සැකිල්ල:උණුසුම් පුවත්/මැයි 7

විකිපීඩියා වෙතින්
අද 2024 මාර්තු 18
රුසියාවේ සහ බල්ගේරියාවේ ගුවන්විදුලි දිනය

RMS ලුසිටානියා

  • 1272 – අනෙකුත් දේවල් සාකච්ඡා කෙරෙන අතරතුරදී, මහා නිකාය භේදය අවසන් කොට නැගෙනහිර සහ බටහිර සභාවන් යළි-එකමුතු කිරීමට බයිසන්තියානු අධිරාජ මයිකල් VIII පලයියොලෝගස් විසින් දුන් ප්‍රතිඥාව පිළිබඳවද සාකච්ඡා කිරීමට පැවති ලියොන්හී දෙවන මන්ත්‍රණ සභාවේ පළමු සැසිය පැවැත්විණි.
  • 1895අකුණු අනාවරකයක් ලෙස ප්‍රසාදනය කෙරුණු, ඔහුගේ ගුවන් විදුලි ප්‍රතිග්‍රාහකය, ඇලෙක්සැන්ඩර් ස්ටෙපානොවිච් පොපොව් විසින් රුසියානු භෞතික විද්‍යා සහ රසායන විද්‍යා සංගමය වෙත පිරිනැමිණි.
  • 1915පළමු ලෝක යුද්ධය: අන්ටර්සීබූට් 20 ජර්මානු සබ්මැරිනය විසින් එල්ලකෙරුණු ටෝර්පිඩෝවන් නිසාවෙන් RMS ලුසිටානියා (සේයාරුවෙහි) සමුද්‍ර නෞකාව ගිලීයෑමෙන් නැවේ සිටි 1,198 දෙනා මරුමුවට පත්වූහ.
  • 1920පෝලන්ත–සෝවියට් යුද්ධය: කීව් ප්‍රහාරය අතරතුරදී, සංකේතාත්මක යුක්රේනියානු බලකායේ උදවුද සහිතව, පෝලන්ත භට කණ්ඩායම විසින්, කීව් අත්පත්කරගත් නමුදු, මසකට පසුව ප්‍රති-ප්‍රහාරයේදී සෝවියට් රතු හමුදාව විසින් පළවා හරිනු ලැබූහ.
  • 1960සීතල යුද්ධය: දින හයකට පෙරාතුව සෝවියට් සංගමයට ඉහළ අහසේදී ඔහුගේ U-2 ඔත්තු බලන ගුවන් යානය බිම හෙලනු ලැබූමෙන් අනතුරුව ඇමරිකානු ගුවන්නැවි ෆ්‍රැන්සිස් ගැරී පවර්ස් අත්අඩංගුවට පත්ව තමන් භාරයේ සිටින බවට සෝවියට් නායක නිකිතා කෘෂෙෆ් නිවේදනය කළේය.