සාකච්ඡාව:සිංහල සාහිත්‍යය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මේ ලිපිය හොඳ ලිපියක් දක්වා දියුණු කළ හැක්කේ කෙසේ ද?[සංස්කරණය]

@L Manju @Shwetha @Singhalawap @Lee @Rsekanayake

මහත්වරුනි, මේ ලිපිය විකිපීඩියාවේ ගුණාත්මක ලිපි ගණයට (good article) ඇතුළත් කළ හැකි වන තරම් දුරට දියුණු කිරීමට කළ යුතු අංශ පිළිබඳ ව ඔබේ වටිනා අදහස් දක්වන්නේ නම් ස්තූතිවන්ත වෙමි. මක්නිසාද යත් මේ විෂය සම්බන්ධ ව වැඩිමනත් දායකත්වයක් දීමට හැකියාවක් මා හට ඇති බැවිනි. එමෙන් ම සිංහල භාෂාව සම්බන්ධ ව්‍යාපෘතියක් තුළ එකී භාෂාවේ සාහිත්‍යය අළලා ලියැවෙන ලිපිය හැකි උසස් ම මට්ටමින් තිබිය යුතු යැයි සිතන බැවිනි. Sasithmadu (talk) 13:37, 8 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]

මට එදා හිතුනේ නම් විකිපීඩියා ලිපියකට වඩා රචනාවක් පැත්තට බරයි කියලා. හැබැයි මම වැරදි වෙන්නත් පුළුවන්. -- Lee (talk) 14:09, 8 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
නෑ. එහෙම ගැටලුවක් නැහැ. එහෙම වැකි දැනගන්න පුලුවන් නම් මට වෙනස් කරන්න පුලුවනි. මා කියවා තිබෙන හැටියට රචනාවක ලක්ෂණ වෙන්නේ උපමා, භාවාතිශය වැකි/යෙදුම්, උපහාස කියුම්, ප්‍රහාරාත්මක වැකි වැනි දෑ අන්තර්ගත වීම. මා හැකි තරම් තැත් කළා එවැනි ශෛලියක් මඟහරින්න.( මේ පොතේ 9 වැනි පිටුවේ සහ Wikipedia: Writing Better Articles ලිපියේ මා හිතන්නේ මේ ගැන තිබෙනවා. ) ඕක බලන්න හොඳ ම ක්‍රමය නවකතාව සහ ශෘංගාර සාහිත්‍යය යන පරිවර්තිත ලිපිවල භාෂා ශෛලිය සමග සැසඳීම. මොකද එකම විෂය නිසා.
නමුත් වෙනත් අඩුපාඩු නම් තිබෙනවා. නිදසුන් ලෙස ලිපියේ විෂය ප්‍රදේශයට සාපේක්ෂව මූලාශ්‍ර අඩු යි. ඒ වගේ ම ඒවා නිසි මූලාශ්‍ර ම නෙමෙයි. නිදසුන් ලෙස ඇතැම් ඒවාට වඩා සුදුසු ප්‍රාථමික මූලාශ්‍ර අවශ්‍යය යි. (ඒවා අපට සොයාගන්න බැරිකමයි ගැටලුව, ජාතික පුස්තකාලයේ/සරසවි පුස්තකලාවල විද්‍යාර්ථයින්ට තමයි ඒ පහසුකම් තිබෙන්නේ... අපේ ගමේ ප්‍රාදේශීය පුස්තකාලයේ ඔයිට වැඩිය හොයන්න බැහැ. කා ළඟ හරි මාර්ටින් වික්‍රමසිංහගේ සිංහල සාහිත්‍යයේ නැගීම සහ වැටීම යන පොත් දෙක තිබෙනවා නම් එයින් තව දියුණු කළ හැකි යි. පුංචි බණ්ඩාර සන්නස්ගලගේ පොතකුත් තිබෙනවා සිංහල සාහිත්‍ය වංශය කියා. මේ විෂය ආශ්‍රිත සංස්කරණ වැඩිපුර කර තිබෙන පරිශීලයන් නම් කළොත් දායකත්වයක් දෙයි කියා හිතනවා.)
නමුත් මා හිතනවා සිංහල විකිපීඩියාවේ ගුණාත්මක ස්වතන්ත්‍ර ලිපි ඉතා ම අඩුවෙන් තිබෙන සහ ස්වතන්ත්‍ර ලිපි බොහොමයක් විකිපීඩියාවේ නිසි මූලාශ්‍ර සැපයීම වැනි කරුණු නො සපුරන තත්ත්වයක් තුළ මේ ලිපිය සාපේක්ෂ ව උසස් තැනක තිබෙන බව. මූලාශ්‍ර නිසි ආකෘති අනුව දැක්වීම, විෂය ප්‍රදේශය නිසි ලෙස ආවරණය කිරීම අතින්. මමත් තව කරුණු සහ මූලාශ්‍ර එක්කරන්න තැත් කරන්නම්. තුති. Sasithmadu (talk) 14:43, 8 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
මම විශේෂයෙන් ම බලන දෙයක් තමා ලිපියේ මුඛ්‍ය ඡේදය. ඒක සරල බසකින් තිබෙනවා නම් මම කැමතියි. -- Lee (talk) 04:20, 10 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
උත්සහයක් දෙන්න ඕන. මේකේ සමස්තාවලෝකනය (overview) සංකීර්ණ වැඩි ද? වැකිවල අනවශ්‍ය දිගු බවක් ද ? නැත්නම් නුහුරු වචන වැඩිද ? Sasithmadu (talk) 04:26, 10 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]