ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

විකිපීඩියා වෙතින්
(සබරගමුව විශ්වවිද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)
සබරගමුව විශ්වවිද්‍යාලය,ශ්‍රී ලංකාව
ගොනුව:Logo-SUSL.png
ආදර්ශ පාඨයනත්ථි පඤඤා සමා ආභා (පාලි)
පිහිටුවන ලද්දේ1991
වර්ගයරාජ්‍ය
කුලපතිමහාචාර්ය, පූජ්‍ය කබුරුගමුවේ වජිර හිමි
උපකුලපතිමහාචාර්‍ය R.M.U.S.k රත්නායක
පරිපාලන කාර්ය මණ්ඩලය200
උපාධි අපේක්ෂකයා4250
පිහිටීමබලංගොඩ, රත්නපුර, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
වර්ණදුඹුරට හුරු රතුපාට,රන්වන්
වෙබ් පිටුවhttp://www.sab.ac.lk/

සබරගමුව විශ්වවිද්‍යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ බෙලිහුල්ඔය පිහිටා ඇත. එය ලෝකාන්තය පාමුල සමනල වැව අද්දර කඳු යායකින් වට වූ මනස්කාන්ත භූමියක පිහිටා ඇත.ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය භූවිඥාපන, ව්‍යවහාරික විද්‍යාව, කෘෂි විද්‍යාව, කළමනාකරණ, භාෂා හා සමාජ විද්‍යාව, තාක්ෂණ පීඨය හා වෛද්‍ය පීඨය යන පීඨ හතකින් සමන්විත වන අතර අධ්‍යයන අංශ පහළොවක් යටතේ උපාධි පාඨමාලා දහ හතරක් සඳහා උපාධි පිරිනමනු ලබයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 12 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 12277 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. [1]

ඉතිහාසය[සංස්කරණය]

1992 වර්ෂයේ අනුබද්ධ විශ්වවිද්‍යාලයක් වශයෙන් ආරම්භ වූ අතර 1996 දී ජාතික විශ්වවිද්‍යාලයක් වශයෙන් ස්ථාපනය කරන ලදි. ගරු මහාචාර්ය ජේ.ඩී.ඩබ්.පී.සී. සෝමසුන්දර මහතාගේ මූලිකත්වයෙන් යුතුව අධ්‍යයන පාඨමාලා 4න් සමන්විතව ආර්ම්භ කරන ලදි.

විශ්වවිද්‍යාල ව්‍යුහය[සංස්කරණය]

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය භූවිඥාපන, ව්‍යවහාරික විද්‍යාව, කෘෂි විද්‍යාව, කළමනාකරණ හා භාෂා හා සමාජ විද්‍යාව යන පීඨ පහකින් සමන්විත වන අතර අධ්‍ය්නාංශ පහළොවක් යටතේ උපාධි පාඨමාලා දහ හතරක් සඳහා උපාධි පිරිනමනු ලබයි. ආවාර්ය මණ්ඩලයේ ව්‍යුහය ජ්‍යේෂ්ඨ මහාචාර්යවරුන්ගේ සිට තාවකාලික ශිල්ප ප්‍රදර්ශකවරු දක්වා විහිදී පවතී. කෘෂි විද්‍යා පීඨය සඳහා පර්යේෂණාගාර හතරක් ඇත.


අධ්‍යාපන පීඨ හා අංශය


  • කෘෂිකර්ම විද්‍යාව අධ්‍යාපන පීඨය
  • කෘෂිව්‍යාපාරය කළමනාකරණයඅංශය
  • අපනයන කෘෂිකර්මාන්තයඅංශය
  • පශු සම්පත නිෂ්පාදනයඅංශය
  • ප්‍රායෝගික විද්‍යා අධ්‍යාපන පීඨය
  • බාහිර විද්‍යාව අංශය
  • ආහර විද්‍යාව සහ තාක්ෂණ අංශය
  • ස්වාභාවික සම්පත්අංශය
  • පරිගණක සහ තොරතුරු පද්ධතිය අංශය
  • ක්‍රීඩාව විද්‍යාව සහ කළමනාකරණය අංශය
  • බාහිර අධ්‍යාපනය අංශය
  • භූවිඥාපනඅධ්‍යාපන පීඨය
  • මැනුම සහ භූමිතිවිද්‍යාව අංශය
  • සිතියම් විද්‍යාව, ඡායාලේඛනමිතිය, දූරස්ථ සංවේදනය කිරීම සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS)අංශය
  • කළමනාකරණ අධ්‍යාන පීඨය
  • ව්‍යාපාර කළමනාකරණය අංශය
  • ගණකාධිකරණය සහ මුදල් පාලනය අංශය
  • සංචාරක ව්‍යාපාරය කළමනාකරණය අංශය
  • අලෙවිකරණය අංශය
  • සමාජ විද්‍යාව සහ භාෂා පීඨය
  • සමාජ විද්‍යාව අංශය
  • භාෂා අංශය
  • ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම් අංශය

බාහිර සබැදි[සංස්කරණය]

  1. http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015