සලාද (ශාකය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සලාද
Iceberg lettuce in SB.jpg
Iceberg lettuce field
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Asterids
ගෝත්‍රය: Asterales
කුලය: Asteraceae
ගණය: Lactuca
විශේෂය: L. sativa
ද්වීපද නාමය
Lactuca sativa
L.
පර්යාය නාම[1][2]

සලාද (Lactuca sativa) වාර්ෂික පැලෑටියකි. මෙය ඇස්ටර් ගණයට අයත් වන ශාකයක් නොහොත් සුරියකාන්ත කුලය වන ඇස්ටරෙසියේ කුලයට අයත් වන ශාකයකි. මෙය බොහෝ විට වගා කරනු ලබන්නේ කොළ එළවළුවක් වශයෙනි. නමුත් කඳ සහ බීජ ලබා ගැනීම සඳහා ද මෙම ශාකය වගා කරයි. වල් පැලෑටියක් ලෙස පැවති මෙම ශාකය පුරාතණ මිසර දෙශිකයන් පළමුව වගා කරන ලදී. ඔවුන් එම ශාකයේ බීජ මගින් තෙල් ලබා ගත් අතරම එය කොළ එළවළුවක් ලෙසද භාවිතා කළහ. සලාද ගස ග්‍රීක සහ රෝමානු ජාතිකයන් දක්වා පැතිරී ගිය අතර, රෝමානු ජාතිකයන් විසින් මෙම ශාකය "lactuca" ලෙස නම් කරන ලදී. අවසානයේ ඉංග්‍රසි නාමය වන "lettuce" ලෙස භාවිතයට ගැනිණි. ක්‍රි.ව 50 දී මෙම ශාකයේ විවිධ වර්ග පෙන්වා දුන් අතරම, බොහෝ විට මෙම සලාද ශාකය පිලිබඳව මධ්‍යම යුගයේ වූ ඖෂධ ඇතුලත්ව පැවති ලියවිලි වලද දෘශ්‍යමාන විය. 16 ත් 18 වන සියවස අතර කාලයේදී යුරෝපයේ මෙම ප්‍රභේදයන්ගේ වර්ධනයක් දක්නට ලැබිණි. 18 වන සියවසේදී සොයා ගන්නා ලද උප විශේෂ තවමත් ගෙවතු වල දක්නට ලැබේ. මුල් කාලයේදී සලාද ගස සඳහා වූ වෙළඳපොළ යුරෝපය සහ උතුරු ඇමරිකා යන රටවල් අභිභවනය කලද, 1900 න් පසුව මෙම ශාක පරිභෝජනය ලෝකය පුරා පැතිරුණි.

මෙම ශාකය පහසුවෙන් වගා කළ හැකි දැඩි/ශක්තිමත් වාර්ශික ශාකයකි. ඉක්මනින් මල් පීදීම වැළැක්වීම පිණිස අඩු උෂ්ණත්වයක් යටතේ වගා කල යුතුය. මෙම ශාකය පෝෂණ ඌණතාවයන්ට පාත්‍ර විය හැකි අතර, එමෙන්ම කෘමීන් , ක්ෂීරපායි පලිභෝදකය්න් , දිලීර සහ බැක්ටීරියා රෝග වලටද පාත්‍ර විය හැකිය. L. sativa නමැති ප්‍රභේදය, එම ප්‍රභේදය අතරද, වෙනත් ප්‍රභේදයන් අතරද දෙමුහුන් කල හැක. මෙය විශේෂ ලක්ෂණයක් වුවද, ගෙවතු වගා කරන්නන් මෙම ක්‍රමය භාවිතා නොකර, පෙර වගාවේ බීජ රැස් කිරිමට උත්සහ කරයි. ජීව විද්‍යාඥයන් මෙය සලාද ප්‍රභේදයන්ගේ ජාන තටාකය පුළුල් කිරිම සඳහා භාවිතා කරයි. 2010 දී, සලාද සහ චකරි වල ලෝක නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 23,620,000 ක් පමණ විය. මෙයින් අඩකටත් වැඩි ප්‍රමාණයක් චීනයෙන් ලැබිණ.

සලාද ශාකය වැඩිවශයෙන් යොදා ගනු ලබන්නේ සලාද සෑදීමටය. එසේ නමුත්, සුප්, සැන්විච් වැනි විවිධ ආහාර වලද , දවටනයක් ලෙසද සලාද කොළ දක්නට ලැබේ. මේවා වියළා ද භාවිතා කල හැකිය.[3] Woju නොහොත් Asparagus Lettuce නමැති සලාද ප්‍රභේදය ඒවායේ කඳ ලබා ගැනීම සඳහා වගා කරයි. මේවා අමුවෙන් හෝ පිස අහාරයට ගැනීමට හැකිය. සලාද, විටමින් A සහ පොටෑසියම් අඩංගු ආහාරයකි. එමෙන්ම මේවයේ සුළු ප්‍රමාණයෙන් වෙනත් විවිධ විටමින් සහ පෝෂක අඩංගු වේ. මෙහි හිතකර ගුණ තිබියදීත්, දුෂිත වූ සලාද ගස් මගින් මිනිසුන් අතර E-Coli සහ සැල්මොනෙල්ලා යන බැක්ටීරියා, වයිරස් සහ පරපෝෂිතයන් පැතිරීම සිදු විය හැකිය. මෙහි මුලික භාවිතය කොළ පැහැති පත්‍ර වන අතර, ශතවර්ෂ ගණනාවක සිට මෙම ශාකය ආගමික සහ ඖශදීය වැදගත්කමකින්ද යුක්තය.

== වර්ගීකරණය ==4

L. sativa seeds

සලාද ශාකය, Lactuca (lettuce) ගණයට සහ ඇස්ටරෙසියේ (සූර්යකාන්ත හෝ ඇස්ටර්) කුලයට අයත් වන ශාකයකි.[4] 1753 දී, Carl Linnaeus විසින් රචිත Species Plantarum[5] නම් ග්‍රන්ථයේ දෙවන කලාපයේදී ප්‍රථම වරට මෙම සලාද ශාකයේ ප්‍රභේද පිළිබඳව විස්තර ඇතුලත්ව ඇත. L. sativa, පහත සඳහන් නාමයන්ගෙන්ද හැඳින්වේ. Lactuca scariola var. sativa,[1] L. scariola var. integrata and L. scariola var. integrifolia.[6] L. scariola, Lactuca serriola ( වල් පලැටියක් නොහොත් කටු සහිත සලාද ) ට සමාන අර්ථ ඇති පදයකි. [2] L. sativa වල හඳුනාගත හැකි වර්ගීකරණ කාණ්ඩ, උප විශේෂ සහ ප්‍රභේද ඇත. ප්‍රභේද මගින් ගෘහස්තව දක්නට ලැබෙන සලාද ශාකයේ විවිධ උප විශේෂ පිළිබඳව නිරුපනය කෙරේ.[7] Lettuce නිරිත දිග ආසියාවේ ඇති Lactuca විශේෂ යන්ට ආසන්න වශයෙන් සමානතාවයක් පෙන්නුම් කෙරේ; සමතිතොශ්ණ සහ අර්ධ නිවර්තන කලාප වල දක්නට ලැබෙන L. serriola වන චණ්ඩ වල් පැලෑටියට වඩාත්ම සමීපය.[8]

නිරුක්තිය[සංස්කරණය]

එලවළු සලාද සෑදීමට යොදාගන්නා බැවින් මෙම නම ලැබී ඇත.

විස්තරය[සංස්කරණය]

Mature lettuce inflorescence in fruit

සලාද ශාකයේ උරුම පරාසය මාධ්‍යදරණී රටවල සිට සයිබිරියාව දක්වා පැතිරී තිබිණ. කෙසේ වෙතත් එය මුළු ලෝකය පුරාමද පැතිරී ගියේය. මෙම ශාකය සාමාන්‍යයෙන් උස අඟල් 6-12 ( සෙ.මි 15 - 30 ) ක් පමණ වේ .[9] පත්‍ර වර්ණවත්ය, ප්‍රධාන වශයෙන් කොළ සහ රතු වර්ණ වන අතර සමහර විශේෂ විචිත්‍ර ප්‍රභේද වේ.[10] ප්‍රභේද කිහිපයක් කහ පාට, රන්වන් පාට, නිල් පාට පත්‍ර වලින් යුක්තය.[11] සලාද ශාකය පැතිරුනු හැඩයකින් සහ වයනයන් ගෙන් යුක්තය. Iceberg මාදිලියේ ගණ ආරම්භක ස්ථානයක් (ඉසක්) ඇත. පත්‍ර ප්‍රභේද වල, කට්ට කපන ලද, බික්කු, රැලි සහිත හෝ ruffy පත්‍ර ඇත.[10] සලාද ශාකයට මුදුන් මුලක් සහ කුඩා ද්විතික මුල් ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ ඇති සමහර ප්‍රභේද වල පටු මුදුන් මුලක් සහ ද්විතික මුල් මණ්ඩලයක් ඇත. ආසියාවේ ඇති ප්‍රභේද වල දිගු මුදුන් මුලක් සහ විශාල ද්විතික මුල් දක්නට ලැබේ.[11]

සලාද ශාකයේ ජීව කාලය (ශාකය රෝපනයේ සිට අස්වනු නෙලන තෙක් ඇති කාලය), ප්‍රභේදය අනුව සහ වර්ෂය අනුව වෙනස් වේ. සාමාන්‍යයෙන් එය දින 65–130 ක් පමණ වේ. මේවයේ මල් පීදුනු (මෙම ක්‍රියාවලිය "bolting" ලෙස ද හැඳින්වේ) විට තිත්ත වන අතර විකිණිමට අපහසු වේ. පරිභෝජනය සඳහා සලාද වගා කරන විට ඒවා පරිණත වන තුරු පමණක් තැබිය යුතුය. උණුසුම් දේශගුණයක් යටතේ, සලාද ශාකයේ මල් ඉක්මනින් පිදීම සිදුවන අතර, ඉතා සීතල දේශගුණික තත්ව යටතේ වර්ධනය සෙමින් සිදුවේ. සමහර අවස්ථා වලදී බාහිර පත්‍ර වලට හානි සිදුවේ.[12] සලාද ගස් පරිභෝජනයට සුදුසු කාලය ඉක්මවූ විට, මල් නටුව අඩි 3 (0.9 මීටර්)ක් පමණ ඉහලට හට ගනී. [13] Cichorieae ගෝත්‍රයට අයත් ශාක වල මෙන් එහි කහ පැහැති කුඩා සලාද මල් කිනිත්තක් (තවද මෙය flower heads හෝ capitula ලෙසද හැඳින්වේ) සෑදේ. සලාද මල් කිනිත්තක බොහෝ පුෂ්පිකා අඩංගුය. සෑම පුෂ්පිකවකම මණි පත්‍රය ක් ඇත. එය බූමණිය (එයින් ඵලයේ ඉතා සියුම් "parachute" හට ගනී) ලෙස හැඳින්වේ. මුකුටය මල් පෙති පහකින් සමන්විතය. ඒවා ජිහ්වලය ට සහ ප්‍රජනක කොටස් වලට බැඳී ඇත. ද්විපාර්ශවික කලංකය සහිත කීලය වටා පරාග ධානිය සම්බන්ධ/ සංයුක්ත වී ඇත. පරාග ධානියෙන් පරාග නිකුත් කරන විට, කීලය දික් වී කලංකය මතට වැටීමට සලස්වයි. එම පරාග කීලය තුලට ඇතුල් වේ. [11][14] ඩිම්භකෝෂය හැකිළුණු, ප්‍රත්‍යාන්ඩාකාර (කඳුළු බින්දුවක හැඩය ඇති) වියළි ඵලයක් වන අතර, එය 3 - 4 mm පමණ දිගින් යුක්තය. තවද එය පරිණත වන තුරු විවෘත නොවේ. ඵලයේ සෑම දිශාවකම දාර (5 - 7 ප්‍රමාණයක) ඇත. එහි කෙළවර කුඩා, සුදු කෙඳි පේළි දෙකකට පිහිටා තිබේ. සැම ඵලයකම ඉහළ කෙළවරෙහි ඇති බුමණිය විසිරුණු ව්‍යුහයක් දරයි. සෑම ඵලයකටම එක් බීජයක් ඇත. ඒවා සලාද ප්‍රභේදය අනුව, සුදු, කහ, අළු හෝ දුඹුරු වර්ණයක් ගනී. [1]

ශතවර්ෂ ගණනාවකට පෙර සිට ගෘහස්ථකරණය වූ සලාද ශාකය, තෝරා ගත් වරණීය අභිජණන ක්‍රම මගින් විවිධ වෙනස් කම් සිදුවිය. ඒවා නම්: bolting ප්‍රමාද වීම, විශාල බිජ, විශාල ඵල සහ කුඩුම්බි, ප්‍රණිත රසයක් සහ වයනයක්, අඩු ක්ෂීරය ප්‍රමාණයක්, විවිධ පත්‍ර ව්‍යූහයක් සහ විවිධ වර්ණ ඇති විය. එම ක්‍රියාවලිය වත්මන් කාලයේද නොකඩවා කෙරෙමින් පවති. [15] සලාද ශාකයේ, ජාන වෙනස් කිරීමේ විද්‍යාත්මක පර්යේෂණ කෙරෙමින් පවතී. 1992 සිට 2005 දක්වා කාලයේදී, යුරෝපීය එකමුතුව සහ එක්සත් රාජ්‍ය මගින් 85 කට අධික ක්ෂේත්‍ර පර්යේෂණ පවත්වා ඇත. ඉන් සමහරක්: වල් නාශක වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගැනීම, කෘමීන්ට සහ දිලීර වලට ඇති ප්‍රතිරෝධතාව වැඩි කර ගැනීම සහ bolting රටාව ප්‍රමාද කිරීම. කෙසේ වෙතත් දැනට, ජානමය වෙනස් කල සලාද වාණිජ කෘශිකර්මය සඳහා භාවිතා නොකෙරේ.[16]

ඉතිහාසය[සංස්කරණය]

Romaine lettuce, a descendant of some of the earliest cultivated lettuce

සලාද ශාකය පළමුව වගා කරන ලද්දේ පුරණ මිසර ජාතිකයන් විසින්ය. ඒ එහි ඇට වලින් තෙල් නිශ්පාදනය කිරීම සඳහාය. පෙනෙන පරිදි මෙම ශාකය, මිසර ජාතිකයන් විසින් ඇති කරන ලද්දේ එහි ආහාරයට සුදුසු පත්‍ර ගැනීම සඳහාය.[17] ක්‍රි.පු 2680 ට පෙර සිටම මෙම වගාව පැවති බවට සාක්ෂි ඇත.[18] සලාද ශාකය, උත්පාදන දෙවියන් වහන්සේ වන Min දෙවියාගේ පුජනීය ශාකයක් ලෙසද සලකනු ලබයි. එය Min දෙවියන්වහන්සේගේ උත්සව අවස්ථා වලදී රැගෙන යන අතර, ඔහුගේ පිළිරුව අසල තැබීමද සිදු කරයි. මෙම ශාකය යොදා ගැනීමේ චින්තනයට අනුව, එම ශාකය ප්‍රජනන ක්‍රියාවලිය වෙහෙසකාරී නොවන බවට දෙවියන් උදව් වන බව විශ්වාස කරයි."[19] ආගමික උත්සව වලදීද සලාද ශාක භාවිතා කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස සොහොන් වල ප්‍රතිමා නිර්මාණය කිරීම සහ බිති සිතුවම් කිරීම සඳහාද භාවිතා කෙරිණි. වගා කරන ලද ප්‍රභේද අඟල් 30 (සෙ.මි 76)ක් පමණ උස අතර නූතන romaine lettuce වලට සමාන වේ. මෙම ඍජු සලාද මිසර ජාතිකයන් විසින් වැඩි දියුණු කල අතර, පසුව එය මිසර දෙශිකයන්ගෙන් ග්‍රීක ජාතිකයන් අතරටත්, පසුව රෝමානු ජාතිකයන් අතරත් හුවමාරු විය. ආසන්න වශයෙන් ක්‍රි.ව 50 දී පමණ , රෝමානු ජාතික ගොවියෙක් වන, Columella සලාද විශේෂ රාශියක් පෙන්වා දෙන ලදී.– ඉන් සමහරක් වර්තමාන සලාද වල මුතුන්මිත්තන්ය. [18]

මධ්‍යකාලින ලියවිලි රැසක, සලාද ඖශදිය ශාකයක් ලෙස පෙන්වා ඇත. 1098 සහ 1179 අතර කාලයේදී,Hildegard of Bingen, ඇගේ ලියවිලි වල මෙය ඖෂධිය ශාකයක් ලෙස සඳහන් කර ඇත. බොහෝ කලකට පෙර ඖශධ පිලිබඳ වූ ලියවිලිවලද මෙහි භාවිතය පිළිබඳව සඳහන්ව ඇත. 1586 දී, Joachim Camerarius විසින්, සලාද පිළිබඳව විස්තර කරන ලද විස්තරයෙහි, මුලික නූතන සලාද වර්ග 3ක් පිළිබඳව සඳහන් වේ.– එනම් head lettuce, loose-leaf lettuce සහ romaine නොහොත් cos lettuce.[20] 15 වන සතවර්ෂයේ අග භාගයේදී,Christopher Columbus විසින් සලාද ශාකය ප්‍රථමයෙන් යුරෝපයේ සිට ඇමරිකාව දක්වා ගෙන එන ලදී.[21][22] යුරෝපයේ,විශේෂයෙන් ඕලන්දයේ, 16 වන සතවර්ෂයේ අග භාගයේ සහ 18 වන සතවර්ෂයේ මුල් භාගය අතර කාලයෙදී, සලාද ශාකයේ බොහෝ ප්‍රභේද වැඩි දියුණු විය. එමෙන්ම 18 වන සතවර්ෂයේ මැද භාගයේ සිට 19 වන සතවර්ෂයේ මුල් භාගයේදී ප්‍රකාශිත ග්‍රන්ථ වල දැනට ගෙවතු වල දක්නට ලැබෙන ප්‍රභේද රාශියක් විස්තර කර තිබේ. [23]

අස්වැන්න නෙලීමෙන් පසුව, සලාද ශාකයේ ආයුෂ කෙටි බැවින් සාමාන්‍යයෙන් මේවා වගා ප්‍රදේශ වලට ආසන්නයේ වගා කෙරේ. 1900 මුල් භාගයේදී, නවීන ඇසුරුම්කරණය, ගබඩාකරණය සහ නැව් ප්‍රවාහන සේවයේ දිය්ණුවක් දක්නට ලැබිණ. ඒවා හේතුවෙන් සලාද වල ආයුෂ වර්ධනය වීම සහ ප්‍රවාහන පහසුකම් වර්ධනය විය. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ශාකයේ සුලභතාවය සැලකිය යුතු ලෙස වර්ධනය විය .[24] 1950 දී පමණ, රික්තක සිසිලනය විකාශය වීමත් සමග සලාද නිෂ්පාදනයේ විප්ලවීය වෙනසක් සිදුවිය. පෙර භාවිතා කරන ලද, ක්ෂේත්‍රයේ පිටත ඇසුරුම් කරන ලද නිවාස වල තිබූ අයිස් ශීතකරණ ක්‍රමය වෙනුවට මෙම රික්ත සිසිලන ක්‍රමය යොදා ගැනුනි. එය ක්ෂේත්‍ර සිසිලනය කිරීම සහ සලාද ඇසුරුම් කරණයට භාවිතා කෙරේ. [25]

සලාද ශාකය ඉතාම පහසුවෙන් වැඩෙන ශාකයකි. එම නිසාම එය බොහෝ බිජ වෙළඳ සමාගම් වල සැලකිය යුතු ප්‍රභවයක් ලෙස සැලකේ. බොහෝ වෙළඳ සමාගම් වලට, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ සමාගම් වලට, සලාද ශාකයේ ඉතිහාසය සෙවීම ඉතා දුෂ්කරව ඇත. එයට හේතුව නම් සලාද වල බොහෝ ප්‍රභේද වල නාමයන් වර්ෂයක් පාසා වෙනස් වීමයි. මෙය විවිධ හේතුන් නිසා සිදුවේ. එනම් බොහෝ ප්‍රමුඛ සමාගම්, නව ප්‍රභේද ප්‍රවර්ධනය කිරීම මගින් අලෙවිය වැඩි කර ගැනීමට හෝ වැඩි දියුණු කරන ලද ප්‍රභේද සැදු තරඟකාරී බිජ සමාගම් පිළිබඳව පාරිභෝගිකයන් දැන ගැනීම වැලැක්වීම අරමුණ වේ. 19 වන සියවසේ අග භාගයේ, රැස් කරන ලද තොරතුරු වල පෙන්නුම් කෙරෙන පරිදි, එකිනෙකින් වෙන් වූ සලාද ප්‍රභේද 65-140 ත් අතර ප්‍රමාණයක් පෙන්නුම් කර ඇත. මාදිලි අතර ඇති විචලතාවේ ප්‍රමාණය මත මෙය රඳා පවතී. – වෙළඳපොළේ එක් අවස්ථාවක සලාද ශාක ප්‍රභේද 1,100 ක පමණ දක්නට ලැබේ. ප්‍රභේද වල නාමයන්, රටින් රටට සැලකිය යුතු ලෙස නිතර වෙනස් වේ. [26] එනමුත් වර්තමානයේ වගා කෙරෙන බොහෝ සලාද වර්ග එළවළුවක් ලෙස භාවිතා වේ. සුළු ප්‍රමාණයක් දුම්කොළ රහිත සිගරට් සැදීමටද භාවිතා කෙරේ. කෙසේ වෙතත්, ගෘහස්ථ සලාද ශාක වල වල් පැළෑටි වල සම්බන්ධය ඇතිව හට ගන්නා පත්‍ර දෘශ්‍ය ලෙස දුම්කොළ වලට බොහෝ ආසන්න බවත් පෙන්වයි. [27]

වගාව[සංස්කරණය]

සලාද ශාකයේ දැඩි වාර්ෂික, සමහර ප්‍රභේද overwintered විය හැකිය. සීතල කාලගුණයකදී පවා පිදුරු තට්ටුවක් යටතේ වගා කල හැකිය. පාරම්පරික ප්‍රභේද බොහෝ විට සිසිල් රාමු යටතේ වගා කෙරේ.[23] සාමාන්‍යයෙන් තනි තනිව කපන ලද පත්‍ර, උද්‍යානවල ඝනකම් පේළි වල වගා කෙරේ. සාමාන්‍යයෙන් සලාද වල ශිර්ෂ ප්‍රභේද, වැවීම ආරම්භ කරනුයේ තැනිතලා බිමකය. ඉන් පසුව පත්‍ර කිහිපයක් හට ගත් පැළ තනි තනි ස්ථාන වල නැවත සිටවනු ලැබේ. මෙම ස්ථාන අඟල් 8 - 14 (සෙ.මි 20 - 36) පමණ වේ. සලාද ශාක සඳහා, බොහෝ වැඩි ප්‍රමාණයක් හිරු එළිය ලැබීම සඳහා එම ශාක අතර අවකාශය වැඩි කරනු ලැබේ. එමගින් සලාද ශාකයේ වර්ණය වර්ධනය වන අතර, එහි පෝෂණ මාත්‍රාවද වර්ධනය වේ. ලා පැහැ සිට සුදු පැහැ දක්වා සලාදවල (සමහර iceberge සලාදවල මධ්‍යයේ ඇත), සුළු පෝෂණ ප්‍රමාණයක් අඩංගු වේ.[13]

A transplanted bed of lettuce in a greenhouse

හොඳින් හිරු එළිය ඇති, නයිට්‍රජන් වලින් පොහොසත්, pH අගය 6.0 සිට 6.8 වන සැහැල්ලු පස සලාද වගාවට සුදුසුය. සලාද bolt කිරීම සඳහා තාපය උපකරී වේ. බොහෝ ප්‍රභේද 75 °F (24 °C) ට වැඩි උෂ්ණත්ව වලදී වැඩිම දුර්වල වේ; සීත දේශගුනය, ශාකය හොඳින් වැඩීමට උපකරී වේ. 60 ත් 65 °F (16 - 18 °C) අතර උෂ්ණත්වය වඩාත් සුදුස වන අතර, 45 °F (7 °C) වුවද දරා ගත හැකිය. උණුසුම් ප්‍රදේශ වල ඇති වගාව සඳහා, දවසේ උණුසුම් කාල වෙලාවේදී අර්ධ වශයෙන් සෙවන සැපයීමෙන් ශාක bolt වීම සෙමෙන් සිදුවේ. 80 °F (27 °C) ට වැඩි උෂ්ණත්වයේදී, සාමාන්‍යයෙන් සලාද බිජ ප්‍රරෝහණය වීම දුර්වල හෝ ප්‍රරෝහණය නොවේ. [28] අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව, සලාද 32 °F (0 °C) උෂ්ණත්වයේ සහ ආර්ද්‍රතාව 96 % යන තත්ව යටතේ දිගු කාලයක් තබා ගතහැක. සලාද පළතුරු වන ඇපල්, පෙයාර්ස් සහ කෙසෙල් සමග ගබඩා කල විට, ඒවායින් නිකුත් වන පැසීමේ කාරකයක් වන එතිලීන් වායුව හේතුවෙන් සලාද වල ගුණාත්මය ඉක්මණින් පහල බසී. සලාද වල අඩංගු වැඩි ජල ප්‍රතිශතය (94.9 %) නිසා, සලාද පරිරක්ෂණය කිරීමට උත්සහ කිරීමේදී ගැටළු රාශියක් මතුවේ. මේවා සීත කිරීම, ටින් කිරීම හෝ වියලීම කල නොහැකි බැවින් නැවුම් ලෙස ආහාරයට ගැනීම සුදුසුය. [29]

සලාද ප්‍රභේද එකිනෙක අතර දෙමුහුම් විම සිදුවේ. එය වැළකීම සඳහා ප්‍රභේද අතර පරතරය අඩි 5 ත් 20 (1.5 - 6.1 m)ත් වන ලෙස තැබීමෙන්, බිජ දුෂීත වීම වලකා ගත හැකිය. සලාද, Lactuca serriola (වල් සලාද) ද සමග දෙමුහුම් විය හැකිය. මෙයින් සෑදෙන බිජ මගින් සදෙන ශාක දැඩි සහ තිත්ත රසැති පත්‍ර වලින් යුක්තය. ප්‍රධන වශයෙන් ආසියාවේ, සලාද කඳන් ලබා ගැනීම සඳහා Celtuce ප්‍රභේදය වගා කෙරේ. මේවා පත්‍ර ලබා ගැනීම සඳහා පහසුවෙන් දෙමුහුම් කල හැකිය. [13] මෙම දෙමුහුම් කිරීමේ ඇති ප්‍රවණතාවය, අභිජනන ක්‍රියාවලියට මග පෙන්වයි. ලඟම නෑ සබඳතාව ඇති සලාද විශේෂ වන, L. serriola, L. saligna, සහ L. virosa, අභිජනනය කිරීමෙන් ලබා ගත හැකි ජාන තටාකය පුළුල් වේ. 1990 දී ආරම්භ කල, මෙම ක්‍රමවේදය මගින් ඈත දුරස්ථ නෑ සබඳතා ඇති L. tatarica වැනි විශේෂ අතරද, අභිජනනය අතර සිදු කෙරිණි. [30] සීත තත්ව යටතේ ගබඩා කිරීමෙන් බිජ හොඳින් කල් තබා ගත හැකිය.(ශිතජනක තත්ව)cryogenically යටතේ ගබඩා නොකළහොත්, සාමාන්‍යයෙන් මේවායේ ජීවිත කාලය අඩුවේ. −4 °F (−20 °C) උෂ්ණත්වයේ ගබඩා කල විට ජීවී කාලය දිගු කල හැකිය. [1] කාමර උෂ්ණත්වයේදී, සලාද බිජ වල ජීව කාලය මාස කිහිපයක් පමණි. කෙසේ වෙතත්, මෑතදී අස්වැන්න නෙලා ගත් සලාද ශාක වල බීජ ගබඩා කරනු ලබන්නේ ශිතජනක තත්ව යටතේය. වාෂ්ප නයිට්‍රජන් තුල තබා ගැනීමෙන් අර්ධ ආයුෂ කාලය අවුරුදු 500 දක්වාද, ද්‍රව නයිට්‍රජන් වල බහාලීමෙන් අවුරුදු 3400 දක්වා ආයු කාලය වැඩි කර ගත හැකිය. අස්වැන්න නෙලා ගත් විගස ශිතණය සිදු නොකළ හොත් මෙම වාසිය නැතිවේ. [31]

උප විශේෂ[සංස්කරණය]

A selection of lettuce cultivars

සලාද වල විවිධ මාදිලි ඇත. නමුත් ඉන් මාදිලි තුනක් (leaf, head and cos or romaine) බොහෝ විට දක්නට ලැබේ. [28] සලාද ශාකයේ මුලික උප විශේෂ කාණ්ඩ හතක් දක්නට ලැබේ. ඒවායේ විවිධ ප්‍රභේද ඇත:

  • Leaf – looseleaf සහ cutting නොහොත් bunching lettuce ලෙස හැඳින්වේ.[32] මෙම මාදිලියේ නිදහස් ලෙස / ලිහිල්ව මිටි බඳින ලද පලා බොහෝ විට දක්නට ලැබේ. මෙම මාදිලිය ඉතා පුළුල් ලෙස වගා කරන ආකාරයි. ප්‍රධාන වශයෙන් සලාද සැදීම සඳහා යොදා ගනී.[29]
  • Romaine/Cos – ප්‍රධාන වශයෙන් සලාද සහ සැන්විච් සැදීමේදී භාවිතා කරයි. [29] මෙම මාදිලිය Caesar salad වල නිතරම භාවිතා කරන ලද සලාද ශාකයයි.[21]
  • Crisphead – මෙය "iceberg" සලාද ලෙස හැඳින්වේ. මෙම මාදිලිය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතිකයන් අතර වඩාත් ජනප්‍රිය ආකාරයයි. මෙය තාපයට සංවේදී අතර සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ උතුරු ප්‍රදේශයේ වගා කෙරේ. මෙය හොඳින් ප්‍රවාහනය කල හැකිය. නමුත් මෙහි රසය සහ පෝෂණ ගුණය අඩුය. අනෙක් සලාද මාදිලි වලට වඩා මෙහි අඩංගු ජාල ප්‍රතිශතය වැඩිය.[29]
  • Butterhead – මෙය Boston හෝ Bibb සලාද ලෙස හැඳින්වේ.[32] මෙම මාදිලිය head lettuce ආකාරයකි. මෙහි පත්‍ර වල සැකැස්ම ලිහිල්ය, රසවත්ය සහ මොලොක් වයනයක් ඇත.[29]
Woju (莴苣), a lettuce variety grown for its stem used in Chinese cooking, sold in a Yangzhou supermarket
  • Summercrisp – මෙය Batavian හෝ French Crisp ලෙස හැඳින්වේ. මෙය crisphead සහ leaf මාදිලි වලට අතර මදි මාදිලියකි. මෙම වර්ගය විශාලය, ගිලීමට අපහසු වන අතර හොඳ සුවඳකින් යුක්තය. [32]
  • Stem – මෙම මාදිලිය පත්‍ර ලබා ගැනීමට වඩා seedstalk ලබා ගනිම සඳහා වගා කෙරේ. මෙය ආසියානු ජාතිකයන් ආහාර පිසිම සඳහා යොදා ගනී, එහිදී තැම්බූ සලාද ලෙසද තැටි වල ආලේපනයක් ලෙසාද යොදා ගනී. [29]
  • Oilseed – මෙය වගා කෙරෙනුයේ බීජ ලබා ගැනීමටය. එම බීජ මිරිකා තෙල් ලබා ගැනීම සිදු කරයි. මේවා ප්‍රධාන වශයෙන් ආහාර පිසීම සඳහා යොදා ගනී. මෙහි අඩු පත්‍ර ප්‍රමාණයක් ඇත. ආහාර ගිලීමට පහසු වන අතර අනෙක් මාදිලි වලට වඩා මේවයේ බීජ 50% කට ආසන්නව වැඩියෙන් සෑදේ.[33]

butterhead සහ crisphead සලාද මාදිලි ගෝවා සලාද ලෙසද හඳුන්වයි. එයට හේතුව නම් ඒවායේ හිස කොටස කොටය, පැතලිය. මේවා romain සලාද වලට වඩා ගෝවා වල හැඩයට සමානය.[34]

වගාවේ ඇති ගැටළු[සංස්කරණය]

A lettuce surrounded by weeds, which have crowded it to the point of bolting

බෝරෝන්, පොස්පරස්, කැල්සියම්, ලිතියම්,[35] මොලිබ්ඩිනම් හෝ කොපර් වල පෝෂණ ඌනතා දැකිය හැකිය. මේ නිසා ශාකයට විවිධ ආකාරයේ ගැටළු ඇති විය හැකිය. එනම් සලාද ශාකය විකෘති වීම සහ හිස කොටස වර්ධනය දුර්වල වේ.[28] සලාද ශාක වලට බොහෝ කෘමින් ප්‍රමාණයක් ඇදී ඒම සිදුවේ. ඉන් සමහරක් නම්, සලාද පැලැටි පස ආසන්නයෙන්ම කපා දමන කියත් පණුවන්, කම්බිලි පනුවන් සහ නෙමටෝඩාවන් දක්නට ලැබේ. මේ නිසා කහ පැහැති මිටි පැළ ඇතිවේ. tarnished ශාක මකුණාවන් සහ කුඩිත්තාවන් නිසා කහ පැහැති විකෘති පත්‍ර ඇතිවේ. පැළ මැක්කාවන් නිසා ශාක කුරු සහ ලා පැහැති පත්‍ර ඇතිවේ. thrip නිසා පත්‍ර අඳුරුවන් ,කොළ පැහැති හෝ රිදී පැහැති වේ. පත්‍ර කහින්නෝ, පත්‍ර අභ්‍යන්තරයේ ගුහා සාදා ගනී. මැක්කා සහ කුරුමිණියා වන් පත්‍ර වල සිදුරු සාදති. දළඹුවා, හම්බෙල්ලා සහ ගොලුබෙල්ලා වැනි සතුන් පත්‍ර වල විශාල සිදුරු සාදති. ක්ෂීරපායින් වන හාවෝ, groundhogs ද ශාක ආහාරයට ගනිති.[36] සලාද වල ආරක්ෂාකාරී සංයෝග වන sesquiterpene ලැක්ටොන් සහ ස්වභාවික ෆීනෝලික වන ෆ්ලෙවනොල් සහ ග්ල්යිකොසයිඩ් අඩංගුය. ඒවා කෘමින්ගෙන් ආරක්ෂා වීම සඳහා උදව් වේ. එක්තරා ප්‍රභේද වල මෙම සංයෝග අනෙක් ප්‍රභේද වලට වඩා අඩංගුය. තෝරාගන්නා ලද අභිජනන සහ ජාන වෙනස් කිරීම් මගින් පලිබෝධ ප්‍රනිරෝධතාව වැඩි වාණිජ ප්‍රභේද නිපද වීම ගැන අධ්‍යනය කෙරේද යොමු වී ඇත. [37]

සලාද ශාක වලට විවිධ වයිරස් රෝග ඇතිවේ. ලොකු නාරටි කල පැහැ වේ. විකෘති පත්‍ර සහ විශාල නාරටි, මොසැයික් වයිරස් කුඩිත්තන් මගින් පැතිරෙන මිටි පැළ වර්ධනයක් සහ විකෘති පත්‍ර ඇතිවේ. පත්‍ර කීඩවා පතුරවන බැක්ටීරියාවක් මගින් Aster yellows රෝගය වැළඳේ. මෙයින් විකෘති පත්‍ර ඇතිවේ. දිලීර රෝග වන පැව්ඩරි මිල්ඩිව් සහ ඩව්නි මිල්ඩිව් නිසා පත්‍ර mold සහ විනාශ වීම, පාදස්ථ කුණු විම සලාද ගිලිහි වැටීම, සහ අඳුරු වන් දිලීර මගින් මුළු ශාකයම කුණු වීම සහ කඩා වැටීම සිදුවේ. bottom rot, lettuce drop සහ gray mold, යන මේවා සම්පුර්ණ ශාකය කුණු වීමට සහ හැකිලීමට හේතු වේ.[36] එක් රොක් වූ සලාද පලිබෝධ ආකර්ෂණයට සහ රෝග සෑදීමට නැඹුරු වේ.[13] වල් පැළෑටි, බෝග වලට ගැටළුවක් වන නමුත් වගා කරන ලද සලාද වලට; විශේෂයෙන් බිජ වගා කල විට එසේ සිදු නොවේ. තවද පැළ සිටවූ මුල් කාලයේ වල් පැලෑටි සමග තරඟ කරයි. ඉර්තුව අවසාන වනතුරු තරඟය පැවතිය හැකි අතර, එම නිසා පැළ විකෘතිය වීම සහ අඩුවේ. [38] වල් පැලෑටි කෘමින්ට සහ පලිබෝධයන්ට ධාරක විය හැකි අතර අස්වනු නෙළීමද දුර්වල වේ. වාණිජ නිශ්පාදන වලදී වල් නාශක භාවිත කරයි. කෙසේ වෙතත් වල් නාශක නිසා වල් නාශක ප්‍රතිරෝධී වල් පැලෑටි බිහි වන අතර පරිසරය සහ සෞඛ්‍ය තත්වය කෙරෙහි බලපායි. [15]

නිෂ්පාදනය[සංස්කරණය]

Top 10 Lettuce Producing Countries
(in metric tons)
Rank Country 2010 2011
1  China 13,004,977 13,434,500
2  United States 4,105,580 4,070,780
3  ඉන්දියාව 1,005,850 1,059,851
4 ස්පාඤ්ඤය 809,390 868,436
5 ඉරානය 424,228 550,799
6 ජපානය 537,900 542,400
7 තුර්කිය 419,298 424,252
8 මෙක්සිකෝව 340,976 370,066
9 ඉරානය 843,344 364,843
10 ජර්මනිය 308,341 340,487
World 23,072,074 23,217,623
Source: UN Food & Agriculture Organization [39]

Lactuca ගණයට අයත් වාණිජ ශාකයක් ලෙස වැඩෙන එකම සාමාජිකයා සලාද ශාකයයි(lettuce). [40] එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) වාර්තා කල ආකාරයට 2010 දී, ලෝක ආහාර නිෂ්පාදනයෙන් සලාද සහ චිකොරි (FOA විසින් වාර්තාගත අරමුණු අනුව මෙම බෝග දෙවර්ගය සංයුක්ත කර ඇත) නිශ්පාදනය මෙට්‍රික් ටොන් 23622366 ක් විය. මෙම නිශ්පාදන ප්‍රධාන වශයෙන් චීනya (53%), ඇමරිකා එක්සත් ජනපදය (17%) සහ ඉන්දියාව (4%) යන රටවල් වලින් ලද ඒවාය.[41] ලෝක සලාද නිෂ්පාදනයේ ඉහලින්ම චීනය පැවතුනද, බහුතරය මෙම සලාද අස්වැන්න ගෘහස්තව පරිභෝජනය කරයි. ලෝකයේ සලාද ශාකය සඳහා වන නිර්යාතකරුවන්/අපනයන කරුවන් අතරින්, ස්පාඤ්ඤය පළමු ස්ථානයේ සිටින අතර ඇමරිකා එක්සත් ජනපදය දෙවන ස්ථානයේ සිටී.[24]

මහා පරිමාණ සලාද නිෂ්පාදන සඳහා, ප්‍රථම විශාල වෙළඳපොළ වුයේ බටහිර යුරෝපය සහ උතුරු ඇමරිකාව. 1900 න් පමණ පසුව ආසියාව, දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සහ අප්‍රිකාව ද තරමක් විශාල වෙළඳපොළ බවට පත්විය. සලාද වල විවිධ මාදිලි සඳහා, විවිධ ස්ථාන ප්‍රසිද්ධව ඇත. Butterhead උතුරු යුරෝපයේ සහ මහා බ්‍රිතාන්‍යයේ පැතිර පවතින අතර, romaine මධයදරණියේ, stem lettuce චීනයේ සහ මිසර දේශයේ පැතිර පැවතිණ. 20 වන සතවර්ශයෙන් පසුව, වරණ මාදිලි(crisphead, විශේෂයෙන්ම iceberg) වෙනස් වීම ඇරඹින. lettuce(සලාද ශාකය), උතුරු යුරෝපයේ සහ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රභල මාදිලිය බවට පත්වූ අතර බටහිර යුරෝපයේ වඩාත් ජනප්‍රිය විය. ඇමරිකා එක්සත් ජනපදයේ, crisphead lettuces ප්‍රමුඛ වන කාලය, 20 වන සතවර්ෂයේ මුල භාගය වන තුරුද කිසිම මාදිලියක් ජනප්‍රිය වී නැත. 1940 න් පසු, iceberg lettuce වර්ධනය වීමත් සමග, වැවුණු සහ විනාශ වූ සලාද වලින් 95 % ක්ම crisphead lettuce මාදිලියයි. මෙම සියවසෙ අවසානයේ, සෙසු මාදිලි නැවත ජනප්‍රසාදය ලබාගත් අතර අවසානයේදී නිෂ්පාදනය 30 % කට අධික විය. [42] ප්‍රථමයෙන් චිනයේ, Stem lettuce මාදිලිය, වැඩි දියුණු කිරීම සහ වගා කිරීම සිදු විය. [43]

20 වන සියවස අතරතුරදී, සලාද ශාකය නිෂ්පාදන ආකාර (ශාක වැඩිමේ සිට විකිණීම දක්වා සමස්ථ ක්‍රියාවලිය) බොහෝ විශාල විය. බොහෝ කෘශිකර්ම නිෂ්පාදන සකස් කරනුයේ රසායන ද්‍රවය විශාල ප්‍රමාණයක් එකතු කිරීම මගිනි. එනම් පොහොර සහ පළිබෝධ නාශක යි. නමුත් වෙළඳපොළේ කාබනික නිෂ්පාදන ප්‍රතිශතය වැඩි විය.– කුඩා ප්‍රමාණ වගා කරන්නන් ආරම්භ කල අතර, පසුව එය වාණිජ මට්ටම දක්වා පැතිරිණ. leaf සහ romaine lettuces මාදිලිද වර්ධනය විය. [42] 21 වන සියවසේ මුල් වර්ෂ කිහිපයේදී, මළු වල බහාලන ලද සලාද නිෂ්පාදන, සලාද වෙළඳපොලේ (විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ) වැඩි කොටසක් අයත් කර ගනිමින් සිටී. විනාශ වූ සලාද නැවුම් වෙළඳ පොල සඳහා පිලි නොගනී. අස්වැන්න නෙලීමෙන් පසු මේවා සම්මත ක්‍රමයට වඩා, ඇසුරුම් කරන ලද්දේ නම් වැඩි කාලයක් තබා ගත හැකිය. [44] 2007 දී, ඇමරිකා එක්සත් ජනපදයේ, සලාද නිෂ්පාදනයෙන් 70 ක ප්‍රතිශතයක්ම ලද්දේ කැලිෆෝනියා වෙන්ය.; එම රටේ සලාද ශාකය නිෂ්පාදන පරිභෝජනයේ තෙවන ස්ථානයේ පැවති අතර පළමු සහ දෙවන ස්ථාන පිළිවලින් තක්කාලි සහ දොඩම් ය.[45]

ආහාර පිසීම සඳහා භාවිතය[සංස්කරණය]

ක්‍රි.ව. 50 දී පමණ විස්තර වූ පරිදි, සලාද කොළ බොහෝ විට රෝමානු ජාතිකයන් විසින්, තෙල් සහ විනාකිරි සැකසුම සමග ආහාර පිසීම සහ පීලිගැන්විම සිදු කෙරිණ. කෙසේ වෙතත්, සමහර විට කුඩා පත්‍ර අමුවෙන් වුවද ආහාරයට ගනී. ක්‍රි.පූ 81-96 වන Domitian රාජ්‍ය සමයේදී, ඔවුන් භෝජනය ආහාරයට ගැනීමට පෙර lettuce සලාදය පිළිගැන්වීම චාරිත්‍රයක්ව පැවතුණි. පසු කාලීන රෝමානුවන් සහ යුරෝපීය ජාතිකයන් මෙම සලාද පිසීමේ සාම්ප්‍රදාය නොනවත්වා පවත්වාගෙන ගියහ. ප්‍රධාන වශයෙන්, විශාල romaine ප්‍රභේදය යොදා ගත්හ. තවද, ඔවුන් පත්‍ර මතට උණු කල තෙල් සහ විනාකිරි මිශ්‍ර කර යොදා ආහාර සාදා ගනී. [18] වර්තමානයේ, සලාද ශාකය වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ ඒවායේ පත්‍ර ලබා ගැනීම සඳහාය. එනමුත් එක් වර්ගයක් කඳ ලබා ගැනීමටද, තවත් වර්ගයක් බීජ ලබා ගැනීමටද වගා කරයි. එම බිජ තෙල් ලබා ගැනීම සඳහා යොදා ගනී.[17] බොහෝ සලාද ප්‍රභේද සලාද සෑදීමට භාවිතා කරයි. මේවා තනිව හෝ වෙනත් පලා වර්ග, එළවලු, මස්, චීස් සමග යොදා ගනී. බොහෝ විට, Romaine සලාද ප්‍රභේදය Caesar සලාද සෑදීම සඳහා යොදා ගනී. එයට හාල්මැස්සන් සහ බිත්තර භාවිතා කරයි. තවද සලාද කොළ, සුප් සහ සැන්විචස් සැදීමේදී සහ දවටන සඳහාද භාවිතා කරන අතරම එහි කඳ කොටස් අමුවෙන් හෝ පිස ආහාරයට ගනී. [46] සලාද ශාකයේ පරිභෝජන වර්ධනයෙහි වෙනසක් බටහිර රට වල සහ චීනයේ දක්නට ලැබේ. සෞඛ්‍ය අවදානම් සහ අමු පත්‍ර ආහාරයට ගැනීමට ඇති සංස්කෘතිකමය අකමැත්ත ඊට හේතු වේ. එම රටවල "සලාද" සාදන්නේ පිසින ලද එළවලු වලින් වන අතර, ඒවා උණුසුම්ව හෝ සීත ලෙස පිළිගන්වනු ලැබේ. බටහිර රටවලදීට වඩා, මෙම සලාද ශාකය විවිධ ආකාරයේ ආහාර බඳුන් සඳහා භාවිත වේ. bean curd සහ මස් ආහාර බඳුන්, සුප් සහ stir-fry plain හෝ වෙනත් එළවලු සමග. චීනයේ Stem lettuce, නමැති ප්‍රභේදය බොහෝ සෙයින් ක්‍ෂය වී තිබේ. එයට හේතුව, ඒවා අමුවෙන් හෝ පිස ආහාරයට එක් කර ගැනීමයි. ඒවා මුලික වශයෙන් සුප් වල සහ stir-frys වල ඇත.[43]

පෝෂණය සහ සෞඛ්‍ය[සංස්කරණය]

Lettuce (butterhead)
Nutritional value per 100 g (3.5 oz)
ශක්තිය 55 kJ (13 kcal)
කාබෝහයිඩ්‍රේට් 2.23 g
Vitamin A equiv. 166 μg (21%)
- beta-carotene 1987 μg (18%)
- lutein and zeaxanthin 1223 μg
Thiamine (vit. B1) 0.057 mg (5%)
Riboflavin (vit. B2) 0.062 mg (5%)
Pantothenic acid (B5) 0.15 mg (3%)
Vitamin B6 0.082 mg (6%)
Folate (vit. B9) 73 μg (18%)
Vitamin C 3.7 mg (4%)
Vitamin E 0.18 mg (1%)
Vitamin K 102.3 μg (97%)
Link to USDA Database entry
Percentages are approximated from
US recommendations for adults.
Source: USDA Nutrient Database

සලාද ශාකය විටමින් A, විටමින් K සහ පොටෑසියම් අඩංගු ශාකයකි. එම පෝෂකයන් එම ශාකයේ ප්‍රභේද මත රඳා පවති. අඳුරු කොළ පැහැති සලාද වල විටමින් A සාන්ද්‍රණය අධිකය. එසේම එහි ආහාර තන්තු (නාරටි වල සාන්ද්‍ර වී ඇත), කාබෝහයිඩ්රේට, ප්‍රෝටින් සහ මේදය සුළු ප්‍රමාණයක් අඩංගුය. තවද විටමින් C, කැල්සියම්, යකඩ සහ කොපර්, විටමින් සහ බහුල වශයෙන් ලවණ ද ශාක පත්‍රයෙහි අඩංගු වේ.[29] ස්වභාවික ලෙස සලාද ශාකය ලිතියම්[35] අවශෝෂණය සහ සාන්ද්‍රණය කර ගනී.

ආහාර මගින් උත්පාදනය වන රෝග[සංස්කරණය]

ගබඩා කරන ලද සලාද ශාක වල, food-borne රෝග කාරකය නොනැසී ජිවත් විය හැකිය. එසේ වුවද, ගබඩා කර ඇති කාලය අතරතුර, එම රෝග කාරක(ලිස්ටිරියා මොනොසයිටොජෙනෙස් හැර) ප්‍රමාණය අඩු විය හැකිය. listeriosis නම් බැක්ටීරියා අසදනයේ රෝග කාරකය, ගබඩාවේදී ගුණනය වේ. කෙසේ වුවත්, ආහාරයට සුදානම් කර ඇති සලාද නිෂ්පාදන වල බැක්ටීරියා විශාල වශයෙන් තිබුනද, 2008 වර්ෂයේදී ලිස්ටෙරෝසිස් (listeriosis) රෝග ආසාදනය පැතිරීමක් සොයාගෙන නැත. පර්යේෂකයන් මෙයට හේතුව නිෂ්පාදන වල කෙටි ජීව කාලය බව සත්‍ය ලෙසම පිළිගනී. දේශීය ක්ෂුද්‍රශාක, Listeria නම් බැක්ටීරියා සමග තරඟ කිරීම හෝ සලාද වල තිබිය හැකි ගුණාංග නිසා listeriosis රෝගය ඇති කරන බක්ටිරියාවට රෝගය ඇති කිරීමට හැකියාවක් නැත. [47]

සලාද වල දැකිය හැකි අනෙක් බැක්ටීරියා වන, Aeromonas විශේෂ, වසංගත ලෙස සිදු නොවේ. තවද Campylobacter විශේෂය, campylobacteriosis සහ Yersinia intermedia ආසාදන සඳහා හේතුවේ. Yersinia kristensenii (Yersinia හි විශේෂයන්), ඒවා ප්‍රධාන වශයෙන් සලාද වලින් හමුවේ. [48] E. coli O157:H7 සහ Shigella බැක්ටීරියා සලාද ශාකය සමග විශාල වශයෙන් පැතිරේ. සතුන්ගේ මළ ද්‍රව්‍ය ස්පර්ශ වීමත් සමග බොහෝ විට ශාක දුෂිත වේ. [49] විශේෂයෙන් කැලිෆෝනියා සලාද ව්‍යාපාරයේ බහුල වූ, රික්තක සිසිලන ක්‍රමය, E. coli O157:H7 නම් බැක්ටීරියා විශේෂය, වටහාගැනීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන බව, 2007 දී සිදු කල අධ්‍යන මගින් තහවුරු කරන ලදී. [50] සැල්මොනෙල්ලා බැක්ටීරියා, දුර්ලභ දර්ශයක් වන Salmonella braenderup දර්ශය මගින් සලාද ශාකය දුෂණය වේ. [51] සලාද වල වයිරස් වන, හෙපටිටිස් Aද ඇතුලත්ය. calicivirus සහ Norwalk-like වැනි මාදිලි, සලාද වල දැකිය හැක. සලාද වලද පරපෝෂිත ගහණ පතුරවයි. එයට Giardia lamblia ද ඇතුලත්වේ. [48]

ආගමික සහ ඖශදීය තොරතුරු[සංස්කරණය]

සලාද ශාකයේ සුලභ අරමුණ ආහාරයට සුදුසු කොළ ගහන එළවළුවක් ලෙස සලාද යොදා ගැනීමය. එයට අමතරව සලාද ශාකයේ විවිධ ප්‍රයෝජන පුරාණ කාලයේ සිට දක්නට ලැබිණ. එනම් ඖෂධයක් ලෙස හා ආගමික සංකේතයක් ලෙස යොදා ගත්හ. උදාහරණයක් ලෙස , පුරාණ මිසර ජාතිකයන් මෙම සලාද ගස් ලිංගික ශුරභාවය[42] පෙන්වන ශාකයක් ලෙස , ආදරයේ සහ කාන්තා ගැබ් දැරීමේ ප්‍රවර්ධකයක් ලෙසද හනුන්වන ලදී. එසේම රෝමානු ජාතිකයන් මෙම ශාකය ලිංගික ශක්තිය [52] වර්ධනය කරවන බව කියා සිටි. නමුත් මෙම අදහස් වලට ප්‍රතිවිරුද්ධ ලෙස, ග්‍රීක ජාතිකයන් මෙය පුරුෂ බෙලහිනතාවය [18] ඇති කරවන ලෙස හඳුන්වන අතරම මෙය අවමගුල් උත්සව වලදී යොදා ගනී (පෙනෙන පරිදි, Adonis ගේ අභාවය පිළිබඳව ජන ප්‍රවාදයේ එන ක්‍රියාකලාපය හේතුවෙන් ). තවද 1800 දී, බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් අතර මෙම සලාද ශාකය වඳ බව සහ මද සරු බව සඳහා හේතු වන බව විශ්වාසයක් පවතී. මෘදු මත කරවන ගුණයක් සලාද ශාකයට ඇත.– එය "sleepwort" ලෙස Anglo-Saxons විසින් හඳුන්වන ලදී. නමුත් වගා කල L. sativa වලට එහි වල් පැළෑටි [52] වලට වඩා අඩු මත් බවක් ඇත. මෙම මත් කරවන ගුණය sesquiterpene lactones හි ලක්ෂණයක් වේ. එය මෙම සලාද ශාකයේ කඳෙහි [27] සුදු දියරයක් (ගස් වල කිරි) මගින් ලබා ගනී. එය lactucarium නොහොත් "සලාද කංසා" ලෙස හැඳින්වේ.

සමහර අවස්ථා වලදී සලාද සාරය ක්‍රීම් සහ සමෙහි ආලේප කරන දියර සැදීම සඳහා යොදා ගනී. ඒවා ගොරෝසු සම සඳහා ද , හිරු එළියෙන් සම පිළිස්සීම වැලකීම සඳහාද ප්‍රයෝජනවත්ය. සලාද ශාකය අක්මාවේ රෝග සඳහාද ගුණ ශාකයකි. එක්තරා ඇමරිකානු ජාතිකයන්, මෙම සලාද ශාකය[52] අධිග්‍රහණය කිරීම මගින් වසූරිය සුව කල හැකි බව පිළිගැණුනු අතර ඉරාන ජාතිකයන්, උණසන්නිපාතය [53] සෑදුනු විට සලාද ඇට පරිභෝජනය කටන ලදී. ගැමි වෙදකමද , සලාද ශාකය විවිධ අවස්ථාවන් වලදී ප්‍රතිකාරකයක් වන බව කියාපායි. එනම් එය කායික හෝ මානසික වේදනාව, රක්තවාතය, ආතතිය, චකිතය, කැස්ස සහ උමතුව වැනි රෝග සඳහා ප්‍රතිකාරකයක් ලෙස ගැමි වෙදකමට අනුව යොදා ගත හැකිය. නමුත් විද්‍යාත්මක සාක්ෂි වලට අනුව මෙහි සමාන ප්‍රතිපල කිහිපයක් පෙන්නුම් කලද ඉහත සඳහන් කල ප්‍රයෝජන සොයා නොගැනිණ. වර්තමාන කාලයේදී, රෝපණය කරන ලද පලැටි ආහාරයට ගැනීමට වාරණයක් ඇති උතුරු ඉරානයේ, Yazidi ජනතාව අතර සලාද වල ආගමික බැඳීම නොකඩවාම පවත්වාගෙන යයි.[54]

යොමුව[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "Lactuca sativa". Kew Royal Botanical Gardens. සම්ප්‍රවේශය 2012-04-02. 
  2. 2.0 2.1 "Lactuca serriola L". United States Department of Agriculture. සම්ප්‍රවේශය 2012-04-02. 
  3. Hugh Fearnley-Whittingstall. "Grilled lettuce with goats' cheese". BBC. සම්ප්‍රවේශය 2013-05-17. 
  4. "Lactuca sativa L". Integrated Taxonomic Information System. සම්ප්‍රවේශය 2010-03-27. 
  5. "The Linnaean Plant Name Typification Project". Natural History Museum. සම්ප්‍රවේශය 2012-04-02. 
  6. "Lactuca sativa L". United States Department of Agriculture. සම්ප්‍රවේශය 2012-04-02. 
  7. Porcher, Michael H. (2005). "Sorting Lactuca Names". Multilingual Multiscript Plant Name Database. University of Melbourne. සම්ප්‍රවේශය 2012-04-02. 
  8. Zohary, Daniel; Hopf, Maria; Weiss, Ehud (2012). Domestication of Plants in the Old World: The Origin and Spread of Domesticated Plants in Southwest Asia, Europe, and the Mediterranean Basin. Oxford University Press. ISBN 0-19-954906-0. http://books.google.com/books?id=1hHSYoqY-AwC&pg=PA157#v=onepage&q&f=false. 
  9. "Lactuca sativa". Missouri Botanical Garden. සම්ප්‍රවේශය 2012-03-27. 
  10. 10.0 10.1 Fine Cooking Magazine (2011). Fine Cooking in Season: Your Guide to Choosing and Preparing the Season's Best. Taunton Press. පි. 28. ISBN 1-60085-303-X. http://books.google.com/books?id=eAyNxv2I1LoC&pg=PA28&dq=lettuce+leaf+color+range&hl=en&sa=X&ei=cMSFT6a4DoWdgwedn9nQBw&ved=0CEUQ6AEwAA#v=onepage&q=lettuce%20leaf%20color%20range&f=false. 
  11. 11.0 11.1 11.2 Ryder, J. and Waycott, Williams (1993). "New Directions in Salad Crops: New Forms, New Tools, and Old Philosophy". මෙම කෘතිය තුල: Janick, J and Simon J.E. New Crops. Wiley. පිටු 528–532. http://www.hort.purdue.edu/newcrop/proceedings1993/v2-528.html. 
  12. Smith, Richard; Cahn, Michael; Daugovish, Oleg; Koike, Steven; Natwick, Eric; Smith, Hugh; Subbarao, Krishna; Takele, Etaferahu; Turin, Thomas. "Leaf Lettuce Production in California" (PDF). University of California Vegetable Research and Information Center. සම්ප්‍රවේශය 2012-04-11. 
  13. 13.0 13.1 13.2 13.3 Weaver, pp. 175–176.
  14. "187e. Asteraceae Martinov tribe Cichorieae". Flora of North America. Efloras.org. සම්ප්‍රවේශය 2012-09-24. 
  15. 15.0 15.1 Davey, et al., pp. 222–225.
  16. "Lettuce". GMO Compass. සම්ප්‍රවේශය 2012-04-03. 
  17. 17.0 17.1 Katz and Weaver, pp. 375–376.
  18. 18.0 18.1 18.2 18.3 Weaver, pp. 170–172.
  19. Hart, George (2005). The Routledge Dictionary of Egyptian Gods and Goddesses (2nd සංස්.). Routledge. පි. 95. ISBN 1-134-28424-1. http://books.google.com/books?id=Q1LAiPylZm4C&pg=PA95&lpg=PA95&dq=lettuce+in+egyptian+ritual&source=bl&ots=4itqEJFLXw&sig=5GSUfBm5sU_QcVOXMrQNtlY9S5Y&hl=en&sa=X&ei=Dw97T9OALYXyggewivGAAw&ved=0CB4Q6AEwAA#v=onepage&q=lettuce%20in%20egyptian%20ritual&f=false. 
  20. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Weaver172 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  21. 21.0 21.1 "Vegetable of the Month: Lettuce". Centers for Disease Control and Prevention. සම්ප්‍රවේශය 2012-03-26. 
  22. Subbarao, Krishna V. and Koike, Steven T. (2007). "Lettuce Diseases: Ecology and Control". මෙම කෘතිය තුල: Pimentel, David. Encyclopedia of Pest Management, Volume 2. CRC Press. පි. 313. ISBN 1-4200-5361-2. http://books.google.com/books?id=DxrMm9lMFUAC&pg=PA313&dq=Christopher+Columbus+lettuce+new+world&hl=en&sa=X&ei=Od9wT9fwDsiviAKBn9WBDQ&ved=0CDAQ6AEwAA#v=onepage&q=Christopher%20Columbus%20lettuce%20new%20world&f=false. 
  23. 23.0 23.1 Weaver, pp. 172–173.
  24. 24.0 24.1 Boriss, Hayley and Brunke, Henrich (October 2005). "Commodity Profile: Lettuce" (PDF). University of California. සම්ප්‍රවේශය 2012-07-01. 
  25. Enochian, R.V. and Smith, F.J (November 1956). "House Packing Western Lettuce" (PDF). California Agriculture. http://ucce.ucdavis.edu/files/repositoryfiles/ca1011p3-64576.pdf. 
  26. Weaver, pp. 173–174.
  27. 27.0 27.1 Katz and Weaver, p. 377.
  28. 28.0 28.1 28.2 Bradley, p. 129.
  29. 29.0 29.1 29.2 29.3 29.4 29.5 29.6 "Lettuce". University of Illinois Extension. සම්ප්‍රවේශය 2012-03-25. 
  30. Koopman, Wim J.M.; Guetta, Eli; van de Wiel, Clemens C.M.; Vosman, Ben; van den Berg, Ronald G (1998). "Phylogenetic relationships among Lactuca (Asteraceae) species and related genera based on ITS-1 DNA sequences". American Journal of Botany 85 (11): 1517–1530. doi:10.2307/2446479. PMID 21680311. http://www.amjbot.org/cgi/content/full/85/11/1517. 
  31. Davey, et al., p. 241.
  32. 32.0 32.1 32.2 Miles, Carol. "Winter Lettuce". Washington State University. සම්ප්‍රවේශය 2012-03-26. 
  33. Katz and Weaver, p. 375.
  34. Larkcom, Joy and Phillips, Roger (2003). The Organic Salad Garden. Frances Lincoln Ltd. පි. 12. ISBN 0-7112-2204-5. http://books.google.com/books?id=SsQ8XBJkGG8C&pg=PA12&lpg=PA12&dq=crisphead+cabbage+lettuce&source=bl&ots=z5omQjsCMN&sig=QBlnrfme9WNR8FuDMO9ddVwNxjc&hl=en&sa=X&ei=8upwT_PKIfDViALb9dyzDA&ved=0CDsQ6AEwBA#v=onepage&q=crisphead%20cabbage%20lettuce&f=false. 
  35. 35.0 35.1 Hullin, R. P.; M. Kapel, Jennifer A. Drinkall (28 June 2007). "The lithium contents of some consumable items". International Journal of Food Science & Technology 4 (3): 235–240. doi:10.1111/j.1365-2621.1969.tb01519.x. ISSN 09505423. 
  36. 36.0 36.1 Bradley, pp. 129–132.
  37. "Developing Multi-Species Insect Resistance in Romaine Lettuce". United States Department of Agriculture. සම්ප්‍රවේශය 2012-04-05. 
  38. "Lettuce: Integrated Weed Management". UC Pest Management Guidelines. University of California. August 2007. සම්ප්‍රවේශය 2012-04-03. 
  39. "Production of Lettuce & Chicory by countries". UN Food & Agriculture Organization. 2011. සම්ප්‍රවේශය 2013-08-28. 
  40. Koike, Steven T; Gladders, Peter; Paulus, Albert O. (2006). Vegetable Diseases: A Color Handbook. Gulf Professional Publishing. පි. 296. ISBN 0-12-373675-7. http://books.google.com/books?id=iPgTGhaGRl4C&pg=PA296#v=onepage&q&f=false. 
  41. "FAO Statistics Database". Food and Agriculture Organization of the United Nations. සම්ප්‍රවේශය 2012-03-24. 
  42. 42.0 42.1 42.2 Katz and Weaver, p. 378.
  43. 43.0 43.1 Simoons, Frederick J. (1991). Food in China: A Cultural and Historical Inquiry. CRC Press. පිටු 147–148. ISBN 0-8493-8804-X. http://books.google.com/books?id=Fo087ZxohA4C&pg=PA148&lpg=PA148&dq=lettuce+consumption+in+china&source=bl&ots=7TUyOHVlR_&sig=577j7r7qqF5ndBhKuBeXzufAZK4&hl=en&sa=X&ei=QLLvT7HFBcWqrQG3zKSOAg&ved=0CGMQ6AEwBw#v=onepage&q=lettuce%20consumption%20in%20china&f=false. 
  44. Fulmer, Melinda (August 19, 2002). "Lettuce Grows Into A Processed Food". Los Angeles Times. http://articles.latimes.com/2002/aug/19/business/fi-lettuce19. ප්‍රතිෂ්ඨාපනය 2012-06-30. 
  45. Davey, et al., p. 222.
  46. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Katz376 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  47. Hanning, I.B.; Johnson, M.G.; Ricke, S.C (December 2008). "Precut prepackaged lettuce: a risk for listeriosis?". Foodborne Pathogens and Disease 5 (6): 731–746. doi:10.1089/fpd.2008.0142. PMID 18847382. 
  48. 48.0 48.1 "Chapter IV. Outbreaks Associated with Fresh and Fresh-Cut Produce. Incidence, Growth, and Survival of Pathogens in Fresh and Fresh-Cut Produce". Analysis and Evaluation of Preventive Control Measures for the Control and Reduction/Elimination of Microbial Hazards on Fresh and Fresh-Cut Produce. US Food and Drug Administration. April 12, 2012. සම්ප්‍රවේශය 2012-04-19. 
  49. Davis, J. G., and Kendall, P. "Preventing E. coli from Garden to Plate". Colorado State University. සම්ප්‍රවේශය 2012-03-26. 
  50. Li, Haiping; Tajkarimi, Mehrdad; Osburn, Bennie I (2008). "Impact of Vacuum Cooling on Escherichia coli O157:H7 Infiltration into Lettuce Tissue". Applied and Environmental Microbiology 74 (10): 3138. doi:10.1128/AEM.02811.07. 
  51. Gajraj, Roger; Pooransingh, Shalini; Hawker, Jeremy; Olowokure, Babatunde (April 2012). "Multiple outbreaks of Salmonella braenderup associated with consumption of iceberg lettuce". International Journal of Environmental Health Research 22 (2): 150–155. doi:10.1080/09603123.2011.613114. 
  52. 52.0 52.1 52.2 Watts, Donald (2007). Dictionary of Plant Lore. Academic Press. පි. 226. ISBN 0-12-374086-X. http://books.google.com/books?id=WAagnZNb0cAC&pg=PA226&dq=Medicinal+uses+of+lettuce&hl=en&sa=X&ei=4xVtT8XVOKiniQKbh6zDBQ&ved=0CF8Q6AEwBw#v=onepage&q=Medicinal%20uses%20of%20lettuce&f=false. 
  53. Duke, James A.; Duke, Peggy-Ann K.; DuCellie, Judith L. (2007). Duke's Handbook of Medicinal Plants of the Bible. CRC Press. පි. 232. ISBN 0-8493-8202-5. http://books.google.com/books?id=UcLYLpwdcm8C&pg=PA230#v=onepage&q&f=false. 
  54. MacFarquhar, Neil (2003-01-03). "Bashiqa Journal: A Sect Shuns Lettuce and Gives the Devil His Due". The New York Times. සම්ප්‍රවේශය 2012-03-23. 

උපුටා දැක්වීම[සංස්කරණය]

  • Bradley, Fern Marshall; Ellis, Barbara W.; Martin, Deborah L., eds (2009). The Organic Gardener's Handbook of Natural Pest and Disease Control. Rodale. ISBN 978-1-60529-677-7. 
  • Davey, M. R.; Anthony, P.; Van Hooff, P.; Power, J. B.; Lowe,, K. C. (2007). "Lettuce". Transgenic Crops. Biotechnology in Agriculture and Forestry. Volume 59. Springer. ISBN 978-3-540-36752-9. 
  • Katz, Solomon H.; Weaver, Williams Woys (2003). Encyclopedia of Food and Culture. Volume 2. Scribner. ISBN 978-0-684-80565-8. 
  • Weaver, Williams Woys (1997). Heirloom Vegetable Gardening: A Master Gardener's Guide to Planting, Seed Saving and Cultural ඉතිහාසය. Henry Holt and Company. ISBN 978-0-8050-4025-8. 

බාහිර සබැඳුම[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සලාද_(ශාකය)&oldid=386059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි