සත්‍යය (ද එක්ස් ෆයිල්ස්)

විකිපීඩියා වෙතින්
"ද ටෘත්"
ද එක්ස්-ෆයිල්ස් කථාංගය
කථාංග අංකය.කථාවාරය 9
කථාංගය 19 & 20
අධ්‍යක්ෂණය කළේකිම් මැනර්ස්
ලියනු ලැබුයේක්‍රිස් කාටර්
නිෂ්පාදන කේතය9ABX19[1]
9ABX20[1]
මුල් තිරගත දිනයමැයි 19, 2002 (2002-05-19)
ධාවන කාලයමිනිත්තු 87[2]
ආරාධිත නළු
කථාංග කාලානුක්‍රමය
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව


"සත්‍යය" "The Truth" වනාහි ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කථා මාලාවක් වූ ද එක්ස්-ෆයිල්ස් හි 201 වැනි හා 202නි කථාංගයන් සඳහා යොදාගත් නාමයයි. නමවැනි කථා මාලාවේ අවසාන කථාංග වූ මේවා මුලු කථාංග මාලාවලම අවසානයට සටහන් යෙදීය. කථාංග දෙකම එකවර ෆොක්ස් මාධ්‍ය ජාලය ඔස්සේ 2002 වසරේ මැයි මස දහනම වන දින විකාශනය කල අතර රචනා අයිතිය ක්‍රිස් කාටර් ද අධ්‍යක්ෂනය කිම් මැනර්ස් ටද හිමිවිය. "සත්‍යය" ඇමරිකානු ජනයාගෙන් වැඩිම පිරිසක් නැරඹූ නමවැනි කතාංග මාලාවේ කතාංග වන අතර නේල්සන් ආයතනයේ 7.5ක තක්සේරු කිරීමක් ලැබීය.මුල් දිගහැරුමේදීම ඇමරිකානු ජනගහනයෙන් 7.5% ක ආකර්ෂනය දිනා ගත් අතර එය ආසන්ව මිලියන දහතුනක් පමන වේ. විචාරකයන් රාශියක් මෙහි අවසානය විවේචනාත්මක මුඛයෙන් බැහැර කල අතර තව පිරිසක් ඩේවිඩ් ඩකෝව්නිගේ ආගමනය සහ කතාංගයේ ලද නිගමනය පැසසීය.

මෙය දිගහැරෙන්නේ සම්මත විද්‍යා ගවේෂන වලට පරිභාහිර වූ සිද්ධි අඩංගු එක්(ස්) ෆයිල්ස් හි ගැටළු අධ්‍යයනය කරන නියෝජිතයන් වටාය. මෙම කථාංග මාලාවේ කේන්ද්‍රගත කරනුයේ ජෝන් ඩොගට් (රොබට් පැට්‍රික්), මොනිකා රියෙස් (ඇනබෙත් ගිෂ්) සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) ගේ අන්වේක්ෂණයන්ය.මෙම කථාංගයේදී(එපිසෝඩයේදී), අවසාන වසරේදී ෆොක්ස් මෝල්ඩර්ගේ හෝඩුවාවක් නොලැබෙන නිසා වෝල්ට(ර්) ස්කිනර්(මිච් ප්ලෙගි) සහ ස්කලි සොයාගන්නවා මෝල්ඩර් විසින් සිදුනොකල හමුදා නිළධාරියෙකුගේ මිනීමැරුමක් සම්බන්ධව රජයේ රහසිගත "විශේෂ සොල්දාදුවන්" ගෙන් කෙනෙක් වන නොවෙල් රොහර් (ඇඩම් බෝල්ඩ්වින්) ඔහුව රදවාගෙන සිටින බව. මෝල්ඩර් විසින් ස්කිනර්,රියෙස්,ඩොගෙට්,ස්කලි හා එල්වින් කර්ෂ් ගේ උදව් සහිතව සිරගෙයින් පලායන අතර ස්කලි සමඟ එක්වී නව මෙක්සිකෝ හි හෙලිකොප්ටර් විනාශ වන ඇනසාසි කඳු ප්‍රපාත දිගේ පදිංචි වීමට ස්මෝකින් මෑන් (දුම් බොන මිනිසා) සමඟ එක්වී ගමන් කරනවා.

මෙම කථාංගයෙහි ප්‍රධාන ලක්ෂනය වන්නේ අටවැනි කථාංග මාලාවේ අවසානයේ නික්ම යන ඩකොව්නි(මෝල්ඩර්) ගේ යළි පැමිනීමයි. "සත්‍යය" දීර්ඝ කාලීන වෘතාන්ත වලට නැවතීමේ තිත තැබූ අතර එය නව චිත්‍රපට සඳහා මුල පිරීමක් විය.කැමරාකරණ කටයුතු සඳහා කැලිෆෝනියාවේ විවිධ ස්ථාන පාදක කරගත් අතර ඒ අතර ජල විදුලි බලාගාරයක්ද විය.කාටර් දෙවැනි වතාවට එක්ස් ෆයිල්ස් භාවිතයෙන් චිත්‍රපටයක් නිපදවූ අතර එය එක්ස් ෆයිල්ස්/වෝන්ට් ‍ටු බිලීව් නම් විය. මෙහි ලද ප්‍රසිද්ධිය නිසාම තෙවැනි චිත්‍රපටයක් සඳහා නෙත යොමුවී ඇති අතර එයට "සත්‍යය"හි ගෙනහැර දැක්වූ පාරබෞම ආක්‍රමණය ඉලක්ක වී ඇත

කථාංගය[සංස්කරණය]

මවුන්ට් වෙදර් හමුදා කඳවුරේදී, ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩකොව්නි) රජයේ නිළධාරීන් කිහිප දෙනෙකු සමඟ පෙනී සිටියේය. ඔහු ඉතා ආරක්ෂිත පරිගනක පද්ධතියක් ආධාරයෙන්, විශේෂයෙන් වර්ගීකරනය කරන ලද ලිපි ගොනු වෙත පිවිසියේය.මේ ලිපි කියවීමෙන් ඔහු කම්පනයට හා ආකූලභාවයට පත් විය.මේ ග්‍රහලෝකයේ පිටසක්වල හමුදාවන්ගේ අවසාන පදිංචි කිරවීම පිලිබඳ තොරතුරු එහි අඩංගු විය. දිගටම කියවීමට අවස්ථාවක් ලැබීමට ප්‍රථම, තවත් පුද්ගලයෙක් තමා දෙසට පැමිනෙන ශබ්දය මෝල්ඩර්ට ඇසුනි.ඔහු සැනෙකින් සැඟවී බලා සිටි අතර නෝල් රෝර(ර්)(ඇඩම් බෝල්ඩ්වින්) පරිගනක පද්ධතිය වෙත ඇතුල්වන අයුරු නිරීක්ෂනය කලේය.නෝල් රෝර(ර්),ජෝන් ඩොගට්(රොබට් පැට්‍රික්)ගේ මිතුරෙකු ලෙස කලකට ඉහතදී සිටි අතර මේ වන විට ඔහු ආපසු වෙනස් කල නොහැකි පරිදි සතුරු "සුපිරි සොල්දාදුවෙක්" බවට පත්කර තිබුනි.පරිගනක පද්ධතියට කිසිවෙකු ඇතුල්වී ඇති බව රෝර(ර්)ට ක්ෂනිකව අවබෝධ විය. මෝල්ඩර් රෝර(ර්)ට පහර දිමට උත්සාහ කලත් රෝර(ර්) එය මැඩ පවත්වා ගනී.ඉන්පසු මෝල්ඩර් උමතුවෙන් මෙන් දිව ගියත් රෝර(ර්) පසෙකින් විත් ඔහුව වට කර ගනී.ඉතා දරුනු පොරබැදීමකින් මේ දෙදෙනා අතර සිදුවන අතර මෝල්ඩර් ඇවිදින මංතීරුවෙන් ඉවතට රෝර(ර්)ව විසි කරයි.රෝර(ර්) වැටෙනුයේ අධිවෝල්ටීය කම්බි ‍රැහැන් උඩට ය. විදුලිබලය ශරීරයට වැදීම නිසා රෝර(ර්) මිය යයි. මෝල්ඩර් පැන යාමට උත්සාහ කලද එසැනින්ම ඔහු සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ අත් අඩංගුවට පත් වෙයි.

මෝල්ඩර් අත් අඩංගුවට පත් වීමේ සිද්ධිය එෆ්.බී.අයිF.B.I ආයතනයට සැලවෙන අතර ඔහුගේ නැවත මතුවීම විශේෂයෙන් මෙවන් දරුනු ආකාරයකින් ඔහුගේ මතුවීම නිසා ස්කලී හා වෝල්ටර් ඔහුව බැලීමට පිටත් වෙයි. ඔහු අසුවී සිටි කාලයේදී ඔහුගේ අතීතයේ මායා කරුවන් දෙදෙනා වන ඇලෙක්ස් ක්‍රයිසෙක් සහ එක්ස් විශ්මයජනක ලෙස ඔහු හමුවීමට පැමිනෙයි. මේ අතර ස්කලී හා ස්කිනර් මෝල්ඩර් නිදහස් කරගැනීමට විශාල උත්සාහයක් ගත්තද එය අසාර්ථක විය.මෝල්ඩර්ගේ දෛවය වූයේ අවසනදී යුධ අධිකරනයට භාජනය වීමයි.මෝල්ඩර්ට විරුද්ධව ගොනු කල ප්‍රසිද්ධ නඩු විභාගයේ දී මෝල්ඩර් බලාපොරොත්තු රහිත ලෙස අසරණ වන බව ආරම්භයෙදීම පෙනී ගියා.

ස්කිනර් මෝල්ඩර්ගේ විත්තිකරු ලෙස පෙනී සිටි අතර ස්කලි,ඩොගට්,මොනිකා රීස්(ඇනබත් ගිෂ්), මරිටා කවර්බස්(ලෝරේ හොල්ඩන්), ගිස්බන් ප්‍රේස්(ජෙෆ් ගුල්කා) හා ජෙෆ්‍රි ස්පෙන්ඩර්(ක්‍රිස් ඔවන්ස්) මෝල්ඩර් වෙනුවෙන් සාක්ෂි දුන්හ. පැමිණිලි පක්ෂය රෝරර් ගේ මෘත ශරීරය මෝල්ඩර්ට එහෙහි සාක්ෂි ලෙස ඉදිරිපත් කලේය.රෝරර් අදෘශ්‍යමාන "සුපිරි සොල්දාදුවෙක්" බව ස්කලී දැන සිටි අතර වෛද්‍ය පරීක්ෂනකකින් මෘත ශරීරය රෝරර් ගේ නොවන බව ඔප්පු කර පෙන්වීය. එසේ උවත් විත්තිය අවසානයේ පරජයට පත් විය. යුධ නිළධාරියෙක් මරනයට පත්කිරීම සම්බන්දව මෝල්ඩර්ට මරන දඬුවම නියම විය.නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇල්වින් කර්ෂ් මහතාගේ බලාපොරොත්තු නොවූ සහය නිසාවෙන් නියෝජිතවරු මෝල්ඩර්ට පැන යාමට උදවු කලහ.කැනඩාව හරහා මහද්වීපය අතහැර යාමට උපදෙස් ලැබී තිබුනත් මෝල්ඩර් ස්කලී සමග නව මෙක්සිකෝව ට පලා යයි. සොගට් හා රේස් ඔව්න්ගේ කාර්යාලය හිස් බව දැන ගත්තා. එයින් ඇඟවුනේ එක්ස් ෆයිල්ස් තෙවනි වතාවටත් වසා ඇති බවයි


මෝල්ඩර් හා ස්කලී ඇනසාසි වෙත පිවිසෙන්නේ "බුද්ධිමත් මිනිසා" සොයා ගැනීමේ අරමුනෙන්. ඔවුන් විශ්වාස කලා මේ "බුද්ධිමත් මිනිසා"ට මෝල්ඩර් කියවූ වර්ගීකරනය කරන ලද ලිපි පිළිබඳ යම් කිසි දැනුමක් ඇති බව. ඔවුන් සොයගත්තා මෙම ප්‍රසිද්ධ "බුද්ධිමත් මිනිසා" වෙන කවුරුත් නොව ස්මෝකින් මෑන් (විලියම් බී.ඩේවිස්) වන බව.ඔහු සැගවෙමින් සිටියේ සිදුවන බවට අනාවැකි පල කල ලෝක විනාශයෙන් බේරීමට.පිටත රේස් හා ඩොගට්, මෝල්ඩර් හා ස්මෝකින් මැන් මැරීමට පැමිනි රොරර් සමඟ සටන් කලා.ඔහු සුපිරි සොල්දාදුවෙක් නිසා කලින් වතාවෙ මියගොස් නැහැ.නටඹුන් වල තිබූ මැග්නටයිට් සුපිරි මනුෂ්‍ය ශරීරයට බලපෑම හේතුවෙන් මෙවර රෝරර් මිය ගියා.මෝල්ඩර් හා ස්කලීත් ඩොගට් හා රේස් මෝට(ර්) රථ මාරු කරගෙන එම ස්ථානයෙන් පිටත් වුනා.කළු හෙලිකොප්ට(ර්) පෙළ "ස්මෝකින් මෑන්" සමඟම කඳුකර වාසස්ථාන විනාශ කර දැමුවා.ඉන්පසු ඒවා වැරදි මෝට(ර්) රථය පි‍ටුපස හඹා යෑමට පටන් ගත් අතර ඩොගට් හා රේස් වේගයෙන් ඉවතට ඇදීයාම අවසාන දර්ශනය විය.

නව මෙක්සිකෝවේ රොස්වෙල්හි කුඩා හෝටල් කාමරයක මොල්ඩර් හා ස්කලී නින්දට සූදානමින් කතා කරමින් සිටියා.මෝල්ඩර් ඔහුගේ විශ්වාසය මේ අයුරින් විස්තර කලා."මිය යන අය අපිට අහිමි වෙන්නේ නැහැ.ඔව්න් අපට වඩා විශිෂ්ඨ වූ යමක කොටසක් වෙලා අපට කථා කරනවා.අපට වඩා සෑම පිටසක්වල හමුදාවකටම වඩා විශිෂ්ඨයි එය.ඉතින් ඔබ හා මා හට දැන් කිසිම බලයක් නැත්නම්,මා විශ්වාස කරනවා අපි ඇහුන්කම් දුන්නොත් ඔව්න් කියන දේට එය අපට බලය දෙයි ජීවිත බේරා ගැන්මට.සාර්ථකත්වය ලැබීමට තියෙන්නේ ඉතා කුඩා ඉඩ ප්‍රස්ථාවක් වුවත්,සමහරවිට අලුත් බලාපොරොත්තුවක් ලැබෙයි".[4][5]

නිෂ්පාදනය[සංස්කරණය]

A man with white hair is looking and smiling at the camera.
Chris Carter ක්‍රිස් කාටර් විසින් මෙම කථාංගය රචනා කල අතර පෙන්වා දුන්නා "ඒක පුදුමාකාර හැගීමක් මේ වගේ දෙයක් ලියන එක එහි අවසානය බව දැන දැනම".[6]

රචනය[සංස්කරණය]

මෙම පරිච්චේදය ලියන ලද්දේ මාලා නාට්‍ය රචකයකු වෙන ක්‍රිස් කාටර් විසිනි.ඔහු මෙසේ සඳහන් කරයි."එය අවසානයයි.නැවත ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැත.එම නිසා ඔබ මෙ කථාංගයට ඇතුලත් කලයුතුයයි සිතෙන සියලුම දේ ඇතුලත් කරන්න."[7]සැබැවින්ම සිදුවූ දෙය පිලිබඳ අපගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා වූ දේ තිබුනි."ඔහු ඔහුගේ අදහස පැහැදිලි කරනවා,ඔහුත් ඔහුගේ විධායක අධ්‍යක්ෂ ෆ්‍රෑන්ක් ස්පොට්නිස් මහතාත් මෙසේ තීරනයකට එලඹුනු බව කියමින්."එය වෙන්න ඇති සමහරවිට නික්ම යාමට කාලය.ස්කලී කරන සමහර වැඩ දකින ඒ වගේම මෝල්ඩර් කියන කථා අහන අන්තිම අවස්ථාව බව දැන දැන මේ දේවල් ලියන එක ඇත්තෙන්ම පුදුමාකාර දෙයක්. කාටර් මෙම නිවේදනය ජනවාරියේදී කලා.එම නිසා කථා මාලාවේ අවසාන කොටස ගැන සිතන්නත්,සැලසුම් කරන්නත්,නලු නිළියන්ට හිඟ මුදල් ගෙවන්නත් කාලය ලැබුනා.ස්පොට්නිස් එසේ විස්තර කලේය.ඉන්පසු ගිෂ් මෙලෙස ප්‍රකාශ කලේය."ඔවුන් තිරය වැසීමෙදී යොදා ගන්නා මනරම් ක්‍රමය පිලිබඳ මගේ ඉමහත් ගෞරවය නිතැතින් හිමිවෙනවා."ජොනතන් බයර් චරිතයට පන පෙවූ [8] Actor නලු බෲස් හාවුඩ් අවසාන පරිච්ඡේදය "පරම්පරාවක නික්ම යාම" ලෙස නම් කලා අතර මේ පරිච්ඡේදයේ දර්ශන කිහිපයක්ම මූල ධාතුවේ ස්වරූපය පෙර කොටස් වලට නෑකම් කියයි.[8]

මෝල්ඩ්ර් හා ස්කලී හෝටල් කාමරයක කතා කරමින් සිටින අවසන් දර්ශනය නියමු පරිච්ඡේදය සිහි ගන්වයි. pilot episode.[9] තවදුරටත් බැලීමේදී පිටසක්වල ජීවීන් 2012.12.22 දින පැමින පදිංචි වීමට සැලසුම් සකස් කර ඇති බව "ස්මෝක් මෑන්" විසින් හෙලිදරව් කරනවා.එය මායා වරුන් ගේ අනාගත වාක්‍යට අනුව සිදුවන සංසිද්ධියක්.මෙය එක් අතකින් දෙවන කොටස "රතූ කෞතුකාගාරය" වෙත නැවත දිවයාමක් වැනියි. 2012 නව වකවානුවක ආරම්භය සනි‍ටුවහන් කරන බව විශ්වාස කරන නව ආගමික ව්‍යාපාරයේ සාමජිකයන් ගැන එහි කියවෙනවා.

එක්ස් ෆයිල්ස් - "මට විශ්වාස කිරීමට අවශ්‍යයි" 2008 වසරේ චිත්‍රපටමය ප්‍රදර්ශනය ආරම්භයට පෙර, ඉදිරියට ඇතිවන්නට නියමිත පිටසක්වලයන්ගේ ආක්‍රමනය අරමුනු කරගත් තුන්වන චිත්‍රපටයක් සෑදීමේ අභිමථාර්ත හෙලි කරන ලදී. [10][11][12] එසේම එය සෑදීම දෙවන චිත්‍රපටයේ සාර්ථකත්වය මත රදා පවතින බවද පැවසීය. 2012 සැප්තැම්බර් වන තෙක් ෆොක්ස් සමාගම නව චිත්‍රපටය අනුමත කර නැහැ.එසේ වුවත් කාටර්,ස්පොට්නිට්ස්,ඩකොව්නි හා ඇන්ඩර්සන් සියලු දෙනාම නව චිත්‍රපටය සෑදීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා. [13][14][15]

රංගනය[සංස්කරණය]

A man with dark brown hair is smirking and looking near the camera.
"සත්‍යය" සටහන් කළා ඩේවිඩ් ඩකොව්නි ගේ පුනරාගමනය ෆොක්ස් මෝල්ඩර් ලෙස

මෙම එපිසෝඩයෙදී(කථාංගයේදී) අටවන කථාමාලාවේ අවසාන එපිසෝඩයේදී වෙන්ව යන ප්‍රධාන නලු ඩකොව්නි(මෝල්ඩර්) ගේ ආගමනය සිදුවේ."සත්‍යය" එපිසෝඩයේදී ප්‍රධාන චරිත පහ වන ඩකොව්නි,ඇන්ඩර්සන්,පැට්‍රික්,ගිෂ්,පිලෙගි සම්මානයෙන් පුද ලැබීය.මෙම එපිසෝඩ දෙකෙදීම හා කථාංගමාලා පෙරහුරුවෙදී අනිවාර්ය චරිත තුන ලෙස පෙනී සිටියේ මෝල්ඩර්,ස්කලී හා ස්මෝකින් මෑන් ය.කථාමාලා නමයෙහි මෙය ඩකොව්නි පෙනී සිටි සිව්වන කථාංගය විය.මේම කථාංග මලාවේ මීට පෙර එපිසෝඩ තුනකට පමනක් ඩකොව්නි පෙනී සිට ඇත.ඒම එපිසෝඩ වනුයේ "ට්‍රස්ට් නම්බර්", "ජම්ප් ද ෂාර්ක්" හා "විලියම්" ය.මෙම එපිසෝඩ පසුගිය එපිසෝඩ වලදී මරණයට පත්කල හෝ කතාවෙන් හැරගිය පිරිසකගේ පැමිණීම නැවත සටහන් කරන්නක් විය. මීට උදාහරණ ලෙස කථාංගමාලා හතරෙහිදී මුල් කථාංගයේදී මිය යන "එක්ස්()", රෙක්වියම් කථාංගයේ දී මිය යන "ස්මෝකින් මෑන්", අටවැනි කථාංගමාලාවේ "විත් අව්ට්" කථාංගයේ අවසන් වරට පෙනී සිටි ගිබ්සන් ප්‍රයිස්, නමවැනි කථාංග මාලාවේ "ජම්ප් ද ෂාර්ක්" කථාංගයේදී මරා දමන ලෝන් ගන්මන්, හය වැනි කථාමාලාවේ "වන් සන්" කථාංගයේ මරා දමන ජෙෆ්‍රි ස්පෙන්ඩර් සහ හත්වන කථාමාලාවේ අවසානයට පෙනී සිටි මාරිටා කොවරුබියස් පෙන්වා දිය හැකිය.

විශේෂයෙන් මෙම කථාංගය පුනරාවර්තී චරිතයක් වන ෂැනොත් මැක්මැහෝන් හට විශේෂ අවස්ථාවක් විය.නිළි ලකී ලෝලස් දෙවනි කථාංගය අතර ගැබ්ගත් අතර ඉන්පසු කථාංග වලට ඇයගේ දායකත්වය නොලබිනි.නිළි ජූලියා වෙරා හට භාර දුන් චරිතය වූයේ ඇන්සාසි නටඹුන් වල "ස්මෝකින් මෑන්" හට උදව් කරන ගැහැනියගේ චරිතය රඟපෑමටය.ඇය ඊට පෙර තිරගත වු කථාංගයක් වන ""ඩ්‍රීම් ලන්ඩ්" හිද රංගන දායකත්වය සැපයූ කෙනෙකි. කථාංගයේ අවසාන දර්ශනයෙහි ටූත්පික් මෑන් (පිටසක්වල නායකයා) ගේ චරිතය පණ පෙවූ ඇලන් ඩේල් ඔප් නංවා පෙන්වන්නට වෑයම් කලහ. එහිදී ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් ගේ චරිතයේ සිටි ගැරී නිව්ටන් හට මෝල්ඩර් ගේ පලායාම ගැන කියන දර්ශනය ඇතුලත් විය.එය රූපකරණය වුවද තිරගතකරණය ට යොදාගත්තේ නැත.එය මෝල්ඩර් හා ස්කලී අතර ඇතිවන අවසන් ජවනිකාව තරම් ගැලපීමක් නැති බව ප්‍රධාන නිෂ්පාදක ෆ්‍රෑන්ක් ගේ මතයයි.නිෂ්පාදකවරු විස්තර ප්‍රකාශයේදී කියා සිටි කරුණක් වූයේ ඔව්න් ඕවල් ඔ‍ෆිස් සංකීර්ණයේ දර්ශනයක් කිරීමට ඔවුන් සලකා බැලූ බවයි.

රූපගතකරණය[සංස්කරණය]

දර්ශනය අසාර කාන්තාර පරිසරයකයි.එහි කැනියම් ඇත.නිල් අහසක් ෆ්‍රේමය සඳහා යොදාගෙන ඇත
ඇන්සාසි කඩාවැටීම රූගත කිරීම ඇන්සා බොරෙගෝ උද්‍යානය

කථාංගයේ හයවන අවධියේ කොටසක්,හත,අට,නමය වැනි බොහෝමයක් කථාංග අවධි රූපගත කර ඇත්තේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ය.මුල්ම දර්ශනය, එනම් මෝල්ඩර් යුධ හමුධා මූලස්ථානයකට කඩා වැදීම රූපගත කර ඇත්තේ කැලිෆෝනියා වේ නැගෙනහිර පිහිටි ජල විදුලි බලාගාරයක වේ.කථාංගයේ ඇතුලත් වන කාමර,බලාගාරයේ ප්‍රධාන කාමර වන අතර ඒවා එක්ස් ෆයිල්ස් නිර්මාණ කණ්ඩායම විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ඒවා ය. බහුතරයක් අලංකරණ සහ අභ්‍යන්තර දර්ශන සිදුකර ඇත්තේ දෘශ්‍ය කාර්ය කණ්ඩායම විසින් වන අතර දර්ශනයෙදී සජීවී ජීවිතයේදී දැකගත හැකි එකම දෘශ්‍ය කොටස වන්නේ වතුර පොම්ප කරනු ලබන විශාල උත්පාදක යන්ත්‍රයයි. බිල් රෝයි නමැති මෙම කතාවේ සිනමා යන්ත්‍රිකයා,දර්ශන තලයේ ආලෝකකරණ කටයුතු සඳහා දින 4-5 ගත කොට ඇත.කිම් මැනර්ස් ඔහුගේ ක්‍රියාව පිළිබඳ අදහස් දැක්වූයේ එය විශිෂ්ට ක්‍රියාවක් ලෙසටයි. ප්‍රධාන පරිගණක පර්යන්ත කාමරයේ දර්ශන රූපගතකර ඇත්තේ විසිවන සියවසේ ශබ්ද වේදිකාවක් මත වන අතර එම දර්ශන තලය කණ්ඩායම විසින්ම නිර්මාණය කරන ලද්දකි. මෝල්ඩර්ට යුධ හමුදා අරක්ෂකයන් විසින් වධ දෙන දර්ශනය,කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් හි පිහිටි ෆෝර්ට් මැක් ආතර් නම් අත්හැර දැමූ හමුධා මූලස්ථානයක රූපගත කර ඇත.එමෙන්ම කැලිෆෝනියාවේ සැන් පෙඩ්‍රෝ හි සාගර ක්ෂීරපායී සු‍රැකීමේ මද්‍යස්ථානයේද රූප ගත කිරීම සිදුකර ඇත. මැනර් විසින් සිදුකල වඩාත්ම අභියෝගත්මක රූප පෙළ වූයේ අධිකරණ ශාලාවේ රූප ගත කිරීමයි. අධිකරණ ශාලාවේ කිසිඳු ප්‍රේක්ශකයෙක් හෝ ජූරියක් නොමැතිවීම කාටර්ට අවශ්‍ය විය.එනම් ඔහුට අවශ්‍ය වූයේ එක් එක් දර්ශනය සීමිත නළුවන් ප්‍රමානයක් සහිතව සහ ඔවුන්ව නැවුම් ලෙස තබා ගනිමින් දර්ශන පටිගත කිරීමයි. පි‍ටු හතලිහකින් සමන්විත අධිකරණශාලා දර්ශනය මැනස් විසින් දර්ශනය කිරීමට බිය වූයේ එහි මූලිකවම වසර නමයක එක්ස් ෆයිල්ස් ඉතිහාසයේ පුනරාකථනයක් සිදුවන බැවිනි. කොරි කේප්ලන් මෙහි දර්ශන තලය නිර්මානය කරන ලදී.

කැලිෆෝනියාවේ බොරිගෝ ස්ප්‍රින්ග්ස් හි පිහිටි ඇන්සා බොරිගෝ උද්‍යානයෙහි ඇන්සාසි නටඹුන් ඉදි කරන ලදී. එම ස්ථානය භාර වූ කළමනාකරු මැක් ගොර්ඩ්න් පැවසූ පරිදි එම ප්‍රදේශයේ කලු අං මැඩියන් හිඟවූ නිසා ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් ජීව විද්‍යාඥයන් කිහිප දෙනෙකුගේ උදවු සහිතව ක‍ටුස්සන් එම ප්‍රදේශයේ ඔබ මොබ සැරිසැරීමට සලස්වන ලදී.ඊට අමතරව එම උද්‍යානයේ නටඹුන් ආකාර ඉදිකිරීම් නිර්මානය කිරීමට සහ එම නටඹුන් පුපුරුවා හැරීමට උයන්පල්ලන් පොලඹවා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.ඔහු වැඩි දුරටත් විස්තර කරමින් "අපි දර්ශනගත කිරීම් සිදුකලේ රජයට අයත් ප්‍රධාන පාරෙන් ඔබ්බෙහි වූ උද්‍යානයක.නමුත් මම කියූ විට අපට ඉන්දියානු නටඹුන් ගොඩනැගීමට සහ ඒවා පුපුරුවා විනාශකිරීමට සිදුවන බව ඔවුන් සුදුමැලි වුනා ".කෙසේ වෙතත් "ස්මෝකින් මෑන් ගේ දර්ශනගත කිරීම් සිදුකලේ විසිවන සියවසේ ශබ්ද වේදිකාවක පි‍ටුපසයි.මැක්ස් සඳහන් කල පරිදි "අ හෙල් ඔෆ් අ ට්යිම්" හි ඩේවිස් උත්සාහ දරමින් සිටිනවා ඔහුගේ ගෙලෙහි ඇති ව්‍යාජ සිදුරකින් සිගරට්‍ටුවක් දැල්වීමට."ද ස්මෝකින් මෑන්" දර්ශනයේ සිටින මිනිසා ගිනිගෙන දැවෙන්නේ පරිගණක මායාවකින් සෑදූ මිසයිලයක ගින්නෙන්.මිසයිල නිර්මාණය සජීවීකරන ශිල්පී මැට් බෙක් විසින් CGI තාක්ෂනය උපයෝගී කර ගනිමිනි.කෙසේ වුවත් "ද හෙලිකොප්ටර්" කථාංගයේ සත්‍ය දුම් බෝම්බ යොදා ගැනුනි.එක් දර්ශනයක විලියම් බී.ඩේවිස්, ගින්නෙන් දැවී ගොස් අවසානයේදී හිස් කබල පමනක් ඉතිරි කරමින් "ස්මෝකින් මෑන්" ගේ මස් දැවී ඉවත්ව යයි.පෝල් රබ්වින් පසුව පැවසූයේ එම දර්ශනය විශිශ්ට සිද්ධි දාමයක් බවයි.

කථාංගයේ අවසාන දර්ශනය සිදුකෙරුනේ ඇන්ඩර්සන් හා ඩකොව්නි වන අතර මැක්ස් විසින් පැවසූ පරිදි එය අතිශය අසීරු කටයුත්තක් වූයේ හැඟීම්ගර වූ නිසාය.ඔහු සඳහන් කරන පරිදි එම දර්ශනය,විශ්වාස කල මිනිසෙකු සහ සංශයවාදී වූ ගැහැනියක පසුව විශ්වාස කරන්නෙකු බවට පත්වීම පිළිබඳ වන කථාංග සියල්ලේම සාරංශය බවයි.එම දර්ශනය රූපගත කරන ලද්දේ "ලා ක්‍රෙසෙන්ටා" නම්වූ සැබෑ නැවතුම්පොළකයි. මෙම ස්ථානය "Sein Und Zeit", "This is Not Happening" කථාංග මාලාවලදී පෙර යොදා ගැනුනි.

තේමාවන්[සංස්කරණය]

මම විශ්වාස කිරීමට අවශ්‍යයි... මැරුනු අය අපිට අහිමි වෙන්නේ නෑ කියලා. ඒ අය අපිට කථා කරනවා... යම් දෙයක කොටසක් විදියට අපිට වඩා වටිනාකමක් තියන ඕනම පිටසක්වල හමුදාවකට වඩා වටිනාකමක් තියන. ඔයා හිතනවනම් අපිට දැන් බලයක් නෑ කියලා, මම විශ්වාස කරනවා අපි අසාගෙන සිටිනවනම් කථා කරන දෙයට ඒකට දෙන්න පුලුවන් අපිට බලය අපිව ආරක්ෂා කරගන්න.

—ෆොක්ස් මෝල්ඩර්.ආගමික ස්වරයක් මඟින් මේ කොටස පෙන්වා දෙනවා දාර්ශනවාදී අවධානයක් [16]

අවසාන දර්ශනයේ ඇති මෝල්ඩර්ගේ සහ ස්කලීගේ සංවාදය, කර්තෘ වී.ඇලන් වයිට් පරික්ෂාකොට ඇත්තේ එමඟින් ආගමික හැඩක් ප්‍රත්‍යක්ෂ වන නිසාය.ඔහු විසින් ලියන ලද "ද ‍ෆිලොසො‍ෆි ඔෆ් ද එකස් ෆයිල්ස්" හි සඳහන් කර ඇත්තේ මෝල්ඩර් පවතින ආගමික ගතානුගතිකත්වයට අවමන් කිරීම සහ ඔහුගේ විචක්ෂන හා සියුම් දේවවාදය පිලිගැනීමයි. පසුගිය කථාංග වල ස්කලීගේ ක‍තෝලික වාදය ප්‍රධානව විදහා දක්වන මුත් මෝල්ඩර්ගේ සංවිධානාත්මක ආගම් සංකල්පය නොපිළිගැනීම පෙන්වනුයේ දේවධර්මධරයා අන්‍යමත නොයිවසන අයෙකු බව පෙන්වමින්ය.කෙසේ නමුත් "සත්‍යය(The Truth)" හි අවසාන පේළි කිහිපයේ මෝල්ඩර් විශ්වාසයන් ගැන කථා කරනුයේ අපර සහ පිටස්තර වෙනත් බලයන් අභිභවා යමිනි.වයිට් එම කරුනු සඳහන් කරන්නේ මෝල්ඩර් ස්කලීගේ රන් කුරුසය එනම් ඇය බොහෝ කථාංග වල විශ්වාසයේ සංකේතයක් ලෙස තබාගත් දෙය ඩැහැ ගන්නා බව සදහන් කරමිනුයි.

බොහෝමයක් කථාංගවලින් සහ ප්‍රධාන අංගයෙන් ජනප්‍රිය මිත්‍යාමත සහ පුරවෘත සන්සන්දනයක් සිදුකරයි.මිචෙල් බුෂ් ඇයගේ "මිත් එක්ස්()" පොතෙගි සඳහන් කරන පරිදි ජේසුතුමා අවසාන භෝජන සංග්‍රහයේදි යොදාගත් බඳුන (Holy Grail) මෝල්ඩර් සොයා යාමේදී, මෝල්ඩර් සහ ස්කලී එම බඳුන ඇති මන්දිරයට ගමන් කරන අතර එහිදී සොයාගන්නා ලද්දේ ‍ෆිෂර් රජු (Fisher King) නමැති තුවාල ලත් නයිට්වරයා එම රහස ආරක්ෂා කිරීමට ආරෝපිත වූ ස්මෝකින් මෑන් බවයි.තව දුරටත් බුෂ් කථාංග මාලාවේ අවසාන දර්ශනයේ සන්සන්දනය කරන්නේ මෝල්ඩර් විශ්වාස කරන පිට ග්‍රහලොවක ආක්‍රමනය සමඟ වරක් විවෘත කලවිට උග‍තෝකෝටික ප්‍රශ්න ඇතිවන පෙට්ටියේ පැන්ඩොරාගේ පෙට්ටිය (Pandora's Box) මිත්‍යා මතයයි.පුරාවෘතයට අනුව පරණ ග්‍රීක දෙවියන් නරකින් පිරවූ පැන්ඩොරාගේ පෙට්ටිය ඇයට විවෘත නොකරන ලෙසට පැවසුවත් ඇයගේ කුතුහලය නිසා එය නොපිළිගන්නා අතර ලෝකයට විවිධාකාර උපද්‍රව මුදාහැරීම සිදුකරන බවයි. බුෂ් තර්ක කරනු ලබන්නේ පිටස්තර ග්‍රහලොව ජීවීන් හා මනුශ්‍ය දෙමුහුම් ඇති කිරීමේ පර්යේෂණ වැනි පිටස්තර ග්‍රහලොව ඇති තාක්ෂනය මඟින් කඩනලද සම්මේලය (Syndicate) පෙට්ටියේ අන්තර්ගතයට සමාන බවයි.ඇය සඳහන් කරන පරිදි එම අවස්ථා දෙකෙහිදීම මනුෂ්‍යයාගේ කුතුහලය ඔහුගේ කඩාවැටීම වන බවයි. කෙසේ වුවත් අවසානයේදී පැන්ඩෝරා පෙට්ටියේ මෙන්ම එකස් ෆයිල්ස් හි බලාපොරොත්තුව ඉතිරි වන බවයි. එය පැන්ඩෝරා පෙට්ටියෙන් ඉවතට යාමට ඉඩ නොදී ඉතිරිකරගත් එකම දෙයයි.

විකාශනය හා සම්මාන[සංස්කරණය]

2002 මැයි මස දහනව වන දින ෆොක්ස් ජාලයේ විකාශය කරන ලඳ "සත්‍යය(Truth)" කථාවේ නමව අවදියේ වැඩිම පිරිසක් නරඹන ලද කථාංග මාලාව බවට පත් වූයේ එයට වැඩිම නීල්සන් තක්සේරුව (Nielsen Ratings) ලබා දෙමිනි.නීල්සන් තක්සේරුව යනු ඇමරිකා එක්සත් ජනපදයේ රූපවාහිනී වැඩසටහන් වල ප්‍රේක්ෂක ප්‍රමානය හා සංයුතිය තීරනය කරනු ලබන ප්‍රේක්ෂක මිනුම් (Audience Measurement) ක්‍රියා පිලිවලකි. "සත්‍යය-"උපයාගත් තක්සේරුව ගෘහස්ත ගනනයට අනුව 7.5% කි. එය විකාශනය වූ මුල් දිනයේම මිලියන 7.91 ක් වූ නිවාස ප්‍රමානයක එය නැරඹූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් එය මිලියන 13 ක ප්‍රේක්ෂකයන් නරඹා ඇත.එය විකාශය වූ දිනයේ කථාංගය ප්‍රේක්ෂක ප්‍රතිචාරවල තෙවන ස්ථානයට පැවතුනේ Survivor: Marquesas සහ The Cosby Show ට පමනක් පි‍ටුපසින් සිටිමිනි. කෙසේ වුවත් "සත්‍යය(The Truth)" අවසාන මහා තරඟයක් වූ වලට ඉදිරියෙන් ස්ථානගත වී තිබුනි.එක්සත් රජධානියේ හා අයර්ලන්තයේ කථාංග මාලාව මුල්ම වරට දර්ශනය 2012 සැප්තැම්බර් මස 06 වන දින ස්කයි 1 හි විකාශය වූ අතර මිලියන 1.03ක් වූ නරඹන්නන්ගේ ප්‍රතිචාර ලැබුනේ ස්කයි1 හි ප්‍රේක්ෂක මනාපයේ ප්‍රථම විකාශන 10 අතුරෙන් දෙවන ස්ථානයේ එය රඳවමිනි. එය දෙවනිවූයේ ද සිම්ප්සන්ට පමනි.එම කථාංගමාලාවේ The X-Files Mythology, Volume 4 – Super Soldiers ඇතුලත් වූයේ ය.

මෙහි ප්‍රවේශයට ප්‍රේක්ෂකයන්ගේ මිශ්‍ර විවේචන ලැබුනි. ඊට ප්‍රධානතම හේතුව වූයේ මෙම කථාංගය ප්‍රේක්ෂකයන්ට නිගමනයක් ඉදිරිපත් කරනවා වෙනුවට අලුත් ප්‍රශ්න නිර්මාණය කිරීමයි. රොබට් ෂර්මන් හා ලාස් පර්සන් ඔවුන්ගේ "වෝන්ටින්ග් ‍ටු බිලීව්:අ ක්‍රිටිකල් ගයිඩ් ‍ටු ද එක්ස් ෆයිල්ස්,මිලේනියම් ඇන්ඩ් ද ලෝන් ගන්මන්" පොතෙහි කථාංගයට විෂම වූ විචාරයක් ලබාදී ඇති අතර තරු පහෙන් එකක් පමනක් ප්‍රධානය කර ඇත.තව දුරටත් ඔව්න් සදහන් කරන පරිදි කථාංගය සාරංශ කිරීමේදී බොහොමයක් ප්‍රශ්න වලට එය පිලිතුරු නොදෙයි.යූ.ජී.ඕ (UGO) විසින් කථාමාලාව 14වැනි "වර්ස්ට් සීසන් ‍ෆිනාලේ" සඳහා නම් කරන ලදී.එහි වාර්තා පෙන්වා දෙන පරිදි මෝල්ඩර්ගේ පර්යේෂන කථාංගයේ ප්‍රධාන රහස්‍යභාවයන් වලට ඉතා සුලු සංතෘප්ත දායකත්වයක් අවසාන ප්‍රතිඵලය ලෙස ලබා දෙයි."සත්‍යය" මුල් දර්ශනය විකාශනයෙන් පසුව නිව්යෝර්ක් ටයිම්ස් ලබා දුන් විවේචනයෙන් කියවෙන්නේ රූපවාහිනියේ තිරගත වූ වඩාත් විත්තෝපපාදක කථාංගය අවසානයේ බලාපොරොත්තු වූ දෙයෙහි අවසානයට ලඟා වූ බවයි.

2011 වසරේදී ටීවී ගයිඩ් නෙට්වර්ක් (TV Guide Network) හි මෙම කථාංගයේ අවසානය විසිදෙවැනි ස්ථානයට ස්ථානගත කෙරුනේ මෙහි ඇති විවිධා කථාංග ක්ෂේත්‍රයේ විද්වතුන් හා රූපවාහිනී විවේචකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.ටොම් කෙසිනෙච් ඔහුගේ පොතෙහි වඩාත් ධානාත්මක ලෙස කථාංගමාලාව විශ්ලේෂනය කරමින් පවසා සිටින්නේ කිසිම දෙයක වෙසෙසියාවක් නොමැති බව අපට කියා දෙන බවය.කථාංගයේ අවසාන දර්ශනය මඟින් ඔහු තෘප්තියට පත්වන බවත් මෙම කථාවේ අවසානය කිසිවෙකු විසින් ගර්භවයට පත් නොකරනු ඇති බවයි.

සටහන්[සංස්කරණය]


වැඩිදුර කියවීමට[සංස්කරණය]

පහළ සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; DVD2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "The X-Files, Season 9". iTunes Store. Apple Inc. සම්ප්‍රවේශය සැප්තැම්බර් 6, 2012.
  3. The Truth — Cast Credits (DVD). The X-Files: The Complete Ninth Season: 20th Century Fox Home Entertainment. 2002.{{cite AV media}}: CS1 maint: location (link)
  4. "The Truth". BBC Cult. BBC. සම්ප්‍රවේශය මැයි 9, 2012.
  5. "The Truth, Part Two". BBC Cult. BBC. සම්ප්‍රවේශය මැයි 9, 2012.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; truthtruth නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Hurwitz and Knowles (2008), pp. 209–216
  8. 8.0 8.1 Paul Rabwin (2002). Reflections on the Truth (DVD). The X-Files: The Complete Ninth Season: 20th Century Fox Home Entertainment.{{cite AV media}}: CS1 maint: location (link)
  9. Kessenich (2002), p. 211
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; red2012 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. "The Truth". Kim Manners (director); Chris Carter (writer). The X-Files. Fox. No. 19 & 20, season 9. Retrieved on January 15, 2011.
  12. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; shear නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  13. Gallman, Brett (අගෝස්තු 2, 2012). "Frank Spotnitz Still Wants to Do a Third 'X-Files' Film". Yahoo! Movies. Yahoo!. සම්ප්‍රවේශය සැප්තැම්බර් 7, 2012.
  14. "'X-Files' Movie: David Duchovny Is In". The Huffington Post. AOL. අගෝස්තු 12, 2012. සම්ප්‍රවේශය සැප්තැම්බර් 4, 2012.
  15. Marcus, Stephanie (අගෝස්තු 27, 2012). "Gillian Anderson: 'X-Files 3' Movie Is 'Looking Pretty Good'". The Huffington Post. AOL. සම්ප්‍රවේශය සැප්තැම්බර් 4, 2012.
  16. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; white නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

රූපගත කළ ස්ථාන[සංස්කරණය]

Map all coordinates using: OpenStreetMap 
Download coordinates as: KML

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  • Bush, Michelle (2008). Myth-X. Lulu. ISBN 1435746880.
  • Fraga, Erica (2010). LAX-Files: Behind the Scenes with the Los Angeles Cast and Crew. CreateSpace. ISBN 9781451503418.
  • Hurwitz, Matt; Knowles, Chris (2008). The Complete X-Files. Insight Editions. ISBN 1933784806.
  • Kessenich, Tom (2002). Examination: An Unauthorized Look at Seasons 6–9 of the X-Files. Trafford Publishing. ISBN 1553698126.
  • Shearman, Robert; Pearson, Lars (2009). Wanting to Believe: A Critical Guide to The X-Files, Millennium & The Lone Gunmen. Mad Norwegian Press. ISBN 097594469X.
  • White, V. Alan (2007). "Freedom and Worldviews in The X-Files". In Kowalski, Dean A (ed.). The Philosophy of The X-files. University Press of Kentucky. ISBN 0813124549.

භාහිර වෙබ් ලිපින[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:TXF episodes