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය වෙත ගොඩවෙයි.[1]

පෙ.ව. 7:40: අනෙක් ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ත්‍රස්තවාදීන් ද එම ගුවන් යානයට ගොඩවෙයි.

පෙ.ව. 7:59: බෝයිං 767 වර්ගයේ යානයක් වූ ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය, ත්‍රස්තවාදීන් පස්දෙනා ද ඇතුළුව මගීන් 81ක් හා කාර්ය මණ්ඩලය 11 දෙනෙකු සමග විනාඩි 14ක ප්‍රමාදයකට පසුව ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත් වෙයි. එහි ගමනාන්තය වන්නේ කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලිස් නුවර, ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (LAX) වේ.[2]

පෙ.ව. 8:00

පෙ.ව. 8:13: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය අවසන් වරට ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියට අයත් බොස්ටන් පාලක මධ්‍යස්ථානය සමග පණිවුඩ හුවමාරු කරගනී.[3]

පෙ.ව. 8:14: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ත්‍රස්තවාදීන්ගේ පාලනයට පත්වෙයි. වලීඩ් සහ වයිල් අල්-ශේහ්රි යන ත්‍රස්තවාදීන් පිලිවෙලින් 2A සහ 2B යන ආසන වලින් නැගිට ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පිහි ඇනුම් සිදුකරයි. අත්තා 8D ආසනයෙන් නැගිට නියමු කුටිය වෙත යයි. මිනිත්තු කිහිපයක් තුලදී ගුවන් යානයේ පාලනය ඔහු අතට පත්වේ.

පෙ.ව. 8:14: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය, අඩි 35,000 මට්ටමට එසවීමට පාලක මධ්‍යස්ථානයෙන් දෙන උපදෙස පිළිනොපදී.

පෙ.ව. 8:14: සම්පූර්ණයෙන් ඉන්ධන පිරවූ තවත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානයක් වූ යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය යානය ත්‍රස්තවාදීන් පස්දෙනෙකුද ඇතුලත්ව මගීන් 56ක් සහ කාර්ය මණ්ඩලය 9 දෙනෙකු සමග ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන්ම පිටත් වේ. එම යානයේ ගමනාන්තය ද ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපලම වේ. මෙහි සිටි එක් ත්‍රස්තවාදියෙක් ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය පිටත් වීමට මොහොතකට පෙර මොහොමඩ් අත්තා සමග සන්නිවේදනය කරගනී.[3]

පෙ.ව. 8:19: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානයේ සිටි ගුවන් සේවිකාවක වන බෙටී ඔන්ග් (Betty Ong) එයාර්ෆෝන් උපකරණයකින් ඇමරිකන් එයාර්ලයින්ස් සමාගම අමතා තත්වය දැනුම් දෙයි.

“The cockpit is not answering, somebody’s stabbed in business class—and I think there’s Mace—that we can’t breathe—I don’t know, I think we’re getting hijacked.”

("නියමු කුටියෙන් පිළිතුරක් නැහැ. බිස්නස් ක්ලාස් එකේ (ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ මගී ආසන පිහිටි කොටස) කාටදෝ පිහියෙන් ඇනලා—මම හිතන්නේ එතන මේස් (ස්ප්‍රේ වර්ගයක්) ඉහලා. අපට හුස්ම ගන්න අමාරුයි—මම දන්නේ නැහැ, මම හිතන්නේ අපිව පැහැරගනිමින් ඉන්නේ.")

ඉන්පසු ඇය ගුවන් සේවිකාවන් දෙදෙනෙකුටද පිහිඇනුම් සිදුකර ඇති බව වාර්තා කරයි.[3]

පෙ.ව. 8:20: ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියට (FAA) අයත් බොස්ටන් පාලක මධ්‍යස්ථානය ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානය බොහෝදුරට පැහැරගැනීමකට ලක්ව ඇති බවට තීරණය කරයි.

පෙ.ව. 8:20: බෝයිං 757 වර්ගයේ ගුවන්යානයක් වූ ඇමරිකන් එයාර්ලයින්ස් 77 පියාසැරිය ත්‍රස්තවාදීන් පස්දෙනෙකුද ඇතුලත්ව මගීන් 58ක් සහ කාර්ය මණ්ඩලය 6ක් සමග වර්ජීනියා ජනපදයේ ෆෙයාර්ෆැක්ස් හා ලෝඩන් හි පිහිටි වොෂින්ටන් ඩලස් ජාත්‍යන්තර ගුවන්තොටුපළේන් පිටත් වේ. එම යානයේ ගමනාන්තයද ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළම වේ.

පෙ.ව. 8:21: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානයේ ට්‍රාන්ස්පොන්ඩර් සංඥා ක්‍රියා විරහිත වේ. එහෙත් යානයේ ගමන් මග තවමත් බොස්ටන් ගුවන් පාලක මධ්‍යස්ථානයේ ප්‍රාථමික රේඩාර් වලට හසුවෙයි. (9/11 කොමිසම සිය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර, මාධ්‍ය මගින් මෙම වේලාව පෙ.ව. 8:13 හෝ ඊට පසු ආසන්නම වේලාවක් ලෙස වාර්තා කරන ලදී.)

පෙ.ව. 8:24: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානයෙන් ගුවන්විදුලි පණිවිඩයක් ලැබේ: "Eh..... We have some planes. Just stay quiet, and you'll be okay. We are returning to the airport." ( "අහ්හ්... අපිට ප්ලේන් කිහිපයක් තියෙනවා. දිගටම සන්සුන්ව ඉන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි ආපහු ගුවන්තොටුපලට යනවා.")

මෙම පණිවිඩය මොහොමඩ් අත්තා විසින් වැරදීමකින් යානයේ සිටි මගීන් අමතනවා වෙනුවට රේඩියෝව ක්‍රියාත්මක කිරීමෙන් (වැරදි බොත්තමක් එබීමෙන්) සිදුවී ඇති බවට පිළිගැනේ. තත්පර කිහිපයකට පසුව අත්තාගේ තවත් පණිවිඩයක් පාලක මධ්‍යස්ථානයට ශ්‍රවණය වේ: "Nobody move. Everything will be okay. If you try to make any moves, you'll endanger yourself and the airplane. Just stay quiet." ("කවුරුත් හෙලවෙන්න හදන්න එපා, ඉන්න තැනම ඉන්න. හැමදේම හරියාවි. ඔබ දඟලන්න හැදුවොත්, ඒක ඔබ විසින්ම යානයත් ඔබත් අනතුරේ හෙලාගැනීමක්. ඒ නිසා දිගටම සන්සුන්ව ඉන්න.")

පෙ.ව. 8:25: බොස්ටන් පාලක මධ්‍යස්ථානය විසින් ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානය පිලිබඳ අනෙකුත් ගුවන් පාලක මධ්‍යස්ථානවලට අනතුරු ඇඟවීම් සිදුකරයි. කෙසේවෙතත් උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂක බලඇණියට (NORAD) මේ වන විටත් එම යානය පිලිබඳ දන්වා නොමැත.

පෙ.ව. 8:26:30: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානය අංශක 100 කින් ගමන් මග වෙනස් කර නිව්යෝර්ක් නගරය දෙසට ගමන් කිරීම ආරම්භ කරයි.[4]

පෙ.ව. 8:34: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානයෙන් තුන්වන වරටත් ගුවන්විදුලි පණිවුඩයක් ලැබේ: "Nobody move please. We are going back to the airport. Don't try to make any stupid moves." ("කරුණාකර කවුරුත් හෙලවෙන්න එපා. අපි අපහු ගුවන්තොටුපලට යනවා. මෝඩ වැඩ කරන්න හදන්න එපා.")

පෙ.ව. 8:34: බොස්ටන් ගුවන් පාලක මධ්‍යස්ථානයේ ඩැන් බියුනෝ (Dan Beuno) විසින් කේප් කොඩ්හි ඕටිස් ජාතික ගුවන් ආරක්ෂක කඳවුරඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානයේ පැහැරගැනීම පිලිබඳව දන්වයි. එම කඳවුර මගින් ඩැන් බියුනෝව උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂක බලඇණියේ (NORAD) ඊසානදිග අංශය වන ඊසානදිග ගුවන් ආරක්ෂක අංශය (NEADS) වෙතට සම්බන්ධ කරයි.[5] ඊට අමතරව NEADS වෙතින් ඇමතුමක් ලැබීමට ඉඩ ඇති බවට ඕටිස් මෙහෙයුම් මධ්‍යස්ථානයට ද දැනුම් දෙයි.[6] ඒ අනුව F-15 ගුවන් නියමුවන් දෙදෙනෙකු සුදානම් වීම අරඹයි.[7]

පෙ.ව. 8:37: යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ගුවන්යානය විසින්, පැහැරගන්නා ලද ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානය තමාට සැතපුම් 10ක් (16 km) දකුණෙන් දුටු බවට තහවුරු කරයි.

පෙ.ව. 8:37:52: බොස්ටන් ගුවන් පාලක මධ්‍යස්ථානය විසින් පළමුවරට ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානයේ පැහැරගැනීම පිලිබඳ NEADS හරහා NORAD ආයතනය දැනුවත් කරන අතර, එම යානය නවත්වා ගැනීමට ඔවුන්ගේ යුධමය සහය පතයි.

ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානයේ ගමන් පථයේම යන ගුවන්යානයක නියමු කුටියට හඩ්සන් ගංඟාවට ඉහල අහසේදී ලෝක වෙළඳ මධ්‍යස්ථානය පෙනෙන අයුරු.

පෙ.ව. 8:41: ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියට (FAA) අයත් නිව්යෝර්ක් ගුවන් පාලක මධ්‍යස්ථානය විසින් ගුවන්විදුලි පණිවුඩයක් මගින්, යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය යානය අමතා, ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානය පිලිබඳ තොරතුරු ඉල්ලා සිටී. ඒ අනුව 175 යානය ප්‍රතිචාර දක්වයි: "[...]ah we heard a suspicious transmission on our departure out of Boston ah with someone ah, ah sound like someone sound like someone keyed the mike and said ah 'everyone ah stay in your seats'".[8] ("අහ්හ්... අපි බොස්ටන් වලින් පිටත් වෙනවාත් සමගම අපිට සැකකටයුතු පණිවුඩයක් ශ්‍රවණය වුණා... කවුරුහරි මයික් එක 'ඕන්' කරලා කීවා හැමෝම තමන්ගේ ආසන වලම ඉන්න කියලා..") ඒ පිළිබඳව 175 යානයට ස්තූතිවන්ත වන නිව්යෝර්ක් පාලක මධ්‍යස්ථානය, ඒ ගැන ඔවුන් කටයුතු කරන බවට දැනුම්දෙයි.

පෙ.ව. 8:42: බෝයිං 757 වර්ගයේ යානයක් වන යුනයිටඩ් එයාර්ලයින්ස් 93 පියාසැරිය යානය, ත්‍රස්තවාදීන් 4 දෙනෙකු ඇතුළුව මගීන් 37ක් සහ කාර්ය මණ්ඩලය හත් දෙනෙකු සමග නෙවාක් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් (දැන් නෙවාක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ) සැන් ෆ්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා ගුවන්ගත වේ. කෙසේවෙතත් මෙම යානය මෙලෙස පිටත්වනුයේ මිනිත්තු 40ක ප්‍රමාදයකට ලක්වීමෙන් අනතුරුවය. ඊට හේතු වූයේ ගුවන්තොටුපල ධාවනපථ වල තදබදයයි. ගුවන්ගමන ආරම්භයේදී මෙම යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට මිනිත්තු 3කින් යා හැකි දුරකට ආසන්න වන අතර, පසුව බටහිර දෙසට හරවයි.

පෙ.ව. 8:42පෙ.ව. 8:46 (දළ වශයෙන්): යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය යානය පැහැරගැනීමට ලක්වෙයි.

පෙ.ව. 8:44: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානයේ සිටින ගුවන් සේවිකාවක වන මැඩලින් ඇමී ස්වීනි (Madeline Amy Sweeny) විසින් ඩලස්හි ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන්සේවා කාර්යාලයේ රැඳී සිටි මයිකල් වුඩ්වඩ් දුරකථනයෙන් අමතයි: "Something is wrong. We are in a rapid descent... we are all over the place." ("මොකක් හරි වැරදීමක්... අපේ යානය ඉක්මනින් පහලට ගමන් කරමින් තිබෙනවා...") මිනිත්තුවකට පසු, ජනේලයෙන් පිටත දර්ශනය විස්තර කරන මෙන් මයිකල් වුඩ්වඩ් විසින් ස්වීනිගෙන් ඉල්ලා සිටී. ඒ අනුව ඇය මෙසේ පවසයි: "I see the water. I see the buildings. I see buildings..." ("මට වතුර පේනවා. මට ගොඩනැගිලි පේනවා. ඔව්... ගොඩනැගිලි පේනවා...") මඳ විරාමයකට පසු, "We are flying low. We are flying very, very low. We are flying way too low." ("අපි හුඟක් පහලින් ගමන් කරන්නේ.. ඔව්... අපි හුඟක්ම පහලින් ගමන් කරන්නේ...") තත්පර කිහිපයකට පසු ඇය මෙසේ පවසයි: "Oh my God, we are way too low." ("අහෝ දෙවියනේ! අපි හුඟක්ම පහලින් යන්නේ...") ඒ සමගම විශාල පිපුරුම් හඬක් සමඟින් ඇමතුම විසන්ධි වෙයි. පසුව දිගටම නිහඬතාවක් පවතී.

පෙ.ව. 8:46: මැසචුසෙට්ස්හි පිහිටි ඕටිස් ජාතික ගුවන් ආරක්ෂක කඳවුරෙන් F-15 ඊගල් වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා දෙකක්, ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානය අල්ලාගැනීමේ අදහසින් පිටත් කරවීමට අණ ලැබේ. ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානයේ ට්‍රාන්ස්පොන්ඩර් උපකරණය මේ වන විට ක්‍රියා විරහිත කර ඇති බැවින් F-15 නියමුවන් දෙදෙනා ඔවුන්ගේ ඉලක්කයේ පිහිටීම නොදනී. NEADS ආයතනය මීළඟ මිනිත්තු කිහිපයේදී ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානය සමග රේඩාර් සබඳතාවක් ගොඩනගා ගැනීමට කටයුතු කරමින් සිටී.


ගොනුව:11 පියාසැරිය යානය ගැටීමෙන් මොහොතකට පසු 9 11.png
ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, උතුරු කුලුනේ ගැටීමෙන් මොහොතකට පසු. (නෝඩට් සහෝදරයන්ගේ වීඩියෝවෙනි)

පෙ.ව. 8:46:30[9] : ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානය දළ වශයෙන් පැයට සැතපුම් 466 (පැයට කිලෝමීටර 790 හෝ තත්පරයට මීටර 219 හෝ නොට් 425)ක වේගයෙන් උතුරු කුලුනේ (1 WTC) උතුරු මුහුණතේ 93වන හා 99වන මහල් අතර පෙදෙසේ ගැටේ. (මුලදී මෙම වේලාව පෙ.ව. 8:45 ත් පෙ.ව. 8:50 ත් අතර බවට වාර්තා පලවිය.) ඒ සමඟම ගැටුණු ස්ථානය සුනුවිසුණු කරමින් යානය කුලුන මධ්‍යයට ඇතුල් වේ. එම නිසා කුලුනේ ජිප්සම් බිත්ති මගින් ආවරණය වූ තරප්පු පෙළවල් තුනම එම ස්ථානයෙන් බිඳ වැටී විසන්ධි වන අතර, ඒවා ගිනිගන්නාසුළු ද්‍රව්‍ය වලින් පිරෙයි. ඝට්ටනය නිසා ක්ෂණිකව ඇතිවන කම්පන තරංගයක් (shock-wave) වහා කුලුන දිගේ පහලට ප්‍රගමනය වී එසැණින් ආපසු ඉහලට ප්‍රගමනය වේ. ගොඩනැගිල්ලේ ගිනිගන්නාසුළු ද්‍රව්‍ය සහ යානයේ සුන්බුන්, දහනය වෙමින් පවතින ගුවන්යානා ඉන්ධන මගින් ගිනිගන්වයි. ගොඩනැගිල්ල ශක්තිමත් කර ඇත්තේ සාම්ප්‍රදායික බාහිර රාමුවකින් (full cage frame) නොව සිහින් අභ්‍යන්තර හරයකින් (core) බැවින්, මෙම ගින්න ගොඩනැගිල්ලේ ශක්තිමත්භාවයට දැඩි බලපෑම් ඇති කරයි. මේ සමඟ කුලුනේ "ඝට්ටන කලාපයෙන්" (කුලුනේ යානය ගැටුණු මහල් කිහිපය) පහල සිටි පිරිස ගොඩනැගිල්ලෙන් ඉවත් වීම අරඹන නමුත් තරප්පු පෙළවල් විසන්ධි වීම නිසා ඊට ඉහලින් සිටි පිරිසට ඉවත් වීමට නොහැකි වෙයි.

ප්‍රංශ ජාතික චිත්‍රපට නිර්මාණකරුවන් දෙදෙනෙකු වන ජූල්ස් සහ ගේඩියන් නෝඩට් (Jules Naudet and Gadeon Naudet) සහෝදරයෝ සහ චෙක් ජාතික සංක්‍රමණිකයෙකු වන පවෙල් හ්ලාවා යන අය විසින් එකිනෙකට වෙනස් ස්ථාන දෙකක සිට මෙම ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානය උතුරු කුලුනේ ගැටීමේ අවස්ථාව ඔවුන්ගේ වීඩියෝ කැමරා වලින් රූගත කරයි. WNYW-TV නාලිකාවේ (ෆොක්ස් රුපවාහිනී ජාලයේ නිව්යෝර්ක් නගර නාලිකාව) කැමරාවක ද මෙම අනතුරේ ශබ්දය පටිගතවන නමුත්, දර්ශනය කැමරාවට හසු කර ගැනීමට අසමත් වෙයි.

පෙ.ව. 8:46:43: නිව්යෝර්ක් ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුවට (FDNY) අයත් පළමු බලඇණියේ ප්‍රධානි, ජෝසප් ෆෙයිෆර් (Joseph Pfeifer) විසින් මෙම අනතුර පිළිබඳ ගුවන්විදුලි පණිවුඩයක් මගින් මෑන්හැටන් ගිනිනිවීමේ කාර්යාලය දැනුවත් කරයි. මෙම අනතුර සිදුවන විට ෆෙයිෆර් සහ ඔහුගේ කණ්ඩායම නෝඩට් සහෝදරයෝද සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයට මඳ දුරක් උතුරින්, චර්ච් ස්ට්‍රීට් වීදිය සහ ලිස්පනාඩ් වීදිය හමුවන මංසන්ධියේ ගෑස් කාන්දුවක් පිරික්සමින් සිටියෝය. නෝඩට් සහෝදරයෝ වාර්තා චිත්‍රපටයක් සඳහා ගිනිනිවන බටයන්ගේ ක්‍රියාව රුගත කරමින් සිටි අතර, මේ සියලු දෙනා අනතුර සියැසින් දැකගැනීමට සමත් විය.

Battalion 1 Chief: "Battalion 1 to Manhattan."

Manhattan Dispatch: "Battalion 1, k."

Battalion 1 Chief: "We just had a plane crash into the upper floor of the World Trade Center. Transmit a 2nd Alarm and start re-located companies into the area."

("අපිට මේ දැන් දැකගන්න ලැබුනා ගුවන්යානයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉහල මහලක ගැටෙනවා. දෙවන සංඥාවක් නිකුත්කර කණ්ඩායම් මේ ස්ථානයට එවීම ආරම්භ කරන්න.")

Manhattan Dispatch: "10-4(Message Received), Battalion 1." ("පණිවුඩය ලැබුණා.")

පෙ.ව. 8:4810:28: ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුනේ ඉහල මහල් වල ගින්න හා දුම නිසා සිරවූ අවම වශයෙන් 100කට අධික පිරිසක් (සමහර වාර්තා වල මෙම සංඛ්‍යාව 250 පමණ වේ යයි සඳහන් වේ.) බේරීමට සිතා කුලුනෙන් බිමට පැනීමෙන් මියයයි.[තහවුරු කර නොමැත] බිම් මට්ටමේ රැඳී සිටි ගිනිනිවන බටයෙකු වූ ඩැනියෙල් සර්හර් (Daniel Suhr), මෙලෙස කුලුනෙන් පනින පුද්ගලයෙකුගේ ගැටීමෙන් මියයයි.[10] ගිනිගැනීම් වලින් ඇති වූ දුමාරය ඝනකමින් අධික නිසා කිසිම යානයකට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ එකදු කුලුනක හෝ වහලය මතට ගොඩබස්වා, ගුවනින් ගොස් මුදවාගැනීමේ මෙහෙයුමක් සිදු කිරීමට හැකි නොවේ. එමෙන්ම හෙලිකොප්ටර් යානා කුලුනුවල ජනේල වලට ආසන්න කර තිරස් මුදවාගැනීමේ මෙහෙයුමක්ද දියත් කල නොහැකි වේ. ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය වර්ගයේ හෙලිකොප්ටර් යානා නිව්යෝර්ක් නගරය සතුව නොතිබීමයි.


පෙ.ව. 8:48:29: මෙම සිදුවීම සම්බන්ධ පළමු ගුවන්විදුලි වාර්තාව WCBS-AM නාලිකාවේ මාර්ග තදබද වාර්තාකරු වන ටොම් කමින්ස්කි (Tom Kaminski) විසින් ඉදිරිපත් කරයි. WCBS-AM නාලිකාවේ මාර්ග තදබදය පිලිබඳ වාර්තාව සෑම මිනිත්තු 10කට වරක් 8 වැනි මිනිත්තුවේදී ඉදිරිපත් කරන නිසා ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානය උතුරු කුලුනේ ගැටීමෙන් මිනිත්තු දෙකක් ඇතුලත එම සිදුවීම වාර්තා කිරීමට ටොම් කමින්ස්කිට හැකිවිය. (පෙ.ව. 8:48 ට මාර්ග තදබද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබු නිසා) මේ වාර්තාව ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ සුපුරුදු පරිදිම WCBS-AM නාලිකාවේ "චොපර් 880" නම් හෙලිකොප්ටරයේ සිටයි. ඔහු දිනපතා උදැසන සහ සවස මාර්ග තදබද වැඩි පැයවලදී (rush hours) මාර්ග තදබද වාර්තා ඉදිරිපත් කරයි. පහත දක්වා ඇත්තේ ටොම් කමින්ස්කි විසින් මෙම සිදුවීම වාර්තා කල ආකාරයත්, ඒ සඳහා ඊට පෙරාතුව WCBS-AM මැදිරියේ සිට මාධ්‍යවේදී පැට් කැරොල් (Pat Carrol) විසින් අවස්ථාව සලසා දුන් ආකාරයත් වේ.

Pat Carroll: WCBS news time, 8:48, it's traffic and weather together sponsored by Henry Miller's Theatre. Tom Kaminski, Chopper 880.
Tom Kaminski: Alright uh, Pat, we are just currently getting a look...at the World Trade Center, We have something that has happened here at the World Trade Center. We noticed flame and an awful lot of smoke from one of the towers of the World Trade Center. We are just coming up on this scene, this is easily three-quarters of the way up...we are...this is...whatever has occurred has just occurred, uh, within minutes and, uh, we are trying to determine exactly what that is. But currently we have a lot of smoke at the top of the towers of the World Trade Center, we will keep you posted.
පැට් කැරොල්: මේ WCBS ප්‍රවෘත්ති වෙලාවයි, දැන් උදෑසන 8:48යි. හෙන්රි මිලර්ස් තියටර් රඟහලේ අනුග්‍රහයෙන් මාර්ග තදබද තොරතුරු සමග කාලගුණ වාර්තාවයි මේ. දැන් අවස්ථාව ලබාදෙනවා චොපර් 880 හි සිටින ටොම් කමින්ස්කි වෙත.
ටොම් කමින්ස්කි: හොඳයි අහ්හ්.., පැට්, අපිට මේ වෙලාවේ පෙනෙනවා... ලෝක වෙළඳ මධ්‍යස්ථානය, අපිට පෙනෙන්නේ මෙතන කුමක් හෝ දෙයක් සිදුවී ඇති බවයි. ගිනිදැල් සහ විශාල දුමාරයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ එක් කුලුනකින් ඉහලට නැගෙන ආකාරය අපට පෙනෙනවා. මේ සිදුවීම ගැනයි අපි තොරතුරු සොයමින් සිටින්නේ... අපි... මේ... කුමක් වුවත් මෙය සිදුවී තිබෙන්නේ මේ දැන්... අහ්හ්, මිනිත්තු කිහිපයක් ඇතුළතයි, අහ්හ්, අපි උත්සහ කරමින් සිටිනවා හරියටම මේ මොකක්ද කියල දැනගන්න. නමුත් මේ වෙලාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුලුනු වලට ඉහලින් ඝන දුමාරයක් පවතිනවා, අපි ඔබව දිගින් දිගටම මේ පිලිබඳ දැනුවත් කිරීමට සුදානම්.

පෙ.ව. 8:48:50: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානය උතුරු කුලුනේ ගැටීමෙන් මිනිත්තු තුනක් ඇතුලත මේ පිලිබඳ පළමු රුපවාහිනී වාර්තාව විකාශය වේ. නිව්යෝර්ක් නගරය සහ තදාසන්න ප්‍රදේශ වලට පමණක් ගුවනින් විකාශය වන WNYW නාලිකාව මෙය විකාශය කරයි. බිම් මට්ටමේ සිටින කැමරාකරුවෙකු මගින් ලැබෙන දුමාරය පිටවන උතුරු කුලුනේ සජීවී දර්ශන පෙලක් සමග ඔවුන් මෙය විකාශය කරන්නේ, පැරමවුන්ට් පික්චර්ස් ආයතනයේ චිත්‍රපටයක් වන "සූලෑන්ඩර්" (Zoolander) හි ප්‍රචාරක දැන්වීමක් අතරමග නතර කරවමිනි. මෙම නාලිකාවේ කැමරා කණ්ඩායමක් ඒ වන විටත් නිව්යෝර්ක් නගරාධිපති ඡන්ද විමසීම ආවරණය කිරීමට නගරයට ගොස් සිටියෝය. මෙම සිදුවීමේ ප්‍රථම සජීවී රුපවාහිනී දර්ශන මෙලෙස WNYW නාලිකාව විකාශය කරනවාත් සමග, එහි මාධ්‍යවේදියෙකු වූ ඩික් ඔලිවර් (Dick Oliver) එම ස්ථානයේ සිට පසුබිමින් වාර්තාවක් ඉදිරිපත් කරයි.

"Jim, just a few moments ago, something believed to be a plane crashed into the South Tower of the World Trade Center. I just saw flames inside, you can see the smoke coming out of the tower; we have no idea what it was. It was a tremendous boom just a few moments ago. You can hear around me emergency vehicles heading towards the scene. Now this could have been an aircraft or it could have been something internal. It appears to be something coming from the outside, due to the nature of the opening on about the 100th floor of the South Tower of the World Trade Center."
"ජිම් (ඒ වන විට මැදිරියේ නොසිටි WNYW මාධ්‍යවේදී ජිම් රයන් (Jim Ryan) අමතමින්) දැනට සුළු මොහොතකට පෙර, ගුවන්යානයක් යැයි සැලකිය හැකි යමක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුලුන තුලට කඩාවැදුනා. මම මේ දැන් දැක්කා ඇතුලත ගිනිදැල් නැගෙනවා, ඔබට පෙනෙනවා ඇති කුලුනෙන් දුමාරය පිටවන ආකාරය; අපිට හරියටම අදහසක් නැහැ කුලුනේ ගැටුනේ කුමක්ද කියා. මොහොතකට පෙර බිය උපදවන දෝංකාර හඬක් ඇසුනා. ඔබට දැන් පසුබිමින් ඇසෙනවා ඇති මා අසලින් ආපදා රථ සිද්ධිය සිදුවුණු දෙසට ගමන් කරන ආකාරය. දැන් පෙනෙන විදිහට එය ගුවන්යානයක් නිසා හෝ ඇතුලත යමක් නිසා සිදුවූවක් යැයි කියන්න පුළුවන්. පිටතින් යමක් ඇවිත් ගැටුණු ලෙස පෙනෙන්න හේතුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, දකුණු කුලුනේ 100 වැනි තට්ටුව තරම් ඉහලක දී ඇතිවන අවට පරිසර තත්ත්ව නිසා වෙන්න පුළුවන්.

මිනිත්තු තුනකට පසු ජිම් රයන් විසින් ඩික් ඔලිවර් ගේ වාර්තාව නිවැරදි කරමින් පවසන්නේ ගුවන්යානයක් ගැටී ඇත්තේ දකුණු කුලුනේ නොව, උතුරු කුලුනේ බවයි.

ගොනුව:සීඑන්එන් විශේෂ ප්‍රවෘතිය 9 11.png
සීඑන්එන් නාලිකාව විසින් පළමු ගුවන් යානය (ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය), ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටීම ඉන් මිනිත්තු තුනකට පමණ පසු විශේෂ ප්‍රවෘතියක් ලෙස වාර්තා කිරීම ආරම්භ කල අයුරු.

8:49:34: "සීඑන්එන්" (CNN) රුපවාහිනී නාලිකාව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිද්ධිය වාර්තා කල පළමු කේබල් රුපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාව බවට පත්වෙමින් සජීවී දර්ශන ද සමග විශේෂ ප්‍රවෘත්තියක් ලෙස එය ඉදිරිපත් කරයි. "ඩයිටෙක්" ආයතනයේ වෙළඳ දැන්වීමක් අතරමග නවතා දමමින් තේමා වාදනයකින් ද තොරව මෙම ප්‍රවෘත්තිය විකාශය කිරීමට "සීඑන්එන්" නාලිකාව කටයුතු කරයි. ප්‍රවෘත්තිය ආරම්භයේ සිටම තිරයේ පහලින් "WORLD TRADE CENTER DISASTER" ("ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ආපදාව") ලෙස උපසිරැසි ගන්වා ඇත. පළමු වරට මේ පිළිබඳ වාර්තා කල කේබල් රූපවාහිනී මාධ්‍යවේදිනිය වූ "සීඑන්එන්" හි කැරොල් ලින් (Carol Lin), ප්‍රවෘත්ති මැදිරියේ සිට පසුබිමින් මෙසේ පවසයි:

This just in. You are looking at obviously a very disturbing live shot there. That is the World Trade Center, and we have unconfirmed reports this morning that a plane has crashed into one of the towers of the World Trade Center. CNN Center right now is just beginning to work on this story, obviously calling our sources and trying to figure out exactly what happened, but clearly something relatively devastating happening this morning there on the south end of the island of Manhattan. That is once again, a picture of one of the towers of the World Trade Center.
මෙන්න දැන් ලැබුණු පුවතක්. ඔබ මේ පැහැදිලිවම දකින්නේ ඉතා කැළඹිලිකාරී සජීවී දර්ශනයක්. ඒ තිබෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයයි. අපට තවමත් තහවුරු නොවූ ආරංචියකින් කියවෙන්නේ, මේ උදෑසන ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ එක් කුලුනක ගුවන්යානයක් ගැටී ඇති බවයි. ඇත්තටම සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනීමට, අපගේ තොරතුරු සපයන්නන් සම්බන්ධ කරගනිමින් මේ ප්‍රවෘතිය පිලිබඳ කටයුතු කිරීම සීඑන්එන් සෙන්ටර් (ඇට්ලන්ටා නගරයේ පිහිටි "සීඑන්එන්" මූලස්ථානය) දැන් ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත් පැහැදිලිවම කුමක් හෝ විනාශකාරී දෙයක් මේ උදෑසන මෑන්හැටන් දූපතේ දකුණු අන්තයේදී සිදුවෙමින් පවතින බවයි පෙනෙන්නේ. නැවත වරක් සඳහන් කරනවා, ඒ ඔබ දකින්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුලුනක් බව.

ඉන් මිනිත්තුවකට පසු, නිව්යෝර්ක් නුවර සීඑන්එන් කාර්යාලයේ සිට සජීවීව දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ සීඑන්එන් හි මූල්‍යමය කටයුතු පිළිබඳ උපසභාපති ෂෝන් මර්ටග් (Sean Murtagh), ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වාණිජ ගුවන්යානයක් ගැටුණු බව තහවුරු කරන ලදී. මෙම සිදුවීම සජීවීව වාර්තා කල පළමු සීඑන්එන් සේවකයා ඔහුය. ඔහු පැවසුවේ විශාල ද්විත්ව එන්ජින් ගුවන්යානයක් (බොහෝවිට බෝයිං 373 යානයක්) ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටෙනු තමා දුටු බවයි. සීඑන්එන් හා MSNBC නාලිකා මගින් මේ සමගම "ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්නක්" යනුවෙන් ඔවුන්ගේ වෙබ් අඩවි වල ලියාපදිංචි ප්‍රේක්ෂකයන් වෙතට ඊමේල් පණිවුඩ යවයි. ඒ සමගම එම වෙබ් අඩවි වෙත පැමිණෙන පිරිස වැඩිවීමෙන් සර්වර් පරිගණකවල ක්‍රියාකාරීත්වය බිඳවැටේ. බීබීසී නිව්ස් වෙබ් අඩවිය ක්‍රියාකාරීව පවතින අතර, එහි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුන ගිනිගනිමින් පවතින ඡායාරුපයක් දිස්වෙයි. මිනිත්තු කිහිපයකට පසු, මුලින් යවනු ලැබූ ඊමේල් වාර්තා නිවැරදි කරමින්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගුවන්යානයක් ගැටුණු බව සඳහන් නව ඊමේල් පණිවුඩ යැවීමට සීඑන්එන් හා MSNBC ආයතන කටයුතු කරයි.

පෙ.ව. 8:50: ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගුවන්යානයක් ගැටී ඇති බව NEADS ආයතනයට දැනගැනීමට ලැබේ.

පෙ.ව. 8:50: මේ අවස්ථාවේ "ගුඩ් මෝනින් ඇමරිකා" වැඩසටහන විකාශය කරමින් සිටින ABC නිව්ස් නාලිකාව, විරාමයකට පසු යලි වැඩසටහන ආරම්භ කරන අතර, නිවේදකයින් වන චාල්ස් ගිබ්සන් (Charles Gibson) සහ ඩියෑන් සෝයර් (Diane Sawyer) විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගුවන්යානයක් ගැටුණු බව වාර්තා කරයි.

පෙ.ව. 8:51: NBC නිව්ස් නාලිකාවේ "ටුඩේ" වැඩසටහන ඉදිරිපත් කරන මැට් ලෝවර් (Matt Lauer) වැඩසටහන අතරතුර හදිසියේ මෙලෙස පවසයි: "We wanna go live right now, and show you a picture of the World Trade Center...there is a breaking story..." ("අපි දැන් ඔබට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සජීවී රූපරාමු පෙළක් පෙන්වීමටයි සුදානම් වෙන්නේ... අපට විශේෂ ප්‍රවෘතියක් ලැබෙමින් පවතිනවා...") NBC නාලිකාව ඉන්පසු වෙළඳ දැන්වීම් 3ක් විකාශය කරන අතර, ඉන්පසු විශේෂ ප්‍රවෘත්ති විකාශයක් අරඹයි. MSNBC නලිකවද ඔවුන්ගේ සුපුරුදු වැඩසටහන් අත්හිටුවයි.[තහවුරු කර නොමැත]

පෙ.ව. 8:50පෙ.ව. 8:54 (දළ වශයෙන්): ඇමරිකන් එයාර්ලයින්ස් 77 පියාසැරිය යානය පැහැරගැනීමට ලක්වෙයි.

පෙ.ව. 8:51: ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියේ නිව්යෝර්ක් මධ්‍යස්ථානයේ සේවකයකු විසින්, 175 පියාසැරිය යානයේ ට්‍රාන්ස්පොන්ඩර් කේතය මීට මිනිත්තු 4කට පෙර දෙවතාවක්ම වෙනස් කර ඇති බවට සොයාගනී. ඔහු 175 පියාසැරිය යානය සම්බන්ධ කරගැනීමට දිගටම උත්සහ කරයි.

පෙ.ව. 8:51:34: WINS (AM) ගුවන්විදුලියේ නිවේදක ජේම්ස් ෆැහර්ටි (James Faherty) විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙලෙස පවසයි: "A plane has crashed into the World Trade Center..." ("ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගුවන්යානයක් ගැටී ඇත")

පෙ.ව. 8:52: යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය යානයේ මගියෙකු වන පීටර් හැන්සන් (Peter Hanson) සිය පියා වන ලී හැන්සන්ට (Lee Hanson) දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිදුවී ඇති දෙය පවසයි: "I think they've taken over the cockpit-An attendant has been stabbed- and someone else up front may have been killed. The plane is making strange moves. Call United Airlines-Tell them it's Flight 175, Boston to LA." ("මම හිතන්නේ එයාලා නියමු කුටිය අල්ලගෙන. ගුවන් සේවිකාවකටත් පිහියෙන් ඇනල. ඉස්සරහ කෙනෙක්වත් මරලා වගේ. ප්ලේන් එක යන්නේ බොහොම අසාමාන්‍ය විදිහට. යුනයිටඩ් එයාර්ලයින්ස් එකට කෝල් කරලා කියන්න මේක බොස්ටන් ඉදන් ලොස් ඇන්ජලීස් යන ෆ්ලයිට් 175 කියල") මේ අතර 175 යානයේ ගුවන් සේවිකාවක විසින් චිකාගෝ හි පිහිටි යුනයිටඩ් එයාර්ලයින්ස් කාර්යාලය අමතා, ගුවන්යානය පැහැරගත් බවත්, නියමුවන් දෙදෙනාම ඝාතනය කර ඇති බවත්, ගුවන් සේවිකාවකට පිහියෙන් ඇන ඇති බවත් ප්‍රකාශ කරයි. එමෙන්ම ගුවන්යානය දැන් පදවන්නේ පැහැරගත් පිරිස විසින් විය හැකි බවද පවසයි.[11]

පෙ.ව. 8:52: ඕටිස් ජාතික ගුවන් ආරක්ෂක කඳවුර F-15 යානා දෙක පිටත් කර යවයි. ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටුණු බව තවමත් නොදත් ඔවුන්, එය හසු කර ගැනීමට තොරතුරු ලැබෙන තෙක් ලෝන්ග් අයිලන්ඩ් දූපතට ඉහල ගුවනේ, ආරක්ෂක අංශ මගින් පාලනය කරන කොටසේ "සුදානම්" ආකාරයෙන් පෙ.ව. 9:09 සිට පෙ.ව. 9:13 දක්වා රැඳී සිටින ලෙස F-15 යානා වලට දැනුම් දෙයි.

පෙ.ව. 8:52: CBS නාලිකාව ඔවුන්ගේ දි අර්ලි ෂෝ (The Early Show) වැඩසටහන අතරමගදී අත්හිටුවා විශේෂ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරයි. බ්‍රයන්ට් ගම්බල් (Bryant Gumbel) එම පුවත වාර්තා කරමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගුවන් යානයක් ගැටී ඇති බව පවසයි.

පෙ.ව. 8:52: CNBC නාලිකාව මාක් හෙයින්ස් (Mark Haines) විසින් ඉදිරිපත් කරන Squawk Box වැඩසටහනේ එක් කොටසක් අතරමග නතර කරමින් මෙම සිදුවීම පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කරයි.

පෙ.ව. 8:54: ඇමරිකන් එයාර්ලයින්ස් 77 පියාසැරිය යානය ඔහියෝ ජනපදයට ඉහල අහසේදී දකුණු දෙසට හරවමින් සිය ගමන්මග වෙනස් කරයි.

පෙ.ව. 8:55: ෆොක්ස් නිව්ස් නාලිකාව විරාමයකට පසු මෙම සිදුවීම වාර්තා කරයි. නිවේදක ඊ. ඩී. හිල් (E. D. Hill)විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුනේ ගුවන්යානයක් ගැටුණු බව වාර්තා කරයි.

පෙ.ව. 8:55 (දළ වශයෙන්): ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුලුනේ මහජන ඇමතුම් පද්ධතිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරන එහි නිලධාරීන්, ගොඩනැගිල්ල (දකුණු කුලුන) ආරක්ෂාකාරී බවත්, එමනිසා නැවත තමතමන්ගේ කාර්යාලවලට ගමන් කරන ලෙසත් දැනුම් දෙයි. (දකුණු කුලුනේ තවමත් 175 පියාසැරිය ගුවන්යානය ගැටී නොමැත.) මෙම පණිවුඩය පිරිසකට ශ්‍රවණය නොවන අතර, තවත් පිරිසකට එය ශ්‍රවණය වුවද, එය නොසලකා ගොඩනැගිල්ලෙන් ඉවත් වේ. අනෙක් අය 78 වන මහලේ ඇති ස්කයි ලොබී වැනි ගොඩනැගිල්ලේ පොදු ස්ථාන වලට එක්රැස් වේ.

පෙ.ව. 8:55: ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, (George W. Bush) කලින් සැලසුම් කල සංචාරයකට අනුව අධ්‍යාපනික වැඩසටහනක් සඳහා ෆ්ලොරිඩා ජනපදයේ සැරසෝටා නගරයේ එමා ඊ. බුකර් මූලික පාසල වෙත පැමිණෙයි. මෙම අවස්ථාවේදී ජනාධිපති බුෂ් සමග රැඳී සිටින ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩෲ කාඩ් (Andrew Card)විසින්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුඩා ද්විත්ව එන්ජින් ගුවන් යානයක් ගැටී ඇති බවට ජනාධිපතිවරයාව දැනුවත් කරයි. පන්තිකාමරයට ඇතුළු වීමට ප්‍රථම, ජනාධිපති බුෂ් විසින් ඒ වනවිට ධවල මන්දිරයේ රැඳී සිටින ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස්ව (Condoleezza Rice) අමතයි. ඇය මුලින් ද්විත්ව එන්ජින් ගුවන් යානයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටුණු බව පවසන අතර පසුව එය වාණිජ ගුවන් යානයක් ලෙසට වෙනස් කරයි. අවසානයේ ඇය "ජනාධිපතිතුමනි, අපි දැනට දන්නේ එපමණයි" යැයි පවසයි. (“that’s all we know right now, Mr. President.”)

පෙ.ව. 8:56: ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුනේ ගැටීමෙන් මිනිත්තු 10කට පසු ඇමරිකන් එයාර්ලයින්ස් 77 පියාසැරිය යානයේ ට්‍රාන්ස්පොන්ඩර් සංඥා ක්‍රියාවිරහිත වෙයි. එමෙන්ම එම යානය සමග පැවති ප්‍රාථමික රේඩාර් සම්බන්ධතාවයද ඇණහිටී. මෙලෙස රේඩාර් තිරයේ නොපෙනෙන කාලපරිච්ඡේදය තුලදී යානය නැගෙනහිර දෙසට හරවන අතර, මෙය කිසිදු පාලක මධ්‍යස්ථානයකට දැනගැනීමට නොලැබේ. පෙ.ව. 9:05ට නැවත ප්‍රාථමික රේඩාර් සංඥා ක්‍රියාකාරී වන අතර, එවිට ගුවන් පාලක මධ්‍යස්ථාන මගින් ඇමරිකන් එයාර්ලයින්ස් 77 පියාසැරිය යානය එය අවසන් වරට සංඥා නිකුත් කල ස්ථානයට බටහිරින් තිබේදැයි සොයාබලයි. එහෙත් ඔවුන්ට යානය සොයාගැනීමට නොහැකි වේ. මේ නිසා කිසිදු ගුවන් පාලක මධ්‍යස්ථානයකට හසු නොවී මිනිත්තු 36ක කාලයක් පුරා නැගෙනහිර දෙසටම (ආපසු වොෂින්ටන් වෙතටම) ගමන් කිරීමට ඇමරිකන් එයාර්ලයින්ස් 77 පියාසැරිය යානය සමත් වෙයි.[12]

පෙ.ව. 8:58: යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ගුවන් යානය නිව්යෝර්ක් නගරය දෙසට හරවයි.

පෙ.ව. 9:00

පෙ.ව. 9:00: ලී හැන්සන් වෙත සිය පුතුවන යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය යානයේ සිටින පීටර් හැන්සන්ගෙන් දෙවන වරටත් දුරකථන ඇමතුමක් ලැබේ: "It's getting bad, Dad. A stewardess was stabbed. They seem to have knives and Mace. They said they have a bomb. It's getting very bad on the plane. Passengers are throwing up and getting sick. The plane is making jerky movements. I don't think the pilot is flying the plane. I think we are going down. I think they intend to go to Chicago or someplace and fly into a building. Don't worry, Dad. If it happens, it'll be very fast. My God, my God." ("තාත්තේ, තත්වය නරක අතට හැරෙනවා. ගුවන්සේවිකාවකට පිහියෙන් ඇනල. ඔවුන් ගාව පිහි සහ මේස් (ස්ප්‍රේ වර්ගයක්) තියෙනවා. ඔවුන් කියනවා ඔවුන් සතුව බෝම්බයක් තියෙනවා කියල. ප්ලේන් එක ඇතුලේ තත්වය ගොඩක් නරකයි. ගුවන් මගීන්ට වමනය යනවා. ඔවුන් අසනීප වෙලා. ප්ලේන් එක ගමන් කරන්නේ අසාමාන්‍ය විදිහට. මම හිතන්නේ පයිලට් නෙවෙයි දැන් ප්ලේන් එක එලවන්නේ. අපේ යානය පහලට යනවා. මම හිතන්නේ ඔවුන් හදන්නේ ප්ලේන් එක චිකාගෝ හෝ වෙනත් නගරයකට අරන් ගිහින් ගොඩනැගිල්ලක හප්පවන්නයි. කලබල වෙන්න එපා. එහෙම දෙයක් වෙනවනම් හුගක් ඉක්මනින්ම වෙයි. මගේ දෙවියනේ!") කාන්තාවකගේ කෑගැසීමක් සමග ඇමතුම විසන්ධි වෙයි.[11]

පෙ.ව. 9:01පෙ.ව. 9:02: ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියේ නිව්යෝර්ක් මධ්‍යස්ථානයේ කළමනාකාරවරයෙකු විසින් වර්ජීනියා ජනපදයේ හර්ඩන්හි පිහිටි ගුවන් පාලක පද්ධති අණදෙන මධ්‍යස්ථානය අමතා මෙසේ පවසයි: "We have several situations going on here. It's escalating big, big time. We need to get the military involved with us. . . We're, we're involved with something else, we have other aircraft that may have a similar situation going on here." ("සිදුවීම් කිහිපයක්ම සිදුවෙමින් තිබෙනවා. ඒවා එන්න එන්නම උත්සන්න වෙනවා. අපිට ආරක්ෂක අංශ වල සහය අවශ්‍යයි. අපි තවත් දෙයක නිරත වෙලා ඉන්නේ. මීට සමාන තත්වයක් තියන තවත් ගුවන් යානයක් ගැන අපිට දැනගන්න ලැබිල තියෙනවා")

පෙ.ව. 9:01: ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියේ නිව්යෝර්ක් මධ්‍යස්ථානය, පර්යන්ත පාලක මධ්‍යස්ථානය (Terminal Control Center) සම්බන්ධ කරගනිමින්, යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය යානය තිබෙන ස්ථානය සොයා ගැනීමට ඔවුන්ගේ සහය පතයි.

පෙ.ව. 9:02: නිව්යෝර්ක් ගිනිනිවීම් සේවා බලඇණි ප්‍රධානී ජෝසප් ෆෙයිෆර් විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුනේ සිටින සියලු දෙනා ඉවත් කරන ලෙස නියෝග කරයි. ඒ අනුව ගොඩනැගිල්ලේ මහජන ඇමතුම් පද්ධතිය හරහා සියලු දෙනාටම උතුරු කුලුනෙන් පිටවන ලෙස ඉල්ලා නිවේදනයක් නිකුත් වේ.

යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ගුවන්යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, දකුණු කුලුනේ ගැටීමට මොහොතකට පෙර.
යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ගුවන්යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, දකුණු කුලුනේ ගැටීමට මොහොතකට පෙර. (සමීප ඡායාරුපයක්)

පෙ.ව. 9:03:02: යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ගුවන් යානය පැයට සැතපුම් 590ක (පැයට කිලෝමීටර 950, තත්පරයට මීටර 264 හෝ නොට් 513) වේගයෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුලුනේ දකුණු මුහුණතේ 77වන සහ 85වන මහල් අතර පෙදෙසේ ගැටේ.[13] මේ මොහොතේ ගුවන් යානයේ සිටි 65 දෙනාම ක්ෂණිකව ජීවිතක්ෂයට පත්වන අතර දකුණු කුලුනේ සිටි සිය ගණනක පිරිසක්ද මියයයි. මෙම අවස්ථාව වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ජාල 3 වන, ABC, NBC සහ CBS යන නාලිකාද, Fox නාලිකා ජාලයද, CNN සහ BBC වැනි ජාත්‍යන්තර මාධ්‍යද පළමු ගුවන් යානයේ ගැටීම සජීවී දර්ශන සමගින් වාර්තා කරමින් සිටි නිසා, මෙම දෙවන යානයේ ගැටීම ලොව පුරා මිලියන ගණනක ජනකායක් සජීවීව රුපවාහිනිය ඔස්සේ නරඹයි. ගුවන් යානයේ එන්ජිම ඇතුළු තවත් කොටස් දකුණු කුලුනේ උතුරු සහ නැගෙනහිර මුහුණත් වලින් එසැනින්ම පිටවී, ලෝක වෙළඳ මධ්‍යස්ථාන භූමියට ඉඩම් හයක් එපිටින් වූ ස්ථානයකට පතිත වේ. මෙම දෙවන යානයේ ගැටීම සිදුවන්නේ, පළමු යානය ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය උතුරු කුලුනේ ගැටීමෙන් මිනිත්තු 16කුත් තත්පර 32කට පසුවය.

යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ගුවන්යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, දකුණු කුලුනේ ගැටීම.

දකුණු කුලුනේ ගුවන් යානය ගැටුණු ස්ථානයට පහල කොටසේ සිටි පිරිස් හැකි ඉක්මනින් ගොඩනැගිල්ලෙන් ඉවත් වීම අරඹයි. ගුවන් යානය දකුණු කුලුනේ සිරස් මධ්‍ය රේඛාවෙන් තරමක් පසෙකට වන්නට ගැටුණු නිසා, තවමත් එක් තරප්පු පෙළක් හානි නොවී පවතී. නමුත් එය දුමාරයෙන් පිරී තිබෙයි. මේ නිසා කුලුනේ ඉහල මහල්වල සිටි පිරිස තරප්පු පෙළ දිගේ පහලට ඒමෙන් වැලකී, ගුවනින් පැමිණ මුදවාගැනීමේ මෙහෙයුමක් බලාපොරොත්තුවෙන් දකුණු කුලුනේ වහලය දෙසට යයි. එහෙත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පරිපාලනය භාර නිව්යෝර්ක් සහ නිව් ජර්සි වරාය අධිකාරිය විසින් දකුණු කුලුනේ වහලය මතට යා හැකි ලෝහ දොරවල් දෙකම තදින් වසා තිබිණ.[14] මෙම ගුවන් යානා ගැටීමත් සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටුවා තිබූ රුපවාහිනී සහ ගුවන්විදුලි විකාශනාගාර සමග සම්බන්ධතාවයද බිඳවැටේ. කෙසේවෙතත් පැය කිහිපයකට පසුව විකල්ප විකාශනාගාර පිහිටුවනු ලබන අතර, එතෙක් ප්‍රාදේශීය නාලිකාවක් වූ WPIX හි චන්ද්‍රිකා විකාශනය සජිවීව උපුටා දක්වමින් අනෙක් නාලිකාද දෙවන ගුවන් යානයේ ගැටීම විකාශය කරයි.

සමහර කැමරා කෝණ වලදී උතුරු කුලුන විසින් දකුණු කුලුන වසා ගැනීම නිසා, දෙවන ගුවන් යානයක් දකුණු කුලුනේ ගැටීම සමහර නාලිකා වල පැහැදිලිව දිස් නොවෙයි. එම නිසා එම නාලිකාවල විස්තර විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින්ද මෙම අවස්ථාව උතුරු කුලුනේම සිදුවූ තවත් පිපුරුමක් ලෙස වරදවා වටහාගත්හ. කෙසේවෙතත් සුළු මොහොතකට පසුව මෙම දෙවන ගුවන් යානයේ ගැටීම විවිධ කැමරා කෝණ වලින් නැවත නැවත විකාශය කිරීමේදී, සමහර නාලිකා මගින් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව ප්‍රකාශ කල අතර, තවත් නාලිකා මගින් ප්‍රකාශ කරනු ලැබුවේ මෙය ඉතා කලාතුරකින් සිදුවන ආකාරයේ හදිසි අනතුරක් බවයි. මේ සමග සීඑන්එන් නාලිකාව සිය සිරස්තලය "Second plane crashes into World Trade Center" හෙවත් "දෙවන ගුවන් යානයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටේ" යනුවෙන් වෙනස් කරයි. WABC-TV නාලිකාවේ නිවේදක ස්ටීව් බාටල්ස්ටයින් (Steve Bartelstein) මෙම අවස්ථාවේදී පවසන්නේ දැන් සිදුවූ පිපුරුම බොහෝවිට පළමු ගුවන් යානයේ බඳ කොටස පුපුරා යාමෙන් සිදුවූවක් විය හැකි බවයි. (මෙම අවස්ථාවේ සීඑන්එන් නාලිකාව විසින් සජීවී දර්ශන උපුටා ගනිමින් සිටින්නේ මෙම WABC-TV ප්‍රාදේශීය නාලිකාවෙනි.) එහෙත් සිද්ධිය ඇසින් දුටුවන් සහ වෙනත් මුලාශ්‍ර මගින් තවත් ගුවන් යානයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටුණු බව තහවුරු කරද්දී ඔහු පවසන්නේ, මෙය ඉතා කලාතුරකින් සිදුවන ආකාරයේ අනතුරක් විය හැකි බවත්, ඊට හේතුව ගුවන් යානා ගමන් මාර්ග පද්ධතියේ සිදුවූ දෝෂයක් විය හැකි බවත්ය.

සිද්ධිය ඇසින් දුටුවන්ගේ වාර්තා සහ කැමරා දර්ශන වලින් පැහැදිලි වන්නේ යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය ගුවන් යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානය දෙසට පැමිණ ඇත්තේ සෘජුවම නොව, තරමක ආනතියක් ඇතිව බවයි. එය මුලින් එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල දෙසට ගමන් පථය ඉලක්ක කරගනිමින් නිව්යෝර්ක් නගරයට නිරිත දෙසින් පැමිණි අතර පසුව තරමක් දකුණට හරවා, යලිත් තරමක් වමට හරවා, ඉන්පසුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුලුනේ ගැටිණ. මෙලෙස ගමන් පථය වෙනස් නොකළේ නම්, බොහෝ විට යානයේ වම් පියාපත පමණක් දකුණු කුලුනේ ගැටීමට ඉඩ තිබුණි. තවත් සමහර විට යානයට සම්පූර්ණයෙන්ම දකුණු කුලුන මග හැරීමටද ඉඩ තිබුණි. නමුත් උතුරු කුලුනේ ගැටුණු ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය යානය සෘජුවම ලෝක වෙළඳ මධ්‍යස්ථානය දෙසට ගමන් පථය ඉලක්ක කරගනිමින් පැමිණ සෘජුවම උතුරු කුලුනේ ගැටිණ.


පෙ.ව. 9:03: ජනාධිපති බුෂ් විසින් අධ්‍යාපනික වැඩසටහනේ අංගයකට අනුව, ඔහු මෙ අවස්ථාවේ රැඳී සිටින පාසලේ එක් පන්ති කාමරයකට පිවිසෙයි.

පෙ.ව. 9:03: යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය දකුණු කුලුනේ ගැටීම සිදුවන අවස්ථාවේම, එය ගැටුණු බව නොදැන, ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියේ නිව්යෝර්ක් මධ්‍යස්ථානය විසින් එම යානය පැහැරගැනීමකට ලක්ව ඇති බවට NORAD (NEADS) ආයතනයට දන්වයි.

පෙ.ව. 9:04: (දළ වශයෙන්): ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියේ බොස්ටන් පාලක මධ්‍යස්ථානය විසින් එම මධ්‍යස්ථානයට අයත් බල ප්‍රදේශයේ ඇති සියලු ගුවන්තොටුපළ වලින්, ගුවන් යානා පිටත් කර හැරීම අත්හිටුවයි.

පෙ.ව. 9:05: බුකර් මූලික පාසලේ සිසුන් වෙත කරන කෙටි හඳුන්වාදීමකින් අනතුරුව ජනාධිපති බුෂ් විසින් එම පන්තිකාමරයේ සිසුන්ද සමග "ද පෙට් ගෝට්" (The Pet Goat) නමැති පාඩම කියවීමට සැරසෙයි. මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා අසලට පැමිණෙන ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩෲ කාඩ්, ජනාධිපතිවරයාගේ කනට කොඳුරා මෙසේ පවසයි: "A second plane has hit the second tower. America is under attack." ("තවත් ගුවන් යානයක් දෙවෙනි කුලුනේ ගැටිලා. ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල වෙමින් තිබෙන්නේ.")[15] ජනාධිපති බුෂ් පසුකලෙක පවසා සිටියේ, එම අවස්ථාවේදී ළමයින්ට ඒ පිළිබඳව අනතුරු අඟවනවාට වඩා පාඩම කරගෙන යාම සුදුසු බවට තමා තීරණය කල බවයි.

පෙ.ව. 9:06: ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය (FAA) විසින් නිව්යෝර්ක් මධ්‍යස්ථානය වෙත හා ඊට ඉහලින් ගමන් කිරීමට නියමිත ගුවන් යානා, නිව්යෝර්ක්, බොස්ටන් සහ ක්ලීව්ලන්ඩ් මධ්‍යස්ථාන වලට අයත් ප්‍රදේශ වලින් ඉහලට නැංවීම තහනම් කරන ලදී.

පෙ.ව. 9:08: ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය (FAA) විසින් නිව්යෝර්ක් මධ්‍යස්ථානය වෙත හා ඊට ඉහලින් ගමන් කිරීමට නියමිත ගුවන් යානා ඉහලට නැංවීම මුළු ඇමරිකා එක්සත් ජනපදයටම බලපැවැත්වෙන පරිදි තහනම් කරන ලදී. ABC නිව්ස් සේවය පසුව වාර්තා කරනු ලැබුවේ, නිව්යෝර්ක් මධ්‍යස්ථානයට අයත් ප්‍රදේශයේ ඇති සියලුම ගුවන්තොටුපළ වල අයිතිය හිමි නිව්යෝර්ක් සහ නිව්ජර්සි වරාය අධිකාරිය විසින් නිව්යෝර්ක් ගුවන් කලාපය තහනම් ප්‍රදේශයක් බවට පත්කරන මෙන් FAA වෙත ඉල්ලීමක් කල බවයි.

පෙ.ව. 9:11: අවසාන PATH ( නිව්යෝර්ක් සහ නිව්ජර්සි වරාය අධිකාරියට අයත් ට්‍රාන්ස්-හඩ්සන් දුම්රිය සේවය) දුම්රිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් පිටත් විය. නිවුන් කුලුනු කඩාවැටෙන අවස්ථාවේ දුම්රියපල තුල මගීන් කිසිවෙකුත් සිටියේ නැත.

පෙ.ව. 9:13: ඕටිස් ජාතික ගුවන් ආරක්ෂක කඳවුරට අයත් F-11 ප්‍රහාරක යානා ද්විත්වය ලෝන්ග් අයිලන්ඩ් මිලිටරි ගුවන් කලාපයේ සිට මෑන්හැටන් දෙසට පිටත් කර යැවේ.

පෙ.ව. 9:14: ජනාධිපති බුෂ්, එක්සත් ජනපද රහස් සේවය විසින් පිහිටවනු ලැබූ විශේෂ සම්බන්ධීකරණ කාමරයකට ඇතුල් වෙයි. එම කාමරය තුල දුරකතනයක් සහ ප්‍රවෘත්ති ආවරණය පෙන්වනු ලබන රූපවාහිනී යන්ත්‍රයක් තිබේ. එමෙන්ම ජ්‍යෙෂ්ට කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙක්ද එහි රැඳී සිටි. ජනාධිපතිවරයා විසින් උපජනධිපති ඩික් චර්නි, ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස්, නිව්යෝර්ක් ආණ්ඩුකාර ජෝර්ජ් පටාකි සහ FBI අධ්‍යක්ෂ රොබට් මුලර් යන අය අමතා උපදෙස් ලබා දෙයි.

පෙ.ව. 9:15: NBC නිව්ස් නාලිකාවේ ටුඩේ වැඩසටහන විසින් යුනයිටඩ් එයාර්ලයින්ස් සේවකයින් පිරිසකගේ තහවුරු කර නොගත් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්, ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන්යානයක් එය විනාශ වීමට පෙර පැහැරගැනීමට ලක්වූ බව වාර්තා කරයි.

පෙ.ව. 9:17: ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය (FAA) විසින් නිව්යෝර්ක් නගර ප්‍රදේශයේ සියලු ගුවන්තොටුපළවල් වසා දමයි. නිව්යෝර්ක් නගරය විසින් මේ සඳහා මීට පෙර FAA වෙතින් ඉල්ලීමක් කර තිබුණි.

පෙ.ව. 9:17:02: CBS නිව්ස් නාලිකාවේ වාර්තාකාර ජිම් ස්ටුවට් වොෂින්ටනයේ සිට සඳහන් කරන්නේ, මෙම ප්‍රහාර වලට වගකිවයුත්තා ලෙස ඔසාමා බින් ලාඩන්ව බුද්ධි අංශ විසින් සැකකරන බවයි.

පෙ.ව. 9:18: CNN නාලිකාව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) උපුටා දක්වමින්, FBI ආයතනය විසින් ඒ වනවිට ගුවන්යානා පැහැරගැනීමක් පිලිබඳ සොයා බලමින් සිටින බව වාර්තා කරයි. CNN නාලිකාව තිරයේ පහලින් "AP: Plane was hijacked before crashes" (AP: ගුවන් යානා ගැටුමට පෙර යානයක් පැහැරගෙන ඇත) ලෙස උපසිරැසි ගන්වා ඇත.

පෙ.ව. 9:19: යුනයිටඩ් එයාර්ලයින්ස්හි ගුවන් යානා පිටත් කර යවන්නා වන එඩ බැලින්ගර් විසින් ඔහුගේ යානා වලට කෙටි ලිඛිත පණිවිඩ යැවීම අරඹයි: "Beware any cockpit intrusion—Two a/c [aircraft] hit World Trade Center." (නියමු කුටියට බලෙන් ඇතුළු වීම පිලිබඳ සැලකිලිමත් වන්න—ගුවන් යානා දෙකක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටී ඇත.) ඔහු විසින් මෙම පණිවිඩය අන්තර්-මහාද්වීපික ගුවන්යානා 16ක් වෙත යවමින් සිටි නිසා, ඒ සඳහා මිනිත්තු කිහිපයක් ගතවේ.

පෙ.ව. 9:21: මෑන්හැටන් වෙත ඇතුල් වන සියලුම පාලම් සහ උමං මාර්ග වසා දැමේ.

  1. Atkins, Stephen (2011). The 9/11 Encyclopedia. Santa Barbara, California: ABC-CLIO, LLC. p. 57. ISBN 978-1-59884-921-9. {{cite book}}: |access-date= requires |url= (help)
  2. "Remembering the 10th Anniversary of 9/11". WFAA Dallas-Fort Worth. සම්ප්‍රවේශය June 23, 2012.
  3. 3.0 3.1 3.2 "The 9/11 Commission Report, Chapter 1: "We Have Some Planes"". National Commission on Terrorist Attacks Upon the United States. August 2004. සම්ප්‍රවේශය June 23, 2012.
  4. NTSB Report සංරක්ෂණය කළ පිටපත 2011-06-22 at the Wayback Machine, page. 3
  5. Spencer, Lynn (2008). Touching history: the untold story of the drama that unfolded in the skies over America on 9/11. Simon and Schuster. p. 22. ISBN 9781416559252.
  6. Spencer, Lynn (2008). Touching history: the untold story of the drama that unfolded in the skies over America on 9/11. Simon and Schuster. p. 27. ISBN 9781416559252.
  7. Viser, Matt (September 11, 2005). "Two pilots revisit their 9/11". The Boston Globe. සම්ප්‍රවේශය 2010-05-18.
  8. [1]
  9. McAllister, T. P.; Gann, R. G.; Averill, J. D.; Gross, J. L.; Grosshandler, W. L.; Lawson, J. R.; McGrattan, K. B.; Pitts, W. M.; Prasad, K. R.; Sadek, F. H.; Nelson, H. E. (August 2008). Structural Fire Response and Probable Collapse Sequence of World Trade Center Building 7 (Volume 1). Federal Building and Fire Safety Investigation of the World Trade Center Disaster (NIST NCSTAR 1-9). National Institute of Standards and Technology (NIST). pp. 1–8. සම්ප්‍රවේශය 2011-09-09.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  10. Dwyer, Jim (August 13, 2005). "Vast Archive Yields New View of 9/11". The New York Times. සම්ප්‍රවේශය 2010-05-29.
  11. 11.0 11.1 "The 9/11 Commission Report, "The Hijacking of United 175" section". National Commission on Terrorist Attacks Upon the United States. July 2004. p. 8. සම්ප්‍රවේශය 2010-10-24.
  12. With its transponder off, it is possible, though more difficult, to track an aircraft by its primary radar returns. But unlike transponder data, primary radar returns do not show the aircraft’s identity and altitude.
  13. Time as given in the 9/11 Commission Report, July 2004, pp. 8, 32. However, Final Report of the Collapse of the World Trade Center Towers, published by the U.S. Commerce Department's National Institute of Standards and Technology in September 2005, pp. 83-84, timed this event at 9:02:59 a.m., established from time stamps in four September 11 telecasts.
  14. Paltrow, Scott J., Kim, Queens Sook, Wall St. Journal, Could Helicopters Have Saved People From the Top of the Trade Center? http://www.fpp.co.uk/online/01/10/WTC_Helicopters.html, retrieved August 10, 2010
  15. National Commission on Terrorist Attacks Upon the United States, "We Have Some Planes," 1.3 National Crisis Management, The President and the Vice President.